top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි 🌺🌺

💞මට හිමි ඔබයි💞

( 40වෙනි කොටස)

https://www.facebook.com/groups/2653780434897311/permalink/2753943634880990/

සරෝජාගෙ කටහඩින් මම කාමරේ සිට, සාලේට දිව ගියේ රමේශ්වත් ඇවිද්දෝ කියා සිතමින්‍ ය .....


ගෙයි ඉදිරිපස මිදුලේ කූලී රියක් නතර කල ඇත...එයින් බැස බෑග් මළු වගයකුත් එල්ලාගෙන ගෙට ආවේ ශර්මිලායි.


"හානේ ශර්මිලා ඔයා...මම බැලුවා කවුද මාව බලන්න ආවේ කියලා "

මම දුව ගොස් ශර්මිලා බදාගත්තේ සතුටින් ඉපිලෙමින්‍ ය. ඇය අතින් කටින් කෑම තුනපහ බඩුත්, මට ඇදුම් වගයක්ද රැගෙන මා බලන්න ඇවිත් තිබුනේ කුළී රතයකිනි.


"මම ගොඩක් දවසක ඉදන් ඔයාව බලන්න එන්න හිතාගෙන හිටියේ...,අද තමයි වෙලාවක් ලැබුනේ...ඊටත් වඩා ඔයා බලන්න එන්න ඉස්සර.... ,ඔයා වෙනුවෙන් දෙයක් කරන්න ඉතුරු වෙලා තිබුනා...ඒකත් සම්පූර්ණ කරගෙන තමයි මම මෙහෙ ආවේ....ඊටත් වඩා ගොඩක් පරිස්සමට, කාටවත් නොදැනෙන්න මේ ගමන එන්න එපෑ... ...නැත්නම් අපි දෙන්නටම ප්‍රශ්න එන්න පුලුවන්නේ...."


"ඔයා ආපු එක කොච්චර දෙයක්ද ශර්මිලා ....මම හරි පාළුවෙන් හිටියේ...මගේ දේවල් කතා කරන්න කෙනෙක් වත් නැතුව ..."


"ඇයි සරෝජා ..."


"අනේ සරෝජා හරි හොදයි ...ඒ උනාට අපි දෙන්න තරම් එයා රමේෂ්ගෙයි මගෙයි ප්‍රශ්න ගැන දන්නෙ නෑනේ...ඉතිං එයත් එක්ක ඒවා කතා කරලා වැඩක් නෑ....සරෝජයි, සෙල්වමුයි මට පුලුවන් උපරිමයෙන් හොදට සලකනවා...ඒ උනාට ඔයා එනකම් තමයි මම මග බලාගෙන හිටියේ..."


" මම එනකම් විතර බලාගෙන ඉන්නේ....? ශර්මිලා හිනහෙයි ..."


"නෑ ශර්මිලා ...රමේෂ් ගැන මම හැම මොහොතෙම හිත හිතා ඉන්නේ ....ඔයා ආව නම් මගේ දුක යන්නවත් එයා ගැන කතා කරන්න තිබුනනේ....."

"ඔව්...මාත් ඔයාව දකින්න ආසාවෙන් හිටියේ....කතා කරන්න ඉස්සෙල්ලා...... ,බලන්න මේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා ..." ශර්මිලා දුබුරු පාට පොඩි බෑගයක් මගෙ අතේ තිබ්බාය.


ඇය දුන් බෑගය මම කළබලේ ඇර බැලු විට මට පුදුම සිතුනි...

ඇය මා බලන්න ඇවිත් තිබුනේ... මගේ අයිඩෙන්ටි කාඩ් එක හා මගේ බැංකු පොත රැගෙනය.... ඊට අමතරව,

අක්කලාගෙ ගෙදර තිබුනු මගේ මගේ හොද ඇඳුම් වගයක්ද ඇය රැගෙන විත් තිබුනි.


"මේවා කොහෙන්ද ඔයාට ...?


" ඔයාගෙ අක්කා මට අපේ ගෙදරට ඇවිත් ගෙනත් දීලා ගියා..."


