top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි 🌺🌺

💞මට හිමි ඔබයි💞

( 33 වෙනි බෝනස් කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2747575655517788/

බන්ඩාරවෙළ හපුතලේ පාළු මහ පාර දිගේ මම නොනවත්වා දිව්වෙමි..... එම පාලු පාර පුරා මේ වන විට ඝන මීදුම වැටෙන්න පටන් ගෙන ඇත. අවට ඇති දැඩි සීතල ....නොනවත්වා පාර දිගේ දුවන මට බිදක්වත් නොදැනුනි....

මුළු පරිසරයම අන්දකාරයෙන් වැසි ඇත ....බෙළිහුල්ඔයේ දිය කද ගලාබසිනා, විලාප හඩ නොනවත්වා ඇසේ....වටපිට බලමින් පාර දිගේ ඉදිරියට දුවගෙන යන මම.....මොහොතක් නැවති....දෙකට නැමි පය පැළද සිටි උස දිලිසෙන සෙරෙප්පු ජෝඩුව ගලවා අතට ගෙන, නැවත පාර දිගේ දුවන්න පටන් ගත්තෙමි. පිටුපස බලමින්‍ දුවන මගේ, හිතේ ගතේ ඇත්තේ දැඩි තෙහෙට්ටුවකී....නමුත් නැවති ගිමන් අරින්න තරම් කාලයක් මට නැත.... , බලෙන් හිතට ගත් ශක්තියක් දයිර්‍ර්‍යක් ගෙන නොනවත්වා දිව්වෙමි.....


අවට මුළු පරිසරයම වසා ඇත්තේ මහ ඝන වනාන්තරයෙනි....මුළු පලාතම මීදුමෙන් වැසි ඇත. රැහැයන් වැනි කෘමීන්ගෙ සද්දෙන්, පරිසරයේ ඇති මූසළ බව තවත් ඔපනංවයි.... බෙළිහුල් ඔය...., කදුකරයෙ සිට උමතු ගැහැනියකගේ බදු...දුඛ්ත විලාප හඩක් නගමින් පහලට ගලා බසී....මුළු පරිසරයම අන්දකාරයෙන් වැසි පවති..


අවට ඇත්තේ දැඩි සීතලකී....නමුත් මට ඒ සීතල, ඇගට නොදැනේ....මම නැවතත් නොනවත්වා පාර දිගටම දුවන්නට වින......

පාරේ ඉදහිට යන එන රතවල විදුලි පහන් එළි ඝන අන්දකාරය දෙපසට තල්ලු කර මාර්ගය එළි පෙහෙළි කර දීමට සමත් වුවද පාර පුරා දක්නට ඇත්තේ මූසල පාලුවකි.... එම පාළු පාරේ අතර තුර, නිවෙස්, කඩ ලෑල්ලක් හෝ දක්නට නොලැබුනි. එබැවින් පාර පුරාවට ඇත්තේ මූසළ පාළුවකි. කදුකරයෙන්

හමා එන සීතල සුළග.... සමග කලාතුරකින් එන එළවළු ලොරියක් හැර වෙනත් වාහන පාරේ දක්නට නොලැබේ....


කදුකරය අවට බෙහෙවින් නිශ්චල ස්වාභාවයක් දැන් පෙන්නුම් කරයි. අතිශයින්ම පාළු පෙදෙසක

සැදෑ අදුර ගලා ගොස්...හෙමිහිට හද මෝදුවීගෙන එමින් තිබෙනා මොහොතක..... සුදු ඝනකම් මීදුම් පටලයක් අවට පරිසරය පුරා පැතිර යමින් පවති...


