top of page
  • Writer's picturePrisila Godahewa

*හීනට් හාල් මිශ්‍ර කුරක්කන් කැද *

මම පදිංචි වෙලා ඉන්න, රටේ බොහෝ අය උදේ කෑමට සීරියල්, ඕට්ස් , කෝන්ෆ්ලෙක්ස් වර්ග ආදිය කිරි සමග කෑමට ගැනීමට පුරුදු පුහුණු වී ඇත. ඒවා ගුනාත්මක අතින්ද ඉහළ තත්වයක් ගන්නා ආහාර වෙයි.


නමුත් මම නිතර අපේ ගෙදර අයගේ උදෑසන ආහාරයට කොළ කැද වර්ග ඇට වර්ග, හා ලංකාවට ආවේනික උදෑසන ආහාරයට ගන්නා ජාති හදන්න පුරුදු වී ඉදිමි. ඒ අතර ශ්‍රි ලංකාවට ආවේනික සහල් වර්ග , ඇට වර්ග, පිටි වර්ග අඩංගු කෑම ඒ අතර ඇත. එත් මාත් මගේ සැමියත් උදෑසන ආහාරයට නිතර කොළ කැද වර්ග වලට අමතර වෙනස් කැද වර්ග හදා බොන්නෙමු. ඒ අතර හීනට් හාල් මිශ්‍ර කුරක්කන් කැද අප දෙදෙනා ආසම කැද වර්ගයකි. එය වෙන අය හදනවාට වඩා වෙනස් විදිහට මම හදමි. ඔබටත් මම එය ලේසියෙන් හදාගන්නා හැටි කියන්න කැමැත්තෙමි.


රතු හීනටි හාල් මිශ්‍ර ඝනකමට කුරක්කන් කැද.....ගොඩක් ලේසියෙන් හදන්න පුලුවන් ගුනවත් කෑමක්.         *රෑට හීනටි හාල් හුන්ඩු භාගයක්  හෝදලා දීයේ දාන්න

*. උදේට ඒ හාල් පෙගෙන්න දාපු වතුරෙන්ම හොදට තැම්බෙන්න තියන්න.

* එයට සුදුලූනු බික් හතරකුත් ඉගුරු කැබැල්ලකුත් එකත් කරන්න. හොදින් තැම්බෙන්න තව වතුර වැඩිපුර එකතු කරන්න.

*එයට උලුහාල් ඇට තේ හැදි කාලකුත් එකතු කරන්න .

*තවත් පෑන් එකකට බොහොම ටිකක්...ඒ කියන්නේ තේ හැන්දක් පමන තෙල් රත්වෙන්න තියා....එයට අබ ඇට ටිකක් බැදෙන්න දාන්න. *පසුව එයට හීනියට කපාගත් කරපිංචා  හා බීලූනු එකතුකර බැදෙන්න හරින්න.

* ඉන්පසු මුලින් තම්බාගත් හීනට් හාල් එකට මේ ටික දාමන්න.

* රම්පේ කොල කැබැල්ලක් ද දමන්න.

*ඉන්පසු හොදින් තැම්බුන බත් වලට කුරක්කන් පිටි මේස හැදි දෙකක් වතුරේ දිය කර එකතු කරන්න ..

* ඉන් පසු එයට පොල්කිරි කෝප්පයක් එකතු කර අවශ්‍ය පමන ලුනුද එකතු කර හොදින් නටවා උදේ කෑමට ගන්න.

 

  *ප්‍රිසිලා ගොඩහේවා *

33 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page