top of page
  • Writer's picturePrisila Godahewa

මම ලියන්න පටන් ගත්තේ....?

Updated: Jun 17, 2020

  🌹 මගේ ජීවිත කාලය තුල මම ගොඩක් ආසාවෙන් කරපු හා දැනටත් ආසාවෙන් කරන දෙයක් තමයි හිතට එන දේ කොහේ හෝ ලියා තැබීම..... පාසැල් කාලයේ මගේ කැමතිම විශයන් උනේ සිංහල භාශාව, සමජඅධයනය වැනි විශයන්...... සිංහල රචනා ලිවීමට මම බොහෝ ආස කලෙමි. අ.පො.ස උසස් පෙල පංතියේ සිටියදී  නිසදැස්, කවි, කෙටි කතා ලිව්වේ.... සිතේ තිබු පාලුව, කාංසිය, හා අලුත් දෙයක් කිරිමට තිබු ආසාව නිසයි. ඉන් පසු දිගටම ලියන්න ඕනෙ කියන හැගීම මගෙ හිතට ආවේ 1987 දී පමන....  වයස අවුරුදු  20දී (1988)මගේ පළමුවන නවකතාව මම ලියා නිම කෙරුවෙමි. එය  "වසන්තය නිමාවිය " නම් නවකතාව විය.                 ඉන් පසු 2006දී නැවත, "නිදන්න යනවිට කියවන්න කතා" නමින් ළමා කතා පොතක් එලි දැක්විය. එම පොතේ ඇතුලත් කල සියලු කතා, මගේ දියනියන් දෙදෙනාට, මාත් මගේ සැමියාත් ඔවුන්ට  රෑට නින්ද යන තෙක් කියාදුන් ළමා කතා විය. තවත් ලියු ළමා කතා රැසක් මා සතුව ඇත. දිනෙක ඒවාද පොතක් ලෙස එලි දැක්වීමට බලාපොරොත්තු වෙන් හිදිමි.           එම වසරේදීම (2006)මම "වාසනා" නමින් හා "මට හිමි ඔබයි" නමින් නවකතා පොත් දෙකක් ලියා නිම කෙරුවෙමි.             ඉන් පසු කාලයක්ම ලිවීම නතර කල සිටි මම නැවත 2016 දී ඔස්ට්‍රේලියාවේ පදිංචියට ආපසු නැවත ලිවීම ආරංභ කලෙමි. 2016/2018 දී මම ජැෆ්නාදරය("මට හිමි ඔබයි" පොතේ නම වෙනස් කර කතාව නැවත ලියුවෙමි ) හා "ගිමන් හරිමි "නමින් පොත් දෙකක් ලියා මගේ 50 වන උපන් දින දවසේ (2018/07/20) ඔස්ට්‍රේලියාවේදී එලි දැක්විය. එහිදි මාහට, එම පොත් දෙක විකුනා ලැබිනු ලක්ශ දෙකාහමාරක මුලු මුදලම, ලංකාවෙ අගහිඟකම් ඇති පවුල් තුනක් අතර බෙදා දෙන ලදී. (පහත චායාරූප ඇත.)                එම කාලයේදීම "අමුතු දීගේ " (රහස) "කෑලෑ මල" හා "එතෙරින් එතරට "නමින් නනවකතා පොත් තුනක් හා කතා 10ඇතුලත් කෙටි කතා පොතක්ද ලියා නිම කෙරුවෙමි .  2007 දී....මගෙත් සැමියාගේත් ජීවිත කතාව අලලා තවත් පොතක් ලියන්න පටන් ගත්තෙමි...... තවම එම පොත ලියමින් හිදින්නෙමි ........සැමියාගේ 60 වන උපන් දිනේට එම පොත ලියා නිම කර පිරිනමන්නට බලාපොරොත්තුවක් ඇත. 😃😃😎😎             2019 දී "එතෙරින් එතරට" පොත ලියා නිම කර සැමියාගේ 50වෙනි උපන් දින දවසේ එය එලි දැක්වීය.               2020 මාර්තු මාසයේදී කොරොනා වයිරසය හේතුවෙන් ගෙදරටම වී කාලය ගත කරන්න ලැබුනු පසු......මුහුනු පොත හරහා හා අන්තර්ජාලය හරහා විවිධ ලිපි ලියන්න  අවස්ථාව ලැබුනි.  ඒ සමගම  මුහුනු පොතේ ඇති විවිද කන්ඩායම් හා ,සංගම් වල නොයෙකුත් මාතෘකා යටතේ ලිවීමට පටන් ගත් මම නොනැවතී....තවමත් මගේ හිතට එන එන දේ ලියන්නෙමි...... .           2020 මැයි පලවනදා ආරංභ කෙරුනු, චුට් දුව නිමාශා සාදා දුන්  "බ්ලොගය" (Blog )හරහා මම දැන් නොයෙක් දේ ලියමින් හිදින්නෙමි. මෙතෙක් කාලයක් මා ලියු ලිපි, රචනා, කෑම වට්ටෝරු , ගෙවතුවගා, නවකතා , කෙට් කතා ආදි සියලු දේ එකම තැනකට ගොනු කිරීමට බ්ලොගය හරහා අවස්ථාව ලැබීනි.