පාළු මූසළ අදුරු පාරේ.... තනිව ගමන් කිරිමේදී.... බය සැක සංකාවෙන් මගේ හිත පිරි ඉතිරි යයි......මගේ පපුව ගැහෙනා හඩ, ලග සිටින්නකුට ඇසෙනා තරම්ය...... මග දෙපස තුරුවදුළු ලියගොමු පාරට හිසපොවාගත් ඝූතයින් මෙන් මගේ ඇසට දිස් වෙයි.....මගේ පාලුව කාංසිය, භය දෙගුණ තෙගුණ වී ඇතත්....මම තව තවත් හිතට ශක්තියක් ජවයක් ගෙන ඉදිරියටම ගමන් කලෙමි ....ඉදහිට දුවන්නටද විය....නොනවත්වා හති අරිමින් දිව්වෙමි.... බෙළිහුල්ඔයේ දියරැලි ගලන ශබ්දය ....නොනවත්වා ඇසේ....දියරැලි පහලට බැස යන හඩ තුල ඇත්තේ ...මූසළ පාලුවකී..... අසීමිත ගුප්ත බවකින් වැසි ගිය පාර පුරාවට

මීදුම වැසි ඇත....මට තව දුරටත් දිවීමට ශක්තියක් නැත යැයි සිතේ......මම හති අරිමින් පාළු පාරේ .... ඝන අදුරේ හෙමිහිට ඇවිදින්නට වුනෙමි .... නැවත දෙවියන් යදිමින් දුවන්නට විනි....


බෙළිහුල්ඔයේ ගලා බසිනා ජලකදේ හඩ මැදින්.... කදුහෙල් මැදින් වැට් ඇති පාළු පාරේ....ඈතින් ලොකු රතයක් එන හඩ ඇසේ....මම වහා නැවති ඒ එන හඩට කන් දුන්නෙමි...ඒ නම් ල.ග.ම. බසයක හඩය....මගේ දෑසට සතුටු කදුලක් නැගුනාය......මම පාර අයිනට වී බසය එන්දෙස බලා සිටියෙමි ...ලග ලගම බසය මම සිටින දෙසට ඇදී එයි.....මම වහා අත දික්කර වාහනය නවත්වා ගන්නට උත්සහ ගත්තෙමි....ගොම්මන් කළුවරේ මහ සද්දෙට, එලි විහිදුවමින් ආ ලංගම බස් රතය මා ඉදිරිපිට නතර කෙරෙනි. මගෙ හිත සතුටින් පිරිනි....


************ බෙළිහුල්ඔය සිට රත්නපුරයට විත්, එතනින් කොළඹ යන බසයකට මම නැග බසයේ මැද හරියේ ආසනයකින් වාඩි ගත්තෙමි.


අහිංසක කාරුණික මිනිසුන්ගේ උදව්වෙන් මට බෙළිහුල්ඔය සිට කොළඹ යන බසයකට නැග ගන්නට වාසනාව හිමි විය.

එම රාත්‍රීයේ... බසය පිරෙන්න මිනිසුන් සිටි නිසා මගේ හිතට බයක් නොදැනින.....මම මහරගමට යන බස් ටිකට් පතක් කොන්දොස්තරගෙන් මිලදි ගත්තාය.


බසයේ ජනෙලයක් ඇති කොනක, ආසනයේ , වාඩි වී මම ....හිතේ ගතේ.... ගිමන් අරින්නට පටන් ගත්තත්..... තවමත් මගේ හිතේ ඇත්තේ සැකයක් සමග බියකි.. බෙළිහුල්ඔය තානායමේ, කාමරයක සිට හොරෙන් පැනවිත්....... කොළඹට යන බසයකට නැග ගන්නා තෙක්....සිදුවු සියල්ල මගේ හිතේ චකිතයක් සමගම කල්පනාවට එයි......මම මොනවද මේ කලේ...මම දැන් මොනවද ඉස්සරහට කරන්නේ කියා සිතා ගැනිමට නොහැක ......


හරියට මම සිහිනෙක පාවෙනවා මෙන් දැනිණි..... අද දවස පුරා සිදු වුණු සිදුවීම්..... දෙමාපියන්ගේ ආශීර්වාද මැද පෝරුවට නැග , මනාලියක වි.....සුපුන් සමග මම විවාහ වූ හැටි....නෑදෑයන්ගේ සුබපැතුම්, ආශීර්වාද මැද මගෙත් සුපුන්ගෙත් විවාහ උත්සවය...... මට සිහි වූයේ සිනමාපටයක් සේය....


