top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි 🌺🌺

💞මට හිමි ඔබයි💞

( 38 වෙනි කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2751964901745530/

සරෝජා නැටුම් පංතිය කරන අතරතුර, මම කුස්සියට ගොස් මේසය උඩ වසා තිබුනු ප්ලාස්ටික් කවරය ඇර , මේසයේ ඇති කෑම දෙස බැලුවෙමි. එහි රුලං මිශ්‍ර පිට්ටු කෑලි වගයක්, වතුර වැඩි එළවළු හොදි වර්ගයක්, හා වතුරට හැදු සම්බෝලයක් තුබුනි. මස් මාළු නොකා කෑමට බැරියැයි ගෙදරදි වර්ජනය කල මට....මෙලස මැරි නොසිට ඉන්නට කන්න වී ඇති හැටි.... පිට්ටු මම කෑවේ අකමැත්තෙනි. කෙසේ නමුත් බඩ ගින්නට මෙහෙම වත් පිනට කන්න ලැබුන එක ගැන මම දෙවියන්ට පිං දුන්නෙමි . කෑම කා අහවරවී මම ,කුස්සියේ භාජන සෝදා අස්කර දැමුවෙමි.


මම සාලයේ සරෝජාගෙ නැටුම් පංතිය කරන දෙසට ගියෙමි. අවුරුදු දොලෙහේ දහතුනේ වයස ගෑනු ළමයි...සරෝජාගෙ තාලම් පටේ සද්දෙට, තාලයට පාද තබමින් නටති.


මම කිසි අරමුනක් නැති ලෙස එදෙස බලා උන්නෙමි. මගේ හිත, රමේෂ් කොහේද...ඔහුට මොනවා වී ඇද්ද කියා ප්‍රශ්න ගොඩක පැටලී ඇත. රමේෂ් බේරා ගන්නට මට මොනවද කරන්න පුලුවන් ....?


"සෙල්වම්" ඊයේ රෑ කියපු ලෙස රමේෂ්ගේ කාර්‍යාලයේ ප්‍රදානියා හමුවෙන්න අද ගියාද කියා, මට සරොඉජාගෙන් දැනගැනීමට අවශ්‍යය...නමුත් සරෝජා නැටුම් පංතිය කරන නිසා...ඇයට බාදා නොකර මම පැත්තකට වී උන්නෙමි.


"කොහොමද රුවිනි...කෑම කෑවද?


සරෝජා නැටුම් පංතිය ඉවර කර පැමින ඇත. ඈ සමග ඇගේ වසර අටක් පමන වයසැති දියනියද ඇත. දිග සායක් හා කොට හැට්ටයකින් නටන්න සැරසී උන් ඇය සොදුරු සිනාවකින් මට සංග්‍රහ කලාය.


"රුවිනි මේ අපේ...දුව වසන්ති ... ඔයා ඊයේ රෑ එනකොට එයා නිදියගෙනනේ හිටියේ..."


"අනේ හරිම ලස්සනයි ඔයාගෙ දුව.. ...දුවටත් ඔයාට වගේම නටන්න පුලුවන් නේද... ?


මම සතුටින් ඇයව මගේ ලගට කරගෙන ඇගේ ඔලුව අත ගෑවෙමි. ඇයට දිග කොන්ඩයක්ද ඇත.


"තංගා...ගිහින් ඇදුම් මාරු කරගෙන ඇවිත් මේ ඇන්ටි එක්ක කතා කරන්නකෝ..."


සරෝජා ඇගේ දුව සමග දෙමළෙන් කතා කරයි. ඇය දියනියට ආදරේට තංගා කියාද අමතයි.


"සරෝජා සෙල්වම් ගෙදර නැද්ද..?


"සෙල්වම් රමේෂ්ගේ පරන ඔෆිස් එකේ බොස්ව හම්බවෙන්න ගියානේ...රමේෂ්ව බේර ගන්න පුලුවන් විදිහක් බලන්න..."


