top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි 🌺🌺

💞මට හිමි ඔබයි💞

(49 වෙනි කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2766108943664459/

කොළඹ සිට කොච්චියෙන් පැය ගානක ගමනක් ආ අප දෙදෙනාට ,ඇදට වැටුන පරක්කුවෙන් නින්ද ගියේ තිබු ගමන් මහන්සිය, තෙහෙට්ටුව නිසයි.....


පසුදින පාන්දර කවදාවත් අසා නැති අමුතු කුරුල්ලන්ගෙ, නාදයෙන් ඇහෑරුනු මට, මම මේ ඉන්නේ මන්නාරමේ බව සිහිවන්න, ටික වේලාවක් ගත විය. එය සිහිවු විගසින් ඇදෙන් නැගිට, කාමරයේ ජනේලය ලගට ගොස් එළිය බැලෙවේ අලුත් වටපිටාව දැක ගැනීමේ ආසාවෙනි..... ඊයේ රාත්‍රීයේ ආ නිසා, අප නැවති සිටින තැන, වටපිටාව හරියට දැක ගැනිමට මට බැරිවිය....


කාමරයේ ජනේලය ඇර බැලු කල, හතර අතින්ම දැඩි හිරුරැස් බිමට වැටි ඇතිබව පෙනින. දැන් උදේ නමයට පමණ ආසන්න වී ඇතැයි මට සිතේ.....


ජනේලයෙන් එළියේ...පේනතෙක් මානෙක ගෙවල් දොරවල් දකින්න නොතිබුනු අතර, අඹ, තල් ගස් හා නොහඳුනන ගස් වර්ග තානායම් බිමේ දකින්න ඇත....තානායම් බිමේ ටිකක් ඈතින් තල් කොළවලින් තනන ලද වැටක් පෙනේ...ඒ අවට කිකිලියක් පැටවුන් සමග බිම හාරමින් ඉන්නා හැටි, මට සොදුරු දසුනක් විය... ඊට ඈතින් එලිච්චියක් පැටවුන් දෙදෙනෙක් සමග තානායම් වත්තේ තනකොළ උලාකමින් ඉදින හැටිද පෙනේ...කෙසේ නමුත් අවට ඇත්තේ වියළි කාළගුනයක් බව නම් පෙනුමෙන් වැටහේ..


රමේෂ් තවමත් නිදිය...ඒ ඊයේ දින උදේ ඉදන් ආ ගමනේ මහන්සිය නිසා වන්නට ඇත. නමුත් ඔහු ඉක්මනට නැගිට්ටුවාගෙන ,අපට නවාතැන් ගන්නට, ඉක්මනට කුළී ගෙයක් හොයාගෙන යායුතු බව මට සිහි විය.


"රමේෂ් ,රමේෂ්....දැන් නැගිටින්න..අපට අද ගොඩක් වැඩ කරගන්න තියෙනවා ....දැන් උදේ නමයත් පහුවෙලා වගේ..."


"ආ...එහෙමද..?ඊයේ මහන්සියට හොදටම නින්ද ගියා.... එහෙනම් ඔයා මූණ හෝදගෙන ලෑස්ති වෙන්න...අපි උදේට කෑම කාලා ඉක්මනට එළියට බැහැලා ගෙයක් හොයාගන්න වැඩේට යමු .."


මම මූණ කට සෝදා, සරෝජා ඇරන් දුන්, දෙමළ තාලේ ගවුමක් ඇද ගත්තේ සරෝජා කිව් පරිදීය.... කොන්ඩය තනි කරලට ගොතා, නළල මැද රතු තිලකයක්ද තියාගත්තේ මා දැන් හින්දු විවාහක කාන්තාවක් බව සිහිවය.


මුණ කට සෝදා කාමරයට ආ රමේෂ්, මා දැක සිනාවි මා වැළද ගත්තේ සතුටිනි. ඉන් පසු ඔහුගෙ අතේ ඇගිලි තුඩුවලින් මගේ නළල මුදුනේ, රතු කුඩු මොට්ටුවක් තිබ්බේ ආදරයෙනි ..


ඔහුගෙ ඇගිලි තුඩු හිස මුදුනේ ගෑවෙන කල, මට මුළු ලෝකයම අමතක වී දැනුනේ මා තරම් වාසනාවන්ත, ආදරනීය බිරිදක් තව මේ ලෝකේ ලොකු නැතැයි යන සතුටකි.


තානායමේ කෑම කාමරයට අප දෙදෙනා යන විට, එහි මේසය උඩ, කෑම වසන තල්කොළ වට්ටියකින් අපේ කෑම වසා තිබුනි. ඒ ලඟ සිටිය තානායමේ අයිතිකරුගෙ බිරිඳ අප සමග සුහදව සිනාසුනේ කහපාට ගැසුනු දත් පෙන්නාය.