රත්නපුර කොළඹ බසය ඝන අන්දකාර රාත්‍රීයේ....එළි විහිදුවමින්, හැල්මේ කොළඹ දුවයි...බසය තුල සිටිනා මගින් සියලු දෙනාගේ බලාපොරොත්තුව පුලුවන් ඉක්මනට ගෙවල් දොරවල් බලා යෑමටය. බසය තුල සිටින සියල්ලෝ මම මෙන්ම තෙහෙට්ටුවෙන් සිටින උන් බව පෙනේ...සමහරුන් බාගෙට නිදිය....උදේ පාන්දර නැගිට මගේ මංගල්ලය වෙනුවෙන් ලක ලැහැස්ති වුනු ආකාරය ....දවස පුරා ඇද සිටි මගුල් ඇදුම, නෑදෑයින් යාලුවන්ගේ උනුසුම් සුභ පැතුම් කෑම බීම, ලයිට් එළි, සංගීතරාවයන්, ,ලස්සන දිලිසෙන ඇදුම් පැලදුම් ....සියල්ල මැද ගෙවුනු අද දවස......සියල්ල නිමවී....මගේ නිත්‍යානුකූල සැමියාට අකාරුණික වූ මම මේ වන විට හොදටම තෙහෙට්ටුවෙන් සිටියත්...මගේ ඇස්මායිමකට නිදිමත ගතියක් එන්නේ නැත. මගේ මුලු හිත පුරාම පැතිරි ඇත්තේ දුක වේදනාව පිරි චකිතයකි....මගේ ගමන තව නිමවී නැත. මට දැන් මම නවාතැනක් සොයා යා යුතුය.


මම මොනවද දැන් කල යුත්තේ....මම කොහේද මේ යන්නේ....ඇයි මම මෙලෙස මංගල රාත්‍රීයේ කාටත් නොකියා පැන යන්නේ....? ඇයි මට මගේ නිත්‍යානුකූල සැමියා සමග මංගල රාත්‍රීය ගත කරන්නට නොහැකි උනේ...මා මෙලෙස රමේෂ් සොයා ගියත්...ඔහු මාව පිළිගනීද...? ඔහු පිළි නොගත්තොත් මම මොනවද කරන්නේ...අම්මා තාත්තා ඇතුළු නෑදෑ පරපුර....ජිවත කාලයටම මාව අපේ පරම්පරාවෙන් ..

මේ වන විට දුරස් කර ඇති බවට සැකයක් නැත.....මම මේ තේරුමක් නැති ගමනක් නොවෙද යන්නේ .....මගේ අනාගතය ..,ජිවීතය... මම යන මේ ගමනත් සමග විනාශ වී යාහැකි නොවෙද...? අහෝ...මට උන විපත්තියක්....නෑ...නෑ...මම මටම කරගත් විපත්තියක්.....අනේ දෙවියනේ .... උත්තරයක් නැති ප්‍රශ්න ගොඩක මම හිරවි ඇති හැටි........මා මේ, මගේ දෙමව්පියන්ට , සුපුන්ට හා ඔහුගේ පරම්පරාවට කල මේ අසාධාරණයට, නවනිග්ග්‍රහවට කවදා මට සමාවක් ලැබේවිද...? අනේ දෙවියනේ... මම මේ කල අපරාදයට මට සමාව දෙනු මැන...


මගේ නම "රුවිනි චංචලා හේවාගම" වේ......මගේ ගම බෙන්තර ගගෙන් එගොඩ.....සුන්දර මිටියාවතකට, මායිම්ව පිහිටා තිබූ වෑබඩ නම් ගම්මානය වේ....මගේ එකම සොහොයුරිය කසුනි අංජුලා හේවාගම වේ...මගේ මව ගෙදර දොරේ වැඩකටයුතු කරමින් සිටිනා ගෘහණියකි. මගේ පියා යුද හමුදාවේ සේවයේ නියුතුව සිට අතුරුදන් උවෙකි. මගේ මවගේ දෙවැනි කසාදයේ බාප්පා සමග අපි ජීවත් වුවෙමු ... ...පසුව අම්මාගෙ නිතිරීති වලට යටත්ව ජීවත් වන්නට සිදුවින .....


