💞මට හිමි ඔබයි💞
(5 වන කොටස )
https://www.facebook.com/groups/2653780434897311/permalink/2715128972095790/
තාත්තාගේ තුන් මාසයේ දානය වෙනුවෙන් අම්මා ලක ලෑස්ති වුනේ බොහෝම උවමනාවෙනි....ඇය පියාගේ මුලු විශ්‍රාම වැටුපම ඒ සදහා වියදමට තියා ගත්තාය. කෑම බීම වලට වගේම, පිරිකර වලටද ඇය ඒ මුදල් වියදමට ගත්තේ ඉතා අරපිරිමැස්මෙනි. බණ දානය වෙනුවෙන් ඉතා ඕනෑකමෙන් ඇය ගෙවල් දොරවල් වත්ත පිටිය සුද්ද කරේ අක්කාගෙත් මගෙත් උදව් ඇතුවය.
ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ගෙදරට වඩම්මවා ,මුළු ගමේම අයට රෑ බණ අහන්න එන්න සලස්වා, ඇය ඔවුන්ට රෑට කෑම කන්න දුන්නාය.... දහවල් දානය හාමුදුරුවරු හත් නමක් වඩම්මවා සාංඝික දානයක් පිරි නමා තාත්තාට පිං දුන් පසු ඇගේ හිතට සැහැල්ලුවක් දැනුනු බව ඇය කිවේ දුකෙන් ය.
##########
තාත්තාගෙ තුන් මාසේ දානේ වගේම අවුරුද්දේ දානයද අපි ඉතා හොදින්, සැවොම එකතු වී සංඝයා වහන්සේලා ගෙදරට වඩම්මවා දානය පිලිගැන්විය. අම්මා, තාත්තා වෙනුවෙන්, පුලු පුලුවන් විදිහට හැම දවසකම, හැම මාසයකම පිං අතේ වැඩ කලහ. අක්කත් මමත් ඒ වැඩ වලට ඉතා සතුටින් සහභාගි වන්නෙමු.
තාත්තා නැතිවි ගෙවි ගිය අවුරුද්දක කාලය එසේ ගෙවි යද්දී...ඒ කාලය තුළ මම වැඩිවියට පැමිනීමද සිදුවුන සිදුවීම තුල තවත් විශේෂ දෙයක් විය. එය බොහොම චාමෙට, කලයුතු චාරිත්‍ර පමනක් පවත්වා මා නැකතට නාවා ගෙට ගෙන කිරිබත් මේසයකින් එය හමාර කලහ. එයට කොළඹ සිට පැමින ලොකු මාමා, පුංචි අම්මාගෙ පවුල් දෙක පමනක් සහභාගි වීය. ඔවුන් මට තෑගි ලෙස ගෙනවිත් දුන් ගවුම් රෙදි දෙක මට මහමෙරක් ලෙස පෙනින. අම්මා තාත්තගෙ විශ්‍රාම වැටුපෙන් ඉතිරි කල තිබුන මුදල් වලින් රත්තරං කරාබු ජෝඩුවක් ගෙන මට පැළදවුවාය. අක්කා මට මල් මහපු ලේන්සු දෙකක් තෑගි කලාය.
ඒ වන විට මම දහවන වියේ පසුවු අතර අක්කා දහහතර වැනි වියේ පසුවිය. අප දෙදෙනාගෙ අවුරුදු හතරක වයස් පරතරය නිසා, අම්මා නිතර අක්කාට මාව බලාගන්න හා මගෙ වැඩ කරවා දෙන්නට කියා කියයි. අක්කා කවදාවත් එයට අකමැත්ත නොපෙන්වා,මාව ආදරයෙන් බලා ගනි.
තාත්තාගෙ විශ්‍රාම වැටුප අම්මාට ලැබෙන නිසා...අපි තුන් දෙනාගෙ වියදමට එය යාන්තමට පිරිමහ ගන්නට ඇති විය. ඊට අමතරව, අම්මා, වත්තේ පොල්අතු එකතු කර වියා විකිනීමද කලාය. අපි තුන්දෙනා එකතු වී වත්තේ එලවළු පළතුරු සිටවා අපේ කැමට ගත්හ. තාත්තා නැති ජීවිතය පාලුවෙන් කාන්සියෙන් ඔහේ ගෙවි යද්දී...ඒ පාලුව නැති කර ගැනීමට මොනයම් හෝ වැඩක අපි තිදෙනා නියලුනි.....