"අනේ ඒක ලොකු දෙයක් ....ඒ වගේම මම ඔයගොල්ලන්ගෙ ගෙදර ඇවිත් ඉන්න ආරංච්ය එයාට කියන්න පුලුවන් නම් ලොකු දෙයක්......එයා කරදරේ වැටිලා ඉන්න වෙලේ, මම මෙහෙ ඇවිත් ඉන්න ආරංච්ය දැනගත්තොත් එයාට ඒකත් සැනසීමක් වෙයිනේ..."


"ඔව්...ඒකත් ඇත්ත....අපි යමු රුවිනි දවල්ට උයන්න...ඔයාට අපේ කෑම හරියයිද දන්නෙ නෑ....අපි වෙජිටේරියන්නේ..."


"ඒක ප්‍රශ්නයක් නෑ...ඔයගොල්ලෝ මට මේ විදිහට සලකන එකත් ලොකු දෙයක්..."


"අම්මා අප්පා ආවා...."

වසන්ති දියනිය ගෙයි ඉදිරිපස දෙසට දිව යයි...


"අන්න සෙල්වම් ගෙදර ආවා...අපි බලමු එයාගෙන් රමේෂ්ගේ විස්තර අහලා...."


සෙල්වම් දහඩිය පෙරාගෙන ගෙට ඇතුල්වුනේ බැරෑරුම් මුහුනක් මවාගෙනය.....

මම සාලයේ කොනට වෙන්න පුටුවක වාඩි ගත්තෙ...ඔහුගෙන්, රමේශ්ගෙ තොරතුරු දැනගැනීමේ නොවිසිල්ලෙනි.


"සරෝජා මට වතුර එකක් ගේන්න ..."


ඔවුන්ගේ දියනිය තංගා කුස්සියට දිව ගොස්, විගහින් වතුර ජොග්ගුවක් ඔහුට ගෙනිහින් දුන්නාය.


සරෝජා ඔහුගෙ පුටුව ලගින් ඉදගෙන ... රමේෂ්ගෙ විස්තර දැනගැනීමේ නොවිසිල්ලෙන්, මා ලෙසම ඔහුගෙ මුහුන බලා සිටියාය. ඔහු ගොඩක් මහන්සියෙන් ඉන්නා බව පෙනේ... ..එබැවින් අපි ඔහු කතා කරනා තෙක් බලා උන්නෙමු .


"රුවිනි...මම අද උදේ රමේෂ්ගෙ පරන ඔෆ්ස් එකට ගිහින් එයාගෙ ලොක්කා හම්බුනා...එයා සිංහල කෙනෙක් ...රමේශ් ගැන කිව්වහම මිනිහා බය වුනා...මම එයාට පැහැදිලි කරා..රමේෂ් ඒගොල්ලෝ හිතන විදිහ ත්‍රස්තවාදීයෙක් නෙමේ...වැරදීමක් වෙලා එයාව එක්ක ගිහින් තියෙන්නේ කියලා ....පොලීසියට කෝල් එකක් දීලා එයාව රිලීස් කරලා දෙන්න කියල කිව්ව...... . මිනිහා බයයි, එයත් ඔය ප්‍රශ්න වලට පැටලැවෙයි කියලා.... පස්සෙ මම රමේෂ් එහෙ කාලයක් වැඩ කලේ කියලා ...,එයාගෙන් බලෙන් වගේ ලියුමක් ඇරන් ආවා....


"ඇත්තද...ඒක හොදයි .."


"ඊට පස්සෙ මම රමේශ්ව, ඊයේ රෑ එක්ක ගෙන ගිය පොලීසියට ගියා....අපරාදේ මම යනකොට පරක්කු උනා.. ...අද උදේ රමේෂ්ව කිලිනොච්චියේ හමුදා කදවුරකට එක්ක ගිහිල්ලා ..."


"අය්යෝ......අපරාදේ ..දැන් මොකද අපි කරන්නේ..."


මම ඇසිය යුතු ප්‍රශ්න සරෝජා සෙල්වම් ගෙන් ඇසිය. මගේ දෙනෙතින් කදුළු ගලන්න පටන් ගත්තාය...රමේෂ්ට කදවුරකදී කරදරයක් වේදෝ කියා... මට ඇති වුනේ විශාල බයකි.....


