top of page
  • Writer's picturePrisila Godahewa

🌺මට හිමි ඔබයි 🌺

💞මට හිමි ඔබයි💞

(54 වෙනි කොටස)

https://www.facebook.com/groups/2653780434897311/permalink/2771617719780248/

අප දෙදෙනා යාපනයේ පදිංචියට විත් මාස හයක කාලය ගෙවිගියේ ජිවිතයට තව නව බලාපොරොත්තු , අත්දැකීම් එකතු කරමින්‍ය.

යාපනයට ආදා පටන් ඉදහිට අහන්න ලැබුනු

යාපනයේ තැන තැන කොට් ත්‍රස්තවාදී කල්ලි විසින් කරන ලද අකටයුතුකම්, අපට දැන් දැන් නිතර අසන්න දකින්න ලැබේ.....ත්‍රිවිධ හමුදාව විසින් ඔවුන් පාලනය කරනු වස් මේ වනවිට යුදහමුදා කදවුරු තැන තැන ආරංභ කර ඇත.... නිතර පොලිස් හා යුදහමුදා වාහන නිතර පාරවල්වල දකින්න ලැබේ..... ඉදහිට ඈතින් වෙඩි හඬ, බෝම්බ පිපිරෙන ශබ්දද ඇසෙන්න පටන්ගෙන ඇත. මමත් රමේශුත් ඒ ගැන සිටියේ හොදටම සැකෙන් බයෙන්‍ ය...


"රමේෂ් ....දැන් නම් එන්න එන්නම මේ පලාත්වල ත්‍රස්තවාදී කළබල ඇවිලිගෙන එනපාටක් පේන්නේ...අපි පුලුවන් ඉක්මනට වෙන පලාතකට මාරුවීමක් හදාගන්න බලමු.....මෙහේ මෙහෙම හිටියට මම හරි බයේ ඉන්නේ..."


"ඔව් නිත්‍යා මම තව යාළුවන්ටත් කියලා දන්න කියන ගොඩක් පැති වල වෙන රස්සාවල් වලට ඇප්ලයි කරලා තියෙන්නේ ....දැන් නම් ආන්ඩුවේ රස්සාව අමතක කරලා,අපි බලමු වෙන රස්සාවක් හරි... ඉස්සෙල්ලම මට මාරුවිමක් ලැබෙන පැත්තකට යමු..."


"අපි ආයෙත් කොළඹ යමුද...?


"ඒකත් ප්‍රශ්නයක්නේ... ඔයගොල්ලන්ගෙ ගෙදර අය දැනගත්තොත්...."


අනේ මන්දා....ඒක තමයි ..... රමේෂ්.... මට කියන්නකෝ ....පහුගිය කාලේ සිංහල දෙමළ කෝළහාල ඇතිවෙන්න මූළික හේතූ උන දේවල් ......ඈත අතීතයේ ඉදන් යාපනේ, සිංහල දෙමළ මිනිස්සු හොද සහයෝගයෙන් වගා කටයුතු කරගෙන නිදහසේ හිටිය මේ උතුරු කරයට දැන් මේ මොකද වෙලා තියෙන්නේ......?"


"ඔයා දන්නවනේ නිත්‍යා ...1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබුනට පස්සේ... පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් නීතියක් නිසා ,... ඉන්දියාවෙන් ඇවිත් ලංකාවේ, කඳුකරයේ රැකියා කරමින් ජීවත් වුන දෙමළ ජනතාවගෙන් වැඩි ප්‍රමානයකට පුරවැසිභාවය අහිමිවුනා කියලා ......ඊට පස්සේ කාලෙන් කාලෙට සිංහල දෙමළ වගේම, මුස්ලිම් සිංහල කෝළහාලත් ඇතිවුනා.....

