top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි🌺🌺

💞මට හිමි ඔබයි💞

(32 වෙනි කොටස)

"සුපුන්" හිතහොද ආදරනීය ස්වාමිපුරුෂයකු ලෙස...., මගේ ජීවිතයේ, ඉදිරි කාලේ මට, හොදින් සලකන බවට ඉගී, අද දවස පුරාම, ඔහු මට සැලකූ ආකාරය අනුව තේරුම් ගොස් තිබුනි. ඔහුගේ හොද ගතිගුණ ගැන සිහිකරමින් ඔහු සමග මෙතන නැවතුනහොත්...මට මගේ මුළු ජීවිත කාලයටම පසුතැවෙන්නට හේතුවක් ඉතිරි වෙනු ඇත..... සුපුන් කොයිතරම් හොද පුද්ගලයකු උනත්....කාලයක් යන විට, මට රමේෂ් සිහිපත් වී...මගෙන් ඔහුට වුන අසාධාරණය සිහිපත් කරමින් ජීවත් වන්නට සිදුවනු ඇත..... සුපුන් දැනගෙන මාස දෙකකට අඩු කාලයක් ගෙවි ඇතත්...රමේශ් හා මා මුණ ගැසී අවුරුදු තුනකට අදික කාලයක් ගෙවී ගොස් ඇත. අප දෙදෙනා හොදින් ඇදිනගෙන, හොදින්ම තේරුම් ගෙන ,දෙදෙනාට දෙදෙනා දී ඇති පොරොන්දු , සපත කිරීම් හමුවේ....මම කෙසේද රමේෂ් මා වෙනුවෙන් බලාසිටියදී...ඔහු අතහැර, සුපුන්ගේ බිරිඳ ලෙස ඔහු හා යන්නේ.......මුළු ජීවිත කාලයක්, පසුතැවිමෙන් ජීවත් වීමට...., ඇයි මම සුපුන් සමග පවුල් ජීවිතයක් අරභන්නේ....මගේ ජීවිතය අයිති මාහටය..... එය වෙන අයට විසදාදීමට බලාහිද..., මේ වනවිටද මම අමාරුවේ වැටී ඇත.

මුළු ජීවිත කාලයක්, පසුතැවිමෙන් ජීවත් වීමට වඩා....,තව පරක්කු නොවී මගේ ගමන යා යුතුය....මාසෙකට වඩා කාලයක් ගේඇතුලේ හිරකාරියක් වී සිටි මට, මේ ලැබුනු නිදහසෙන්, ප්‍රයෝජන ගෙන, මම මගේ අනාගතය,මා කැමති විදිහට, ජීවත් වීමට නම් මෙතනින් පැන යා යුතුමය. මගේ මුරන්ඩු මෝඩ තීරණය ගැන, මා දෙස බලා සිටින්නන් කෙසේ සිතුවත්, කුමක් කිව්වත්....මගේ අනාගතය මට අවශ්‍ය විදිහට මම විසදා ගත යුතුය.


මගේ මංගල දින...අපේ මංගල යහන අභියස, ඇති පුංචි මේසය උඩ තිබුනු කෙටි සටහන් පොතෙන්, කඩදාසි කැබැල්ලක් ගත් මම...එතන තිබු පැන්සලෙන් සුපුන්ට කෙටි සටහනක් කළබලේ ලිව්වෙමි..


"සුපුන්"

සමාවෙන්න සුපුන්... ඔබවැනි හොද ගුනයහපත් කෙනෙකුට මෙවැනි දරුනු අසාධාරණයක් කරන්න සිද්ද වීම පිළිබඳව.....


අම්මලා මාව ඔයාට කසාද බැද දුන්නේ මගේ අකමැත්තෙනි ...ඔබ සමග පවුල් ජීවිතයක් ගත කරන්නට තරම් මගේ හිත නිදහස් නැත....ඔබ සමග මුළු ජීවිත කාලයක් ජීවත් වීමට නම් මම, කැමැත්තෙන් ඔබ සමග ජිවත් විය යුතුය. නැතහොත් මම ඔබට කරන අසාධාරණයක් වනු ඇත. මම බදින්න වෙන කෙනෙකුට පොරොන්දු වී ඇත....විවාහයට පෙර ඔහු හා යන්නට අවස්තාව නොලැබුනේ මට යොදා තිබු දෙමව්පියන්ගෙ මුරකාවල් නිසාය.... මම අපේ විවාහය ලියාපදිංචිය කරන දින වහබිව්වේ ඒ නිසයි. නමුත් අද දවස වෙනකම් මට ඉන්නට සිදුවිය...ඒ ඔහු සමග පැන යන්නට අවස්තාව නොලැබුන නිසා...නමුත් අද මම ඔහු සොයා යන්නෙමි... . මා සොයන්නට මහන්සි නොවන්න. සිය දහස් වාරයක් මට සමාවෙනු මැන....


