top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි 🌺🌺

💞මට හිමි ඔබයි💞

(36 වන කොටස)

https://www.facebook.com/groups/2653780434897311/permalink/2749464441995576/

බෙළිහුල්ඔය තානායමේ, මංගල රාත්‍රීය,තම අලුත් මනාලිය සමග ගතකරන්න ආ සුපුන් .......මුළු දවසම තද කරගෙන තිබු ඇදුම් ගලවා දමා...හොදින් සීතල වතුරෙන් ඇගපත දොවාගත්තේ සතුටිනි....


තම ආදරබර බිරිඳ සමග, ප්‍රථම රාත්‍රීය ගතකරන්නට පෙරුම් පුරමින්.... නාන කාමරයේ දොර ඇර එයින් එළියට ආවේ, තම ආදරණීය බිරිඳ දකිනා රිසියෙනි....


එහෙත් තම ලාබාළ බිරිඳ කාමරයේ නොමැති බව දුටු සුපුන් ... ඇගේ නම කියා දෙතුන් වරක් හඬ නැගීය.


"රුවිනි...රුවිනි ..ඔයා කොහේද..?"


ඇගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලත් සුපුන් කලබලයෙන් මෙන් ඇඳුමක් දාගෙන කාමරයෙන් පිටතට පැමිණියේය.....තම බිරිඳට මේ පාළු තානායමේදී සිදු වූයේ කුමක්දැයි සිතා ගත නොහැකි වූ ඔහු කොරිඩෝ එක දිගේ දුවගෙන මෙන්, හෝටලේ ඉදිරිපස කරා ඇදුණේ එහිවත් ඇය සිටී දැයි දැනගැනීමේ අටියෙනි.


“සර් කොහෙද මේ හදිසියේ යන්නේ? අන්න නෝනා නම් මඟුල් ඇඳුම පිටින්ම අර පැත්තට ගියා...."


“කොයි පැත්තටද...?


“මං කිව්වා බෙළිහුල්ඔයට යන්නේ මේ පැත්තෙන් කියලා.... ඒත් නෝනා තානායමේ ඉස්සරහ පැත්තටයි ගියේ...."


“ආ එහෙමද? එහෙනම් නෝනා ඉස්සරහ ඇති....

තානායමේ සේවකයාගෙන් ලද තොරතුර අනුව සුපුන්, හනිහනිකට තානායමේ ඉදිරිපසට පිය මැන්නේය.


එහෙත් ඇය එහි පේන්න නැත. ඔහු පුදුමයෙන් තානායමේ කළමනාකරුගෙන් රුවිනි ගැන විමසුවේය.


“සුදු සාරියක් ඇඳගත් කෙනෙක් නම් එළියට ගියා.... මම එච්චර නෝට් කළේ නෑ සර්...."


සුපුන් නැවත කාමරය වෙත පිය මනින්නට විය. ඒ රුවිනි තමා එළියට ගිය අතරතුරේ, නැවත කාමරය කරා පැමිණ ඇත්දැයි සැක සිතාය.


කාමරයට පැමිණි සුපුන්ට .... එක්වරම කාමරයේ මේසය මත ගලවා දමා තිබූ, රුවිනිගේ මඟුල් මුද්ද හා කරමාලය නෙත ගැටිණි.


මේ මම අද උදේ රුවිනි ගේ කරට දැම්ම මාලෙයි, මඟුල් මුද්දයි නේද...?

සුපුන් සිතන්නට විය.


"ආ මේ මොකක්ද මේ කොළය...? මොකක්ද මේ කොළයේ ලියලා තියෙන්නේ...?

සුපුන් එය අතට ගෙන කියවන්නට විය.


“මට සමාවෙන්න සුපුන් .... මට එක හිතකින් ඔයත් එක්ක ජීවත් වෙන්න බැහැ.... මම ආදරය කරන්නෙ වෙන කෙනෙකුට. එයා තමයි මගේ මුළු ජීවිතේම.... මගේ ගෙදර අය මාව බලෙන් ඔයාට බන්දලා දුන්නේ. මම එයත් එක්ක ජීවත් වෙන්න යනවා. මගේ ගෙදර අයට එය දන්වන්න....

මේ,

රුවිනි .


සුපුන්ගේ සියොළඟම වෙව්ලන්නට විය. ඔහු වහා අසල තිබූ පුටුවේ වාඩි විය. ඔහුට මේ මොනවද උනේ කියා සිතා ගැනිමට බැරි විය. තම පවුලේ ආත්ම ගෞරවය, තමාගෙ අලුත් බිරිඳ , රුවිනි විසින් විනාශ කර ඇත...

