top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි 🌺🌺

💞මට හිමි ඔබයි💞

(42 කොටස)

https://www.facebook.com/groups/2653780434897311/permalink/2756702157938471/

සරෝජා හා සෙල්වම් ඔවුන්ගේ කාමරයට නිදාගන්න ගිය කල..... මම මගේ කාමරයට නොගොස්, හෙමිහිට ඇවිත් රමේෂ් නිදාගෙන සිටි සෙටිය උඩින් වාඩි විය.


"ඔයාට ගොඩක් මහන්සියි නේද...කමක් නැද්ද ටිකක් කතා කරන්න ආවට ....මට අද ඔයාව දැකලා හරි සන්තෝෂයි රමේශ් ...මට නිදිමත නෑ පොඩ්ඩක් වත්...? මම සරොජ්ලාට නොඇසෙන්න හෙමිහිට කීවෙමි.


"කමක් නෑ රුවිනි...ඔයාව දැකලා, මගේ හිතේත් මෙච්චර දවස් තිබුන දුක, කරදර මහන්සිය ඔක්කොම නැති උනා....එන්න මටත් ඔයත් එක්ක තනියම කතා කරන්න ඕන වෙලා හිටියේ......" රමේෂ්ද හෙමිහිට කතා කරයි..


දවස්ගානක තිබු ගමන් මහන්සිය නිසා, සෙටියේ දිගාවී නිදාගන්නට ලෑස්ති වී උන් රමේෂ්, මා ඔහු ලගින් පුටුවේ වාඩිවුකල, වහා පුටුවේ කෙලින් වී ඉඳගත්තේය....ඔහු මගේ එක අතක් තදින් අල්ලා ගෙන, අනිත් අතින් මා තවත් ඔහු ලගට කරගෙන , මගේ කරවටේ අත දාගත්තේ මාව තුරුලු කරගෙනය..... ඔහු මගේ නළල සිඹ තව තවත් මාව ඔහුගෙ පපුවට තුරුලු කරගනිද්දි..... මම බොහො නොවිසිල්ලෙන් සතුටින්, ආදරෙන් ඔහුට ලංවිය.... අප දෙදෙනා එලෙස, බොහෝ වේලාවක් හැලහොල්මනක් නැතුව හිටියේ හිතේ මෙපමණ කලක් හිරවී තිබූ දුක, වේදනාව, බය සැක, සංකා සියල්ල නැතිකර ගන්නා ලෙසය .....මගේ දෙනෙතින් නැවත කදුළු මතුවිය.... රමේෂ් මගේ නළල, මුහුණ සිපගත්තේ ඉතා මෘදු ලෙසය. මම ඒ උණුසුමට කෑදර ලෙස ගුලි වුණේ තවතවත් ඔහු බදාගෙනය....


“ ඔයා මාත් එක්ක තරහද?


මම අතින් රමේෂ්ගේ මුහුණ අතගාමින් ඇසීය.


"ඇයි...තරහා වෙන්නේ..."


"මම දැන් එකපාරක් කසාද බැදපු කෙනෙක්නේ...."


"ඒක පොතට විතරනෙ...සෙල්වම් කිව්වනේ, ඔයා බැදපු දවසෙම රෑ මෙහේ ආවා කියලා .....ඒ නිසා තමයි මම අපේ අම්මලත් එක්කගෙන කොළඹ ආවේ, ඉක්මනට ඔයාව කසාද බැදලා මගේ කරගන්න... සෙල්වම් කිව්වා..ඔයා මැරි කරපු කෙනා අසනීපයකින් හිටිය කෙනෙක් කියලා ...එයා නැතිවුන නිසා අපට ඉක්මනට එකතුවෙන්න පුලුවන් කියලත්.....ඒ උනාට අපි දැන්ම විවාහය ලියාපදිංචි නොකර කෝවිලට ගිහින් කසාද බදිමු....පස්සෙ මේ කරදර ප්‍රශ්න ඔක්කොම එකතු උනාම පුලුවන් විවාහය ලියාපදිංචි කරන්න ....මටත් සුපුන් ගැන දුකයි...ඔයා මම නිසානේ එයාව දාලා ආවේ..."


"මටත් සුපුන් ගැන හරි දුකයි රමේෂ් .....එයා අසනිපයෙන් හිටි කතාව මම දැනගෙන හිටියෙ නෑනේ...එයාගෙ අසනීපේ දැනගෙන හිටියනම්, මම එහෙම නොකරන්නත් ඉඩ තිබුනා...මම එහෙම නරක කෙනෙක් නෙමේ ....ඔයාට බලාපොරොත්තු දීලා වෙන කෙනෙක් එක්ක ගිහින් මට සතුටින් ඉන්න බැරි නිසයි මම ඔයාව හොයාගෙන ආවේ........හැමෝම මම කළ දේට ,මට වැරදි කියනවා කියලා මම දන්නවා, ඒ උනාට මගේ පැත්තෙන් කවුරුත් බලන්නෙ නෑනේ...කවදාවත් අදුනන්නේ නැතිව හිටිය කෙනෙක්, මාසයක් ඇතුලත කසාද බැදලා කොහොමද එකට සතුටින් ජීවත් වෙන්නේ....ඔයා එක්ක සම්බන්දයක් නොතිබුනානම් මට එහෙම කරන්න තිබුනා.....මගේ පැත්තෙන් මම හරි කියලා මම හිතනවා.... එයා පව්...මට දුකයි...හැබැයි වෙන්න තියෙන දෙවල් තමයි සිද්දවෙන්නේ.....ඔයා තරහා නෑනේ මට උන දේවල් වලට....."


