top of page
  • Writer's picturePrisila Godahewa

ස්වයං නිරෝදායනය


පෙබරවාරි මාසයෙ අවසන් සතියේ සුමාන දෙකකට, ශ්‍රි ලංකාවට හදිසි අවශ්‍ය තාවයකට යන්න උන මටත් සැමියාටත් කොරොනා වයිරසය ගැන ඇති බය හිතේ නොතිබුනා නොවේ....එම කාලයේ එය මෙතරම් දුරට පැතිරිලා නොතිබුණත්, අප දෙදෙනා ලංකාවට ගිය ගමනත් සිංගප්පූරුව හරහා ඔස්ට්‍රේලියාවට ආපසු එන ගමනෙත් බොහෝ පරිස්සමෙන් මුහුනු ආවරණ පැලැදගෙන , නිතර විශබීජ නාශයකින් අත් සෝදා පිසදාගැනීමටත් අමතක නොකෙරුවෙමු. පැය ගනනක ගුවන් ගමනෙන් පසු ගෙට ගොඩ උනගමන් නානකාමරයට ගොස් හොදින් නා පිරිසිදු උනෙමු. ඇදගෙන ආ ඇදුම් පැලදුම් වෙනම විශබීජ නාශක යොදා සේදුවෙමු. කොත්තමල්ලි ,සමහන් නිතර නිතර බොන්නට හා දරුවන්ටත් ඒවා බොන්නට දෙන්නටත් අමතක නොකෙලෙමු. දින ගනනක් නොදැක සිටි දරුවන් ලගට ගෙන හාදුවක් වත් නොදුන්නෙමු. පිටරට ගමන් ගොස් එන්නන්ට මෙරට තුල අනිවාර්ය නිරෝදනයක් හෝ ස්වයං නිරෝදානයක් ප්‍රකාශ නොකර තිබූ කාලයේ අපි විසින්ම අපේ දරුවන්, යාලුවන්, නෑදෑයින් හා අසල්වැසියන් ගැන සිතා අප දෙදෙනා දින 14 ක ස්වයං නිරෝදානයේ නිරත උනෙමු. යාලුවන් හමුවීමට හෝ උත්සව වලට නොයා, සෙනග ගැවසෙන තැන් වලට නොයා ගෙදරින් එලියට නොයා (ගෙදරට අවශ්‍ය අතයවශය කෑම බීම ගෙන ඒමට පමනක් ගෙයින් එලියට යෑමට සිදුවිය. එයත් වැඩිය එහේ මෙහේ නොගිහින් අතන මෙතන අත පත නොගා බොහොම පරිස්සමට සෙනග අඩු අවස්තාවල කර ගත්තෙමි) පුලුවන් උපරිම ආකාරයෙන් ස්වයං නිරෝදනයේ නිරත උනෙමු. ලංකාවට ගොස් එනවිට ගෙනෙන රසකැවිලි ,තෑගි බෝග යහලු මිත්‍රදීන්ට ගෙන ගොස් දීමටවත්, ඔවුන් ගෙදරට ගෙනවා ගැනීමද නොකෙරුවෙමු . අද දිනය වෙනවිට ලෝකය පුරා මෙතරම් ඉක්මනට කොරොනා වයිරසය පැතිර යතැයි නොසිතූවත් අප දෙදෙනා පුලුවන් උපරිමයෙන් ස්වයං නිරෝදනයේ යෙදෙමින් අපේ සෞඛ්‍ය වෙනුවෙන් මෙන්ම දරුවන් යහලුවන් නෑදෑයින් අසල්වැසියන් , හා රටේ වැසියන් වෙනුවෙන් ගෙදරටම වී කොරොනා වයිරසයෙන් බේරි ඉන්නට උත්සාහ ගනිමින් සිටින්නෙමු. ලංකාවේ තරමටම පරිස්සම් නොවුනත් ඔස්ට්‍රේලියාවේ ද විශ්ව විද්‍ය්ලය වසාදමා, සමහර පාසැල් වසාදමා , කාර්‍යාල සේවකයින් ගෙදරට වී රාජකාරිය කරන අතර, ආපනශාලා , සමාජශාලා ,සුපර්මාර්කට් ,සියලු වැඩිපුර මිනිස්සු ගැවසෙන ජනාකීර්ණ සමහර තැන් පාලුවට ගොස් ඇත. එය සියලු මිනිස්සුන් තමාගෙත්, පවුලේ අය වෙනුවෙන් , හා සියලු රටවැසියන් වෙනුවෙන් ස්වයං නිරෝදනයේන් කාලය ගතකරන්නට පටන්ගෙන ඇත. මුලු ලෝකය වටාම සිග්‍රයෙන් පැතිර යන කොරොනා වයිරසය පැතිර යාම වලකාලීමට සැවොම උත්සාහ ගනිමින් සිටිති. මරණ බිය හමුවේ සියලු ජාති කුල ආගම් භේද වෙනස් වී දැන් ලොව ඇත්තේ එකම ජාතියකි. එකම බියකී, එකම ප්‍රශ්නයකී. ලොකු පොඩි බේදයක් නැතුව ලෝක පාලන දෙවියෝ නැතහොත් සොබාදහම හැමෝටම එක විදිහට තෑගි කල ලොකුම මතක හිටින දඩුවම හොහොත් විරාමය .....