top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි 🌺🌺

💞මට හිමි ඔබයි💞

( 34 වෙනි කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2747815842160436/

දෑසින් උනු කදුළු ගලා යද්දී ....මම නොනවත්වා දොරට ගැසුවෙමි. කුළී රත රියදුරා, මා ලගට විත් කේන්තියෙන් මාදෙස බලා හිදී....මට තව දුරටත් හිටගෙන සිටිය නොහැකිව මාව ඒ ගේදොරකඩ ඉන්දවිනි......


ටික වේලාවකට පසු වසාදමා පාලුවට ගොස් තිබුන ගෙදර ඇතුලත විදුලි බුබුළුක් දැල්වෙනු පෙනින... මම වහා සිටි තැනින් නැගිට කෑගසන්නට විය.


"සරෝජා ,සරොජා.... කියා පුළුවන් තරම් මහ හඩින් කෑගැසීය.


මගේ ඒ හඩින් පසු පාළුගෙදර, ඉදිරිපස දොර හෙමිහිට ඇරිනි.....


"සරෝජා , සරොජා ඉන්නවද...මම එයාගෙ යාළුවෙක් ...මම කළබලේ දොර දෙස බලා කෑගසා අඩමින් ඇසුවෙමි.


දොරෙන් එළියට ආ පිරිමි කෙනෙකු ...මද අදුරේ දොර මෑත් කර මා දෙස ඉතා ඕනෑකමින් බැලීය. එ ඇසිල්ලෙන් මට ඒ සරෝජාගෙ සැමියා බව හදුනාගත හැකි විය.


"අනේ සෙල්වම් මම රුවිනි ...මට මෙහෙට එන්න කිව්වේ රමේෂ්..." මම කළබලේ ඔහුට ඉංග්‍රීසියෙන් කීය...


"ඔයා...රුවිනි ...හරි පුදුමයි..මේ රෑ..." සෙල්වම් පුදුමයෙන් ඇස් ලොකු කරගෙන මගෙන් ඇසීය.


"මම ලොකු අමාරුවක වැටිලා ඉන්නේ සෙල්වම් ..."මට තවත් හයියෙන් ඇඩෙන්න විය.


"එන්න... ගෙට එන්න රුවිනි ...මම සරෝජට කතා කරන්නම්" ඔහු හිටි තැනම සිටගෙන කෑගසා සරෝජා ඇමතිය.


"සරෝජා .සරොජා ...ඉක්මනට එන්න...මේ බලන්න කවුද ඇවිත් ඉන්නේ කියලා ..." සෙල්වම් දෙමළෙන්, ගේ ඇතුල් පැත්ත බලාගෙන කෑගැසීය.


“සෙල්වම් මම කුළී කාර් එකක ආවේ.... මගේ අතේ සල්ලි නෑ.... ඔයාට පුළුවන්ද ඩ්‍රයිවර්ට සල්ලි ගෙවන්න.....ලොකු උදව්වක් ..."


“ආ... ඒක සුළු දෙයක්. ඔයා ඇතුළට යන්න. මං සල්ලි දීලා එන්නම්...."


සරෝජා ගේඇතුලේ කාමරයක සිට, බයෙන් මෙන් දොර රෙද්ද අතරින් එබි බැලීය...


ගේ තුළට දුව ගිය සෙල්වම් මුදල්ද රැගෙන විත්, වාහන රියදුරුට ගනන් බේරනු පෙනේ...


“ආනේ රුවිනි ..... මට අදුනගන්න බැරි උනා... හිතා ගන්නත් බෑ...

මේ රෑ... මේ ඔයාමද කියලා... අපි මේ දවස්වල හැමදාම ඔයා ගැන තමයි කතා කරකර හිටියේ...."


සරෝජා මා ලගට විත් මාව බදා ගන්නා ගමන් කීය.

මගේ හිතේ තිබුණු බය, සැක, වේදනාව දියවී ගොස් දෑස්වලින් තව තවත් කඳුළු පනින්නට වීය. මම සරෝජා බදා ගත්තේ මහ හඩින් අඬමින්‍ ය.


