top of page

ලූනුකොල හා බිත්තර බතක්

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Apr 26, 2020
  • 1 min read

Updated: Apr 30, 2020

අද මම හැදුවේ බිත්තර ,ලූනුකොල දාලා තෙම්පරාදු බතක්


මේ බතට අමතර රසකාරක මොනවත් දැම්මේ නෑ. බත හදන්න මම ගත්තේ බාස්මති බත්, හීනියට කපාගත් ලූනු කොළ( ලීක්ස් උනත් ගන්න පුලුවන් ) තලාගත් සුදුලූනු ,ඉගුරු, බිත්තර 2ක්, බටර් මේස හැන්දක්, කැමති තෙල් මේස හැන්දක් . ලුනු , ඝනකම ඇති කිරි කෝප්ප කාලක් පමනයි.

(උනුවතුරෙන් දියකරගත් පිටිකිරි උනත් පුලුවන්). මම නම් thicking cream තමයි පාවිච්චි කලේ.

මෙහෙමයි මම මෙම බත හැදුවේ. මුලින්ම ලොකු පැතලි භාජනයක් ගෙන ලිපේ තියා එයට තෙල් මේස හැන්ද හා බටර් මේස හැන්ද දාලා හොදින් රත් කර ගත්තා . ඉන් පසු එයට බිත්තර දෙකක් හොදින් ගසාගෙන දමා බැදගත්තා . ඉන් පසු එයට අබරාගත් සුදුලූනු ,ඉගුරු ටිකද දමා කවලම් කලා. පසුව එයට කපාගත් ලූනුකොල දමා හොදින් බැදෙන්න හැර එයට මුලින් උයාගත් බත් දමා කවලම් කලා. එයට ලුනු එකතු කලා. හොදින් හැදිගාමින් එයට ඝනකම් කිරි වර්ග කෝප්ප 1/4 ක් එකතු කලා. හරි ඉක්මනටම බත හදා අවසන් .


  • අවශ්‍ය නම් මෙයට, බිත්තර සමග, කුකුල් මස් කැබලි, ඉස්සෝ එහෙමත් එකතු කරගන්න පුලුවන් .

  • ස්වීට් කෝන්, ග්‍රීන්පීස්, එහෙමත් එකතු කල හැකියි.

  • ඉදුනු රතුමිරිස් කරල් හෝ රතු බෙල් පෙපර් හීනියට කපා බතට එකතු කිරීමෙන් වැඩි පෙනුමක් ලබා ගත හැක.



මේ බත කන්න තමන් කැමති දෙයක් හදාගන්න පුලුවන් . බතට බිත්තර වැඩිපුර දමාගත්තොත් වෙන මොනවත් නැතුව උනත් කන්න පුලුවන් .

මම මේ බත කන්න ලේසියට අමුමිරිස් ,කෑලි මිරිස්, සෝයා සෝස්වලට දමා හදාගත්තා . හරි ලේසියි රසයි . අමතර රසකාරක මොනවත් නෑ. ඔබත් හදා රස බලන්න.


**ප්‍රිසිලා ගොඩහේවා**

Comments


bottom of page