top of page
  • Writer's picturePrisila Godahewa

🌺මට හිමි ඔබයි 🌺🌺

💞මට හිමි ඔබයි💞

(47 කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2764343400507680/

" බලන්නකෝ අපි අපේ හනිමූන් එක ගෙවන්න, හැමෝටම බයේ කොළඹින් පිටවෙලා යන්න හදන හැට්.. නේද රමේෂ් ..?


"හනිමූන් එකයි, මගේ අලුත් රැකියාව බාර ගන්නයි, අපේ අලුත් ගෙදරක පදිංචියටත් එක්ක...කොහොම උනත් අපි සතුටින් මේ ගමන යනවනේ..."


“අපට එහේ ගිය ගමන්, අපට නවතින්න ගෙයක් හොයාගෙන ඒකට බඩු එහෙම ගන්නත් වෙයි නේද...?


“ඔව් රුවිනි ..., අපි දෙන්නට ගොඩක් වැඩ තියෙනවා මන්නාරම් ගිහාම....

අපි දවස් තුනකටනේ මන්නාරම් ගෙස්ට් හවුස් එක බුක් කළේ.... ඒ දවස් තුන ඇතුළත නවතින්න තැනක් හොයා ගන්න ඕනෙ....මන්නාරමේ ටවුම කිට්ටුව අපේ දන්න කියන නෑදෑයොත් නෑ...ඊටත් හිටියත්.. අපි දෙදෙනා ටික කාලයක් අපේ නෑදැයින් යාලුවන්ගෙන් ඈත් වෙලා ඉන්න ඕනේ...විශේශයෙන් ඔයා සිංහල කෙනෙක් බව ඒ අයටවත් නොදැනෙන්න අපි ජීවත් වෙන්න ඕනේ රුවිනි ..."


"ඇයි ඒ රමේෂ් ..."


"දැන් සිංහල මිනිස්සුන්ට ,එහේ ඉන්න දෙමළ අය එච්චර කැමති නෑ...අපි එහේ ගිහාම ඔයාගෙ නමත් ටිකක් වෙනස් කරලා, ඇදුමත් ටිකක් දෙමළ අය අදින විදිහට වෙනස් කරගන්න වෙනවා රුවිනි....ඒකට ඔයාගෙ අකමැත්තක් නෑ නේද රුවිනි ..."


"නෑ...මම හැම දෙයක්ම අමතක කරලා ඔයා එක්ක ආවේ ඔයා කැමති විදිහට ජීවත් වෙන්න නේ...."


"අපි මන්නාරම් ගිහාම ඔයාට නිත්‍යා කියලා නම වෙනස් කරමු...ඔයා ටික කාලයක් දෙමළ ගෑනු ළමයි අදින විදිහේ ඇදුම් එහෙම ගෙදරට ඇදලා, ගෙයින් එළියට යනකොට සාරි අදින්න පුරුදු වෙන්න වෙයි..."


"මට කොහොමත් සාරිය ඇදලා පුරුදුයිනේ..."


"මම මේ මන්නාරමේ යන පළවෙනි වතාව...මම මේ ගමන ආසාවෙන් ඔයා එක්ක ගියත්...පොඩි බයක් තවම හිතේ තියෙනවා රමේෂ්....ඒ පසුගිය කාලේ සිංහල දෙමළ කෝළහාල ගැන අපි දැනගෙන හිටිය නිසා...ඇත්තටම රමේෂ් ... මට මන්නාරමේ, යාපනේ ඉතිහාසය ගැන ටිකක් විස්තර කියන්නකෝ....

සිංහල දෙමළ කෝළහාල ඇතිවුන හැටි එහෙම, හරියටම මම ඒවා දැනගෙන එහෙ ගිහාම හොදයිනේ.....ඊටත් යාපනය ගැන මම නොදන්න විස්තර එහෙම මම දැනගන්නත් ආසයි...

මට ඒ පළාතට යන්න ඉස්සර ඔයා දන්න ඒවා ගැන ටිකක් කියලා දෙන්නකෝ... "


"යාපනයේ ඉතිහාසය ගැන මම දන්න විස්තර අනුව කිව්වොත් රුවිනි ....නෑ... නෑ... දැන්ම ඉදන් මම ඔයාට නිත්‍යා කියනවා..... හොදද ?...

ඔයා අහල තියෙනවද, නිත්‍යා.... විජය කුමාරයා ඉන්දියාවේ ඉදන් ලංකාවට ආපු කාලයේදීත් ,යාපනයේ දියුණු ශිෂ්ටාචාරයක්‌ තිබුනු බව.....ඒවට සාක්‌ෂි තිබෙනවා.... දකුණේ වැවයි, දාගැබයි, කුඹුරු යායයි වගේ... යාපනයේ ශිෂ්ටාචාරය කියන්නේ..