-රුවිනි -


මම අද උදේ මංගල පෝරුවේ දී සුපුන් මට පැලදූ මංගල කර මාලය හා මුද්ද ගලවා...මේසය උඩ ඇති කෙටි සටහන උඩින් තියා....කාමරයේ දොර ඇරගෙන හෙමිහිට එළියට විත්...දිගු අඩි තබමින් අඩියට දෙකට බෙළිහුල්ඔය තානායමේ, දිගු වැරැන්ඩාව දිගේ ඉදිරිපස දොරටුව වෙත යන්නට, අඩිය ඉක්මන් කලෙමි....


"මිස්...මිස්...මේ කොහෙද යන්නේ..." සුදු ඇදගත් වේටර් වරයකු මගෙ පිටුපස පැමිනියේ කළබලයේය.


"මම මේ පොඩ්ඩක් එළියට ආවා..."මම තැතිගත් බව නොපෙන්වා ඔහුට කීය.


"ඇයි මිස්...කාමරයේ වැරැන්ඩාවේ දොර ඇරගත්තනම්, බෙළිහුල්ඔයේ ,කැලේ හුළගත් හොදට එනවනේ..."


"නෑ මට එළියට එන්න ආස හිතුනා...අපේ වාහනේ මගේ බඩු වගයකුත් ගන්න ඕනේ..."


"මම මිස්ට උදව් කරන්නද...?"


"නෑ...නෑ...මම ටිකක් ඇවිදලා...ඒ බඩුවත් ඇරගෙනම එන්නම්..." මම ගානක් නැතුව ඔහුට කියා...ඔහුට සැකයක් ඇති නොවන්නට තානායමේ ඉදිරිපස පැත්තට ගියේ ..

පපුව ගැහෙමින් දහඩිය ගලන්න පටන්ගනිද්දීය.....


“ආ... මිස් මොනවා හරි ඕනද....? මා අඩියට දෙකට ඇවිද එනවිට මා දැක සුදු ඇඳගත් කාමර පිරිසුදු කරන සේවකයෙක් ඇසීය.


“නෑ, නෑ මං මේ ටිකක් එළියට ආවා..."


“මොනවා හරි ඕන නම් කියන්න මිස්, මං කාමරයට ගෙනත් දෙන්නම්...."


“නෑ, නෑ මං මේ හුළං ටිකක් වදින්න එළියට ආවා.... මහත්තයාත් දැන් එළියට එයි...."


“ආ අර පැත්තෙ මිස් ඔයට යන පාර තියෙන්නේ...."


“එතකොට මේ පැත්තෙන් ගියොත් කොහේටද යන්නේ...?


“ඔය පැත්තෙන් ගියොත් හෝටලේ ඉස්සරහ පැත්තනෙ මිස්.... ඒ හින්දා මේ පැත්තෙන් යන්න...."


“ආ කමක් නෑ....මං නිකං ටිකක් ඇවිදලා එන්න කියලා...."

මම සේවකයාට වෙනසක් නොපෙන්වා කීය. මංගල ඇදුම පිටින් තානායමේ ඇවිද යන මණමාලිය ඔවුන්ට විශේෂ දසුනක් ඌ බවක් පෙන්නුම් කෙරින....


මම හෙමිහිට හෙමිහිට ඇවිදගෙන ආවේ හෝටලේ ඉස්සරහ පැත්තටය. එහි මිනිස්සුන් දෙදෙනෙක් පාළු වැරැන්ඩාවේ...