හෙට මම නෑදෑයන්ට මුහුණ දෙන්නේ කෙසේද? ඔහු අසල තිබූ මේසය මත ඔළුව තියා ගත්තේ හඬමින්ය.


ඇයි රුවිනි මට කිව්වේ නැත්තේ එයා වෙන කෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ කියලා.... එහෙම කිව්වා නම් මම එයාව බඳින්නේ නැහැනේ.... දෙවියනේ... දැන් මම කොහොමද මිනිස්සුන්ට මුහුණ දෙන්නේ...? මේ මොන ලැජ්ජාවක්ද මට වුණේ....?

ඔහුගේ දෑසින් කඳුළු වැල් එළියට පැන්නේය.


මං ගෙදරට පණිවුඩයක් අරිනවා. වෙන මොනවා කරන්නද? මගේ වැරැද්දක් නෙමෙයිනේ.... මේ ගැනිගේ මුරණ්ඩුකමට මං මොනවා කරන්නද?


සුපුන් දුරකථන ඇමතුමක් ගැනීමට , තනායමේ ඉදිරිපස කවුන්ටරය වෙත පිය මැන්නේ හිත ඇතුලතින් අඩමින් මෙනි.


“මට කෝල් එකක් ගන්න ඕනේ..."


සුපුන් තානායමේ ඉදිරිපස කවුන්ටරයේ සිටි සේවකයා ඇමතීය.

“කොහාටද සර් කෝල් එක ගන්න ඕනේ...?"


“කොළඹට...?


“හරි සර්....ආ.. සර් කෝල් එක ගන්න..."


සුපුන් රුවනිගේ අක්කාගෙ ගෙදරට දුරකථන ඇමතුමක් දුන්නේ...ඒ වන විට ඔවුන්ගේ රජයේ නිළ නිවාසයේ දුරකතන පහසුකම් තිබුන බැවිනි.


“මට රුවිනිගේ අක්කට කතා කරන්න ඕනේ..."


“මම එයාගෙ හස්බන්ඩ්.... කවුද මේ රෑ මේ, කතා කරන්නේ...?


“මම සුපුන් ...." සුපුන් කේන්තියෙන් කීය.


“ආ සුපුන් කොහොමද ..?. මොකද මේ අවෙලාවේ..?


“මොකද මේ අවෙලාවේ අහන්නේ..... තමුසෙලා එකතු වෙලා මට කළේ හරි වැඩක්ද? ආ...?


“සුපුන් ඇයි මේ... කලබල වෙන්නෙ නැතිව මට කියන්න මොකක්ද වෙලා තියෙන්නේ?


“වෙලා තියෙන්නේ? වෙන්න ඕන හැම දෙයක්ම මට වෙලා තියෙන්නෙ? අර ජරා ගෑනි මට මිනිසුන්ට මුහුණ දෙන්න බැරි කළා...අපේ දෙමව්පියෝ කොහොමද දැන් ගමේ මිනිස්සුන්ට...නෑදෑයින්ට මුහුන දෙන්නේ...."


“ඇයි රුවිනි, සුපුන්ට මොනවද කළේ...?


“ඒකි හොරෙන්ම පැනලා ගිහිල්ලා...."


“මොනවා..."


“ඔව්, ඒකි හොරෙන්ම පැනලා ගිහිල්ලා ඒකිගේ ආදරවන්තයා එක්ක..... මට මගේ ගෙදර මිනිස්සුන්ට මුහුණ දෙන්න බෑ.... තමුසෙලා අපේ ගෙදරට පණිවුඩයක් අරිනවා මනමාලි පැනලා ගිහිල්ලා කියලා.... හෙට ඒ මිනිස්සු දෙවැනි ගමනට ලෑස්ති වෙනවා....."

සිතේ ඇති වූ ආවේගයෙන් කතා කළ සුපුන් රිසීවරය තබා තම කාමරය කරා වේගයෙන් පිය මනින්නට විය.


රුවිනිගේ මස්සිනා වූ විජිත් තමන් ඇසූ දෙයින් වික්ෂිප්තව උන් තැනම වාඩි විය.


“ඇයි මේ.... කවුද දැන් කතා කළේ?

රුවිනිගෙ අක්කා, කසුනි, ඇසුවේ ඔළුව බදාගෙන උන් තැනම වාඩි වී සිටින තම සැමියා දෙස විමතියෙන් බලමින්‍ ය.


“කතා කළේ සුපුන් ..."


“සුපුන්... ඒ මොකද..මේ රෑ...?