අප දෙදෙනා කෑම මේසයේ වාඩි ගත් කල, කපු සාරියක් ඇද, පොට ඉනෙ ගසාගෙන, ලොකු රතු තිලකයක් නළලේ තියා සිටි ඇය... අපට කෑම බෙදන්න පටන් ගත්තාය.... තානායමේ අයිතිකරුවාද කෑම මේසය අද්දරට විත් රමේෂ් සමග කතා කරන්න පටන් ගෙන ඇත.


"අපි බෙදාගෙන කන්නම් අක්කා..."රමේෂ් දෙමළෙන් ඇයට කීය.


උදයේ අප හට කෑමට කිරිබත් සාදා තිබිණි. සිංහල කිරිබත තරම් රස නැති එය වැඩිපුර වතුර දමා බෙරිකර උයා ඇතැයි මට සිතේ... මා කවදාහරි උයාගෙන කන දවසකට, සිංහල විදියට උයාගෙන කත හැකියි යන බලාපොරොත්තුවෙන් මා ඔවුන්ගේ කෑම කෑවේ අකමැත්තක් නොපෙන්වාය.


“අන්නා,... අපට පොඩි ගෙයක් හොයාගන්න ඕනේ නවතින්න .... මට මෙහේ මන්නාරමේ දිස්ත්‍රික් කාර්‍යාලයේ රස්සාව හම්බ වෙලා ආවේ...."

රමේෂ් ගෙස්ට් හවුස් අයිතිකරුට කීය.


“ආ මම දන්න තැනක් දෙකක් තියෙනවා.... මං එන්නම් ගෙවල් පෙන්වන්න...කෑම කාලා අපි යමු ..."


"මගේ මේ නෝනට ආසලු මන්නාරමේ ලස්සන තැන් බලන්න යන්නත්...මොනවද අපට හෙට අනිද්දට මේ පැත්තෙ බලන්න යන්න පුලුවන් තැන්..."

රමේෂ් තානායම් අයිතිකරුගෙන් ඇසිය.


"මන්නාරමේ දිගටම තියෙන මුහුදු තීරය හරි ලස්සනයි මහත්තයා .. .... මන්නාරමේ තියෙන ඩොරික් බංගලාව, අල්ලිරාණි කොටුව, අරිප්පු කොටුවත් මහත්තයාලට බලන්න යන්න පුලුවන් .... ලෝකේ තියෙන ගස් වර්ග වලින්, විශේශම ගස් වර්ගයක් වන බයෝබැබ් ගස මන්නාරමේ, පල්ලිමුනේ මාර්ගයේ ඇතුළට වෙන්නට තියෙන්නේ......ඒකනම් මහත්තයා බලන්නම යන්න වටිනවා..... ඒ ගසේ උස මීටර් 7.5ක් විතර වෙනවා... බයෝබැබ් (මහ විශාල අලි ගසක්) ගසෙහි වට ප්‍රමාණය මීටර් 19.5ක පමණ වෙනවා...මන්නාරමට එන හැමෝම ඒ ගහ නම් බලන්නම යන තැනක් මහත්තයා ......අරාබි වෙළෙන්දන්, ශ්‍රී ලංකාවට බයෝබැබ් ගස් ගෙනාවා කියලා තමයි විශ්වාස කරන්නේ...මෙම බයෝබැබ්, අලි ගස්... 40ක් පමණ තමයි මුළු ලංකාවේම තියෙන්නේ ....එයින් 34 ක්ම මන්නාරමේ තමයි මහත්තයා තියෙන්නේ ..... මින් පල්ලිමුනේ තිබෙන අලිගස වර්ෂ 800ක් පමණ පැරණියි කියලා විශ්වාස කරනවා....ඔය ගහේ ගෙඩි එන කාලෙට ඒ පලාතෙ ඉන්න බූරුවො, එළුවන් ඒ ගෙඩි කන්නත් එනවා...."


"අපි මේ ගෙවල් හොයන වැඩේ ඉවර උනාම අනිවාර්යයෙන්ම ඒ ගස් බලන්න යමු රමේෂ් ..."


"ඔව්...මාත් තාම ඒ ගස් දැකලා නෑ...අපි නිදහසේ ඒ පැත්තෙ යමු..."


උදේ ආහාරයෙන් පසු තානායමේ

කළමනාකරු ඉතා උනන්දුවෙන් අප සමඟ පාරට බැස්සේ අපට ගෙයක් සොයා දෙන පොරොන්දුවෙනි...


