top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි 🌺🌺

💞මට හිමි ඔබයි💞

(37 වෙනි කොටස)

https://www.facebook.com/groups/2653780434897311/permalink/2751121201829900/

මා නිදාඋන් කාමරයේ විදුරු ජනේලයෙන්, උදෑසන හිරු රැසක් මුහුනට වැටි තිබියදී මගේ ඇස් ඇරීන.....


කාමරයේ බිත්තියේ ගසා තිබුන ඔරලෝසුවේ කටු වලින් පෙන්නුම් කලේ.... උදෑසන දහයට කිට්ටු කර ඇති බවකි....කවදාවත් නැති තරමට මට හොදටම දහවල් වනතෙක් නින්ද ගොස් ඇත. ඊයේ දවස පුරා, සිදුවුන නොයෙකුත් ආකාරයේ සිදුවීම්.... ,දුක් වේදනා , කනස්සල්ල, තෙහෙට්ටුව, සැක බය ආදි සියල්ල කැටි කරගත් සිදුවීම් හා ගමන් මහන්සිය නිසා මෙපමණ වේලා මට නින්ද යන්නට ඇත. මගේ නින්දට බාදා නොකොට සරෝජා ඇගේ සුපුරුදු වැඩ රාජකාරියේ යෙදෙනවා ඇතැයිද මට සිතේ...


මම එලෙසම ඇදේ උඩුපිලි අතට නිදාගෙන ටික වේලාවක් කල්පනා කරමින් උන්නේ....ඊයෙ උන සිදුවීම්‍ ය.....


ඒ සමගම මට රමේෂ් ගැන සිහිපත් වී ඇතිවුනේ විශාල බියකි. රමේශ්ව ඊයේ දිනයේ LTE සාමාජිකයෙක් බවට සැක කර ඔහුව හමුදාවෙන් රැගෙන ගිය ආරාංචිය මගේ හිත භීතියකට පත් කර තිබුනි. හමුදාව සැකකල ආකාරයට ඇත්තටම ඔහු කොටි සාමාජිකයෙක්ද...? මට තවමත් විසදාගත නොහැකි ප්‍රශ්නයක් බවට එය පත්වී ඇත.


සාමාන්‍ය අහිංසක හිතහොද ,දමිළ ජනයාගේ දරුවන් ....උතුරේ ත්‍රස්තවාදී කල්ලි වලට යොමුවුනේ කෙසේද කියා....මෙපමණ දවසක් මට හිතන්න අවශ්‍ය වී නොතිබුනී.

නමුත් ඊයේ රෑ රමේශ්ද සැකපිට හමුදාව විසින්, අල්ලාගෙන ගිය ආරංචියෙන් පසු, මට ඒ ගැන මුළ සිට සිතන්නට සිදුවිය.


මම පාසැල් යන කාලයේ ආරංභ උන 1971 කැරැල්ල ගැන මට තවමත් මතකයක් ඇත....ඒහි අවසානයත් සමගම.... හෙමිහිට හිස එසෙව්වු උතුරේ තරුණයින්ගේ කල්ලිද.... ත්‍රස්තවාදී කල්ලි බවට පත්වීගෙන යන බව මම දැනගෙන උන්නෙමි....නමුත් මේ කල්ලියට, රමේශුත් ඇතුලත් වී ඇති බව මම නොදැන සිටි කාරණයකි. එය සත්‍ය තොරතුරක්ද අසත්‍යක්ද කියා මට හොයා බැලීමට කාලය පැමින ඇත. ඔහු කොටි සාමාජිකයෙක්ද

කියා, සැකයට හෝ සිතනා කල, මගේ හිත භීතියකින් පිරි යයි.....


දශක ගනනාවක් පුරා... ලන්දේසින් ,පෘතුගීසින්,ඉංග්‍රීසින්ට යටත්ව තිබු අප

ශ්‍රී ලංකාව....අපේ එකල සිංහල විරුවන් විසින් අමාරුවෙන් ලබාගත් නිදහස,....ඉන් පසු බිහිවු සෑම ආන්ඩුවකම, පක්ශයකම, තිබුන නොයෙකුත් අඩුපාඩු හා ආර්ථික උද්දමනය හේතු කොටගෙන හෙමිහිට ආරංභ වුන කැරළි බවට පත්වුන බව අප කවුරුත් දන්නා කරුනුය.... ඒ ගැන ලංකාවාසි අප සියලු දෙනා ලොකු හෝ පොඩි වශයෙන් දැනුවත්වී ඇත.