“අද උදේ ඔයා කසාද බැන්දනේ..... අපි ඔයගොල්ලන්ගේ ගෙවල් ළඟටම, වාහනයක් අරගෙන ගිහින් බලාගෙනත් හිටි‍යා .... රමේෂුත් අපිත් එක්ක ගියා....ඔයගොල්ලෝ හවස වෙඩින් කාර් එකෙ නැගලා ගියාට පස්සෙ තමයි අපි ගෙදර ආවේ....රමේෂ් හොඳටම අප්සෙට් වෙලා හිටියේ....... පස්සේ එයා අපිත් එක්කම මෙහේ ආවා..."


"අනේ කෝ දැන් රමේෂ් ..." මම ඇසුවේ වටපිට බලමින්‍ ය.


මම එසේ ඇසු කල, සරෝජා ,සෙල්වම්ගෙ මුහුන බැලුවේ බයෙන් හා දුකෙන් වගේය.


රතයේ රියදුරුට මුදල් ගෙවා ආ සෙල්වම් මට කතා කලේය.


"රුවිනි අඩන එක නවත්වලා මේ පුටුවෙන් වාඩිවෙන්න..." ඔහු ඉංග්‍රීසියෙන් මට කීය.


"මට වතුර එකක් දෙන්න සරෝජා ..." මම අසරණ ලෙස කිවෙමි.


හවස බෙළිහුල්ඔය තානායම් කාමරයේදී බිව් වතුර වීදුරුවෙන් පසු, මම වතුර උගුරක්වත්, මද්‍යයම රාත්‍රීය වනතෙක් බී නොතිබුනි.. මට වතුර උගුරක්වත් බීමට අවශ්‍යතාවයක්වත් නොතිබුනි.....සරෝජා ,සෙල්වම් දුටු පසු.. මගේ දිව,වතුර තිබාසෙන් ගිලෙන්න ලග බව දැනුනී.


"ආ...බොන්න මේ වතුර වීදුරුව ..."මම එක හුස්මට වතුර වීදුරුව බීගෙන බීගෙන ගියේ....ඇස් දෙකෙන් ගලා ගිය උනු කදුළු වැල්... පිටි අල්ලෙන් පිසදා ගනිමින්‍ ය.


“අද උදේ ඔයා බැන්දනේ.....ඔයා මේ ඒ ඇදුම් පිටින් නේද තවම ඉන්නේ...."සරෝජා මගේ සුදු සාරිය හා ආභරණ දෙස බලමින් ඇසීය.


"සරෝජා....අපි රුවිනි එක්ක පස්සේ කතා කරමු...ඉස්සෙල්ලා රුවිනිට ඇදුම් මාරු කරගෙන වොශ් එකක් දාගන්න දෙන්න..." සෙල්වම් මා සමග ඉංග්‍රීසියෙන්ද, සරෝජා සමග දෙමලෙන්ද කතා කරයි.


"ඔයා රෑට කාලද රුවිනි ...? සරෝජා සැකෙන් මෙන් ඇසිය.


"නෑ..".මම ඔලුව දෙපැත්තට වනමින් කීය.


"එහෙනම් එන්න මම ඔයාට ඇදුමක් දෙන්නම්....ඔයා ඔය ඇදුම් ගලවලා වොශ් එකක් දාගෙන එන්න...මම කන්න මොනව හරි ලෑස්ති කරන්නම්... ඊට පස්සෙ අපි කතා කරමු....." මම සරෝජා දෙස අසරණ ලෙස බැලිමි. මොවුන් මගේ ජාතියෙන්, ආගමෙන් පිට වුන් උනත්...මම කරදරයක වැටුනු වෙලේ මට උදව් කරන්න ඉදිරිපත් වීම මට ලොකු සතුටක් විය.


" එන්න රුවිනි ....බාත්රූම් එකට ගිහින් වොශ් එකක් දාගන්න.... අපි පස්සෙ කතා කරමු.... මේ මගේ රෑට අදින ඇඳුමක් ...., අලුත් ටවල් එකකුත් තියෙනවා ....

සරෝජා ඇගේ ඇඳුමක් රැගෙන විත් මට දුන්නාය. මම සරෝජා දුන් ඇදුම ඇගේ අතින්ගෙන ඇගේ පසුපස නාන කාමරය වෙත ගියෙමි.


