top of page
  • Writer's picturePrisila Godahewa

ස්වයං නිරෝදානයේ තුන්වන සතිය

මේ දවස්වල මුහුනු පොතේ එහේ මෙහේ කොහේ බැලුවත් දකින්න ලැබෙන කෙටි ලිපි අතර තියෙන්නේ ,කොරොනා වයිරසය නිසා ගෙවල් වලට කොටුවී කම්මැලි කමට කරන්න දෙයක් නැතුව සිටිනා අයගේ මැසිවිලිමයි. අනිත් අයට වගේම මටත් ගෙදරට කොටුවෙලා ඉන්නකොට, ඒ කම්මැලි කම දැනෙයි කියලා හිතුනත්......වාසනාවකට වෙන කාල වලට වඩා මම මේ දවස්වල ගෙදරදි කාර්‍ය්බහුල වෙලා කියලයි මට හිතෙන්නේ . මම ඇරෙන්න ගෙදර අනිත් හැමෝම , එනම් සැමියාගේ ව්‍යාපාරික වැඩකටයුතු වගේම දරුවන්ගේ විශ්ව විද්‍ය්ලය කටයුතුද, ඒ අය ගෙදර ඉදන්ම කරන නිසා ඔවුන් එදා අද කියලා වෙනසක් නෑ මේ දවස් වලත් කාර්‍ය්බහුලයි. උදේ 8.30 සිට හවස 5 වෙනකම් ගෙදර ඉදන්ම කාර්‍යාල වැඩ පටන් ගන්නා, ලොකු දුව නම් කාමරයෙන් එලියට එනවා දකින්නේ උදේ දවල් හා තේ බොන වෙලාවල් වලටම පමනි. ඇයනම් අකුරටම වැඩ ගෙදර ඉදන්ම. .....අනිත් දුවලා දෙන්නා නම් විශ්ව විද්‍ය්ල කටයුතු ගෙදර ඉදන් කලත් ඔවුන් දෙදෙනා නිතර නිතර කාමරයෙන් එලියට විත් කන්න බොන්න සොයන්නේ කුකුලු කිකිලියන් සේය. ඔවුන් දෙදෙනා ගෙන් නම් කරදරයක් නැත්තේ ඔවුන්ට අවශ්‍ය විශේශ කෑම බීම ඔවුන් දෙදෙනා එකමුතුව හදාගෙන ගෙදර අනිත් අයටත් බෙදාදෙන නිසයි. කාමරයෙන් එලියට සැරෙන් සැරේ එන ඔවුන් දෙදෙනා තමයි මගේ ගෙදර දොරේ වැඩ වලටනම් නිතර නිතර අහුවෙන්නේ. කනුකුනූ ගගා හරි චූටි දුව මගේ සියලු වැඩ වලට උදව් කරයි. ගෙදර සිටින අනිත් දුවත් කියන ඕන වැඩක් මට කර දෙන්නේ කැමැත්තෙන්මයි. වැඩ රාජකාරියේ නිරත වෙමින්ම, විවේකයක් ලබා ගැනීම සදහා ගේ ඇතුලේ එහේමෙහේ ඇවිදින සැමියාගෙන් තරම් දුවලාගෙන් නම් මට කරදරයක් නැත. මාව දකින දකින සැරේට තේ බීමට ඔහුට අවශ්‍ය වීම නිසා මම පොතක පතක වැඩක් කරන වෙලාවටනම් ඔහු මට කරදරයකි. පරිගණකය හරහා වැඩකටයුතු කරන ඔවුන් සියල්ලෝ තම තමන්ගේ කාමර වල වැඩරාජකාරී කරත් සියල්ලෝ එකට එක වහලයක් යට සිටීම නම් මට සතුටකී. වෙනදාට වඩා වේලාව තිබෙන නිසා මගේ එදිනෙදා සුපුරුදු ගෙදර දොරේ වැඩ නම් වෙනස් විදිහට තමයි මේ දවස්වල සිදුවන්නේ. වෙනදාට කලබලේ උයන පිහන, අස්කරන, ලස්සන කරන හැම දෙයක්ම වෙලාව ඇරන් පිලිවෙලට ලස්සනට නිදහසේ කරන්න පුලුවන් වෙලා. කවදාවත් නැති තරමට හෙමිහිට ලස්සනට ඇදුම් අල්මාරි වල තියෙන පරන ඇදුම් අයින් කරලා, එක එක පාට ඇදුම් එක ලග එල්ලලා, විශේෂ ගමන් වලට අදින ඇදුම් , ගෙදරට අදින ඇදුම් , සුදු ඇදුම් , කලු ඇදුම් සියල්ල වෙන වෙනම එල්ලලා පිලිවෙල කරලා හැඩබලන්නේ නිදහසේ සතුටින්ය. මේ දවස්වල ගෙදරට අවශ්‍ය කරන කෑම බඩු ඕනෑවටත් වඩා ගෙනත් එක් රැස් කරගත් නිසා කුස්සියේ කබඩ් රාක්ක වල හාල් තුනපහ බඩු වෙනදාට වඩා