තානායම් බිමෙන් එළියට ආකල අවට පරිසරයේ මට දකින්න ලැබුනේ කොළඹ පරිසරයට වඩා බොහො වෙනස් පරිසරයක්‍ ය. පේනතෙක් මානෙට තාරපාරවල් දකින්නවත් නැති අතර රතුපාට බොරළු පාරවල් වල එහෙට මෙහෙට බයිසිකල් වලින් යන ගැහැනු පිරිමි දරුවන් දකින්න ලැබේ...බයිසිකල් වල ඉස්සරහ පිටිපස්සෙ බඩු මලු, ගෝනි තබා පැදගෙන යන මිනිසුන්, දකින කල, මොවුන්ගෙ ප්‍රධාන වාහනය රෝද දෙකේ බයිසිකල් බව මට වැටහින. සුදු ඇදුම් ඇද බයිසිකල් වලින්, එක ගොන්නට වැටි පාසැල් යන දරුවන්නම් සොදුරු දසුනක්‍මය.....


තානායමේ සිට අප සමග ඇවිද ගිය තානායම් අයිතිකරුද, ඔහුගෙ බයිසිකලය තල්ලු කරගෙන අප සමග පැමිනේ...


අප ගිය පාර දෙපැත්තේම ඇති ගස් වැල් සියල්ල වියළි කාළගුනයට ඔරොත්තු දෙන ඒවා බව බැලු බැල්මට පෙනේ...බලන බලන අත, උස තල්ගස් ඇත.

ඉද හිට අප ගියපාරේ, පසුකර ගිය ගෙවල් හැම එකකම වගේ තල්කොළ වලින් ආවරණය කරගත් වැටවල්ද ඇත. ඒ වැටවල් අතරින් ,ඒ හැම ගේකම මිරිස් බටු එළවළු වවා ඇතිබව පෙනේ...


තානායම් කරු අපව ගෙවල් දෙක තුනක් බලන්න රැගෙන ගියත් මගේ හිතට ඒ ගෙවල් දෙක තුන හරිගියේ නැත... එක ළඟට වෙන්නට පිහිටා තිබූ එම ගෙවල්වල එළුවන්, කුකුළන් ඇතිකරන අතර, තල්වැටවලින් වටවුණු තල් කොළ ඇහිරූ වහලයන් ඇති එම ගෙවල් මගේ සිත් ගත්තේ නැත.


පාර දිගේ අප තව ඇවිද යන කල, අපට දක්නට ලැබුණේ අවට ගෙවල් ඉඩම් වල ඉතා සශ්‍රීකව වගා කටයුතු කර තිබූ අයුරුය... හැම ගෙදරකම වගේ වත්තේ, මිරිස්, වම්බටු, බණ්ඩක්කා වැනි එළවළු වගා කර තිබූ අතර, ඔවුන්ගේ ගෙවල්වල වැටවලට සිටුවා තිබුණේ මුරුංගා ගස්ය. සමහර ගස්වලින් දිගට එල්ලෙන මුරුංගා කරල් බලන්න ලස්සනය. හැම ගෙදරකම වගේ තල්කොළ වලින් සෑදු වැටවල් දක්නට ලැබේ.....

නළලේ මොට්ටු තියා, සාරි ඇදගෙන යන ගැහැනු අතර,දිග සායවල් ඇද කොන්ඩ කරලට හෝ දෙකට ගොතා බයිසිකල් පැද ගෙන යන ගැහැනු ළමයින්ද මට අමුතු දසුනක් විය. මම ඔවුන් දිහා ඉතා ඕනෑකමින් බැලුවේ,..මමත් ඔවුන් ලෙස ඇදුම් සකස් කරගෙන මින්පසු එළියට බැසයුතු යැයි සිතමින්‍ය.


"නිත්‍යා...අපි දැන් ගෙවල් දෙක තුනක්ම බැලුවා...ඔයා ඒ එකකටවත් කැමති නෑනේ...මෙහේ කොළඹ විදිහට තියෙන ගෙවල් හොයාගන්න අමාරුයි...අපට වැඩි දවසක් තානායමේ ඉන්නත් බෑ...අතේ තියෙන සල්ලි ඉවරකරගෙන බෑ....එ නිසා අපි අද මොකක් හරි ගෙයක් හොයාගෙන ඇඩ්වාන්ස් එකක් දීලා ගෙයක් ලෑස්ති කරගන්න ඕනේ...පස්සෙ අපි අපේ හිතට ගැලපෙන ගෙයක් හොයා ගමු...."


"මම දන්නවා රමේෂ් ...අපි ඉස්සෙල්ලම ඉන්න යන ගේ නිසා ,ටිකක් නිදහස් තැනක තියෙනවානම් තමයි මම කැමති ..."


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

2 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page