top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි 🌺🌺

💞මට හිමි ඔබයි💞

(43 වෙනි කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2757615877847099/

පසු දිනයේ උදේ රමේෂ් නැගිටින විට හොඳටම දවල් වී තිබුනි. ඒ වන විට සෙල්වම් වැඩට ගොස් සිටි අතර, මා රමේෂ් අවදි වනතෙක්, සරෝජා සමග උදේට, දවල්ට කන්න කෑම හදන්න උදව් කර, ඇගපත සෝදා අලුත් ඇදුමක් ඇද එහෙට මෙහෙට වෙමින් සිටියේ රමේෂ් නැගිටනකම්‍ බලාගෙනය.

"හොදටම දවල් වෙලා නේද රුවිනි ..." සාලේ නිදා සිටි රමේෂ් මාව දැක ඇසීය.


“ඔයාට හොඳටම නින්ද ගිහින් තිබුන නිසා මං කතා කළේ නෑ.....


“අනේ අපරාදේ, කතා කළා නම් මං නැගිටිනවනේ... මං ඉක්මනට මූණ හෝදගෙන එන්නම්...."


එසේ කියූ ඔහු ටික වේලාවකින් මූණකට සෝදාගෙන එළියට ආවේ බොහෝ සැහැල්ලුවෙන් ප්‍රබෝධමත්වය.


“ආ... රමේෂ් නැගිටලා තියෙන්නේ......එහෙනම් එන්න උදේට කන්න.

සරෝජා අපි දෙන්නාට කතා කළාය.


“මං ඉට්ලි හැදුවා. එන්න ....රමේෂ් ඔයා නැගිටිනකම් රුවිනි කෑම කන්න ආවෙත් නෑ...


“සරෝජා අපි නිසා මහන්සි වෙනවා නේද...?


“මොන මහන්සියක්ද රමේෂ් ....? මේ වගේ වෙලාවට කරන්නේ නැති උදවු ඉතින් මොකටද...?


“මට ඇඳුම් ටිකක් ගන්න ඕනේ රමේෂ් ......අපි හෙට බැදලා යාපනේ යනවනම්, අලුත් ඇදුම් ටිකක් ගෙනියන්න ගන්න ඕනනේ.. ..."


“අලුත් මණමාලිට අලුත් ඇදුම් ටිකක් තිබුනොත් හොදයි තමයි ....මම ටවුමට ගිහින් රුවිනිට අලුත් ඇදුම් ටිකක් අද ගෙනත් දෙන්නද..?.සරෝජා ඇසීය.


“නෑ, නෑ සරෝජා.... මං රුවිනිත් එක්ක මහරගම ටවුමට ගිහින් අලුත් ඇදුම් ටිකක් ගන්නම්....".


“අපෝ රමේෂ්... ඔය දෙන්නා පාරේ යනකොට රුවිනිගෙ ගෙදර කවුරුහරි දැක්කොත්...."


“නෑ, නෑ... රුවිනිට ඔයාගෙ සාරියක් අන්දලා, මුස්ලිම් ගෑනු කෙනෙක් වගේ ඔළුව වහගෙන එක්ක යන්නම්..... එතකොට කාටවත් අඳුන ගන්න බැරි වෙයි......"


"කෝකටත් මාත් ඔයගොල්ලෝ එක්ක යන්න එන්නම්...අපි තුන්දෙනා අද හවස කලුවර වැටෙන වෙලාවට ටවුමට යමු....

එතකොට කාටවත් වැඩිය පේන්නෙ නෑ...."


“අපි දෙන්නටම දැන් නළුවො වගේ රඟපාන්න වෙලා තියෙන්නෙ.....මට වැල්ලවත්තේ නැන්දලාගෙ ගෙදර ගිහින් එන්නත් ඕනේ සරෝජා ..., අපේ අම්මලා ,එහෙනේ... අපේ නංගිලත් අද එහේ එනවා කිව්වා...හෙට කෝවිලේ අපි බදින නිසා...මොනවද හෙට කරගන්න තියෙන වැඩ කියලා පොඩ්ඩක් ගිහින් හොයලා බලන්න ඕනේ...."


"ඔයා තනියම වැල්ලවත්තේ යන්න එපා රමේෂ්, මට බයයි...තව එක දවසනේ තියෙන්නේ ...අද රෑට ඔයා සෙල්වම් එක්ක වැල්ලවත්තේ යන්න.." සරෝජා කිවාය.


