top of page

රෝල් ඕට්ස් වලින් රොටි හදමු

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Apr 26, 2020
  • 1 min read

ඉතා ගුනවත් ඕට්ස් ,බටහිර රටවලදි ඉතා ලාබෙට මිලදීගත හැකි දාන්‍ය වර්ගයකි. බටහිර රටවල බොහෝ මිනිසුන් උදේ ආහාරයට ගුනවත් රෝල් ඕට්ස් කෑමට ගනිති. විවිධ ක්‍රම වලට ඒවා සැකසිය හැකි අතර මම ඕට්ස් වලින් රොටී සාදා කෑමට පුරුදු උනෙමි. ඉතා රසවත් ඕට්ස් රොටි සාදා ගන්නේ මෙසේය.



-රෝල් ඕට්ස් කෝප්ප 3ක්

-පොල් කෝප්පයක්

-පාන් පිටි මේස හැදි 2ක්

-අවශ්‍ය පමන ලුනු

-බීලූනු ,අමු මිරිස් ,කරපිංචා හීනියට කෑලී කපා ගන්න.

-බටර් හෝ තෙල් ටිකක්




සාදන අන්දම

රෝල් ඕට්ස් වලට වතුර කෝප්ප 1/2 දමා හොදින් පෙගෙන්න හැර එයට පොල්, ලුනු, පාන් පිටි මේස හැදි දෙක, ලුණු දමා හොදින් අනාගන්න . තෙල් ටිකක් හෝ බටර් දමා හොදින් අනා ගෙන පසුව එයට හීනියට කපාගත් බීලූනු , කරපිංචා ,අමුමිරිස් දමා හොදින් අනා බෝල සාදා ගන්න. පසුව රොටි හදා තැටියක පුච්චා ගන්න.



**ප්‍රිසිලා ගොඩහේවා **

Comentários


bottom of page