1977 ඡන්දයෙන් පසු කළ ජාතිවාදී පහර දීම් සමග විරුද්ධ දේශපාලන පාක්ෂිකයන්ට පහර දීම් අතරම දෙමළ ජනතාව ඉලක්ක කරගෙන ප්‍රහාර ගණනාවක් ඇති වුනා... ... සමහරු නම් ඒවා හොදින් දන්නවා....


"ඔව් ඒක ඇත්ත රමේෂ් ....ඊට පස්සේ මේ දිගටම ඇතිවෙන ප්‍රශ්න මොනවද ...? මමත් නොදන්න දේවල් දැන ගන්න ඔනනේ....."


" පහුගිය කාලවල සිදුවුන ඒ සිදුවීම් එක්ක 75,000ක් පමණ දෙමළ ජනතාවක් ලංකාව තුලම අවතැන් වෙලා තියෙනවා...... එයින් බහුතරය වූයේ කඳුකර දෙමළ ජනතාවයි.... අන්තිමට ඒ අය, කදුකරයෙ සිට, උතුරු නැගෙනහිර ප්‍රදේශවල පදිංචියට ගියා....ඒ කියන්නේ....තමන්ගෙ ජාතියේ මිනිසුන් ඉන්න පළාත් වලට... මෙයින් උතුරු නැගෙනහිර සන්නද්ධ සටන් මෙහෙය වූ දෙමළ සංවිධාන සහ වෙනම රාජ්‍යයක් ඉල්ලූ දෙමළ දේශපාලනඥයන්ගේ ආසාවල් තවදුරටත් සාර්තක උනා..... ඕවා තමයි මේ ත්‍රස්තවාදී කරදර ටිකෙන් ටික ඇතිවෙන්න හේතු උනේ....

ඔයා දන්නවානේ....1981 යාපනය පුස්තකාලය ගිනි තිබ්බ එක......

දුර්ලභ, වටිනා අත්පිටපත් සහ පුස්කොළපත් ඇතුළුව පොත් 97000කට අධික ගණනක් තිබු යාපනය පුස්තකාලය ඒකාලේ සැලකුනේ ආසියාවේ තිබූ ප්‍රධානතම පුස්තකාලයක් ලෙසයි.

.....


"ඇත්තටම ඒක හරි අපරාදයක්...ඇයි ඒ... ඒකට ගිනිතිබ්බේ...?


"1981 මැයි 31 වැනිදා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පැවැත් වූ දේශපාලන රැළියක දී පොලිස් නිලධාරීන් තිදෙනෙකුට වෙඩි වැදීලා, දෙදෙනෙකු මිය යාමෙන් අනතුරුව, ඇති වූන ගැටුම් එක්ක තමයි මේ පුස්තකාලයට ගිනි තිබ්බේ...."


"එතකොට කවුද ඔය පුස්තකාලයට ගිනි තිබ්බේ...?


"මේක සිදුකරේ පොලිසියේ සහය ඇතුව පැරා-මිලිටරි කණ්ඩායමක් කියලා තමයි ආරංචි උනේ...."


"ඒකනම් මහ ලොකු අපරාදයක් තමයි අපේ සිංහල මිනිස්සු කල..."


"ඊට පස්සෙ 1983... ඒ කියන්නේ ගිය අවුරුද්දේ කලු ජූලිය ඔයාට මතකනේ...ඒ ප්‍රශ්නය නිසානේ.... ඔයගොල්ලන්ගෙ ගෙදර අය අපි දෙන්නගෙ සම්බන්ධයට අකමැති උනෙත්...."


"ඔව් රමේෂ් ඊට පස්සෙනෙ, මේ සිංහල දෙමළ ප්‍රශ්න මිනිස්සුන්ට දැනෙන්න ගත්තේ...."