"මගේ ගාව තිබුනනේ රමේෂ්ගෙ වවුනියාවේ අම්මලාගෙ ගෙදර ඇඩ්ඩ්‍රස් එක.... මම කෝකටත් එන ගමන් ඒ ඇඩ්ඩ්‍රස් එකට ටෙලිග්‍රෑම් එකක් ගැහුව්වා...රමේශ්ව කිලිනොච්චියේ හමුදා කදවුරට ගෙනිච්චා ගිහින් හොයලා බලලා බේර ගන්න කියලා."


"ඔව්...ඒක හොදයි ...එතකොට ඒගොල්ලෝ මොනව හරි කරයිනේ...දැන් රුවිනිට අපි මොකද කරන්නේ...?

සෙල්වම් මා දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයකිනි.


"අපි රුවනිව තව ටික දවසක් මෙහෙම තියාගෙන ඉදලා...කොහොම හරි රමේෂ්ට පනිවිඩය අරිමු රුවිනි මෙහෙට ඇවිත් ඉන්න බව..."


"රමේශ්ව ඒගොල්ලන්ගෙ ගෙදර අය බේරගත්තොත්....ඊට පස්සේ අපි රුවිනි ගැන ඒගොල්ලන්ට කියමු. දැන්ම රුවිනි ගැන රමේශ්ගෙ ගෙදර අයට කියන්න බෑනේ...රුවිනි දැන් බැදපු කෙනෙක් නිසා, අපි ඒකත් දැන් හංගන්න ඕනනේ...."


අනේ දෙවියනේ මට උන දෙයක් ...දෙමව්පියන්ට අකීකරු වෙලා ,මම කරපු මුරංඩු වැඩේ නිසා මට දෙවියන් දඩුවම් දී ඇති හැටි.......මට අදින්න ඇදුමක් නැත...අතේ සල්ලි නැත...රැකියාවක් ,ඉන්න හිටින්න තැනක් නැති මම ඉස්සරහ කාලේ මොනවද කරන්නේ කියා හිතා ගැනීමට බැරුව අසරන වී හිදින්නෙමි..... මට ඉකිගැසී ඇඩෙන්නට විය.


මට හදිසියේ මගේ හොදම යාලුවා ශර්මිලා මතක් විය...ඇයට කතා කර ඇගෙන් උදව්වක් ගතයුතු යැයි මට සිතුනි.


"සෙල්වම් මගේ ඔෆ්ස් එකේ යාලුවෙක් ඉන්නවා ශර්මිලා කියලා .... එයාට පනිවිඩයක් ඇරලා මට එයාව, මෙහෙට ගෙන්න ගන්න පුලුවන් නම්...මට ඔයගොල්ලන්ට කරදර කරන එක නවත්වලා එයාගෙ ගෙදර යන්නත් පුලුවන් වෙයි...."


"ඔයා අපට කරදරයක් කියලා හිතන්න එපා.... මට එයාගෙ ටෙලිෆෝන් නොම්බරය දෙන්නකෝ...මම තව ටිකකින් ගිහින් , පොස්ට් ඔෆ්ස් එකෙන් එයාට කොල් එකක් දීලා බලන්නම්."


"අද සෙනසුරාදානේ සෙල්වම්.... ඔෆ්ස් එක අද හාෆ් ඩේ වහනවා....ඔෆ්ස් එකේ ෆොන් නම්බර් එක විතරයි එයාට පණිවිඩය දෙන්න තියෙන්නේ.....එයාගෙ ගෙදරට ෆෝන් නෑ.....එයාගෙ ගෙදර නම් තියෙන්නේ දෙහිවල, මට මතකයි එයාගෙ ගෙදර ඇඩ්ඩ්‍රස් එක....දෙහිවල ගියොත් එයාව හම්බවෙලා එන්න පුලුවන් ..."


"දැන් මේ තියෙන තත්වය උඩ...රුවිනි ඔයා, ගෙදරින් එළියට බහින එක අවදානම්.. ...මම තව දවසකින් දෙකකින් විතර එහෙ ගිහින් ශර්මිලා මේ විස්තර කියල එන්නම් .....දැන්ම ශර්මිලාලගෙ ගෙදර යන්න හොද නෑ...එයා ඔයාගෙ හොදම යාළුවා නිසා ,ඔයගොල්ලන්ගෙ බාප්පලා එහේ ගිහින් ඔයාව එහෙත් හොයනව ඇති...."