රමේෂ් වැල්ලවත්තේ තනියම යන්න හදනකොට මට බය සිතුනි.... පාරේදි අපේ ගෙදර කවුරුහරි රමේශ්ව ආයෙත් දැකලා එයාට මොනවාහරි කරදරයක් කළොත් යන්න... මට තවමත් ඔහු ගැන බයක් ඇත.


" ඇත්ත...මටත් බයයි රමේෂ් ඔයා තනියම වැල්ලවත්තේ යන එකට නම්..."


“ඒක නම් ඇත්ත.. රමේෂ්, සෙල්වමුත් අද උදේ කිව්වා ඔයාට කොහේවත් යන්න දෙන්න එපා කියලා...."


“ඒක තමයි.... එක්කෝ මං දැන් මෙහේම ඉඳලා අද රෑටම සෙල්වම් එක්ක වැල්ලවත්තේ යන්නම්

රමේෂ් ද එකඟ විය. ඔහුටද දැන් තනියම පාරේ බැහැලා යන්න බයක් දැනි ඇති බව පෙනේ...ඒ ගැන නම්

මට ඇත්තේ දුකකි.


මම උදේට කෑම කා අහවර වූ පසු සියලු පිඟන් කෝප්ප අස්පස්කර, සෝදා පිරිසුදු කරන්න සරේජාට උදවු කළෙමි. රමේෂ් සාලයට වී පත්තරයක් කියවමින් සිටියේය.


“ඔයාට පාළුද සෙල්වම් නැතුව...?

මම සරෝජාගේ වැඩවලට උදවු කර ඇවිත් රමේෂ් ළඟින් වාඩි වුණෙමි. රමේෂ් මගේ කර වටා අත දමාගෙන මා තුරුලු කර ගත්තේ උණුසුම් හාදුවක්ද දෙමින්ය.


"සෙල්වම් මොකටද ඔයා ඉන්න කොට..."


“අපි දෙන්නව දැන් සරෝජා දකිනවා...."


“ඔයා ළඟ ඉන්නකොට කොහොමද මං අහක බලාගෙන ඉන්නේ...?


පරන සුපුරුදු සැහැලු ලෙන්ගතු හිනාවෙන් රමේෂ් මා දෙස බලන විට මගේ හිත සතුටෙන් පිරේ.....


“ඒක නෙමේ රමේෂ් දැන් මං මෙහේ මාසයක් විතර හිටියනේ... අපි සරෝජලාට සල්ලි හරි එහෙම නැත්නම් මොනව හරි හොද තෑග්ගක් ඇරන් දෙමුද ? අපි දෙන්නට කරපු උදව් වලට....අපි දෙන්නව. මතක් වෙන්න කියලා ......"


“ඔව්... මං ඒ ගැන හිතලා තියෙන්නේ. ඒත් ඒගොල්ලෝ අපෙන් සල්ලි ගන්න එකක් නෑ ... අපි අද හවසට එළියට ගිහින් ඔයාට ඇදුම් ඇරගෙන එනකොට මොනව හරි ගේමු...ඒ ගමන් ගෙදරට කෑම බඩු ටිකකුත් ගෙනත් දාමු..... ඒක හොඳයිනේ..."


“ඔව් ඒක නම් හොඳයි රමේශ්.... ඒක නෙමේ රමේෂ් මාත් කාලයක් තිස්සේ එකතු කරපු, සල්ලි තියෙන, මගේ බැංකු පොත එදා ශර්මිලා ගෙනත් දුන්නනේ...අද අපි ඒකෙන් සල්ලි ටිකක් ගමු වියදමට.... "


“ ඔයා ඒ සල්ලි තියාගන්න...ඒවා අපි පස්සේ ඕන උනොත් ගමු.... මං ගාව දැනට සල්ලි ටිකක් තියෙනවා... .අපි අද සරෝජා එක්ක ගිහින් ඇඳුම් ටිකක් ඇරගෙන, මේ ගෙදරටත් කෑම බඩු ටිකක් ඇරගෙන එමු....."


"මට නම් ගෙයින් එළියට බහින්නත් බයයි වගේ රමේෂ් ..අපේ නෑදෑයෝ කවුරුත් දැක්කොත්,

අනේ....අපි දෙන්නට වුන දෙයක් ...මේ ප්‍රශ්න එයි කියලා දන්නවනම් මම ඔයා එක්ක යාළු වෙන්නෙත් නෑ... මට ඔයා ටැමිල් බව කිව්වේ මම ඔයාට ආදරේ කරන්න පටන් ගත්තට පස්සෙනෙ...ඒකනේ මේ ඔක්කොම ." මම බොරු තරහක් මවාගෙන කිය.