"1983 ජූලි 24 වන දින කළු ජූලිය ආරංභ වන්න, ආසන්න සිදුවීම වූයේ ඊට පෙරදින රාත්‍රියේ එනම් ජූලි 23 වැනි දින රාත්‍රියේ යාපනයේ ගුරුනගර්හි මාර්ග පරීක්ෂාවක යෙදී සිටි හමුදා ජීප් රථයක සිටි හමුදා භටයින් 15 දෙනෙකුගෙන් යුත් පිරිසක් බිම් බෝම්බයකට හසුවීම..... මෙයින් එහි සිටි හමුදා සාමාජිකයින් 15 න් 13 ක් ජීවිතක්ෂයට පත්වූනා.... බෝම්බ පිපිරීමට අමතරව ඔවුහු කොටි සංවිධානයේ වෙඩි ප්‍රහාරයකට ද ලක්වූනා....

හමුදා භටයින් 13 දෙනෙකු එකවර මරා දැමීම රටපුරා ජනතාව කෝපයෙන් ඒ කළබල ඇතිකරන්න හේතු උනා....

ලංකාවේ සිදු වූ දැවැන්තම ජාතිවාදී ගැටුම තමයි ඒ කලු ජූලිය....ඒකෙන්

300කට වැඩි පිරිසක් ඇතැම් වාර්තාවලට අනුව 4000ක් පමණ, ඒ කළබල වලින් මිය ගියා කියලා කියනවා.... ගෙවල් 8000ක් ද, වෙළෙඳ ස්ථාන 5000ක් ද විනාශ වුනාලු..... 25000කට වැඩි පිරිසකට තුවාල සිදු වුනා කියලත් කියනවා...අපිත් ඒකාලේ බයේ අඳුනන සිංහල ගෙවල් වල හැංගිලා තමයි බේරුනේ..... එක්ලක්ෂ පනස් දහසකට අධික පිරිසකට ගෙවල් අහිමි වී අවතැන් වුනා...ඔයාට ඒවා මතකනෙ රුවිනි..


"ඔව් මතකයි...ඒ නිසා දැන් නම් වැඩිපුර බයක් දැනෙනවා යාපනේ ඉන්න...."


අප දෙදෙනා විවාහ වී අවුරුදු එකහමාරක කාලයක් ගෙවි ගොස් ඇත. මන්නාරමේ ඉතා සැහැල්ලුවෙන් ගත කල කාලය නිමා කර යාපනයට ආදා පටන්, අප දෙදෙනාට ඉතා බයෙන් සැකෙන් ජීවත් වෙන්න සිදුවි ඇත.


ඔය අතරේ කසාද බැද අවුරුදු එකහමාරකට පසු මට කුළුදුලේ දරුවකු ලැබෙන්න ආ. ආරංචිය රමේශ්ට ගෙන දුන්නේ ලොකු සතුටකි. ඔහුට මෙන්ම මටත් එය ලොකු සතුටක් විය.


"මට හරි සතුටුයි නිත්‍යා ...මම දැන් තාත්තා කෙනෙක් වෙන්නනෙ යන්නේ..."


"ඔව්..මටත් සතුටුයි....මමත් අම්මා කෙනෙක් වෙන්න නේ යන්නේ...අපි දෙන්නා අපේ ආදරය අමාරුවෙන් ජයගත්තා වගේම එහි ප්‍රතිඵලයත් දැන් අපට ලැබෙන්නනේ යන්නේ... "

"ඔයා දැන් මොනවද කන්න කැමති නිත්‍යා ...ඔයා කැමති ඕන දෙයක් කියන්න මම ගෙනත් දෙන්නම්..."


"ඔයාගෙ අම්මලාට ලියලා අරින්න, මට බබෙක් හම්බ වෙන්න ඉන්න් ආරංචිය..ඒ ගොල්ලෝ ගොඩක් සතුටු වෙයි ඒකට....."


"අපි වවුනියාවේ, අපේ නංගිලාගෙ ගෙදර , අපේ අම්මලා එන දවසකට අපිත් අම්මලා බලලා එන්න එහෙ යමු...?"


"ඒක හොද දෙයක් රමේෂ් ..."