"මහරගම බහින අය ඉස්සරහට එන්න....මහරගම මහරගම ...."

බසයේ කොන්දොස්තර තැන කෑ ගසන ශබ්දයට, මම සිටි පරන මතක සිහිනෙන් ඇහැරිනි....බසය මහරගමට පැමින ඇත. මම දැන් මෙතනින් බැස මා යායුතු‍, ගෙදර සොයා තනියම යා යුතුය. හරියට පාරක් තොටක් නොදන්නා, මම මහ රෑ නොදන්නා ගෙයක් සොයා දැන් යා යුතුය.


බසය මහරගමට ළඟා වන විට වේලාව රෑ එකොළහ පසුවී තිබිණි. බසයෙන් බැස ගත් පසු මාව බයෙන් ගැහෙන්න පටන් ගත්තාය. මට නුහුරුම පලාතකට මම දැන් ඇවිත් ඇත. සුදු මංගල සාරියකින් සැරසී....ආභරණ දමාගෙන අතේ සතයක් නැතිව මම මහරගම හංදියේ තනිවි ඇත.


මහරගම නගරයේ , මහ රෑ.... මුළු පරිසරයේම ඇති රාත්‍රී අන්දකාරය , පාරේ දැල්වෙන විදුලි බුබුලු වලින් යාන්තමට නැතිවි ඇත........පාර දෙපැත්තේ ඇති විදුලි බුබුලු මලානික එලියෙන් දැල්වේ...රෑ දොලහටත් කිට්ටු වී ඇති නිසා, පාරෙ යන එන වාහන බොහෝ අඩු වී ඇත....පාරේ ඇවිද යන මිනිස්සුන් නැති තරම්‍ ය...


මා දැන් මොනවද කරන්නේ කියා සිතා ගැනිමට නොහැකිය...මා අතේ මුදල්ද නැත. මා යායුතු ගෙදර, මහරගම පන්සල පාරේ ඇති බව පමනක් මට මතකය. ඒ නිවසේ ලිපිනය මට කට පාඩම්‍ ය. නමුත් මීට පෙර, කිසිදින මම එම ගෙදරට ගොස් නැත. එම ගෙදර නිවැසියන්, එකම එක දිනක් පමනක් මට මුණ ගැසි ඇත. එම නිවසට යන්නට නම්, මම මහරගමින් තව බසයක නැගී මේ මහ රෑ යා යුතුයි . අතේ සතේ නැතුව, සුදු මගුල් සාරියකුත් ඇදගෙන තරුණ ගැහැනු ළමයකු කෙසේද එම නිවස සොයා යන්නේ....මට ඇඩෙන්න ලංව ඇත. මට අද හවස බෙළිහුල්ඔය තානායමේ සිට පැන ආ අවදානම් ගමන සිහිවේ....අද හවස සිට මගේ හිතේ තිබුන,ද්‍යීර්ය ශක්තියත් සමග , මෙපමණ දුරක් ආ මම, ඇයි දැන් මේ....ගමන අවසාන මොහොතේ මා බයවි සැලෙන්නේ.... ඔව්,...මෙපමණ දුරක් ආ මම මේ ඉතිරි ගමනත් හිතට ශක්තිය ද්‍යීර්ය ගෙන යා යුතුයි ... ඔව්....මම කෙසේ හෝ ඒ ගමන යෑමට සිතට ශක්තිය ගත්තෙමි....මහරගම බස් නැවතුම අසල නවතා තිබූ කූළී රිය ගාල අසලට මම හෙමිහිට ඇවිද ගියෙමි.

*************

"ඩ්‍රැයිවර් උන්නැහේ .... මට පන්සල පාරට යන්න ඕනේ....මාව බස්සන්න පුලුවන්ද ...?