“නංගි තානායමෙ ඉදලා ... අරූ එක්ක පැනලා ගිහිල්ලා..."


“මොනවා... නෑ....ඒකී පැනලා ගිහින්...."


“ඔව්, ඒකි අපි ඔක්කොගෙම මූණෙ දැලි ගාලා...පැනලා ගිහින්...දැන් මිනිස්සුන්ට මූණ දීලා ඉවරයි ..."


“දෙයියනේ, මේකි මොන විලිලැජ්ජා නැති වැඩක්ද මේ කරලා තියෙන්නේ ...? මං අම්මට මුලදිම කිව්වා ඒකි යාළු වෙච්ච මිනිහටම බන්දලා දෙන්න කියලා.... කෝ මං කියපු දෙයක් ඇහුවායැ.... ඌ දෙමළා කියලා එක වචනයකත්වත් කතා කළේ නෑ.... අම්මලටත් හොඳ වැඩේ..... එක පාරක් මහපාරේ ඒ මිනිහට ගැස්සෙව්වා....දැන් ඔය වෙලා තියෙන්නේ ....."


කසුනි කියාගෙන ගියේ හිතේ ඇති වූ කේන්තියෙත් දුකත් පිට කරමින් අඬමින්ය.


“දැන් අපි මොනවද ගෙදර අයට කියන්නේ....මේ පණිවිඩය ගාල්ලෙ ගෙදරට හෙට එළිවෙන්න ඉස්සර යවන්න ඕනේ...."

විජිත් කීවේ දෙගිඩියාවෙනි.


“මොනවා කියන්නද...දැන් ඉතිරිවෙලා තියෙන්නේ ...? ඔය කා අතේ හරි ඒ ගෙදරට පණිවුඩයක් අරින්න, ඔයා එහෙම යන්න එපා...."


“අපේ ගෙවල්වලට නෙමෙයි මම කිව්වේ. සුපුන්ගේ ගෙදරට.... ..සුපුන් කිව්වා ඒගොල්ලන්ගේ ගෙදරට පණිවුඩයක් අරින්න කියලා... හෙට දෙවැනි ගමනට ගෙදර අය ලෑස්ති වෙනවා ඇතිලු..."


“ඔයා එහෙනම් රෑම අම්මලාගෙ ගෙදර ගිහින් මේක කියලා එන්න...තාම රෑ අටට නෑනේ .... මදෑ වෙච්ච දේ! මේකි කොහේ ගියාද දන්නෙ නෑ.... මට හොයාගෙන ගිහින් මරන්න හිතෙනවා....."

කසුනි කේන්තියෙන් පුපුරමින් කීය.


එදින රාත්‍රියේම විජිත් රුවනිගෙ අම්මලාට පනිවිඩය කියන්න ඔවුන්ගේ නිවස බලා පිටත් විය.


ඔහු රුවිනිලාගෙ මහ ගෙදරට ළඟා වන විට රාත්‍රී නමයට ආසන්නව තිබුනි. රෑ බෝ උන වෙලේ...හදිසියේම නිවසට පැමිණි විජිත්ව දුටු අම්මා හා බාප්පා කලබලයට පත් විය. උදේ මගුල ඉවරවී, පසුදින දෙවන ගමනට යන්න, එම ගෙදර නැවතුන නෑදෑයෝ තැන තැන වාඩිවී කතාබහ කරමින් ඉදී....


“මොකද පුතේ, මේ මහ රෑ....අම්මා පුදුමයෙන් විජිත්ගෙන් ඇසීය.


“අපේ සායම ඉවරයි අම්මේ..... රුවිනි නංගි තානායමෙන් පැනලා ගිහිල්ලා...."


“මොනවා....ඒකී....."

ඇයට කිව හැකි වූයේ එපමණකි. ඈ එතැනම සිහිසුන්ව ඇද වැටුණාය. නෑදෑ ගැහැනුන් ඇයට ඇප උපස්ථාන කරන්නේ තැති ගැන්වීය.... බාප්පා කේන්තියෙන් කෑගසයි... .


මගුල් ගෙදර ඉවරවී එදින රෑ ගෙදර නැවති සිටි නෑදෑයෝද ... කෝපයෙන් වෙව්ලමින් රුවිනිට දොස් දෙවොල් තියන්නට වූහ.


“උන් දෙන්නව හොයලා....කොහේ හිටියත් මම මරනවා... අපට මේ කරපු නින්දාවට....බාප්පා හා මාමලා කෑගසති.


