top of page

විශේෂ බිත්තර කරිය

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Apr 5, 2020
  • 1 min read

Updated: Apr 30, 2020

2000 වර්ශයේදි සිරිකත පුවත්පතේ කෑම වට්ටෝරු තරගයකින් ප්‍රතම ස්තානය මා දිනු බිත්තර මස් කරිය. මස් මාලු කන්න කැමති නැති අයට මස් වගේ රසට කන්න දෙන්න පුලුවන් රස බිත්තර කරියක්.


බිත්තර 5 ක් පමන ගෙන හොදින් ගසා ගන්න . ඉන් පසු එයට පාන් කුඩු , ලුනු ,ගම්මිරිස් කුඩු, රම්පෙ කරපිංචා ,කරදමුංගු කරල් තුනක් පමන කුඩු කර හොදින් ගසා එකතු කරන්න.


කැමතිනම් එයට රසකාරක සුප් කැටයක් එකතු කරන්නත් පුලුවන්. කැමති නම් එයට dessicated coconut කුඩු ටිකකුත් එකතු කරන්න පුලුවන් .එය හොදින් මිශ්‍ර කර එම මිශ්‍රණය හොදින් තද කර වන්ඩුවෙ හෝ microwave එකේ තම්බා ගන්න. පසුව එය කොටු කෑලි වලට කාපා ගන්න .


බාජනක් ගෙන එයට තෙල් ටිකක් දමා ලුණු, රම්පෙ කරපින්චා,අමු මිරිස්, බැදෙන්නට හැර මිරිස් කුඩු ,බැදපු තුනපහ කුඩු එකතු කරන්න. ඉන්පසු එයට පොල්කිරි දමා ලොකුවට හොද්දක් හදාගන්න. එය හොදින් නටාගෙන එනවිට, මුලින් තම්බා කෑලි කපාගත් බිත්තර කෑලි දාමා හිමින් හැදි ගාමින් හින්දා ගන්න. මෙය ගෙදර කෑමට එන මස් මාලු නොකන අමුත්තන්ට , ගෙදර අයට දෙන්න පුලුවන් විශේෂ කරියක් වේ.


*ප්‍රිසිලා ගොඩහේවා *

Comments


bottom of page