“ඔයාට හොදටම මහන්සි ඇතිනේ,....මූනෙන් ඒක හොදට පේනවා... වොෂ් එකක් දාගත්තහම මහන්සිය යයි.... මං එතකම් ඔයාට කන්න කෑම ලෑස්ති කරන්නම්.


“ හොදයි සරෝජා මං වොෂ් එකක් දාගෙන එන්නම්....තැන්ක්ස් මට කරන උදව් වලට..."

මං ස්තුති පූර්වකව ඇය දෙස බලා කීය.


මම නාන කාමරයට ගොස් ....උදේ සිට ඇදසිටි මගේ මංගල සාරිය ගලවා දමා....වතුර මල ඇර, ඒ යට හිටගත්තේ හිතේ, ගතේ තිබුණු සියලු දුක්‍ වේදනාවන් ,බය සැක නැතිව යන තෙක් නාගැනීමටය. මම දැන් ආරාක්ශිත තැනකට ඇවිත් ඇත. මගේ හිතේ තිබුන දුක, සැක, බය මදකට නැති උන සතුටෙන්‍ ය .....වතුර මල යටට ගොස් ඔලුව අල්ලා ඇති තරම් නාගන්නට විය. මද්‍යයම රාත්‍රීය ගෙවියන මොහොතේ මම සීතල වතුර මල යට ඇස් පියාගෙන් උන්නෙමි ... ..මගේ ඇස් ඉදිරිපිට ...උදේ ඉඳන් මගේ මංගල්ලයේදී සිදු වූ සිවුවීම් සියල්ල මතක් වෙන්න පටන් ගත්තේ චිත්‍ර පටයක් විලසය. එය මතක් වී නැවත, මට තව තවත් තදින් ඇඬිනි..... හිතේ තිබූ දුක නැතිවෙනකම් වතුර මල යට හිටගෙන කෑගසා අඩමින් මා නාගත්තෙමි.....අඩමින් නාගෙන ඉවර වු පසු මම නානා කාමරයෙන් එළියට ආවේ ප්‍රබෝධමත්වය. හිතේ තිබු, දුක,සැකය බිය, වේදනාව බොහෝ දුරට කදුළු පෙරා ඇඩීමෙන් පසු පහවී ගිය ආකාරයක් මට දැනුනි. නමුත් තවමත් රමේෂ් ගැන විස්තර දැනගැනීමට, බැරිවුන කුහුලින් මම පසූ උනෙමි.


සරෝජාගේ රෑට අඳින දිග ගවුම, මට නුහුරු නුපුරුදු උනත්,මේ මොහොතේ එයවත් මට ඇදගැනීමට ලැබුනු එක ගැන මම දෙවියන්ට ස්තුති කලෙමි.


නාන කාමරයෙන් එළියට එන විට සරෝජාත්, සෙල්වමුත් සාලේ දිග සෙටියේ වාඩි වී හොරෙන් මෙන්, හෙමිහිට කතා කරමින් සිටිනවා දැක ගත හැකිවිය.


“ආ එහෙනම් රුවිනි එන්න රෑට කන්න...."

සරෝජා මා දැක, හිටි තැනින් නැගිට කෑම කාමරය පැත්තට ගියාය.


“එන්න රුවිනි මේ කෑම මේසයටම.... අද රෑට මං ඉට්ලි තමයි හදලා තිබුණේ. ඔයාට කන්න දෙන්න මම ඒවා රත් කරා... "

මා කෑම මේසයට වාඩි වු කල, සරෝජා මට කෑම බෙදා දුන්නාය. සෙල්වම්ද පැමින කෑම මේසයෙන් වාඩි විය. ඔවුන් මම කෑම කන දෙස බලමින් කෑම මේසයෙන් වාඩිවී උන්නත්, යම්කිසි දෙයකට අපහසුවෙන් ඉන්නා බව මට පැහැදිලි විය.