කොරොනා මරනය ඔස්සේ කියාදී ඇත ... . මැශින් මෙන් ජීවිත ගත කරපු මිනිස්සුන්ට ටිකක් නැවතිලා ජිවිතේ තේරුම් ගන්න අවස්ථාවකුත් දී ඇත .....නොයෙකුත් සතුන් මස්කර කමින්, ස්වාභාව දර්මයා විනාශ කරමින්,ලෝකය විනාශ කරමින් සීග්‍රයෙන් දුවන මිනිසාට..... කොරොනා වයිරස භීතිය හමුවේ නැවතිලා සුසුම් ලමින්, ජීවිතය මෙනෙහි කරන කාලය පැමින ඇතැයි සිතමි ........ කාලයක් තිස්සේ හැම සිකුරාදා සෙනසුරාදා හා ඉරිදා දිනයකම මොනවා හරි උත්සව අවස්ථාවකට හෝ යාලුමිත්‍රදීන් සමග එකතුවී සතුටින් සති අන්තය ගත කරන්නට අප පුරුදු වී සිටියෙමු . සති අන්තය පවුලේ අය සමග සිටීමට තරම්වත් විවේකයක් නොමැතිව පුදුම කලබලයෙන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සමහර සති අන්ත යාලුමිත්‍රදීන් මුනගැසෙන්නට ගියේමු. ඒ තරමට ඒ කාලය ඉතා කාර්‍ය්බහුල කාලයක් ලෙස ගෙවී ගිය දවස් තිබුනි. අපට ඒ සියලු හමුවීම් සතුටුවීම් අමතක කරදමන්නට සිදුවිය. කොරොනා වයිරසය නිසා නිවාස තුලටම වී පවුලේ අය සමග ගෙදරටම කොටුවී කාලය ගතකරන්න සිදුවිය. සති අන්ත හමුවීම් සම්පුර්ණයෙන්ම නැතිවී යාමත් සමග වයිවාරන ඇදුම් පැලදුම් ,අත් බෑග්ස්, උස සපත්තු , නානා ආකාරයේ ආබරන සුවදවිලවුන්, සියල්ල ගේ ඇතුලේ මුලුගැන්වී ඇත..... සුමානෙකට සැරයක් උත්සව වලට සැරසෙන්න සැලුන් වලට ගිය කාන්තාවන් ගෙවල් වලටම කොටුවී සිටිති. කොන්ඩ කලු කිරීම්,පාට කිරීම් , නියපොතු හැඩ කිරීම්, ඇහිබැමි හැඩ කිරිම්, අනවශ්‍ය රෝම ඉවත් කිරිම් ආදී එකි මෙකී සියලු සැලුන් වැඩ බොහෝ දුරට නැවතී ඇත. සියලු හමුවීම් නැවතී ගියකල, මොන හැඩවැඩ වීම්ද.... ස්වාභාවිකව ලැබී තිබෙන සාමාන්‍ය පෙනුමෙන් ,ලස්සනින් ජීවත් වීමට, හා පහසු සැහැල්ලු ඇදුමින් සැරසුන කාන්තාවන් ඉතා හොදින් ගේ ගෙදර දොර පිරසිදු කීරිමටත් , වැඩි වෙලාවක් ඇරන් විශබීජ නාශක යොදා නානකාමර පිරිසිදු කිරිම් වගේම ගෙදර සියලු දෙනාගේ පිරිසිදු සෞඛ්‍ය පුරුදු තව තවත් ඉහළ නැවීමටද උත්සාහ ගෙන ඇත්තේ කොරොනා වයිරසයට පිං සිද්ද වීමටය. කඩිමුඩියේ රැකීරක්ශා වලට ගිය මිනිසුන්ද, පාසැල්, පංති පන්සල් ,කෝවිල් ගිය සැවොම නහය කට බැදගෙන දෙඅත් විශබීජ නාශක වලින් සෝදාගනිමින් වැඩිවැඩියෙන් පිරිසිදු වෙයි. අමතර ගමන්, උත්සව අවස්තා, කල්ලිගැසැම් සියල්ල නවතාදමා ගෙදර උයාපිහා ඇතිදෙයක් කා සියල්ලෝ ගෙදරට කොටුවී ඇත. එක මොහොතක් ගෙදර ඉන්න අකැමැති සියලු දෙනා දැන් ගෙදර ඉන්නා නිසා ...