වාඩිවී බැරැරුම් කතා බහක යෙදී හිදියි. ..ඔවුන් දෙදෙනාට මා ගැන වගක් නැත. බෙළිහුල්ඔ හෝ හෝ විලාපය , මා පසු පසින්ම දෝංකාර දෙමින් පැමිනේ.....තානායමේ වටපිට සිරි නරඹන සේ, ඇවිදගෙන විත් හෝටලයේ දොරෙන්ද එළියට පැමිණියෙමි.... එයිනුත් එළියට ඇවිද ආ මම වටපිට කාටවත් වෙනසක් නොදැනෙන්න....දිගටම ඇවිදගෙන ආවේ තානායමේ ඉදිරිපස ගේට්ටුව දිහාවටය......

######## ####

බෙළිහුල්ඔය තානායම ඉදිරිපිට බිමේ සිට බැලීමේදි ....

බැසයන මළහිරු, දවසේ අන්තිම වරට සිය මළානික හිරු රැස් වලින්, කදුහිස් සිඹ්මින් බටහිර අහසින් මළ හිරු ....පෙනි නොපෙනි යන්නට අර අදිනු පෙනේ....


කදු හෙල්වැටි, වනාන්තර වලින් වටවුන කදුකරයේ...., ගලාහැලෙනා දියඇලි ,දොළවල් වලින් හැඩවුන පරිසරයේ චමත්කාර දසුන්....දවස පුරා විද අහවර වුන හිරු දෙවියන් .....බටහිර අහසෙන් හෙමිහිට බැස යන්නට අර අදින මොහොතේ.........හවස් වරුවම වැහි කඩතුරාවෙන් වැසි තිබුන, බෙළිහුල්ඔය අවට අහස් තලය..... ටිකෙන් ටික තද අලුපැහැයකින් දිස්වෙන්නට පටන් ගෙන ඇත.... ඒ සමග හෙමිහිට හමා ආ සුළං රැලි....දැන් දැන් තද සුළගක් බවට පත්වෙමින් ඇත. දැඩි සුළං සමග පොරබදිමින් ගස්කොළන්, එහෙ මෙහෙ වැනෙන්න ඇඹරෙන්න පටන් ගෙන ඇත. තද සුළගේ වේගයට ,අහසේ කළබලේ පාවී එන ඝන කළු වළාකුළු රැසක්ද දිස්වෙයි .....අහස අදුරු කරමින් වැස්සක පෙර නිමිති ලං ලං වෙමින් තිබුනි.


එක පැත්තකින් බෙළිහුල්ඔයේ මායිමකත් තව පැත්තකින් ඝන වනයකින් වටවුන, බොහෝ පැරණි ,බෙළිහුල්ඔය තානායම අවට මුළු වනයම....මේ මොහොතේ අන්දකාර වී ඇත... මුළු පළාතෙම ඇති මහ ගස්...සුළගට එකිනෙක හැපි, හැපි ඇතීල්ලෙන හඩ, ඇග හිරිවැටෙනා භායාන්කාර හඩක් නංවයි......අවට ඇති දැඩි අදුරට හා වැහි කුමරියට බයේ.... කැදළි සොයා යන කුරුල්ලන්ගෙ නාදයෙන්, නොනවත්වා හඩ දෙන රැහැයන්ගේ හඩින්, මුළු පළාතම ඇවිස්සි ඇති බවක් දිස්වේ.....ඒ හඩේ ඇත්තේ මහා භයානක කමකි.....වේලුනු මහා ගස්වල කොළ, අතු සුළගට වේගයෙන් හමා ගොස් තැන තැන වැටි පෙරලි යයි......


බෙළිහුල්ඔය තානායම අවට අහසේ...අතුබෙදී විහිදි යන නිල් විදුලි එළි පසුපසින් කන්බිහිරි කරන අකුනක් පිපිරි යයි.....නොනවත්වා හමා ගිය සුළගත් සමග, හෙමිහිට ඈතට හමාගිය අලුපාට වැහි වළාකුළු නිසා....බෙළිහුල්ඔය අවට තිබු වැහි අදුර හෙමිහිට පාවී යන බවක් පෙන්වයි .......


මහ විශාල ගස් කොළන්, කදුවැට්වලින් වටවී ඇති බෙළිහුල්ඔය තානායම අවට දැන් මුළු පර්සරයේම ඇත්තේ දැඩි මූසළ අදුරු පෙනුමකි....මීට ටික වේලාවකට පෙර හමා ගිය තද සුළග නිසා....අවට තානායම් බිම ,වියළුනු ගස්වල කොළ වලින් හා කොටුබෝටු වලින් හැඩි වි ඇත....