මුළින් විශ්වවිද්‍යාල සිසුන් හරහා ආරංභ උන කැරළි ගැසීම්....පසුව ලාංකික සිංහල දකුණු තරුණයෝ... ප්‍රාදේශීය වශයෙන් රජයට එරෙහිව කැරළි ගසන්නට වූහ.


1971 දී දකුනේ තරුණයො ජනතා විමුක්ති පෙරමුණ නමින් නව දෙශපාලන පක්ශයක් බිහි කොට....එවකට තිබු සමගි පෙරමුණ නම් රජය ,පෙරළිම සදහා අසාත්ථක කැරැල්ලක් දියත් කල කාලවකවානුව තවමත් මට මතක තිබේ.....ඒ කාලයේ අප විදි කරදර, කම්කටොලු එවකට ජිවත් වුවන්ට තවමත් අමතක නැතුව ඇතැයිද මගේ විශ්වාස වේ.....

එකල පැවැති රජය එම කරදර කාලවල, එම කැරළි වලට ක්‍රියාකාරිව සම්බන්ධ වුවන් හා නායකයන් 1200 ක් පමණ සිරගත කර තබා කැරළි මර්දනය කීරිමට සමත් විමත් එකළ විශාල ජයග්‍රහණයක් විය..

1977 හයෙන් පහක බලයක් ලත් එ.ජා.පක්ෂ නායක ජෙ. අර්. ජයවර්ධන මහතා ,එම නායකයන් කෙරෙහි, කරුණාවෙන් හෝ දකුණ දියකර හැරිමේ අරමුනෙන් 1978දී එම කැරළි කරුවන් නිදහස් කර හරින ලදී ....එසේ නිදහස් වුනු ජෙ.වි.පි. නායකයින් ඇතුළු ක්‍රියාකාරින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ප්‍රවාහයට එක් වු ආකාරයත් අපට අමතක නැත.....


එම අභිලාෂය ලද උතුරේ තරුණයොද.... එවකට රජයට එරෙහිව මහා පරිමාණයේ කැරළි ගසන්නට පටන් ගත් කාලයක් විය.


ජෙ. වි. පි. නායකයන් හා ක්‍රියාකාරින් 1978 දී නිදහස් වීමෙන් පසු....,ඔවුහු ත්‍රස්තවාදී ක්‍රියාවලින් මිදී 1980 පැවැති සංවර්ධන සභා මැතිවරනයට ඉදිරිපත් වීමත් වැඩිහිටියන්ට හොදට මතක ඇතියැයි මම සිතමි.


ජ.ව්.පි. සිරකරුවන් නිදහස් කිරිමෙන් පසු ජෙ.අර්.ජයවර්ධන මහතා අපේක්ෂා කල පරිදි 1975 සිට මෙරට පැවති වමේ දේශපාලන පක්ෂ දියවි ගරා වැට්ම් ආරංභ වුන කාලයකී....


ජෙ.ආර්.ජයවර්ධන මහතාගෙ පක්ෂ ආන්ඩුව හදුන්වාදුන්, විවුර්ත ආර්ථික‍යෙන් පසු උතුරේ කෘශිකර්මාන්තය අඩ පන විම හෙමිහිට ආරංභ වීම සිදුවිය.......


දශක ගනනාවක් ඉතා සශ්‍රීකව උතුරු ප්‍රදේශයේ 90% යැපුනු කෘශිකර්මාන්තය අඩපණ වීමත් සමග..... හැත්තෑව දශකයේ ආරංභයේ සිටම උතුරේ හෙමිහිට බිහිවෙමින් තිබුන සන්නද්ධ කල්ලි.... අසුවේ දශකය ආරංභ වෙත්ම ත්‍රස්තවාදී කන්ඩායම් බවට පරිවර්තය වෙමින් තිබුනි.


1977 මැතිවරනයෙන් හයෙන් පහක බලයක් ලත් එ.ජා.ප ආන්ඩුව උතුර අමතක කරමින්... පාලනය ගෙන යෑම නිසාත්.... එහි කෘශිකර්මාන්තය එකවරට පහත වැටුම නිසාත් ,ඇතැම් දමිළ නායකයින්ගේ උසිගැන්වීම් මත උතුරේ සන්නද්ධ ත්‍රස්තවාදී කල්ලි මහ පරිමානයෙන් බිහිවන්නට විය.....