"අපි මෙහෙම කරමු නිත්‍යා ...අපි පහුගිය කාලේ අරපිරිමහගෙන ජීවත් උනනිසා, අපි ඉතිරිකරගත්ත සල්ලි ටිකක් තියෙනවානේ...අපි ඒ සල්ලි වලින් පොඩි පාවිච්චි කරපු වාහනයක් ගමු අපේ පාවිච්චියට ....ඊට පස්සේ අපි ඒකෙම අපේ අම්මලා බලන්න යමු...ඒගොල්ලෝ ගොඩක් සතුටු වෙයි එතකොට ....."


රමේෂ් කිව් ලෙසම අප දෙදෙනා අමාරුවෙන් ඉතිරි කරගත් සල්ලි වලින් පරණ කාර් රතයක් මිලදිගෙන, එයින් රමේශ්ගෙ නංගිලාගෙ ගෙදර , රමේශ්ගෙ අම්මලා ආ දිනක ඔවුන් බලන්න වවුනියාවේ ගියෙමු. එම දිනය මට ගොඩක් සතුටු දිනයක් විය.


"දුව ඔයා දැන් බබෙක් හම්බවෙන්න ඉන්න නිසා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ...කෑම බීමත් පරිස්සමින් කන්න..."රමේශ්ගෙ මව මට ගොඩක් අවවාද කලාය.


රමේශ්ගෙ දෙමව්පියන් බලා නැවත ගෙදර ආදා පටන් මට අමුතු විදිහේ ආසාවක් ඇතිවි ඇත...ඒ නිතර නිතර මට මාගේ මව,හා සහෝදරිය බැලීමට යන්නට ඇති ආසාවයි .


ඒත් මම එය කෙසේ රමේෂ්ට කියම්දෝ කියා නිතරම සිතන්නට වීය.

මා දරුවා ලැබෙන්න සිටින විට රමේෂ් මට තව තවත් ආදරය කරන්නට විය. මට කන්න කැමැති දේ නිතර ගෙනැවිත් දෙමින් මා සතුටෙන් තැබීමට ඔහු නිතරම උත්සාහ ගත්තේය.


“ඔයාට ආස ඕන කරන දෙයක් තියෙනවා නම් මට කියන්න. රමේෂ් මගේ හිස අත ගාමින් නිතර කියයි...

"

ඔහු එවැනි දේ කියමින් මා ලග සිටින අවස්තාවක මම ආදරයෙන් රමේෂ් ඇමතුවෙමි.


මම අම්මට කරපු වැරැද්දට, ලැජ්ජාවට, සමාව මගේ දරුවා බිහිවිමට පෙර ගත යුතුයැයි මට නිතර නිතර මගෙ හිත කියයි.


“රමේෂ් මට අම්මා බලන්න කොළඹ යන්න ආසයි...."


“කොළඹ....?

ඔයාට ගොඩක් දුර වාහනේ යන්න හොඳ නෑනේ නිත්‍යා ...."


ඔහු මා අම්මා බැලීමට එක්ක යෑමට අකමැත්තක් නැති බව එයින් මට වැටහිනි. ඔහු එලෙස කී විට දැනුණු සතුටෙන් මම ඔහුගේ අත අල්ලාගෙන කතා කළෙමි.


" මගේ හිතට තාම හරි නෑ රමේෂ් ...මම අම්මලාට කරපු වැරැද්ද මතක් වෙනකොට, මට මගේ බබා හම්බවෙන්න ඉස්සර අම්මගෙන් ඒකට සමාව ගන්න ඕනෙ කියලා හිතෙනවා ....මට තාම ලොකු අමාරුවක් නෑනේ රමේෂ් ...අපි කොළඹ ගිහින් අම්මලා බලලා එමුද..? මම දැන් මේ ඉන්න තත්වය උඩ, දැන් කවුරුත් මට කරදර කරන එකක් නෑ...අපි දෙන්නා කරපු වැරදි ඒ අයට දැන් අමතක වෙලා ඇති...අනේ අපි කොළඹ ගිහින් එමු..."