“දැන් කලබල වෙලා පලක් නැහැ.... වෙච්ච දේ දැන් වෙලා ඉවරයි. අර සුපුන්ලගේ ගෙදරට කාවහරි යවලා විස්තරේ කියන්න.... ඒ මිනිස්සු හෙට දෙවැනි ගමනට ලෑස්ති වෙනවා ඇති...

විජිත් කීවේ කෝපයෙන් කෑගසන සියලු දෙනාම සන්සුන් කරන අටියෙනි.


“කාවද දැන් මේ වෙලේ ගාල්ලේ අරින්නේ...?

රුවිනිගේ බාප්පා විමසුවේය.


“ඔන්න මට නම් බෑ....

රුවිනිගෙ ගේ මාමා කීය.


“ඔන්න මටත් නම් බෑ ගුටිකන්න යන්න....

ඒත් සමගම විජිත් අය්යා කීය.


“එහෙනම් කාවද දැන් ගාල්ලේ අරින්නේ...?

රුවිනිගෙගේ මව විමසුවේ අසරණ වූ විලසිනි.


“අපි පාලටයි, කමල්ටයි ගිහින් කියල එන්න කියමු... එළිවෙන්න ඉස්සර කියන්නත් එපා‍යෑ..... ඒ මිනිස්සු හෙට උදේ දෙවැනි ගමනට ලෑස්ති වෙනවා ඇති මෙලහකටත්...."


එවෙලෙම කුලී රියකින් පාලත්, කමලුත් තවත් දෙදෙනෙකුත් සුපුන්ගේ නිවස බලා පිටත් කර හරින්නට බාප්පා හා මාමා සමත් විය. ඒ..... ඇති වී ඇති තත්ත්වය පහදා දීමටය.


“හරියටම දන්නේ නෑ, මං නම් සුපුන්ලගේ ගෙදර...."


"මම ටිකක් දන්නවා අපි යමු...බලාගෙන ඉදලා බෑනේ..."


ඔවුහු මහ රෑ ගාල්ල බලා, එවෙලෙම ගමන් ආරම්භ කළහ. එම ගමන ගිය හතරදෙනාම චකිතයක් ඇතුව ගිය බව පෙනින.


පැය තුනකට විතර පසුව ඔවුන්ට ගාල්ලට ළඟාවිය හැකි විය.


“මං දන්නවා පාර.... යං යං තව ඉස්සරහ ගෙවල් තියෙන්නේ ..."


“ආ....ආ....අර අර ලයිට් දාලා තියෙන්නේ...මහ පොල්වත්ත අයිනේ.... අර මිනිස්සු වගයක් එළියේ ඉන්නවා පේන්නේ...තව ටිකක් ළඟට වාහනය ගන්න.


“මට නම් බෑ පණිවුඩේ කියන්න....


“අනේ මටත් බෑ....මට බයයි ඒ විස්තරේ නම් කියන්න ..."


සුපුන්ලගේ ගෙදර ඉස්සරහ දෙවැනි ගමනට මංගල ජෝඩුව පිළිගන්න ගසා ඇති තොරණ දුටු ඔවුහු සියලු දෙනා සුපුන්ගේ ගේ නිවසට යෑමට පැකිළෙන්නට වූහ.


“අර බලපන්කො, අලුත් ජෝඩුව පිළිගන්න ගහල තියෙන තොරණෙ ලොකු..... මුං හරි සල්ලිකාරයො... අර රුවිනිට, වාසනාව නැති වුණා මේ වගේ සල්ලිකාරයෙක්ගෙ ගෑනි වෙලා සැප විඳින්න....."


"ඒක තමයි ..මෝඩ එකී...දෙමලෙක් පස්සෙ ගියා සැපට ඉන්න බැරුව...."


“අර බලපන්කො තොරණෙ උඩගහලා තියෙන නම් දෙක.... **සුබ මංගලම් සුපුන් හා රුවිනිට **

තවත් තොරණ සරසනවා මිනිස්සු ...


“යං.. මෙතැන ඉඳලා හරියන්නේ නෑ. ගිහින් කියමු ඔය වැඩේ නවත්වන්න මනමාලි පැනලා ගිහින් කියලා..."


පාලයි, කමලුයි කාර් එකෙන් බැස සුපුන්ගේ ගේ නිවස බලා පියමනින්නට වූහ. මුළු වත්තම එකම මඟුල් සිරියකින් සරසමින්.... බොහෝ මිනිස්සු කඩියන් මෙන් එහෙමෙහේ දුවමින් වැඩ කටයුතු කරති. මහ රෑ වැඩ ගොඩකි.