එලෙසින් බිහිවු උතුරේ ත්‍රස්තවාදීන් සමාජිකයන් ගනයට රමේශුත් අයත් වෙනවාදැයි, මගෙ හිතේ දැන් පොඩි සැකයක් මතුවෙමින් ඇත. ඔහුට මගෙ බාප්පා ඇතුළු නෑදෑයින්ගෙන් උන කරදරය හේතුකොටගෙන....පෞද්ගලික කේන්තිය පිරිමසා ගැනිම සදහා ඔහු ත්‍රස්තවාදී කල්ලියකට බැදුනාද යන්න ගැන මට දැන් ඇත්තේ සැකයකී....අප දෙදෙනා මුණ නොගැසුනු මාස දෙකකට වැඩි කාලය තුල,

ඔහු එවැනි කල්ලියකට සම්බන්ධ වී ඇත්නම්......මම මගේ ඉදිරිකාලේ මොනවද කරන්නේ කියා මට තවමත් සිතා ගැනිමට නොහැක..... අවසාන වශයෙන් බැලීමේදි මගේ නෑහිතමිතුරන් සියල්ල අහිමිවු මට දැන් ඉතිරි වී ඇත්තේ රමේෂ් ඇතුළු දමිළ ජාතිකයන් පමනී. එබැවින් මම ඔවුන් සමගම ඉදිරියට යනවා ඇරෙන්න වෙන විසදුමක් නැති තත්ත්වයට පත්වි ඇත.


මම කොහේටද මේ දැන් ඇවිත් ඉන්නේ...මම මොනවද මෙහේ කරන්නේ.....මේ ගෙදර ඉන්නෙත් මගේ ජාතියෙන් පිට කොටි ත්‍රස්තවාදීන්ගේ ජාතිය ආගම වූවන් නොවෙද...?මම කොහොමද දැන් මොවුන් විශ්වාස කරන්නේ...?මගෙ හිතට මහ බයක් වැනි හැගීමක් ඇතිවි ඇත......මම නිදා උන් ඇදේ... මගේ ඇගට පොඩිවී තිබුන රමේශ්ගෙ , ලානිල් ඉරි කමිසය තුලින් හොදට පුරුදු ,රමේෂ්ගේ සුවද විහිදුනී....එය නහයට දැනුන සැනින්....මට දමිළ කොටි ත්‍රස්තවාදීන් සිහිවිය... එසැනින්...මගේ ඇගේ සර්පයකු ගෑවුනු කලෙක මෙන්...., මම ඇසිල්ලෙන් කෙලින් වී ඇදේ වාඩි වූයේ කමිසයේ නොගැවීය..... මේ...කමිසය..

අපේ සිංහල පරපුර විනාශ කරන්න ආ ත්‍රස්තවාදීයෙකුගෙද...?


මම කවුද..? මම මොනවද කලේ...ඉස්සරහට මොනවද කරන්නේ...? මම මේ දෙමළ මිනිසුන් අතහැර, නැවත මගේ මිනිස්සු සොයා යනවද...මොවුන් සමග නවතිනවද..? මගේ පරම්පරාවටම විශාල අවනම්බුවක් කල මා කිසි දින මා නැවත මගේ සිංහල පරපුර වෙත පිලිගන්නේ නැති බව දැන් මට සහසුදක් සේ ස්තිරය...එසේ නම් මම දැන් කුමක් කල යුතුද...මම විවාහය අතරමග දමා ආ අවලම් ගැහැනියක සේ ලේබල් ගැසී ඇත. මා හට නැවත සිංහල සමාජය වෙත ඔලුව කෙලින් තියාන නැවත යාගත නොහැක. එසේනම් මම කුමක් කල යුතුද... ?


පැය ගානක හොද නින්දක් නිදා නැගිටුනු මට.... මගේ මොලේ දැන් හොදින් වැඩ කරනු ඇතැයි සිතේ...


