top of page
  • Writer's picturePrisila Godahewa

ලේසියෙන් අලුත් මාලු වලින් "සැමන්" ගෙදරම හදාගමු.

🌹ආයෙත් නම් මට "සැමන්" කඩෙන් ගේන්න ඕනම වෙන්නෙ නැති වෙයි....මම සැමන් ගෙදරම හැදුවා.... හරිම ලේසියි


අවශ්‍ය දව්‍ය

*සුද්දකර සෝදලා දෙකට කපපු කුම්බලා මාලු. 1kg

*ගම්මිරිස් කැබැලි මේස හැදි දෙකක්

*එළවලු හෝ ඔලිව් ඔයිල් මේස හැන්දක්

* අවශ්‍ය පමන ලුනු

ඔක්කොම ජාතී දමලා..එයට වතුර කෝප්ප භාගයක් එකතු කරා පමනයි

Multi.cooker එකේ (slow cooker එකේ මම තම්බාගත්තේ ... ඒක කිව යුතුයි ) විනඩි 45 තම්බා ගන්න. ඊට පස්සෙ කැමති විදිහට උයා ගන්න.

* මේ විදිහට ප්‍රෙශර් කුකර් එකේද වතුර කෝප්ප එකහාමාරක් දමා විනාඩි 20ක් විතර තම්බාගත හැක.

*තම්බා ගත් මෙම අලුත් මාලු නියම "සැමන්" ආකාරයටම සාදා කට්ලට් , පැටිස්, පේස්ට්‍රි හදන අවස්ථා වලද ප්‍රයෝජනයට ගත හැක.

  • ටින් මාලු කල්තබා ගන්න දමන කිසිම දව්‍යක් හා කිසිම රස කාරක දාව්‍යක් එකතු නොකර අලුත් මාළු වලින් "සැමන් " ගෙදරදීම

හදා ඔබත් රස බලන්න .

20 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page