“ආදරේ කරන්න පටන් ගත්තාම එහෙම තමයි....

ඔයා දැක්කට පස්සෙ මට පිස්සු හැදුනනේ...ඉතිං මම ඔයාගෙ හිත මට ඇදිලා යනකම් ඉදලා තමයි ඒක කිව්වේ ...." රමේෂ් මගේ කොන්ඩේ අදිමින් හිනා වෙමින් කීයයි..


“ඒ කියන්නේ ඔයාට මං හින්දා පිස්සු හැදිලද හිටියේ..?

මම හිනාවෙමින් ඇසුවෙමි.


“ඒ පිස්සුව කොච්චර දුර දිග ගියාද කිව්වොත් මාව හමුදාවෙනුත් ඇරන් ගිහින්නේ නැවතුනේ......"


“ මම වැඩට ආපු නැති දවස්වල ඔයා වවුනියාවේ ගිහින් මොනවද කරේ......?වවුනියාවේ ඔයාගෙ යාළුවෙක්ගෙ ගෙදරද හිටියේ... ?


"නෑ එතකොට මම අපේ අම්මලා එක්ක අපේ ගෙදර හිටියේ...මම ඔයාගෙ වෙඩින් එක බලන්න කොළඹ ආපු වෙලේනේ, හමුදාවෙන් මාව ඇරන් ගියේ....ඒ ඇරන් ගිහින් නිදහස් උනාට පස්සෙ තමයි යාලුවාගෙ ගෙදර ගියේ..."


"අපි දැන් හෙට කෝවිලේ බදිනවනම් මම මොනවද හෙට අදින්නේ.... "


"අපේ නංගි ඒවා ලෑස්ති කරගෙන හෙට උදේ මෙහේ එයි...ඔයාට ඒ ගොල්ලෝ ඇදුම් ගෙනත් අන්දවයි...ඔයාට ඒගොල්ලෝ කියන විදිහට, ඒගොල්ලන්ට ඕන විදිහට තමයි හෙට දවසේ ඉන්න වෙන්නේ...අපි දෙන්නා වෙනම ජිවත් වෙන්න පටන් ගන්නකම් අපේ අම්මලා කැමති විදිහට ඔයා ඉන්න...මං අපේ අම්මලාට කිව්වේ ඔයා සරෝජලාගේ ගෙදර ඇවිත් ඉන්නේ ඔයගොල්ලන්ගේ අම්මලා මාව කසාද බඳිනවාට අකැමැති නිසා කියලයි.... ඒ අය දන්නේ නෑ ඔයා බැඳලා වෙන්වුණු කෙනෙක් කියලා.... ඒක අපි කාටවත් නොකිය ඉමු...".

රමේෂ් කිව්වේ මගේ හිතේ තිබුණු දෙයමය...


"රුවිනි...එදා ඔයාගෙ වෙඩින් එක ලොකුවට, ලස්සනට අම්මලා ගත්තට පස්සෙ...ඔයාට දුක හිතුනෙ නැද්ද ..ඒගොල්ලන්ගෙ සතුට නැති කරලා, හැම දෙයක්ම අමතක කරලා දාලා මාව හොයාගෙන එන්න....?


"ඒ වෙනකොට මගේ හිතට දැනෙන්න, මට ආදරේ කරන්න මට හිටියේ ඔයා විතරයි රමේෂ්....

...ඔයා දන්නවානේ අපේ තාත්තා අපි පොඩිකාලේ නැති වුනා කියලා....ඊට පස්සේ අපේ අම්මා බාප්පා බැදලා අපිව කොළඹ එක්ක ආවට පස්සේ....අම්මට අක්කයි මමයි ගැන වැඩිය බලන්න උවමනාවක් තිබුනේ නෑ.....ඊට පස්සේ මල්ලි හම්බුනාට පස්සේ අම්මට අපි ආගන්තුකයින් වගේ උනා....අම්මා මල්ලි ගැන බලන විදිහට අක්කයි මායි ගැන බැලුවේ නෑ....මගේ හිතට ඒක හරියට දැනුනා....අක්කා බැන්දට පස්සේ මම එයාගෙ ගෙදර ගිහින් හිටියේ, අම්මලාගෙන් ගොඩක් ඈත් වෙලා....අක්කා මට ආදරෙන් හිටිය බව මම දන්නවා, ඒ උනාට ඒ කාලේ අක්කත්, අය්යයි පුතායි එක්ක ගොඩක් වෙලාවට හිටිය නිසා, අක්කගෙ ආදරේ මට දැනුනේ නෑ....මට හරි පාලුවක් තනිකමක් තිබුනා....මගේ ජීවිතේට මට හරියට දැනෙන්න ආදරේ කලේ ඔයා විතරයි.... ඉතිං මට ඔයාව නැතිකරගන්න හිතුනේ නෑ....ඔයාගෙ ආදරේ තරම් මට වෙන කිසි දෙයක් වටින්නෙ නැති නිසයි මම ඔයාව හොයාගෙන ආවේ....අම්මලා මම වෙනුවෙන් සල්ලි වියදම් කරලා කරපු කිසි දෙයක වටිනාකමක් මට එදා දැනුනේ නෑ... ඒ හැම දේටම වඩා මට ඔයාගෙ ආදරේ වටිනවා නිසයි මම ඒ වගේ මුරන්ඩු, නොසංඩාල වැඩක් කරලා පැනලා ආවේ...."