"ඇත්තට...පුදුමයි...අක්කා මාත් එක්ක තරහ නැතිලුද..?


"ඒවා මම දන්නෑ...

අක්කා ඕවා අම්මාට හොරෙන් මට ගෙනත් දුන්නේ...එයා දන්නවා, මම කාට බොරු කිව්වත් ,ඔයා ඉන්න තැන මම දන්නවා කියලා ...ඒකයි හැමෝටම හොරෙන් මට මේවා ගෙනත් දුන්නේ...." අක්කා කවදත් මට ආදරේ යැයි මම දනිමි.


"ඉතිං අක්කා මොනවද කිව්වේ ....?


"මොනව කියන්නද...හොදටම දෙහි කැපුවා...මුළු පරම්පරාවෙම මුණේ දැලි ගෑවා කියලා ..."


"මම කරේ වැරැද්දක් තමයි ....ඒකට තමයි මේ දඩුවම් විදින්නේ....හදිසියේ වත් රමේෂ්ට කරදරයක් උනොත්...මම මොනවද කරන්නේ...? ඉන්න හිටින්න තැනක් නෑ...රස්සාවක් , සල්ලි මොනවත් නෑ...දැන් නම් මම හිගන්නෙක් ගානයි..."


"හොද වැඩේ උඹ ට....දෙමලෙක් ලොකු කරගෙන ගෙදර මිනිස්සුන්ට දුන්න ගින්දරේට..."


"ඉදල ඉදලා ඇවිත් උඹත් මට බනිනවා..."


"බනින්න නෙමේ වටින්නේ ....යාළුකමෙනුත් අයින් කරලා දාලා අහක බලා ගන්න...."


"උඹ ඕන දෙයක් කියලා මට බැනපං....මම වැරදි බව මම දන්නවානේ ...මොනව උනත් උබ මට සෙල්වම් අතේ ,උඹේ ඇදුම් ටිකක් එවපු එක ලොකු දෙයක් උනා.. ...උඹට පිං..."


"දන්නවද උඹලගෙ අක්කා මොනවද කිව්වෙ කියලා ...?


"ඉතිං කියපංකෝ ..."


ෂර්මිලාට අක්කා මුණගැසුණු අවස්ථාවේ මා හෝටලයෙන් පැන ගිය පසු ගෙදර සිදු වූ සියල්ල ඇයට කියා ඇත.....


"උබලැයි අම්මා...උඹ මැරිලා කියලා බළුකපටු දානයකුත් දුන්නලු....ඔන්න උබට ආයෙත් නම් මුළු ජිවිත කාලෙටම, ගෙදර අය දකින්න හම්බවෙන්නේ නෑ... කොහොම උනත් උඹ පුලුවන් ඉක්මනට කොළඹින් පිටවෙලා කොහේ හරි ඈතකට පළයං ..... උඹලැයි මාමලා හොදටම කේන්තියෙන්, තවමත් උඹව හොයනවා..උඹව හම්බුනොත් එහෙම එතනම මරලා දායි...."


අක්කා කිව් ,ගෙදර සියලු විස්තර.... අකුරක් නෑර ශර්මිලා මට පැවසුවේ මාද එය දැන සිටිය යුතු බැවිනි. ඇය ඒ දේවල් කියද්දී... ඒ සිදුවීම් සියල්ල සිතුවම් පටක් මෙන් මගේ සිතේ ඇඳී ගියේ සිත කළකිරිමෙන් බර කරමින්‍ ය.


"දැන් උඹ මොකද කරන්න හදන්නේ...?


"දැන් දවස් තුනකට උඩදි සෙල්වම් තව යාළුවෙක් එක්ක යාපනයට ගියා රමේෂ් හොයාගෙන.,.....තාම එයා ආවේ නෑ...අපි බයේ ඉන්නෙ සෙල්වම් එනකම්.....සරෝජා මාත් එක්ක කේන්තියෙන් ද මන්දා....ඒ මිනිස්සුන්ට මම හින්දා කරදරේනේ....."