.. කෝවිලයි,ගොවිබිමයි වන ලැහැබයි, කලපුවයි එකතු වුණු එකක්‌..... "


"ශා...ඔය ඔයා ලස්සනට ඉතිහාසය ගැන කියන්නේ...ඉතිං ඉතිං ...."


"ඒ කාලවල ඉදන් යාපනයේ ශිෂ්ටාචාරය තුළත් විවිධ කුලවලට අයත් ජන කොටස්‌ ජීවත් වෙලා තියෙනවා .....

යාපනය අර්ධද්වීපය, පෘතුගීසි සමයේ පවා..... සිංහල බහුතරයක් සිටි ප්‍රදේශයක්...... එය දෙමළ බහුතරයක් සිටින ප්‍රදේශයක් බවට පත්වෙලා තියෙන්නේ ... ලන්දේසි පාලන සමයේදී. ....ඔවුන් විසින් දුම්කොළ වගාවට ගෙන එනු ලැබූ දකුණු ඉන්දීය වැසියන් නිසා බව ඔයා දන්නවද.......?


"නෑනේ...මම ඒ ගැන දන්නෑනේ .."


"යාපනයේ ඉහළම කුලය බිහිවන්නේ මේ දුම්කොළ වගාවට, ලන්දේසින් ගෙන ආ පුද්ගලයන්ගෙන්..... ඔවුන් වෙල්ලාලයන් කියලා හදුන්වනවා.... ඔවුන් විසින්ම ඔවුන්, ඉහළ කුළයක බව අඟවමින්....

එ‍තෙක් යාපනයේ සිටි සිංහලයන්, පහත් කුලයක් බව පතුරා.... ඔවුන් විසින් සිංහලයන් , උතුරෙන් දකුණට යන විදිහට වැඩ සලස්වලා තියෙනවා ........

යාපනයේ එකල පැවතුණේ දුෂ්කර පරිසරයක්‌ තමයි ....ඒ උනාට යාපන ජනතාව පරිසරයට ගැලපෙන ලෙස, තම ජීවන පැවැත්ම ගොඩනගාගත් හැටි හරි අපූරුයි නිත්‍යා ...... යාපනයේ හැම ගමකම තිබෙනවා කෝවිල්.....ඒ නිසා උතුරු කරයේ මිනිසුන්ගෙ ජිවිත කෝවිලත් එක්කම සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ ....

වියළි කලාපයට ගැලපෙන ආකාරයට යාපනයේ ජනතාව තම ජීවන ක්‍රමය සකස්‌ කර ගෙන තිබෙන හැටිත් හරි අපූරුයි.....ඒ වගේම, ඉතාමත් ක්‍රමවත්ව සිදුකරන යාපනයේ සත්ව පාලනය, යාපනයේ භෞතික පරිසරයට අනුව යොදා ගෙන ඇති සූක්‌ෂ්ම කෘෂිකාර්මික ක්‍රමවේදයක්‌ තුළින් හුණුගල් සහිත ඒ බිම් වල මිදි, මිරිස්, රතු ලූණු, නොයෙක්‌ අල වර්ග, නොයෙක්‌ එළවළු වර්ග ඉතාමත් සාරවත්ව වගාකළ හැකි ආකාරයට ඔවුන් නිර්මාණය කරගෙන තියෙනවා ..."


"අම්මෝ..යාපනය ගැන නොදන්න තොරතුරු ගොඩක් දැනගත්තා...දැන් නම් මට බඩගිනියි රමේශ්...අපි සරෝජා දුන්න කෑම මොනව හරි කමුද...?


"ඔව් ඒක නම් හොදයි ...දැන් අපි කොළඹ ඉදන් පැය තුනක් විතර ආවනේ...මටත් බඩගිනියි ..."


" කෑම පාර්සලය අර බෑග් එකේ... කෝ දෙන්න පාර්සලය..."

මම වඩේ පාර්සලය දිගහැර උකුල උඩින් තියාගෙන රමේෂ්ට කන්න සම්බෝල පාර්සලයද දිග හැරියෙමි.


“හරි රසයි.... සරෝජාට රසට උයන්න පුළුවන්..."

රමේෂ් සරෝජා එවා තිබු උළුදු වඩේ රස කරමින් කයි...සරෝජාගෙ ගෙදර හිටි දවසට මුරුක්කු වඩේ, තෝසේ කාලම මට නම් එවැනි කෑම දැන් ඇතිවි ඇත.


“ සරොජලා වගේ ඔයගොල්ලන්ගෙ ගෙදර අයත් එළවළු වර්ග විතරද කන්නෙ රමේෂ් ...?