“ හරි රුවිනි අපි ඒවා දැන් අමතක කරලා දාමු.... අපි දෙන්නට දෙන්නා දැන් ඉන්නවානේ......මට එන මාසයේ යාපනේ රස්සාවට පත්වීම් හම්බ වුණ එක හොදට ගියා....අපට එහේ ගියාට පස්සේ අපට ඕන විදිහට ජිවත් වෙන්න පුලුවන් ....රමේෂ් කිව්වේ සතුටිනි.


“ඇත්තට මට හරි සතුටුයි ඒ ආරංචියට නම්.... එතකොට අපට මේ කොළඹින් ඈත්වෙලා, නෑදෑයො‍, යාළුවො හැමෝගෙන්ම ඈත්වෙලා අලුතින් අලුත් ජීවිතය, අලුත්ම පළාතකින්ම පටන්ගන්න පුළුවන්....."

මං කිව්වේ ගොඩක් සතුටිනි.


“ මටත් එහෙමයි... මට කොළඹින් ඈත් වෙලා ඈතකට යන්න ලැබුණු එක තරම් වෙන සතුටක් නෑ... ..."


“මටත් එහෙමයි...."


.“හෙට අපි එක්ක කෝවිල් යන්න එන්නේ.... අපේ අම්මාගෙයි, තාත්තගෙයි ළඟම නෑදෑයින් හතර දෙනෙක් විතරයි .... මගේ යාළුවන්ට කියලා කියන්නේ සෙල්වම්ටයි සරෝජටයි විතර...."


“ඒක හොඳයි, අවශ්‍ය චාරිත්‍ර කළාම ඇතිනේ...

මම ශර්මිලාටයි, නිහාල් ටයි එන්ඩ කියන්නද හෙට කෝවිලට..."


"ඔයා කිව්වෙ නැති උනාට අද සෙල්වම් ශර්මිලාට කෝල් කරලා එන්න කියනවා කිව්වා..."


"අනේ ඒකනම් හරි හොදයි...මගේ කියලත් කවුරු හරි ඉන්න එපෑ මම බදින දවසට..."


“එතකොට ඔයා හෙට හින්දු මනමාලියක් වගේ අඳින්න ඕනේ....අපේ නංගි ඔයාගෙ ඇදුම් ඇරගෙන හෙට දවල්ට මෙහේ එනවා කිව්වා....හවස පහට විතර තමයි කෝවිලට යන්න තියෙන්නේ ...එහේ යන්න වාහනයක් මම සෙල්වම්ට හොයා ගන්න කිව්වා...අපේ නැන්දලාගෙ වාහනෙන් අපේ අම්මලා කෝවිලට එයි...එච්චරයි අපේ වෙඩින් එකට කට්ටිය එන්නේ...කමක් නැද්ද රුවිනි ...?


“මං දන්නවා... මට ආසයි...ඔයාගොල්ලන්ගෙ ක්‍රමයට ඒ විදියට ඇඳලා ඔයාගෙ මනමාලි වෙන්න....කට්ටිය ගොඩක් ඕනෙ නෑ....චාමෙට අවශ්‍ය දේ උනොත් ඇති..."


"ඔයා දන්නවද රමේෂ් ...මට දැන් දෙමළ අකුරු ටිකක් ලියන්න පුලුවන්...දෙමළ වචන ටිකක් කතා කරන්නත් පුලුවන්....දෙමළ කතා කරන ඒවා ටිකක් තේරුම් ගන්නත් පුලුවන්...."