ලොකු මාමා හා පුංචි අම්මලා කොළඹ පදිංචියට ගොස් ඇති බැවින්....මේ වන විට මට ගමේ සෙල්ලම් කිරිමට යාලුවො හිටියේ නැති තරම් ය. වැඩිවියට පැමිනිය පසු, අම්මා හා අක්කා කියන ලෙස මමද පාඩම් වැඩ කරගෙන ගෙදර වැඩ බලාගෙන ඉන්න පුරුදු විය. නමුත් තවමත් මගේ හිත සෙල්ලමටය.
තාත්තා නැතිවී අවුරුදු දෙකකට විතර පසු, ලොකු මාමා ,අම්මාට අමුතු යෝජනාවක් කලේය.....
"අක්කේ...දැන් මෙහෙම මේ ළමයි දෙන්නත් එක්ක ,අක්කා තනියම මේ ගමේ ඉන්නවට අපි කැමති නෑ....අක්කලත් අපිත් එක්කම කොළඹ පදිංචියට යන්න එන්න..."
"අනේ මල්ලි ...අපට මේ ගම හොදයි ...කොළඹ ගිහින් ජීවත් වෙන්න අපි දන්නෑනේ ....ඊටත් අපි කොළඹ ගියොත් , මේ ළමයි දෙන්නගෙ ඉස්කෝලේ ගමන් එහෙමත් නවතින්න පුලුවන්නේ....මට ඕනේ මේ කෙල්ලෝ දෙන්නට කොහොම හරි හොදට උගන්නන්න...."
ඒ වන විට පුංච් අම්මලත් ලොකු මාමාත් කොළඹ පදිංචි වී සිටි නිසා ගමේ සිටියේ අම්මාත්, අප දෙදෙනාත් ඈතින් නෑදෑ වන නෑදෑයන් කිහිප දෙනෙකුත් පමණි.
"ඒක තමයි ...කෙල්ලො දෙන්නට හොදට උගන්න ගන්න ඕන නිසා තමයි මම කොළඹ යන්න අඩගහන්නේ..."
“අපට ඔය කොළඹ රට පුරුදු නෑනේ මල්ලී....
“මොනවා පුරුදු වෙන්නද අක්කේ.... කෙල්ලෝ දෙන්නවත් හොඳ ඉස්කෝලෙකට දාලා හොදට ඉංග්‍රීසි උගන්න ගන්නත් පුළුවන් එතකොට ...."
“ඒත් ඉතින් අපි කොළඹ ගියා කියමුකෝ.... ගිහින් කොහෙද අපි තුන්දෙනා නවතින්නේ....?
අම්මා ඇසුවාය.
“මං ඒකට පිළියමක් යෙදුවා..... ඒක කියන්නත් එක්ක තමයි මම අද මෙහෙ ආවෙත්...."
"ඒ කිව්වේ මල්ලි..."
"ඔක්කොම දේවල් මම ලෑස්ති කරලා තියෙන්නේ....අක්කාට තියෙන්නේ කෙල්ලෝ දෙන්නත් එක්ක ඇවිත් කොළඹ පදිංචි වෙන්න විතරයි....
“ඒ කිව්වේ මල්ලියේ....?.
“මාත් එක්ක එකට වැඩ කරන සුමිත් කියලා යාළුවෙක් ඉන්නවා....මිනිහගෙ. අම්මා, තාත්තා නැහැ....කසාද බැදලා හිටිය නෝනා දරුවෙක් හම්බවෙන්න ගිහින් නැති වෙලා....ඒ නිසා දැන් තනියම ඉන්නේ... මිනිහා දරුවන්ට හරි ආදරෙයි.... ඉන්න හොඳ ගේකුත් තියෙනවා..... මං අක්කා ගැන කිව්වා.....අක්කගෙ පින්තූරයකුත් මම සුමිත්ට පෙන්නුවා....ඒක දැකලා සුමිත් අක්කා බලන්න එන්න කැමතියි කිව්වා ...ඒ කියන්නේ , සුමිත් කැමැතියි කිව්වා ළමයි දෙන්නත් එක්ක අක්කව බාර ගන්න.....මම ළගදිම මිනිහව මෙහෙ එක්ක එන්නම්කෝ....අක්කට අදුන්නලා දෙන්න.....අක්කට තියෙන්නේ සුමිත් කසාද බැදලා, කොළඹ ගිහින් දරුවො දෙන්නත් හදාගෙන සතුටින් ඉන්න පුලුවන් .. ..."