ඒ හරහා මගේ ලේඛ්න කලාව ,අලුත් නිර්මාණ කරණය හරහා තවත් දුරක් යෑමට ලැබුනා යැයි මම සිතමි . 2020 මාර්තු  මස සිට ජූනි මස මැද වන විට මම බොහෝ ලියන ලද පරන ලිපි prisila's blog හී ඇතුලත් කලෙමි.....තව තවත් අලුත් දේ එහි ලීයා තැබුවෙමි. තවත් බොහෝ දේ ඉදිරියේදි ලිවීමට අඩි තාලම් දමමින් ඉන්නෙමි....               🌹🌹මගේ ජීවිතයේ ගෙවුනු අවුරුදු පනස් එකක ජීවිත කාලය තුල, මම අද වන විට බොහෝ  නිදහසේ අලුත් දේ ලිවීම ආරංභ කර ඇත. මේ ගෙවුනු කොරොනා නීරෝදායනය...... මාස තුන මගේ ජීවිතය තවත් අලුත් පිටුවක් පෙරලුන කාලයක් සේ මට හැගේ...පසුගිය කාලයේ මා ලියන ලද නවකතා , කෙටි කතා තව තවත් අලුත් කර , ලස්සන කර ලිවීමට මට අවස්ථාව කාලය ලැබි ඇත. මා ලියන දේ..... අන්තර්ජාලය හරහා බොහෝ දෙනෙකුට කියවන්න අවස්ථාව දීමට හැකි වී ඇත. අවුරුදු ගනනාවකට පසු මා ලියපු, ලියන දේ ගැන මට පුදුමාකාර සතුටක් හා ශක්තියක් ලැබි ඇත. ඒ හරහා මගේ නැවත ඉපදීමක් සිදුවුන කාලයක් සේ මේ කාලය මට දැනේ....ඒ ගැන ඇත්තේ හදපිරි සතුටකි.👍👍🌹                  ඒ වගේම එක දිගට ලිවීම ආරංභ කරාට පසු කම්මැලි කමෙන් ගෙවුනු මගේ හිත, සන්සුන් වී මානසික අතතියද දුරු වී යන බව මට දැනෙන්න පටන් ගෙන ඇත. මම ලියන දේ කියවන පාඨක ඔබගේ අදහස් දෑක්වීම් තුලින් ලැබෙන, දිරිගැන්වීම , තව තවත් අලුත් දේ ලිවීමට ආසාව, ශක්තිය, සමග ප්‍රබෝධමත් බවක් දැනෙන්න පටන් ගෙන ඇත.                    දවසින් දවස ගෙවී.... වයසට යන මගේ ජීවිතය ...අපි හිතනවට වඩා කොච්චර නම් කෙටිද කිය මට දැන් නිතර දැනෙන්න  පටන් ගෙන ඇත. නව යොවුන් දියනියන් දෙදෙනෙකුගේ මවක් වන මම.....,ඔවුන් මෙලොවට බිහි කර, ළදරු , ළමා කාලයේදී ඔවුන් උස්මහත් කීරිමට උන වෙහස මහන්සිය... අද වන විට මතක් වෙද්දී, හිතට දැනෙන්නේ සතුටක් මිශ්‍ර ආඩම්බරයකි... ඒ අද වන විට ඔවුන් උස් මහත්වී ඔවුන්ගේ සියලු වැඩරාජකාරි තනියම කරගන්න පුලුවන් තැනකට ඔවුන් පැමින ඇති බැවිනි. නව යොවුන් දියනියන් දෙදෙනෙකු සිටින අම්මා කෙනෙකු ලෙස, සැමියාගේ උත්සහය මහන්සියත් සමග ඔවුන් උස් මහත් කර රටට වැඩදායි ගුණයහපත් දරුවන් දෙදෙනෙකු බිහි කිරිමට ලැබීම වෙනුවෙන් මමත් සැමියාත් අද දවසේ බොහෝ සතුටට පත් වී හිදින්නෙමු. මම අද වන විට මේ ලියන දේවල්, කවදා හෝ මම නැති දවසක දියනියන්ට කියවා බලා හා තනියම වැඩ කටයුතු කර ගන්නා කාල වලදී මම උගන්නන ලද , ඉවුම්පිහුම් ඇතුලු නිවසේ වැඩ කටයුතු සියල්ල නිසි පරිදි කරගෙන යෑමට , ඔවුන්ට මතු ප්‍රයෝජනවත් වේවි කියා සිතමි ..... . දියනියන්ට කුඩා කාලයේ සිටම මම හුරු කරන ලද බොහෝ හොද ගතිගුන, හොද පුරුදු හා ඉගැන්වීම් නිසා ඔවුන්ගේ ජිවිත අදටත් වැඩදායක ලෙස ගෙවි යනු පෙනේ.....මතුවටත් ඔවුන්ගේ ජීවත ලස්සන කර ගැනීමට ඒ දේවල් ප්‍රයෝජනවත් වේවි යැයි සිතන්නෙමි. ඒ වගේම මම අද ලියනා දේවල් ද ඔවුන්ට යම්කිසි අයුරකින් දිනක ප්‍රයෝජනවත් වේවි යැයිද සිතේ........