පිරිලා ඇත. විවේකය ඇරන් ඒවා පිලිවෙලට අසපස් කරලා, තුන පහ බෝතල් පුරවලා, ලේබල් ගහලා හැමදෙයක්ම ලස්සනට පිලිවෙලට අසකරන්නේ ඕනෑවටත් වඩා වෙලාව ඇරන්‍ය. කාලයකට පසු ලැබුනු වීවේකය ප්‍රයෝජනයට ඇරන් මාත් මගේ බාගෙට ලියා නවතා තිබූ, කෙටිකතා, නවකතා හා කෙටි සටහන් නැවත ලිවීමට පටන් ගත්තේ බොහොම කාලයකට පසුයි. ඒ ගැන මට ඇත්තේ ලොකු සතුටකි. මා මෙන්ම මගේ දියනියන්ද ඔවුන්ගේ විවේක කාලයේ පින්තූර ඇදීමට හා ගෙදර අනිත් වැඩවලටද උදව් කරයි. ගෙදර අය ඔවුන්ගේ රාජකාරි වැඩ අහවර වී කාමර වලින් එලියට එනතෙක් සිටිනා මම ඔවුන්ද වත්තේ පිටියේ වැඩකට බලහත්කාරයෙන් කැදවාගන්නෙමි. මල් පැල අලුත් කිරීම්, වගේම එලවලු ඇට පැල, අලුතින් සිටවීම, තනකොල කැපීම, මල්වලට වතුර දැමීම ඒ අතරට අයත්‍ය. දරුවන් කෙසේවෙතත් බොහෝ දුරට සැමියා ඒ වැඩට ආසාවෙන් උදව් කරයි. කෙසේ හෝ දවසේ වැඩකටයුතු කම්මැලි කමක්නැතුව පිලිවෙලට සැවොම කරගෙන යන්නේ නිවිහැනහිල්ලේය. කොරොනා වයිරසය නිසා ගෙදරටම වී කාලය ගත කලත් එය කරදර අපහසු කාලයක් ලෙස නොසිතා වැඩ කිරීම නිසා, පසුගිය කාලයේ බොහෝ අතපසු වී තිබුන වැඩ ඉවරකරගන්නට පිලිවෙල කරගන්නට විවේකයක් ලැබුනු එක ගැන නම් මම අද සතුටු වන්නෙමි. මම මේ ලෙස ලියන්නත්, photo දාන්නත් හේතුව ,මේ දිනවල යාලුවො නෑදෑයෝ කා එක්ක කතා කරත් ඔවුන්ගේ දුක නම් ගෙදරටම වෙලා දිගටම ඉන්න උන එක ගැන ඇති අකමැත්තයි. එය කරදරයක් ලෙස සිතීමයි. අපේ පවුලේ මේ දිනවල දිනචරියාව මම ලියන්න හිතුවේත් ඒ ගැන සිතායි. රැකියාවට යන අය වගේම හරි හමන් රැකියාවක් නැති අයද මේ දිනවල බොහෝ කරදර අගහිඟකම් ඇති කාලයකට මුහුන දී ඇතිබව දනිම්. පුලුවන් තරමින් අපිත් ලංකාවේ දුප්පත් මිනිස්සුන් වෙනුවෙන් පිටරටක හිටියත් උදව් කරන්නෙමු . අපට කර හැක්කේ එපමනයි. ලංකාවේ හිතහොද මිනිසුන් තම තමන්ට පුලුවන් තරමට නැතිබැරි මිනිස්සුන්ට උදව්කරන බව දැන ගන්නට ලැබුනි . එවන් දෙවිවරු වගේ මිනිසුන් හා ත්‍රිවිධ හමුදාවක් සිටින රටක රටවැසියන් වීම ගැන සතුටු සිතෙන්නේ මෙවන් නොදන්නා පිටරට ජීවත් වෙද්දි යි. මේ මොහොතේ , මේ කාලයේ, ලොකු පොඩි භේදයකින් තොරව අපි සියලු දෙනාට කලහැකි එකම දේනම් ලෝකය පුරාම පැතිර යන මේ දරුනු වසංගතයෙන් බේරීමට නම් අප සියලු දෙනාට කරන්න පුලුවන් ලොකුම දේ නම් ගෙදරටම වී හිදිමින් තමනුත්, ගෙදර අයත්, අසල්වැසියන් හා රටවැසියන් බේරා ගැනිමට උදව් කිරීමයි. ගෙදරට වී නිදහසේ යම්කිසි අලුත් වැඩක යෙදෙමින්, අලුත් දෙයක් ඉගෙන ගනිමින් ජීවිතයට තවත් අලුත් බලාපොරොත්තු ඇති කරගනිමින් මේ ව්‍යසන කාලයේ කම්මැලි කමෙන් නිදහස්වී සතුටින් ,සැහැල්ලුවෙන් විවේකීව ඉන්න බලමු . ඔබ සැමට තෙරුවන් සරනයි !!

4 views0 comments

Comments


bottom of page