මාසයක් පමණ සරෝජලාගේ ගෙදරදී මට කන්න ලැබුණේ එළවළු ආහාර පමණි. මා රමේෂ්ගෙන් එසේ ඇසුවේ එබැවිනි.


“ අපේ ගෙදර අයත් ඒ විදිහට එළවළු වර්ග විතරයි කන්නේ .... මම නම් මාළු ,කුකුල් මස් කනවා.... මං කොළඹනේ හැදුණේ. ඒ නිසා මට ඒ කෑම පුරුදුයි.... නැත්නම් බෝඩිමේ ඉන්නකොට කන්න දෙයක් නැති නිසා අපේ අම්මලා කිව්වා කමක් නෑ මාළුයි, කුකුල් මසුයි කෑවට කියලා...."


“ අම්මෝ ඇති යාන්තම් ....ඒක හොඳයි.... මට නම් එළවළු කෑම දිගටම කන්න ආස නෑ....


“ඒ කියන්නේ ඔයා සරෝජලාගේ ගෙදරදී අකැමැත්තෙන්ද කෑම කෑවේ?


“ බොරු කියන්න ඔනෙ නෑනේ...එච්චර ලොකු කැමැත්තකින් නෙමේ තමයි මම කෑවේ....ඒ උනාට මට එහෙම කන්න ලැබුණු එකත් කොච්චර ලොකු දෙයක්ද...?


"අපි දෙන්නට ගෙයක් හොයාගෙන පදිංචි උනාට පස්සේ අපට ඕන විදිහට උයාගෙන කන්න පුලුවන් ..."


"අපි දෙන්නට දැන් මන්නාරමට ගිහාම පුලුවන් ඉක්මනට නවතින්න ගෙයක් හොයාගන්න වෙනවා...හෙටම අපි ගෙයක් හොයාගන්න එළියට බහිමු...."


"මගේ බැංකු පොතයි, අයිඩෙන්ටි කාඩ් එකයි තව මගේ ඇඳුම් වගයකුයි අපේ අක්කා, ෂර්මිලා අතේ එවලා තිබුණානේ. ඒ හින්දා අපට මගේ පොතේ තියෙන සල්ලිත් ඇරගෙන කුළියට ගෙයක් ගන්න, බඩුමුට්ටු ගන්න ප්‍රයෝජනයට ගන්න පුළුවන්....මම ලඟ ශර්මිලා දුන්නු සල්ලි වගයකුත් තියෙනවා .."


“නෑ.. නෑ..නිත්‍යා දැනට මං ළඟ සල්ලි තියෙනවා.... මඟුල් ගෙදර ආව අපේ නැදෑයෝ දුන්න සල්ලිත් ටිකක් තියෙනවානේ... අපි ඒවා අරපිරිමහගෙන ජීවත් වෙමු...."


“ඒ ගැන නම් ඔයා බයවෙන්න එපා රමේෂ්. මට අරපිරිමැස්ම හොඳට පුරුදුයි. ඒක අපේ අම්මාගෙන් මං ඉගෙන ගත්තේ...."


අප දෙදෙනාගේම හිත්වල අනාගත බලාපොරොත්තු මහ ගොඩක් පිරී ඇත. අපේ අනාගතය කොයි වගේ වෙවිද?.. ඒවාට අප මුහුණ දෙන්නේ කොහොමද? ඒවා ජයගත හැකිද..? නොයෙකුත් ප්‍රශ්නවලින් අපේ හිත් පිරී ඇත... නමුත් දෙදෙනාගේම හිතේ ඇත්තේ සතුටකි.... විශාල කරදර ප්‍රශ්න මහ ගොඩකට පහුගිය කාලේ මුහුණ දීගෙන, අප දෙදෙනා අපේ ආදරය දිනා ගත් එක ගැන නම් දෙදෙනාම ඉන්නේ සතුටින් තෘප්තිමත්වය.


"මට නිදිමතයි රමේෂ් ...තව අපට පැය හතරක් විතර යන්න තියෙන නිසා මම ටිකක් නිදාගන්නද..?


"ඔව් රුවිනි ඔයා නිදාගන්න මගෙ උකුල උඩින් ඔළුව තියාගෙන ...මම ඇහැරගෙන ඉන්න ඕනේ අපේ බෑග් එකේ සල්ලි එහෙම තියෙන නිසා..."


"මන්නාරමට ලං වෙනකොට මට අඬගහන්න...මට ආසයි ඒ වටපිට බලාගෙන යන්න..."


"ඔව් ඔයා දැන් ටිකක් නිදාගන්න .."


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

7 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page