“නෑ, මට ගොඩක් සන්තෝෂයි ඔයා හිතට ශක්තියක් ඇරගෙන මාව හොයාගෙන ආ එකට....මම හිතන්නෑ ඔයා මේ කරපු දේ

පිරිමියෙකුටවත් කරන්න පුලුවන් දෙයක් කියලා ....ඒකනේ ඔයා ගැන පත්තරෙත් පලවුනේ..... මොනව උනත් රුවිනි මට ඔයා ගැන ආඩම්බරයි.... හැබැයි මට අපේ ඉස්සරහ කාලේ ගැන ටිකක් බයයි...."


“මටත් හිතාගන්න බෑ ඉස්සරහ කාලය මොනවගේ වෙයිද කියලා.... මට පුදුමයි මං එදා ගත්ත තීරණය ගැන... එදා රෑ ආපු විදිය මතක් වෙනකොට දැන් මගේ ඇඟත් හිරිවැටෙනවා....."


“ඉස්සරහ කාලෙ අපි එන විදිහකට මුහුණ දෙමු..... අපට ගොඩක් පරිස්සම් වෙලා ඉන්න වෙනවා ඉස්සරහ කාලෙ....

රමේෂ්ද කීය.


“ඔයා හොඳටම රැවුල වවලා. මට අඳුන ගන්නවත් බැරි වුණා...."


“මම රැවුල වැව්වේ ඔයාගේ නෑදෑයින් නිසා... මාව වැරදිලාවත් පාරක දැකලා අඳුන ගනියි කියලා බය හිතුනා...අනෙක මම එදායින් පසු වවුනියාවේ අපේ ගෙදරට ගිහින් හැංගිලා වගේ හිටියෙත් ඒගොල්ලන්ට අහුවෙයි කියලා ...."


“ ඒක හොඳයි. මේ විදියට නම් කාටවත් ඔයාව අඳුන ගන්න බැරි වෙයි....."


“මං එළියට යනකොට සන්ග්ලාස් දෙකක දාගෙන තමයි පහුගිය කාලේ ගියෙත්..."


“අම්මෝ හොඳ නළුවෙකුත් වෙලානේ...."


“නැත්නම් මට මැරුම් කරන වුණොත් කියලා බය හිතුණා...."


“ඔයා නිදා ගන්න. මටත් අද හරි මහන්සියි. මාත් යනවා නිදාගන්න....."


“මාත් එන්නද....?


“අපෝ එපා....තව දවස් දෙකයි...අපි මුලින්ම හමුවුන දවස වගේ කෝවිලට ගිහින් ඇවිත් එක කාමරයක ඉමු..."


“ තව දවස් දෙකකින් අපි බදිනවනේ...ඉතිං කමක් නෑනේ...."


“ඒකට කමක් නෑ... තව දවස් දෙකක් ඉවසලා ඉන්න...මට කෝවිලට ගිහින් හිත නිදහස් කරගෙන, හිත සතුටින් ඔයා ලඟට එන්න ඕනේ.. "


"බය වෙන්න එපා.... මං ඔයාව දෙවියන් ඉස්සරහ කසාද බැඳලා තමයි ඔයත් එක්ක එකට නිදියන්න එන්නේ....බොරුවට ඇහුව්වේ...ඔයා බුද්ධාගමනේ...ඔයා කැමැත්තෙන්ද කෝවිල් යන්න එන්නේ.... පන්සල් යන්න ඕනෙ නැද්ද...?


"නෑ...ඉස්සෙල්ලා ඔයා කැමති විදිහට කෝවිල් යමු...පස්සෙ දවසක අපි දෙන්නා පන්සලුත් යමු....මම හිතන්නෙ නෑ ඔය ගොල්ලන්ගෙ අම්මලා මම පන්සල් යනවට අකමැති වෙයි කියලා ...අපේ හැම පන්සලකම ඇතුලෙත් ඔයගොල්ලෝ වදින දෙවිවරු ඉන්නවා....ඒ නිසා මට කෝවිල් යන එක ප්‍රශ්නයක් නෙමේ...ආගම් දෙකේම වැරදි දෙයක් කියලා දීලා නෑනේ...ඒ නිසා මම ආසාවෙන් කොවිල් යන්න බලන් ඉන්නේ...බලන්නකෝ සිංහල බුද්ධාගමේ අපට වඩා, ඔයගොල්ලෝ මස් මාළු නම් නොකා පිරිසිදුව තමන්ගෙ ආගම අදහනවනේ...ඒ නිසා මම ආසාවෙන් ඔයාගෙ ආගමට එන්නේ...ඒ ආවා කියලා මම පන්සල් යන එක නවත්වන්නෙත් නෑ...ඔයා මට ඒකට අවසර දෙන බව මීට ඉස්සරත් කිව්වනේ....ඒ නිසා මට ආගම් ගැන ප්‍රශ්නයක් නෑ...."


"අපි නිදා ගමු රුවිනි ..අද හරි මහන්සියි....ඒ උනාට ඔයාව දැක්කට පස්සේ හිතට සතුටුයි ....ඒ නිසා මට අද හොදට නින්ද යයි...."


“ එහෙනම් මං යන්නම්,...මටත් අද හිතට පුදුම සතුටක් දැනෙන්නේ.... ගුඩ් නයිට් රමේෂ් ...."


මගේ හිත සතුටින් පිරි ඇත.... මාස ගානකට පස්සේ මටත් අද සතුටින් නිදියන්න ලැබෙයි....

රමේෂ් මාව නැවත ආදරයෙන් තුරුලු කරන් මගේ නළල සිප, නිදියන්න යන්න සමු දුන්නාය.....


- හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

2 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Commentaires


bottom of page