මම රමේශ්ට පෙරෙත්ත කරන්නට විය.


"එහෙනම් ඔයා අම්මට ලියුමක් දාන්න අපෙන් වෙච්ච වැරදි වලට සමාව ඉල්ලලා...ඔයාට බබෙක් හම්බවෙන්න ඉන්න බවත් කියලා අරින්න ..."


"අනේ ගොඩක් තැන්ක්ස් රමේෂ් ...මම හිතුවෙ නෑ කවදාවත් ඔයා මට අපේ අම්මලා බලන්න යන්න දෙයි කියලා ....මං එහෙනම් අම්මාට ලියුමක් හෙටම දාන්නම් මට බබෙක් හම්බ වෙන්න ඉන්නෙ කියලත්..... මං කොහේද ඉන්නේ කියලත් ඒගොල්ලෝ දන්නේ නෑනේ...මම ඉන්න තැනත් දන්නලා අරින්නම්....."


“ඔයාගේ කැමැත්තක්. ලියුමක් දාන්න අපේ ලිපිනයත් දාලා....ඒගොල්ලෝ දැන් අපි දෙන්නට මොනව කරන්නද...ඒ නිසා කමක් නෑ.."


“අනේ ගොඩක් තෑන්ක්ස් රමේෂ්...

... මං හිතුවේ නෑ ඔයා කවදාවත් මට අපේ අම්මලා එක්ක කතා කරන්නවත් දෙයි කියලා...."


“අම්මලා අපට වරදක් කළේ නෑනේ නිත්‍යා ... අපි නේ ඒගොල්ලන්ට ලැජ්ජා වෙන දෙවල් කළේ...." රමේෂ් ජීවිතය ගැන තේරුම් ගෙන ඇත්තේ පුදුමාකාර ලෙසය. දමිළ තරුණයෙකු වුණත් ඔහු හොඳ ගති ගුණ ඇති ,මිනිසුන් තේරුම් ගත හැකි හොඳ පුද්ගලයෙකු වීම කොයිතරම් නම් අගනේද? ඔහු වැනි ස්වාමි පුරුෂයෙකු ලැබිම මාගේ ජීවිතයට ලැබුණේ මා කළ පෙර පිනක් නිසා වන්නට ඇත.


ඔහුගෙන් ලද අවසරයෙන් මා මාගේ මවට ලිපියක් ලියා තැපැල් කළේ ඉතා නොඉවසිල්ලෙනි.

මා ගැබ්ගෙන ඇති බවත්, මා හට ඇය දැකීමට ඇති කැමැත්තත් දන්වා මා අපේ ලිපිනයද ඇතුව ඇයට ලියුමක් ලියා විගසින් යැව්වෙමි.


ලියුම තැපැල් කල දිනේ සිට, මම හැම දිනකම උදේ තැපැල් පියුං එන වෙලාවට ගෙදර දොරකඩට වී සිටියේ මට අම්මාගෙන් ලියුමක් ඇවිත් ඇද්ද කියමින් නොවිසිල්ලෙනි ...


අම්මාට ලියුම ඇර සුමාන දෙකක් ගෙවි ගියද මට ඇගෙන් ලියුමක් නොලැබින. මගේ හිතේ ඒ ගැන තුබුනේ ලොකු දුකකි. අම්මා තවමත් මා සමග තරහෙන් ඇත්තේ මා කල නොහොබිනා වැඩය නිසා වන්නට ඇත. මම මගුල් දා පැන ගියාට පසු ඔවුන් මා වෙනුවෙන් බලු කපුටු දානයක් දුන්බවද සිහිවි මට මම ගැනම ලොකු දුකක් ඇති විය.


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා*


(ත්‍රස්තවාදී කළබල අන්තර්ජාල තොරතුරු ඇසුරෙන්)

3 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Commentaires


bottom of page