"ඇත්තටම රුවිනි ...මම අහන්නමයි හිටියේ....රමේෂ් කොටියෙක්ද ? .....මම මුකුත් දන්නෙ නැති නිසා අහන්නේ...?


"නෑ...එයා එහෙම කෙනෙක් වෙන්න බෑ.....අපේ මාමලා එයාට පාරෙදි ගැහුව්වට පස්සෙ ....කේන්තියට ,මාවත් දකින්න ,හම්බවෙන්න නැතිව හිටිය කාලේ.....එයා වවුනියාවට ගිහින් හිටි‍ය නිසා, ඒ කාලේ එහෙම උනාද දන්නෑ....."


"එහෙනම් මාර වැඩේනේ....අපේ ජාතියට වින කරන්න හදන එකෙක් පස්සෙ උඹ මැරීගෙන යන්න හදන්නේ ..... උඹ මොකට තවත් මෙතන බලාගෙන ඉන්නවද...? ඌ ගැන මොකට හිත හිත හූල්ලනවද..?

ශර්මිලා වටපිට බලමින් සරෝජාට නොඇසෙන්න මට බැන්නාය.


සරෝජා අප දෙදෙනාට නිදහසේ කතා කරන්න ඇර කුස්සියේ වැඩක යෙදෙන බව මට ඇසේ....


"කොහොම උනත් එයාව කොළඹින් යාපනයට මාරු කලාට පස්සෙ තොරතුරු නැති නිසා තමයි ..සෙල්වම් තව යාළුවෙක් එක්ක එයාව හොයන්න යාපනේ ගියේ....ඒගොල්ලෝ ආවට පස්සේ හරියට මොනවද උනේ කියලා මම දැනගන්න ඕනේ....ඊට පස්සෙ තමයි මම ගන්න තීරණයක් ගන්නේ....රමේෂ් ඉන්නවද නැද්ද කියලවත් තාම හරියට දන්නෑනේ... සෙල්වම් ලා යාපනයේ ගිහින් මෙච්චර දවසක් ගිය නිසා මායි සරෝජයි දෙන්නම බයෙන් ඉන්නේ ..."


"මම උඹට කෑම බඩු ටිකකුත් ගෙනාවා...අනුන්ගෙන් හැමදාම නිකන් කකා ඉන්න බෑනේ..."


"අනේ ඔව්...උඹ ලොකු උදව්වක් කලේ ශර්මිලා ...සරෝජලාට ගෙදර උයන්න බඩු ටිකක් ගෙනාපු එක.... එ මිනිස්සුන්ට නැතුව නෙමේ....මං වෙනුවෙන් කරන උදව්වට මොනව හරි කරන්නත් එපෑ...


" මගෙ බැංකු පොත අම්මා ගාව තිබුනේ...අක්කා කොහොම ඒක ඉල්ලගෙන ආවද කියලා තමයි මට පුදුමේ... ..."


"අම්මලාගෙ ගෙදර ගිය වෙලේ...අක්කා අම්මගෙ අල්මාරිය හොරෙන් ඇරලා ඇරගෙන තියෙන්නේ ...අම්මා ඒක වැඩි දවසක් යන්න ඉස්සර බනියි කියලත් දැනගෙන තමයි අක්කා ඔය, ඕක මට ගෙනත් දුන්නෙත්..."

මට අක්කා ගැන දුක වගේම ලොකු ආදරයක් ඇතිවුනේ ඇය මම වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම උදව්ව කර ඇතිබැවිනි.


"දැන් උඹ ඉස්සරහ කාලේ මොනවද කරන්න හිතාගෙන ඉන්නේ.."


"මොනව කරන්නත් ඉස්සර.... රමේෂ් ජීවත් වෙලා ඉන්නවද කියලා හොයාගන්න තමයි සෙල්වම් යාපනයට ගියේ...මට මාර බයයි රමේෂ් ගැන ශර්මිලා ......." රමේෂ් සිහිවි මගේ ඇසේ කදුළු පිරින...