පවුලේ සියල්ලෝ එකට වසමින් එකට කෑම ගනිමින්, නිතර කතාබහ කරමින්, රූපවාහිනී රේඩියෝ වල "කොරොනා වයිරසය" සම්බන්ධ අලුත් තොරතුරු දැන ගැනීමට උත්සුක වෙති. පවුලේ සැවොම එකට එකගෙයි බයෙන් සැකෙන් උනත් එකට ජීවත් වෙයි . රටේ මිලදිගැනීමට ඇති කෑම බීම අඩුපාඩු වේ යැයි බියෙන් සෑම ගෙදරකම අරපිරිමැස්මෙන් කෑමබීම උයන්න පිහන්න පටන්ගෙන ඇත. ගෙදරටම කොටූඋන සියල්ලෝ උයාපිහා ඇති ඕනදෙයක් කිසිම ආඩපාලියක් නොකියා කන්නට පටන් ගෙන ඇත.... කොරොනා වයිරසයට බයෙන් සියලු දෙනා ගෙදරට කොටුවී බයෙන් සැකෙන් තියෙන දෙයක් කාබී නා පිරිසිදු වී හොද සෞඛ්‍ය පුරුදු පුහුණු කරගනිමින් සිටිති. ලෝකවාසී සියල්ලෝ .. දුප්පත් පෝසත් බේදයක් නැතුව සියලු දෙනාගේ, මරණ බිය හමුවේ සියලු ජාති කුල ආගම් භේද වෙනස් වී ඇත. දැන් ලොව ඇත්තේ එකම ජාතියකි. සියල්ලන්ගේම එකම පැතුමකී. එනම් කොරොනා වයිරසයෙන් බේරි ජීවත් වීමය. ලොකු පොඩි බේදයක් නැතුව සොබාදහම හැමෝටම එක විදිහට තෑගි කල ලොකුම මතක හිටින , විරාමය .... මැශින් මෙන් ජීවිත ගත කරපු මිනිස්සුන්ට ටිකක් නැවතිලා ජිවිතේ තේරුම් ගන්න අවස්ථාවක් දී ඇත .... මෙම ලිපිය ලියන මම මේ ලෝකේ පැතිර යන කොරොනා වයිරසයේ අවදානම හොදින්ම හිතට ගෙන, ඒ වෙනුවෙන් මා මෙන්ම මගේ ගෙදර අයද පරිස්සම් කිරීමට උත්සාහ ගනිමින් සිටින්නෙමි. රැකියාවට, විශ්ව විද්‍ය්ල වලට යන වැඩිහිටි දරුවන් ගෙදරට කොටුවී සිටියත් ගෙදර සියල්ලෝ එකට සිටීම නිතර දරුවන්ගේ සැමියාගේ කතාබහ ඇසීම, හිනාහඩ, එකට කෑම බීම ගැනීම, ගෙදර සියල්ලෝ එකතු කරගෙන ගෙවල් දොරවල් අස්පස් කිරීම, ගෙවතු සුද්දබුද්ද කිරීම, අරපිරිමැස්මෙන් කෑමබීම හදා එකට වාඩිවී කෑමබීම ගැනීම නම් හිතට සැනසීමක් ගෙන දෙන්නකි. කාලයකට පස්සෙ කලබලකාරී ලෙස ගෙවුණු ජීවිත ගෙදරටම කොටුවී නිදහසේ ගෙවීයන්නේ...... පොතක් පතක් බලමින්, එකතැනක නැවතී රූපවාහිනී නරබමින්, ලස්සන සිංදුවකට කන් යොවමින්, බන පොතක්, පිරිත් ටිකක් කියමින්‍ය, පවුලේ සියලු දෙනා එක්ව බුදුන් වදිමින් පතන්නේ මුලු ලෝකය පුරාම සීග්‍රයෙන් පැතිර යන මේ කොරොනා වයිරසයෙන් බේරි ඉන්නට සියලු දෙනාට නිරෝගි සුව ශක්තිය ලැබේවායි පතමිනි. .... ලංකා වාසි ලෝක වාසි සියලු දෙනාට බුද්ධ රත්නය ධම්ම රත්නය සංග රත්නය ත්‍රීව්ද රත්නයෙ ආනුභාවයෙන් කොරොනා වසංගතය ලොවෙන් තුරන් වෙවා යැයි!!!!!!! මගේත් පවුලේ අයගෙත් එකම පැතුමය..... ඔබ සියලු දෙනාට සියලු දෙවිදේවතාවුන්ගේ පිහිටෙන් නිරෝගි සුව ලැබේවා !!!

12 views0 comments

Comments


bottom of page