"තැන්ක්ස් සෙල්වම් මට උදව් කරනවට...මම මේ කරදරේ වැටුන වෙලේ..."


මම මොනවද කලයුත්තේ කියා මට සිතා ගැනිමට නොහැක. දවස් දෙකතුනකින් හරි ශර්මිලා ගෙන්න ගෙන මේ විස්තර කියලා මොනවද කරන්න පුලුවන් කියල එයාගෙන් හරි අදහස් ගන්න පුලුවන් උනොත් හොදයි ...

රමේෂ්ව හමුදාවේන් අල්ලාගෙන ගිය කතාව දැනගත්තොත් ශර්මිලා මොනවා කියයිද කියාත් මට බයයි..... ඇය අනිවාර්යයෙන්ම මම මේ කල මෝඩ වැඩේට, මට හොදටම බනින එක නම් සහතිකයි.


මගේ මගුල් ගෙදර ඊයේ ය ආ වෙලෙත් ශර්මිලා කිව්වේ....මම රමේෂ් අතහැර සුපුන් කසාද බැදපු එක හොදයි කියලයි... ඇය ඒ වනවිට අපේ අම්මලාගෙ පැත්ත ගෙන තිබුන නිසා...මට දැන් ඇය මුණ ගැසීමට සැකයක්ද ඇත.


මට දැන් හැමදේම නැතිවි ඇත ...ඇගට ඇදන් ඉන්නේද වෙන කෙනෙකුගේ ඇදුමකී. මගේ අම්මා, බාප්පා ලගට මට ආයෙත් යෑමට බැරිය....

ඔවුන් දැන් මා ඔවුන් නැති කිරිමට ආ හැතිරියක ලෙස හදුන්වනවා ඇත. ජිවත කාලයටම මට මගේ නැදෑයින් අතරට යෑමට බැරිවෙනු ඇත.....මම දැන් රමේෂ් මත්තේම මැරෙනවා විනා මට වෙන ගොඩ ඒමක් නැත.


මම සෙල්වම්ලගෙ ගෙදර විත් දින තුනක් පමන ගෙවීගියේ ඇඩු කදුලෙන්මය....රමේෂ් ගැන හරි හැටි තොරතුරක් නැතිකම.....හරියට අදින්න ඇදුමක්, කෑමක් නැතුව සරෝජා සමග හිතේ හැටියට මගේ දුක කියා ගැනිමට නොහැකි වීම, මාව තව තවත් මානසිකව වැටෙන්න තත්ත්වයට පත්කර තිබුනි.....


සෙල්වම්, ශර්මිලා හමුවීමට යන්නේ කවදාදැයි මම ඇගිලි ගනිමින් උන්නෙමි.


අවසානයේ දින තුනකට පසු සවසක, සෙල්වම් ශර්මිලා සොයා ඇගේ ගෙදරට යන්න, මගෙන් ඇගේ ලිපිනය ඉල්ලා ගත්තේය. ඔහු ශර්මිලා හම්බවීමට ගිය මොහොතේ පටන්, මම ඔහු නැවත එනතෙක් බලාඋන්නේ ගෙදර ජනෙලයක් ලගට විය.


මේ වනවිට මම සරෝජාගෙ ගෙදරින් එළියට නොගොස් ගේ ඇතුලටම වී උන්නේ පුදුම අපහසුවකිනි. මම සරෝජාගෙ නැටුම් පංතිය තියෙන දිනට, ඒ දෙස බලා උන්නෙ හිත සැහැල්ලුවෙන් ටික වේලාවක් හෝ තියා ගැනිමටය....


පාසැල් නිවාඩු කාලයේ සරෝජාගෙ දියනිය ගෙදර සිටිම නිසා, දවල් දවසට මම ඇගෙන් දෙමළ අකුරු ලියන්නට හෙමිහිට ඉගෙන ගත්තෙමි. ඔවුන් තිදෙනා , දෙමළෙන් කතා කරනා හැටි හොදින් අසාගෙන ඉදිමින්....මමත් දෙමළ වචනය දෙක තුන කතා කරන්නට ඉගෙන ගනිමින් උන්නෙමි.