"උඹත් ඉදල ඉදලා මාර මිනිහෙක්නෙ හොයා ගත්තේ ...මාත් ඕවට වග කියන්න ඕන නිසයි නිකන් හරි බලලා යන්න ආවේ...හැබැයි උඹ සුපුන්ට කරපු ජරා වැඩේට නම් මට මාර කේන්තියි.... මම උඹ කරපු කිසි දෙයක් අනුමත කරන්නෑ.....යාළු කමට බලලා යන්න ආවට මිසක්....ඒක හොදට මතක තියාගනින්....ඒ අහිසකයා උඹ නැති දුකට වඩා ලැජ්ජාව ඉවසගන්න බැරුව මැරිලා යන්න ඇත්තේ ...."


"මොකක්ද ශර්මිලා අර පත්තරේ තිබුන සුපුන් ගෙ අසනිප කතාව...?


"ඒක තමයි ...උඹේ අක්කා කිව්වේ...උඹලැයි අම්මා ඒ කතාව දැනගෙන සුපුන්ලගෙ අම්මලාට හොදටම දෙහි කැපුවලු...ලෙඩ කොල්ලෙක් උඹට ජෝඩු කලා කියලා....කොහොම හරි වෙන්න තියෙන දේ තමයි වෙන්නේ....ඉස්සරහට කල්පනාවෙන් වැඩ කරපං....."


"රමේශ් කොටියෙක් උනත් නැතත්.... මම එයා ජීවත් වෙලා හිටියොත් එයා එක්ක යනවා..."


"අනේ හරකියේ...ඌ උඹව එක්ක ගිහින් වද දෙයි...මාමලාගෙන් ඌට උන ලැජ්ජාවට...."


"එයා මට ඇත්තටම ආදරේ කලානම් එයාට එහෙම කරන්න බෑ..."


"උන් එහෙම හිතක් පපුවක් තියෙන උන් නම්....පහුගිය කාලේ අපට ආරංචි උන ඒවා ඔක්කොම බොරු.....මීට පස්සෙ නම් මම මෙහේ එන්නෙ නෑ...මට නිකන් අපරාද කාරයින්ට උදව් කලා කියලා මැරෙන්න, පත්තරේ වැටෙන්න බෑ... අද මේ යාළුකමට බළලා යන්න ආවේ..."


"අනේ ශර්මිලා ..ඔයා මගෙ හොදම යාළුවා...මම මොන විදිහ වැරදි කලත්....අද ඔයා මාව මේ විදිහට, අනුකම්පාවට හරි බලන්න ආපුඑක මට ලොකු දෙයක් ...පිං සිද්ද වෙනවා ඔයාට..."


ශර්මිලා මා බලන්න ඇවිත් ගිය පසු මගේ හිතට පොඩි සහනයක් ලැබින.... ඒ ටික වේලාවක් හෝ ඇය සමග පහුගිය දේවල්, ඉස්සරහට කරන්න ඉන්න දේවල් කතා කරන්න ලැබීම නිසාය....


මාසෙකට කිට්ටු කාලයක් සරෝජලා සමග ජීවත් වුන මට ශර්මිලාගෙ සමාගම මට බොහෝ වැදගත් විය.

නමුත් රමේෂ් ගැන හරි හැටි තොරතුරක් අහන්න නැති සොවින් එන්න එන්න මම ටිකින් ටික මානසිකව වැටෙන්න පටන් ගෙන ඇති බව මටම වැටහුනි.....


දැන් මගේ අනාගතය ගැන මට ඇත්තේ විශාල බයකි.... සරෝජාගෙ ගෙදර ඇතුලත සිරවී අවට ලෝකයාගෙන් වෙන් වී ජීවත් වන මට තනි තිරණයක් ගැනිමට බැරි තත්ත්වයක් ඇති වි ඇත.


සෙල්වම් යාපනයේ ගොස් දින පහක් ගතවුනද, ඔහු නොපැමිනිම නිසා, සරෝජා බයෙන්, සැකෙන්, දුකෙන්, සිටිම මගේ හිතටද දුකක් හා මහත් වදයක් විය......මේ හැම දෙයක්ම මා නිසා බව, මා දන්නා බැවිනි. නමුත් ගෙට හිරවි සිටින මට ඇය වෙනුවෙන් කිසිවක් කිරිමට හැකියාවක් නැත. මම නිසා අහිංසක ඔවුන්ද අමාරුවේ වැටි ඇති බවක් දැන් මට තේරි ගොස් ඇත.... මට මං ගැනම ඇතිවන්නේ කේන්තියකි.