“මහත්තයලා කාව හමුවෙන්නද ආවේ...?


“අපි මේ මනමාල මහත්තයාගෙන් පණිවුඩයක් අරගෙන ආවේ.... කවුරුහරි වැඩිහිටියෙක් ඉන්නවාද...?


“ආ... අර ගෙවල් පැත්තට යන්න මහත්තයෝ.... සුපුන් මහත්තයාගේ මාමා, ලොකු මුදලාලි ඇති.... එයා තමයි මේවාට මූලික වෙලා වැඩ කරන්නේ...."


“එන්න එන්න මම පෙන්වන්නම් සුපුන් මහත්තයාගෙ මාමාව..."


පාලයි, කමලුයි තොරණ සරසන කෙනෙකු සමග සුපුන්ගෙ මාමා හමුවන්න ගියහ.


"ලොකු මුදලාලි මහත්තයා ...මේ අය ඇවිත් තියෙන්නෙ සුපුන් මහත්තයාගෙන් පණිවුඩයක් අරන්....


“මොකක්..? සුපුන් පුතාගෙන්, මොන පණිවුඩයක්ද? කොහොමද පනිවිඩය එවේවේ..?


“සුපුන් මහත්තයා බෙළිහුල්ඔය තානායමේ ඉඳන් කෝල් කරලා කිව්වා මනමාලි හෝටලයෙන් පැනල ගිහින් කියලා....

"

“මොනවා ආයෙත් කියන්න. මට ඇහුණේ නෑ. හරියට......"


“මනමාලි හෝටලයෙන් පැනලා ගිහින්ලු....සුපුන් මහත්තයා විතරලු තානායමේ ඉන්නෙ..."


“උඹල, උඹලාගෙ එකී කරපු ලොකුකම් කියන්නද මෙතැනට ආවේ..... අපි කොහොමද දැන් මේ ගමේ මිනිස්සුන්ට මූණ දෙන්නේ...?


දැඩි කෝපයට පත් සුපුන්ගේ මාමා එසේ පවසමින් පාලටයි, කමල්ටයි අතින් පයින් පහර දෙන්නට විය‍. මෙය ඇසී අනෙක් නෑදෑ පිරිසද පැමිණ ඔවුන් දෙදෙනාට පහර දෙන්නට වූහ. ගෙදර සිටි වැඩිහිටි කිහිප දෙනෙකුගේ මැදිහත් වීමෙන් ලේ පෙරමින් බිම වැතිර සිට ඔවුන් දෙදෙනා එයින් මුදා වහා රෝහල් ගත කළහ.... මඟුල වෙනුවෙන් සරසා තිබූ සියලු සැරසිලි , සියලු දෑ කඩාබිඳ දමමින් කෝප වූ පිරිස් තොරණටද ගිනි තැබූහ.

නිවස තුළ සිදුවන ගාලගෝට්ටිය දුටු කාරයෙන් පැමිණි අනෙක් දෙදෙනා මෝටර් රථය හරවාගෙන නැවත ගියේ...පාල හා කමල් හිටි තැන ඉදිද්දීය.

පසුව ඔවුන් දෙදෙනා රෝහලට ඇතුළත් කර ඇති බව දැන ගන්නට ලැබුනි. ඔවුන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවූවද, මනමාලයාගේ පාර්ශ්වයේ උදවිය පොලීසිය වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත. එය ආරක්‍ෂාව වෙනුවෙන් ගන්නා ලද ක්‍රියාමාර්ගයකි.


රුවිනිගෙ ගේ මව යළි ප්‍රකෘති තත්ත්වයට පත් වූයේ පැය ගණනාවකට පසුය. ඈට ඇසූ, සිදු වූ සියල්ල සිහිනයක් මෙන් විය. ඇය අසරණකමින් සිදු වූ අවනම්බුව නිසා මහත් සේ කෝපයට පත්ව සිටියාය. ඇය නොනවත්වා හඬයි.


“ඕකි අද ඉඳන් මගේ දරුවෙක් නෙමෙයි. මං ඕකි මැරුණා කියලා හිත හදාගන්නවා...." සිතේ ඇති වූ ආවේගයෙන් ඈ එළිවන තුරු දෙස්දෙවොල් දෙමින් රුවිනිට බැන්නාය‍. පැමිණි නෑදෑ පිරිස් තුළද සිදු වූ ලැජ්ජාවත්, අවනම්බුත් නිසා ඇති වී තිබුනේ... අසීමිත කෝපයකී.

-හෙට හමුවෙමු -

* ප්‍රිසිලා ගොඩහේවා *

3 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page