ලෙමන් ලුනුදෙහි
- Prisila Godahewa
- Mar 30, 2020
- 1 min read
Updated: Apr 30, 2020

ලෙමන් ලුනුදෙහි
දෙහි,ලෙමන් වැනි දෑ ගස් වල හැදෙන කාලෙට,අපට එදිනෙදා ප්‍රයෝජනයට අවශ්‍ය ප්‍රමානයටත් වඩා පලදාව හැදෙන නිසා, අපට පුලුවන් ඒවා අපතේ නොයවා පසුව ප්‍රයෝජනයට ගැනීම සදහා කල් තබා ගැනීම සිදු කර ගැනීමට.
ඒ බැවින් මම දෙහි ලෙමන් හැදෙන කාලයට ඒවා අපතේ නොයවා ලුණු දෙහි හදන්නෙමි
මෙහෙමයි මම ලෙමන් වලින් ලුණු දෙහි හැදුවේ
දෙහි හොදට හොදලා හතරට පලන්න. ඉන්පසු පැලුම් ඇතුලට ලුණු කැට දමා අවන් එකේ දැමීමට හැකි විදුරු බාජනයක එම ලෙමන් අසුරා අවන් එකෙ පැය බාගයක් පමණ තද රස්නෙ තැම්බෙන්න හරින්න. එවිට දෙහි ටික හොඳට තැම්බිලා ජුස්(දෙහි ඉස්ම)විදුරු බාජනයට එකතු වෙලා තියෙනවා දකින්න ලැබේ.. පසුව එය එලියට ගෙන කැලි මිරිස් , සීනි ටිකක් එකතු කර විදුරු බොතල් වල හොදින් අසුරා තබාගන්න පසු ප්‍රයෝජනයට.මෙයට විනාකිරි ටිකකුත් එකතු කරන්න පුලුවන් දෙහි වල තිත්ත ගතිය නැති කර ගැනීමට .





Comments