යාපනයට දින පහකට පෙර ගිය සෙල්වම් හා ඔහුගෙ යාළුවා එනතෙක් අප, සෑම දිනකම මග බලා සිටියෙමු ......


දිනක් මහ රාත්‍රියේ, කුස්සියේ දොරට කවුදෝ හෙමිහිට ගසන හඩට මාත් සරෝජාත් හොදටම බයවී, කුස්සියේ දොර ලගට ගොස් බලා උන්නෙ තැති ගැන්වය.


සරෝජා ..සරෝජා ..මම සෙල්වම්....දොර අරින්න ..සෙල්වම් හෙමිහිට කියන කටහඩ අදුනගෙන, සරෝජා කඩිනමින් දොර ඇරියේ සැකෙන් මෙනි....


"අපි බයවුනා කවුද කුස්සියේ දොරට ගහන්නේ කියලා ...ඇයි මේ ගේ පිටිපස්සෙන්....එන්න එන්න ඉක්මනට ඇතුලට ......අනේ හරිම සතුටුයි ඔයා ආපු එකට....පහුගිය දවස් වල අපි හරි බයේ හිටියේ ඔයාට කරදරයක්ද කියලා ....."


"ගේ ඇතුලට එන්න දෙන්න සරෝජා ...අපි පස්සෙ කතා කරමු..."


සෙල්වම් කුස්සිය පැත්තේ දොරෙන්, මහරෑ ගෙට ඇතුල්වුනේ බයෙන් සැකෙන් මෙන් වටපිට බලමින්‍ ය....

මම සරෝජගේ පිටුපසට වී කුස්සියේ සිටිනවා දැකපු සෙල්වම්.... මට කිව් දෙයින් මම පුදුමයෙන් පුදුමයට පත් විය.


"රුවිනි ..බලන්න කවුද මාත් එක්ක ඇවිත් ඉන්නේ කියලා .. ..."


මහරෑ කළුවරේ කුස්සියේ දොර ලග සරෝජාට මුවාවි සිටි මම.....කුස්සියේ දොරෙන් ගෙට ආ සෙල්වම් පිටුපසින් සිටින පුද්ගලයා දෙස හොරෙන් බැලිය.... මට ඇස් අදහාගත නොහැකි විය...සෙල්වම් පිටුපසින් සිටියේ මුහුන පුරා රැවුල වවාගෙන සිටි රමේශ්‍ය.


අප දෙදෙනාට දෙදෙනා මුහුනට මුහුන ටික වෙලාවක් බලා සිටියේ අනපේක්ෂිත මොහොතක, මාස තුනකට කිට්ටු කාලයකට පසු...අප දෙදෙනාට දෙදෙනා දැක ගන්නට ලැබීම අදහාගත නොහැකි ලෙසය.


ඔහුගේ මුහුණ පුරා රැවුල වැවී ඇස් රතුපාට වී ඇත....බොහෝ තෙහෙට්ටු පාට ඔහුගේ මුහුනේ....සිනාවක් නොතිබුනි.... අනපේක්ශිත මොහොතේ රමේෂ්ව දුටු මගේ සිත වාවාගත නොහැකි විය. මාසෙකට අදික කාලයක් ඔහුව දකින බලාපොරොත්තුවෙන්, පෙරුම් පුරමින් මම සරෝජාගෙ ගෙදර රැදි සිටි කාලයේ, හිතෙන් විදි දුක්කරදර සියල්ල එකවර දිය වී ගියාක් මෙන්.... මහා ඉකියක් පිටවිය.... මම වහා දිව ගොස් රමේෂ් බදාගෙන මහා හඬින් අඬන්නට පටන් ගත්තෙමි.


-නැවත ඉරිදාට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

4 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page