"එහෙනම් කොච්චර දෙයක්ද...? ඔයාට ඉක්මනට අපේ අය විදිහට හැඩ ගැහෙන්න පුලුවන් වෙයි..."


සරෝජාගෙ ගෙදර ගෙවුනු මාස යක කාලය තුල මම බොහෝ දේ ඉගෙන ගෙන තිබුනි...... ඒ කාලය තුළ මම සරෝජාගෙන් දෙමළ ක්‍රමයට කෑම උයන්න, පිහන්න ඉගෙන ගත්තෙමි. දෙමළ අකුරු ලියන්න, කතා කරන්නද ටික ටික ඉගෙන ගත්තෙමි. ගේ ඇතුලට වී ගෙවුනු කාලය, මම නිකන් නොඉද ,බොහෝ දේ ඉගෙන ගත් ඒවා කවදාහරි මට ප්‍රයෝජනවත් වෙයැයි සිතේ... .


සරෝජාගෙ බලකිරීමට රමේෂ් එදින දවල් වැල්ලවත්තේ තනියම නොගිහින් ගෙදර නතර විය. දවල් දවසේ මම පසුදිනට කසාද බැද යාපනේ යන්න අවශ්‍ය දේවල් ලෑස්ති කර ගත්තෙමි . මට කියලා ලෑස්ති කරගන්නට තිබුනේ ශර්මිලා ගෙනත් දී තිබුන මගේ ඇදුම් ටික පමනී....දවල් දවසේ සරෝජා අප දෙදෙනාට නිදහසේ ඉන්න ඇර කෑම උයා කන්නට දුන්නාය.


දවල් දවසේ ගෙයින් එළියට බහින්නේ නැතිව ඉද සවස කරුවල වැටිගෙන එන මොහොතේ , සරෝජා කතාකරගෙන ඇවිත් තිබුන කූළී රථයෙන් අප දෙදෙනා සරෝජා සමග මහරගම හංදියට ගියේ මටත් රමේශ්ටත් යාපනේ ගෙනයන්න අලුත් ඇදුම් ටිකක් ගන්නයි....

මාත්, සරෝජාත් සාරි ඇඳගෙන.... ඔළුවේ සිට වහගෙන, රමේෂ් සමග ටවුමට යන්නට ගෙයින් එළියට බැස කූළි රියට නැග ගත්තෙමු .


මම හරියටම මාසෙකට පසුයි මේ ගෙදරින් එළියට බැස්සේ...හවස් වරුවේ ඉර බැස යන මොහොතේ ගෙයින් එළියේ සුළං පොදක් වැදෙන්න ලැබීමත් මට සතුටක් විය.

රමේශ්ද කළු අව් කන්නාඩියක් පැලද කැප් එකක් දාගෙන අප දෙදෙනා සමග මහරගම හංදියට කූළි රතයෙන් යන්න පිටත් විය.

රමේෂ් සමග මදුසමය ගත කරන්නට හා ඉන්පසු යාපනයට ගෙන යාමට ඇදුම් ටිකක් ගැනීම මගේ අභිප්‍රාය විය.


මහරගම හංදියේදී කූළී රියෙන් බැස අප තිදෙනා ඇදුම් කඩවල් ඇති පැත්තට ඇවිද ගියේ ටිකක් බයෙන් හා සැකෙන්ය.....


"මේ ඇදුම් කඩේ හොදයි රුවිනිගෙ ඇදුම් ගන්න...එතකොට රමේෂ්ට...?


"මට නම් වැඩිය ඇදුම් ඕන නෑ...මට තියෙන ඒවා ඇති..."


"ටිකක් ලොකු බෑග් එකකුත් ගමු...යාපනේ ගෙනියන්න..." සරෝජා අප දෙදෙනාට නිදහසේ අවශ්‍ය දේ ගන්න ඇර අප මග ඇර සිටියාය.


"හරි මේ ගත්ත ඒවා දැන් ඇති...අපි සරෝජාලාගෙ ගෙදරට කෑම බඩු ටිකකුත් ගමු..."


අපි දෙදෙනා සරෝජා පිටුපසින්, මහරගම හංදියේ ඇදුම් කඩ පේලිය දිගේ ඇවිද යන විට, අප ඉස්සරහට ඇවිද එමින් සිටි දෙදෙනා දැක, මගේ ඉහෙන් කනින් දාඩිය දාන්න විය...."


"අනේ රමේෂ් අර...අර...බලන්න ..." මම රමේෂ්ගෙ ඇඟට මුවා උනේ බයෙන් ගැහෙමින්‍ ය.


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

7 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

コメント


bottom of page