"ඉතිං දැන් කියන්න ...ඔයාගෙ වෙඩින් එකෙන් පස්සෙ ඔයාට මොකද උනේ කියලා ..."සෙල්වම් ඉංග්‍රීසියෙන් මගෙන් ඇසීය. "


"ඒක තමයි ඔයා ඒක ඉස්සෙල්ලා අපට කියන්න ..."සරෝජාද මා සමග ඉංග්‍රීසියෙන් කතා කිරිමට කැමැත්තක් දක්වයි. නමුත් ඔවුන් දෙදෙනාටම... සිංහලද, යම්තාක් දුරට කතා කල හැකි බව මම දැනන් උන්නෙමි. මමද ඉංග්‍රීසියෙන් ඔවුන්ට, මට අද දවසේ උන දේ විස්තර කලෙමි.....සවස බෙලිහුල්ඔය රෙස්ට් හවුස් එකෙන් පැන, රත්නපුරය හරහා මහරගමට එනතෙක් ... සිදුවු දේ කියන්න පටන් ගත්තෙමි .


ඒ සියලු දේ ඔවුන් අසා සිටියේ....

පුදුමයෙනි. අද උදේ මගේ මඟුල් ගෙදරදී වුණ දේවල්ද ඊට ඉස්සර දවස්වල සිදු වූ දේවල් ද මා කීවේ කෑම කන අතරේදීමය.


“ඔයා නම් පුදුම යකඩ ගෑනියෙක්... ඔයාගෙ වයසේ කෙනෙක් ඔය වගේ බය නැති වැඩක් කරපු එක හරි පුදුමයි...

" සරෝජා කීය.


“දැන් එහෙනම් ඔයා සුපුන්ව බැඳලයි ඉන්නේ....ඒ කියන්නේ හරි විදිහට ඔයා දැන් සුපුන්ගේ නීත්‍යානුකූල බිරිඳ ..."


සෙල්වම් කියූ විට මගේ හිත මහමෙරක් මෙන් සොවින් බරවිය. මම සරෝජා දෙස බැලුවෙමි. සරෝජා මගේ දෙනෙක් මගහැර බිම බලා ගත්තාය.


“ඒ වුණාට ඒ කසාදේ පොතට විතරනේ සිද්ද උනේ සෙල්වම්...

රුවිනි එක රැයක්වත් සුපුන් එක්ක හිටියේ නෑනේ....

මට කියන්න අවශ්‍යවු දේ සරෝජා කීවාය. මගේ හිතට සැහැල්ලුවක් දැනුනේ...මං වෙනුවෙන් කතා කිරිමට කවුරු හෝ කෙනෙක් සිටිම ගැන... එවැනි දමිළ යෙහෙළියක් හෝ මම වෙනුවෙන් කතා කරන්න සිටිම ගැන මට ඇතිවුනේ සතුටකි....


“මොනවා වුණත්, දැන් ඔයා කසාද බැදලා නිසා...ඔයාගෙ හස්බන්ඩ් ඔයාව හොයාගෙන, ඔයා ඉන්න තැනකට එන්න පුලුවන් .....ඔයාගෙ දෙමව්පියන් උනත් ඔයාව හොයාගෙන එන්න බැරි කමකුත් නෑ.....ඔයා ගොඩක් පරෙස්සම් වෙලා ඉන්න වෙයි..... රුවිනිගේ නෑදෑයෝ දැන් පිස්සු හැදිලා වගේ ඇති..... දැනටත් ඒ අයට ආරංචි වෙලා ඇති ඔයා රෙස්ට්හවුස් එකෙන් පැනලා ආපු එක...."


“ඒක නම් ඇත්ත රුවිනි..

ඔයාට ටික කාලයක් හැංගිලා ඉන්න වෙයි...."


"අනේ සරෝජා මට දැන් දැනගන්න ඕනේ රමේෂ් කොහෙද ඉන්නෙ කියලා ...මම අද පැනල ආපු එක ...එක දවසක්වත් මම සුපුන් එක්ක හිටියෙ නැතිබව මට එයාට කියන්න ඕනේ...එයා මම නිසා ගොඩක් දුකෙන් වෙන්න ඇති ඉන්නේ...."


" අපට ඔයාටත් කියන්නත් ගොඩක් දේවල් තියෙනවා....සෙල්වම් බැරෑරුම් ලෙස මගේ මූණ මග හැර කීය. මම අහිංසක ලෙස ඔහුගෙ මූණ බැලුවේ ....ඒ කුමක්දැයි අසන ලෙසය. සරෝජා කතාව මගහරින්නට උත්සහ ගන්නා ලෙස ,කතාව වෙනස් කලේය.