ඉදිරි කාලේ...මගේ පරපුර මා කිසි ලෙසකවත් ඔවුන්ගේ සමාජයට මා පිලිගන්නේ නැති බව මට ඉරහද සේ විශ්වාසය...එබැවින් මම හොදට හෝ නරකට මගේ අනාගතය මේදෙමළ ජනයා සමග ගත කරන්නට හිත හදාගත යුතුයියැයි සිතේ...


එතකොට හමුදා කදවුරකට ගෙන ගිය රමේෂ් නැවත පැමිනිය හොත්...මට ඔහු සමග පවුල් කෑ හැකිය....නැතහොත් රමේෂ් නිදහස් නොකට ඔහු දිගටම සිරකදවුරක සිරගත කලොත්....එසේ නැතිනම් ඔහුව හමුදාව විසින් අන්ත්‍රස්දානය කලහොත්...මම මොනවද කරන්නේ...කවුද මා බලා ගන්නේ... රැකියාවක්, දෙමව්පියන් , අතේ සතයක් නැති....කොටින්ම අදින්න ඇදුම් පැලදුම් වත් නැති මට කවුද පිහිට වන්නේ....සෙල්වම් හා සරෝජා ..ඕන උනොත් මා සුමානයක් දෙකක් කන්න බොන්න දී මා බලා ගනියි...ඉන් පසු මට මොකද වෙන්නේ...ගෙයින් එළියට බහින්න නිදහසක් නැති මම මගේ බඩ වියත රැක ගැනීමට මොනවද කල යුත්තේ.....රමේෂ් හමුදාකදවුරකට රැගෙන ගිය දුක හා සමානව, ඔහු ගැන මගේ හිතේ දැන් බයක් ඇතිවී ඇත. ඒ ඔහු ඇත්තටම කොටි සාමාජිකයෙක්ද කියා මට දැනගන්නට ලොකු අවශ්‍යතාවයක් දැන් ඇති වි ඇත. ඒ අනුව ඔහු කිනම් පුද්ගලයෙකුද දැන ඔහු අතහරිනවද නැද්ද මට තිරණය කිරිමට සිදුවෙයි.... දැන් බලාගෙන යන විදිහට ...ඔහු කොටියෙක් උනත් නැතත්...මට ඔහු මත්තේම නැහෙනවා ඇරෙන්න වෙන කිරිමට කිසිම දෙයක් ඉතුරු වී නැති බව, මගේ අනුවණ මොළයට වැටහී යයි..... මම සරෝජා සමග රමේෂ් ගැන කතා කර තීරණයක් ගතයුතුයැයි සිතා කාමරයෙන් එළියට යන්නට ඇදෙන් බැස්සෙමි.


සරෝජාගෙ නිවසේ සාලය දෙසින් ගෙජ්ජි හඩක් සමග තාලම්පටක මිහිරි සද්දයක් ඇසෙමින් පවති. ඒ මිහිරි හඩ අතරින් සරෝජාගේ දෙමළ කතාබහද ඇසේ...මම හෙමිහිට කාමරයේ දොරරෙද්ද මෑත් කර හොරහින් ඒ දෙස බැලුවෙමි.

සාලයේ පුටු සෙටිය, පැත්තකට කර ,සාලයේ මැද ඉඩ ඇරගෙන ගැහැනු ළමයින් හතර දෙනෙක් ...සරොජාගේ තාලම් පට හඩට තාලයක නටනු පෙනේ...ඔවුන්ගේ කකුලේ බැදි ගෙජ්ජි හඩද තාලයකට හඩ දෙයි. මම හෙමිහිට නානකාමරයට ගොස් මුහුන කට සෝදා එළියට එනවිට, සරෝජා සිනාසෙමින් මාළගට ආවාය.


"ගුඩ් මෝනින් රුවනි....ඔයා නිදිනිසා මම කතා කලේ නෑ....හොදට නින්ද ගියාද...? මම ගෙදර ඉදන් අපේ ටැමිල් ගෑනු ළමයින්ට ඩාන්සිං ක්ලාස් එකක් කරනවා...ක්ලාස් එක ඉවර උනාම අපි කතා කරමු. ඔයා කාලා එන්න...මගේ ක්ලාස් එක බලන්න. කෑම මේසේ උඩ වහලා ඇති...."


"හා ..තැන්ක්ස් සරෝජා... ඔව් ගොඩක් වෙලා හොදට නින්ද ගියා..."


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

3 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Yorumlar


bottom of page