"ආ...යමු නෝනා...මේ වෙලාවට හයර් අඩු නිසා ..මම ටිකක් ඔලුව තියාගත්තා......හොද වෙලාවට මට ඇහැරුනේ...."


"යමු නෝනා වාහනයට නගින්න..."එම රියදුරු කරුනාවන්ත යැයි මට සිතුනි.


"කිව්වට තරහ වෙන්න එපා නෝනා....නෝනා වගේ තරුන අය, මේ වගේ රෑ දෙගොඩහරියේ තනියම මේ වගේ ගමන් යන එක හොද නෑ....කවුරු හරි වැඩිහිටි කෙනෙක් එක්ක එපෑ පාරට බහින්න...."


"ඔව් අංකල් ...මං මේ මඟුල් ගෙදරක ගියා.... මගදී බස් එක කැඩුණා. ඒකයි පරක්කු උනේ...."


"ඔව්...එහෙම කරදරයක් වෙන්න ඇති කියල මට හිතුනා....ඒ උනාට මේ වගේ වෙලාවට, ඔය වයසේ ගෑනු දරුවෝ එළියට බැස්සහම හොදට ඉන්න පිරිමිත් ඇවිස්සෙනවා....ඔය ළමයා ඔය සාරියක් පලවගෙන හිටියට යම්තම් අවුරුදු විස්සක් විතර ඇති කියලයි මට හිතෙන්නේ......දැන් කොහාටද පන්සල පාරේ, යන්න ඕනේ...?


"නොම්බර 17"


" ආ....නො.17 ට තව ටිකක් දුර යන්න තියෙනවා ....හොද වෙලාවට ඔය ළමයා මගේ වාහනයට නැග්ගේ...නැත්නම් කොහෙ ගිහින් ඔය ළමයට නවතින්න වෙයිද දන්නෑ..."


"අනේ ඔව් අංකල් ..ගෑනු කෙනෙක්ට තනියම මේ රටේ රෑකට එළියට බැහැලා යන්න නැති හැටි.....අම්මලා සහෝදරියන් නැති ගානටනේ මේ මිනිස්සු හැසිරෙන්නේ...."


"නූගත් කම දරුවෝ...ඒකයි ගෑනු ළමයි උනාම පරිස්සම් වෙන්න ඕනේ..."


කුළී රතයේ පසු පස ආසනයේ වාඩි වී සිටි මම ,එහි ජනේලයෙන් එලිය බලාගෙන වාඩිවී සිටියේ....මෙතනින් එහාට මම මොනවද කරන්නේ කියා සිතමින්‍.ය. දැන් රාත්‍රී දොලහට කිට්ටු වී ඇත. වාහනේ ජනේලයෙන් එළිය බැලු කල පේනෙන්නේ ....තනිකර අන්දකාරයි. මහරගම පන්සල පාර දිගේ, වාහන වලින් හිස් වුන පාර දීගේ කූළී රතය වේගයෙන් ඇදී යයි. මෙම කුළී රියට නැග්ගාට, මගේ අතේ සතයක් නැතිය. මම යන ගෙදර අයිතිකාරයෝ ගෙදර හිටියොත් , කුළී රථ රියදුරාගේ කුලිය ඉල්ලාගෙන ගෙවීමට හැක. නැතහොත් මම මොනවද කරන්නේ...කොහොමද මම මොහුගෙ, වාහනයේ කුළිය ගෙවන්නේ...සීයක් ප්‍රශ්න මගේ හිතේ ඇත.


මම මේ මොකද කරන්නේ...කොහේද මේ යන්නේ...මම යන ගෙදර අය මා පිලිගනිද..? මම කොහේ හිටපු කෙනෙක්ද...ඇයි මට මෙහෙම උනේ....ඇයි මම මගේ මංගල දින මෙලෙස පැන ආවේ....මගේ හිත බොහෝ පසු පස කාලයකට හිත දුව යයි...මම, අම්මා හා අක්කා, තාත්තා නැතුව, තනිවුන පසු අපට සිවුවුන සිදුවීම්...මගේ හිතට ගලා එන්නේ මම ගැනම හිතේ ඇති වුන කනගාටුවෙනි......