"රුවිනි ,කෑම හොදද....? අපි වෙජිටේරියන්නේ....ඉට්ලියි...සාම්බාරුයි , සම්බෝලත් එක්ක තමයි අපි ඉට්ලි කන්නේ...." සරෝජා මට තව ඉට්ලි එකක් බෙදන්න ලෑස්ති විය.


"කෑම රසයි සරෝජා ...ගොඩක් ස්තුතියි ඔයාට....මට දැන් කෑවා ඇති..." මම අතහෝදන කෝප්පෙන් අත හොදාගෙන, අත පිසින ගමන් සෙල්වම් දෙස බැලුවේ ඉතිරි කතාව අසන ලෙසය.


"මොනවද සෙල්වම් ...මට කියන්න තියෙන අනෙක් විශේෂ දේවල් ..." මම කෙලින්ම සෙල්වම් දෙස බලාන ඇසීය.


"අපි අද උදේ ඉදන් ඔයගොල්ලන්ගේ ගෙවල් ළඟටම වාහනයක් අරගෙන ගිහින් බලාගෙන හිටියා....ඔයාගෙ වෙඩින් එක වෙන හැටි......රමේෂ් එක්ක අපි ගිහින් එතන හිටියේ....ඔයා කොයි වෙලේ හරි එතනින් පැනල එයි කියලා අපි බලාගෙන හිටියා.... රමේෂ් අපිත් එක්ක ගොඩක් වෙලා එතන හිටියේ හොදටම අප්සෙට් වෙලා... ....හවස වෙඩින් එක ඉවරවෙලා....මගුල් කාර් එක ගියාට පස්සෙ තමයි අපි එතනින් ආවේ....රමේෂ් ඒ ඔක්කොම බලාගෙන ඉදලා හොඳටම අප්සෙට් වුණා..... පස්සේ එයා අපිත් එක්කම මෙහේ අපේ ගෙදර ආවා.... ඔයාට මෙහේ ඇඩ්‍රස් එක දීපු නිසා පහුගිය දවස්වල රමේෂ් මෙහේ නැවතිලා හිට් යේ..... මෙහාට වෙලා එයා හිටියා ඔයා කොයිවෙලේ හරි ....වැරදිලාවත් ඔයා මෙහේ එයි කියලා බලාගෙන හිටියේ...අද රමේෂ් ගෙදර ඇවිත් හරියට ඇඩුවා..."


“ අනේ ඉතිං ...දැන් කෝ රමේෂ්...???

මම දෙගිඩියාවෙන් ඇසුවේ වටපිට බලමින්‍ය.


"කියන්න දුකයි...ගොඩක් කණගාටුයි...අපි හිතපු දෙයක් නෙමේ අද උනේ....අද හවස හයට විතර හමුදාවේ ජීප් දෙක තුනක් ඇවිත් අපේ ගේ වටකරලා....මාවත් රමේශ්වත් හමුදා වාහනයකින් සී.අයි.ඩී එකට එක්ක ගියා.....ත්‍රස්තවාදීන්ගේ කල්ලියකට රමේශ්ව සැකපිට එයාව අල්ලන් ගියේ..... එයා අපේ ගෙදර හිටිය නිසා මාවත් එක්ක ගියා.....ඒත් මම මගේ ඔෆ්ස් එකේ බොස්ට කෝල් කරලා විස්තරේ කිව්වහම.. ...එයා ඇවිත් මාව නිදහස් කරගෙන ගෙදර ගෙනාවා....මම ගෙදර එනකොට රෑ දහයට විතර ...ඔයා ඇවිත් ගෙදර දොරට ගහනකොට, අපි හොදටම බයේ ලයිට් ඔෆ් කරගෙන දොර වහගෙන හිටියේ එකයි.."


"එතකොට රමේෂ් ....තාම එයා සිඅයිඩි එකේද...?ඒ කියන්නේ එයා.... කොටි ත්‍රස්තවාදියෙක්ද......?????." මගේ ඇස්දෙකෙන් කදුළු ගලාගියේ මගේ ඇග සීතල කර...උන රෝගියෙයෙකු මෙන් ඇග වෙව්ලද්දීය.


- හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

10 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentários


bottom of page