සෙල්වම් මා වෙනුවෙන් රමේෂ් සොයා ගන්නට, මහන්සි වන බව වැටහී ගොස් තිබුනි...රමේෂ් නිසා ඔහු මහන්සි වනවා හෝ ඔවුන්ට සිංහල මම වදයක් නිසා එසේ කරනවාද යන්නත් සැකය. මා මෙතනින් ඉක්මනට පිටත් කර හැරීමට ඔහු වෙහෙසනවාද කියා සැකය.


සෙල්වම් ශර්මිලාගේ ගෙදර යන මොහොතේ ...මම ශර්මිලාට පොඩි ලියුම් කෑල්ලක් ලියා ඔහු අතේ යැව්වෙමි . එහි විශේශයෙන් ලිව්වේ...මට අදින්න, ඇයගේ ඇදුම් ටිකක් සෙල්වම් අතේ එවන්න කියායි. හේතුව පසු දිනවල ඉදන් මම සරෝජාගෙ දිග ගවුම් ඇදන් ඉන්නේ අපහසුවෙනි. සරෝජා අදින විදිහේ ඇදුම් මට නොගැලපේ...ශර්මිලාගේ ඇදුම් නම් මීට ප්‍රථම ඇගේ ගෙදර ගිය කලද මා ඇද ඇත.


රෑ හත විතර වෙනකොට සෙල්වම් ගෙදර ආවේය. ඔහු ගෙට ඇතුල්වුන වහා බෑගයක් මා අත තබා ගේ ඇතුලට ගියේය.


මම වහා සෙල්වම් දුන් බෑගය රැගෙන මම සිටින කාමරයට ගොස් බැගය ඇර බැලුවෙමි. ඒ තුල ශර්මිලා ලියා එවු කෙටි ලිපියක්ද තිබුනි.


මිතුරිය රුවිනි ,

ඔයා පුලුවන් තරම් ඉන්න තැනක පරිස්සමට ඉන්න...එළිපහලියට යන්න එපා....ඔයාගෙ නෑදෑයින් ඔයාව දැක්කොත් මරයි... ඔයාව හොයාගෙන ඔයාගේ බාප්පයි මාමයි අපේ ගෙදරත් ආවා...මට තර්ජයද කලා......සුපුන්ලගෙ ගෙදරට ඔයා පැනලා ගිය බව කියන්න පනිවිඩය රැගෙන ගිය නෑදැයින් වන පිරිමි දෙන්නට සුපුන්ගේ නෑදැයින් හොදටම ගහලා...ඒ දෙන්නත් දැන් ඉස්පිරිතාලෙලු..ගාල්ලේ ගෙදර ඔයගොල්ලන්ගෙ දෙවන ගමනට,මහා ලොකු උත්සවයකට සැරසී ඉදලා තියෙනවා.... ඔයා පැනලා ගිය නිසා ඔයාගෙ මුළු පවුලටම ලොකු කරදර, ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙලා තියෙන්නේ ...ඒ නිසා ඔයා කාලයක් යනකම් පේන්න එළියට යන්න එපා...මට ඔයාව බලන්න එන්න විදිහක් නෑ...මටත් ප්‍රශ්න එන්න පුලුවන් ...ඒ නිසා ටික දවසක් ඉදලා මම ඔයාව බලලා යන්න එන්නම්.... මගේ ගෙදර නොම්බරයට ඔයාට ඕන් දේවල් කියලා මට ලියුම් එවන්න. "සෙල්වම්ව" අපේ ගෙදර ආයේ එවන්න එපා...අපි පස්සෙ හමුවෙමු . ඔයාට මගේ ඇදුම් වගයක් එවලා ඇති. තව සල්ලි ටිකකුත් එව්වා...අවශ්‍ය දේකට ඕවා ගන්න. මම නවතිමි. ඔයාට දෙවි පිහිටයි.


මේ ඔයාගෙ මිතුරිය ශර්මිලා ..


අපි හෙට හමුවෙමු ..


*ප්‍රිසිලා ගොඩහේවා *

5 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentários


bottom of page