ව්‍යාපාරික සැමියාගේ අදික වැඩකටයුතු හේතුවෙන් , මගේ පාලුව තනිකම නැති කර ගැනීම වෙනුවෙන් නැවත ලිවීම ඇරඹු මට ,අද එය නැවැත්වීමට නොහිතෙන තරමට පුදුමාකාර ලෙස බැදී හිදින්නෙමි . අද වන විට මගේ පාලුව කාන්සිය නැතිවි ...මේ ලිවීම තුලින් ජීවිතයට අලුත් බලාපොරොත්තු ගොඩක් ඇති වී ඇත. අද මා සතුටින් ඇතැයි සිතේ... දිනක මාගේ දියනියන් බිරිඳක් මවක් වන කාලයේදි... මම ජීවත්ව නොසි⁣ටින්නටද පුලුවන්ය. මම මේ ජීවත්ව සිටින කාලයේ ඉඩ ඇති පරිදි ලියන ලද පොත පතින් හා ජීවිත අත්දැකීම් මුසුව මම ලබා ඇති දැනුම දියනියන් වෙනුවෙන් යම් තැනක සටහන් කර යන්නට මට අවශ්‍ය වී තිබුනි. අද මම එය පටන් ගෙන ඇත..... අනාගතයේ ඔවුන්ට පහසුවෙන් සොයා ගත හැකි තැනක මේ සටහන් තැබීම සුදුසු බව සිතූ මම ඒ සදහා ඇරබු prisila's blog ය ඔවුන්ට කවදා හෝ කියවා මා තවත් තේරුම් ගැනීමට හැකිවේ යැයි මට සිතේ.... මගේ ලේඛන කලාව නිසා මම බොහෝ වෙනස් වී ඇති බව තේරුම් ගත් සැමියා සහ දියනියන් මාව තව තවත් ලිවීම සදහා දිරිමත් කරමින් ඒ සදහා ඉඩ පහසුව ලබා දෙමින් මා නිදහස් කර ඇත. අද වන විට මම බොහෝ පහසුවෙන් සතුටින් ලේඛන කළාව වෙනුවෙන්   මගේ කාලය වෙන් කරගෙන සිට්මි. 💞💞



53 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page