බෙළිහුල්ඔය තානායමේ එක් මායිමක අයිනෙන්... , කදුකරේ සිට ගලන ....බෙළිහුල්ඔයේ මහා දිය කද, නොනවත්වා ගලා යන හඩ පලාතෙම..... නිශ්ශබ්ද තාවය බිදෙයි....


මළහිරු බැස ගිය පසු, බණ්ඩරවෙළ

හපුතලේ පාර පුරා ඇත්තේ මුසළ පාළුවකි.....අදික සීතලක් හා ඝන මීදුමක් මුළු පරිසරය පුරා විහිදි යන්නට පටන් ගෙන ඇත.


බෙළිහුල්ඔය තානායම" ඉදිරිපිට ඝන කළුවර හෙමිහිට බෝදුවී එන... මූසළ ගොම්මන් කළුවරේ.... දැඩි සීතල සමග සුදු මීදුම වැටි දසත පැතිර යන මොහොතේ .....


තානායම් බිමේ විශාල ගස් දෙක යට, වාහන දෙකක් නවත්වා ඇත....එයින් එකක ඉස්සරහ ගසා ඇති සුදු මල් පොකුරත්, ලා රෝස රිබන් පටි නිසත්....ඒ වාහනයේ...අලුත විවාපත් යුවලක් මදුසමය ගෙවන්නට, පැරණි තානායමට ආබව කියා පායි......


තානායම අවට මිදුලේ.... ඒ අවට කිසිවෙකුත් දකින්න නැත.... බෙළිහුල්ඔය අවට, හවස් වරුවට පැතිර යන අදික සීතල නිසා....තානායමෙන් පිට කවුරුත් දකින්න නැතුවා වන්නට ඇත.....


තානායමේ ඇතුලත දල්වා ඇති විදුලි බුබුළු වල මළානික එළි ඈතට දිස්වේ...ඒ එළියෙන් විහිදෙන මළානික එළිය හා තානායමේ පෝටිකෝවේ, දල්වා ඇති එකම විදුලි බුබුලෙන්....තානායම් මිදුලේ අදුර ,මදක් පහව යයි.....


########


බෙළිහුල්ඔයේ නොනවත්වා ගලා යන දියකදේ හඩ, අවට ඇති සීතල සුළං සමග.......මූසළ ගොම්මන් කලුවරේ....තානායම තුල සිට.....හෙමිහිට වටපිට බලමින් මම බයෙන් සැකෙන් එළියට ආවෙමි ...සුදු ලේස් සාරියකින් සැරසී උන් මම .... ඔළුවේ තිබු, සුදු වේලය මේ දැන් ගලවා දැමුවෙන්.. ..මගේ හිසකෙස් අවුල්වී ඇත. ....මම භීතියෙන් වෙව්ලමින් ......හිතට ද්‍යීර්ය ගන්නට උත්සහ කරමින්...බයෙන් සැකෙන් පිටුපස බලමින්.....තානායම තුළ සිට හෙමිහිට එළියට ආවෙමි....


තානායමේ ඉදිරිපස මිදුලට මම ඇවිද ආවේ හෙමින්ය.... පිටුපස දෙස, ඔලුව හරවා හෙමිහිට බැලුවේ කවරකු හෝ මා පසුපස එනවාදෝ යන සැකයෙනි.....මගෙ හිතේ ඇති විශාල තැති ගැන්ම අමතක කර හිතට ශක්තියක් ගෙන තවත් ඇවිද ආවෙමි......


තානායමේ ඉදිරිපස මිදුලට හෙමිහිට ඇවිද ආ මම ....එහි ඇතුල්වීමේ ගේට්ටුව ලගට යනකම්, සැකෙන් භයෙන් වටපිට බළමින් හෙමින් ඇවිද ගොස්.. .. තානායමේ ව්ශාල ගේට්ටු කනු දෙක පසුවනවාත් සමග..... ,ඇදගෙන සිටි සුදු මංගල සාරිය, එක අතකින් ඔසවාගෙන, පසු පස නොබලා දුවන්න පටන් ගත්තාය.......


- නැවත හමුවෙමු --


*ප්‍රිසිලා ගොඩහේවා *


💞මට හිමි ඔබයි💞

5 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Kommentare


bottom of page