"නෝනා...ඔය ඉස්සරහ ගෙදර තමයි නොම්බර 17 ඒක නේද ගෙදර ..."


"ආ...ඔව් මාමේ ඒක තමයි ගෙදර ..." මම හොදට දන්නා ගෙයක් බව ඔහුට දැනෙන ලෙස ඇගෙව්වෙමි. නමුත් මගේ හිත තදින් ගැහෙන්න පටන්ගෙන ඇත. එකම එක දවසක් මට මුණගැසුනු සරෝජා ,සෙල්වම්ගේ ගෙදරට මම පැමින ඇත. මීට සුමාන තුනකට විතර උඩදී රමේෂ් එවා තිබූ ලියමනේ නොම්බරයට මම පැමීන ඇත.


"මම ගෙදර දොර ඇරවලා...මහත්තයා එවන්නම් අංකල්ගෙ කුළිය ගෙවන්න..."


මගේ අතේ මුදල් නොමැති බව නොකියා ,මා එසේ කියා, ගෙදර ගේට්ටුව හැරගෙන ගෙයි ඉදිරිපස දොර ලගට ගියෙමි. ගේ ඇතුලේ විදුලි පහන් සියල්ල නිමා දමා ඇත. මුළු ගේම කළුවරය. මේ ගෙදර කවුරුත් නැති ගෙයක්ද...? ගෙදර පාළුවට ගිය බවක් පෙනේ....සරෝජා ,සෙල්වම් මේ ගෙදර නෙමේද ඉන්නේ....ඔවුන් ගෙදර නැද්ද ..? ඔවුන් නිදිද...? මට සිතා ගැනීමට නොහැක . ඔවුන් අද ගෙදර නොසිටිය හොත් මම මොනවද කරන්නේ..එය සිහිපත් වී මා... උණ රෝගියෙයෙකු මෙන් ගැහෙන්න පටන් ගත්තෙමි .


"නෝනා මට යන්න පරක්කු වෙනවා...ගෙදර කවුරුත් නැද්ද ...?


"ඒක තමයි මුළු ගේම කළුවරයි....පාළුවට ගිහිල්ලා...මගේ අතේ සල්ලිත් නෑ අංකල්ට දෙන්න...මම බයෙන් ගැහි ගැහී ඔහුට කීවෙමි ..."


"මොනවද නෝනා....මේ රෑ අපිව රස්තියාදු කරන්නේ...නෝනා මට බොරුවක්ද කලේ..."

කූළී රිය කරු කේන්තියෙන් මෙන් වාහනයෙන් බැස ගේ දොරකඩට එන්නට හදයි.... මට අරියාදුවට මෙන් දොස් තබන්නට ඔහු මගේ ලගට එන්නට හදන බව දැනී මම බයේ වෙව්ලමින්...ගෙදර දොරට තට්ටු කලේ මහ සද්දෙන් නොනවත්වාමය.


මම නොනවත්වා ඒ ගෙදර දොරට ගසන්නට උනේ...කුළී රත රියදුරුට කේන්ති ගොස් බව වැටහුන විටය....මගේ හිතේ ඇත්තේ ...මෙතැකැයි යැයි කිව නොහැකි බයකී.


“ඉන්න අංකල් ...ගෙදර අයට නින්ද ගිහිල්ලද කොහේද.... මං ඇහැරවලා සල්ලි ඉල්ලලා දෙනකම් පොඩ්ඩක් ඉන්න..."

මම බයෙන් ගැහෙමින් කීවෙමි.


බෙළිහුල්ඔය සිට ආගමනේ...මම තද කරගෙන සිටි කියාගත නොහැකි දුක, වේදනාව, බය නිවා ගන්නත් එක්ක මං තව තවත් තදින්ම දොරට ගැසුවෙමි....ඒත් කිසිවෙක් දොර නෑරියාය.

-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

10 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page