“අනේ මල්ලියේ....මේ මොනවද මේ කියන්නේ.... මට නම් බැහැ ආයෙත් කසාද බදින්න.. ...මට ආයෙත් මොන මඟුල්ද...? මට පුළුවන් විදියට කෙල්ලෝ දෙන්නව හදාගෙන තනියම ඉන්නවා.....
“එහෙම කියලා බැහැනෙ අක්කේ.... අපටත් හැමදාම අක්කා ගැන බලන්න බැහැනේ....මේ ගමේ ඉදලා අක්කලාට, මේ දරුවො දෙන්නට කවදාවත් හරියන්නෑ....අක්කලා කොළඹ ඇවිත් අපිත් එක්කම ඉන්නවානම් අපටත් හරි ලේසියි... අක්කා මේකට කැමැති වෙන්න අක්කේ......"
“මේ ළමිස්සියෝ දෙන්නෙක් ඉන්න මට මොන මඟුල්ද මල්ලියේ.....
“ අක්කට තාම තිස් හතරනේ....අක්කට අඩු වයසින්නේ මේ ලොකු කෙල්ල හම්බ වුනෙත්.... අක්කට ඒ හැටි වයසකුත් නැති එකේ... කෙල්ලෝ දෙන්නට යහපතක් කරන්න ඕන නම්, කොළඹ ඇවිත් පදිංචි වෙලා කෙල්ලන්ව ඉංග්‍රීසි ඉස්කෝලෙකට එහෙම දාගෙන හොදට උගන්නන්න පුලුවන් .... නැත්නම් කෙල්ලන්ටත් අක්කට වගේම මේ ගමේම දුක් විඳින්නයි සිද්ද වෙන්නේ.....
"අනේ මල්ලියේ මට නම් ආයෙත් කසාද බදින්න හිත දෙන්නෑ...සිරිල් වෙනුවෙන් මුළු ජීවිත කාලෙම මම තනියම ඉන්නයි කල්පනාව.....
“එහෙම කියලා බැහැ අක්කේ......ඒක තේරුමක් නැති වැඩක්.... අපටත් හැමදාම අක්කා ගැන බලන්න බැහැනේ. අක්කා මේකට කැමැති වෙන්න.....
“මං කල්පනා කරලා බලන්නම්.... ලොකු දුවගෙනුත් මේ ගැන අහන්න ඕනේ....."
අම්මා කිව්වේ දෙගිඩියාවෙනි....තාත්තා නැතිවි අවුරුදු දෙක පහු වුන පසු....තාත්තා වෙනුවෙන් පිංදහම් කරමින් සිටි අම්මාගෙ හිතත් ටිකක් ,ලොකු මාමාගෙ කතාවෙන් පසු වෙනස් වී ඇති බවක් අපට පෙනුනි.
"ලොකු දුවේ....උබළා දෙන්නටම හොදට ඉංග්‍රීසි උගන්නලා හොද තැනකට ගන්න තමයි මට ඕනේ....තාත්තගෙ තිබුන ලොකුම ආසාව තමයි ඒ....ලොකු මාමා කිව්වා අපටත් කොළඹ පදිංචියට යන්න එන්න කියලා ....උබලා දෙන්නට එහෙ... ඉස්කෝලෙකට ගිහින් හොදට ඉංග්‍රීසි එහෙම ඉගෙන ගන්නත් පුලුවන්ලු.....මොකද ලොකු දුවේ උබට ඒක ගැන හිතෙන්නේ.....
"අනේ අම්මේ, මම නම් කොළඹ යන්න හරි ආසයි...අම්මගෙයි අක්කගෙයි කතාව අහන් හිටපු මම එයට කට දැම්මාය.
"මාත් හරි ආසයි ..ඉංග්‍රීසි ඉගෙන ගන්න...අපි කොළඹ යමු අම්මේ... මේහෙ හිටියයි කියලා අපි විතරනේ දැන් ගමේ ඉන්නේ...ලොකු මාමගෙ, පුංච් අම්මගෙ ළමයි වගේ අපටත් කොළඹ ඉස්කෝලෙකට යන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද...අක්කත් කොළඹ යන්න ඇගේ කැමැත්ත කිව් එක ගැන මට සතුටු සිතිනි....
"අපි දැන් කවද්ද කොළඹ යන්නේ...මම ඉවසුම් නැතුව ඇසීය.
මේ සෙනසුරාදා ලොකු මාමා මෙහෙ එනවා කිව්වා...ඒ ගැන කතා කර ගන්න...අපි බලමු...අම්මා භාගෙට කතාව කියා මග නතර කලාය....
-හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *
Commentaires