top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි🌺🌺

💞මට හිමි ඔබයි💞

( 31වෙනි කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2745756272366393/

නෑහිතමිතුරන් අප වටකරගෙන සිටියදි ....ඇසුනු රතිඤ්ඤා හඩ මද්‍යයේ, අපි දෙදෙනා සුදු මල් හා ක්‍රේප් කොළ වලින්, ලස්සනට සරසා තිබූ මඟුල් රතයට ගොඩ වුනෙමු.


අපේ ගේ දොරකඩ සිට, මගුලට සහාභාගි වුවන් අපේ රතය දෙස බලාන අත වනති. ඒ අතර අම්මා, අක්කා, අය්යා හා බාප්පා සතුටු සිතින් අත වනමින් බලාඋන්නා අයුරු ,මම කිසිදු හැගීමක්,දැනීමක් නැති කෙනෙකු ලෙස බලා උන්නෙමි.


අපි දෙදෙනා රැගත් මංගල රතය ....අපේ හනිමූන් ගමන සදහා ගමන් ආරම්භ කළේය.


“ අපි මේ කොහෙද යන්නේ සුපුන්...? වැඩි දුරක් යන්නට මත්තෙන් මම සුපුන්ගෙන් ඇසුවෙමි. මගේ මගුළ ඒකමතිකව තීරණය කලවුන් ,අපේ ප්‍රතම මංගල රැයද ඔවුන්ට අවශ්‍ය ලෙසම ලෑස්ති කර අපි පිටත් කල ඇති අයුරු .....මම සුපුන්ගෙන් එය ඇසුවේ, අපි යන තැන ගැනවත් මා හරි හැටි නොදන්න නිසයි...


“බෙලිහුල්ඔය....ඇයි අම්මා ඔයාට කිව්වේ නැද්ද ..?


“ නෑ....මම ඇහුව්වේ නෑ....ඒත් එච්චර දුරක් ඇයි යන්නේ....?


“ඉතින් හොඳයිනේ....අපේ හනිමූන් එක..... ලස්සන පැත්තක , නිදහසේ ගතකරන්න පුළුවන්නේ...."


සුපුන් සතුටින් ඉන්නා බව පෙනේ...


“ අපි කවද්ද බෙළිහුල්ඔය ඉදන් ආපහු එන්නේ....?


“ අද රෑටයි හෙටයි ඉඳලා.... අනිද්දා උදේට එනවා.... ඊට පස්සේ අනිද්දට ගාල්ලේ අපේ ගෙදර හෝම්කමින් එකනේ.... ඒක නම් ගොඩක් ජයට ගන්න අපේ ගෙවල් වල අය ලෑස්ති කරලා තියෙන්නේ ....අපේ. අම්මලා, තාත්තලට හරි සන්තෝසයි මම කසාද බැදපු එකට..... අපේ ගෙදර ඉස්සෙල්ලාම ගන්න වෙඩින් එකනේ මේ....සුපුන් අහිංසක ලෙස කියවාගෙන යන්නේ සතුටිනි.


“ඇයි රුවිනි ඔයා දුකෙන් වගේ ඉන්නේ....?

සුපුන් මගේ අත හෙමිහිට අල්ලා ගත්තේ මලක් මෙන් පරිස්සමටය. ඔහුගෙ අතේ ඇත්තේ දැඩි ශීතලකි. අකැමැත්තෙන් වුණත් මම ඔහුගේ අත එලෙසම තියෙන්න ඇර එසේම සිටියෙමි. ඔහු ඔහුගෙ අනෙක් අත, මගේ කරවටා දමා මගේ ඇගට හොදටම ලංවිය.


මම මුකුත් නොකියා, එක දිගට වේගයෙන් යන වාහනයේ ජනේලයෙන්, එළිය බැලුවෙමි. කොළඹ සිට ගමන් ඇරඹු මංගල රතය දැන් හපුතලේ පාර හරහා වේගයෙන් ගමන් කරයි....


කළබල කාරී කොළඹ මංමාවත් පසුකර මංගල රතය හපුතලේ ....කදුවැටි ගස්කොළන් හා වට වංගු ඇති පරිසරය මැදින් ගමන් කරද්දි හිතට සැහැල්ලුවක් වැනි හැගීමක් දැනින.....


සුපුන් ඉතා අහිංසක ඉතා හොඳ ගතිගුණ තිබෙන පුද්ගලයෙක් හැඩයි... රමේෂ්ව මට ලැබෙන්න ඉස්සර මොහුව මට හමු වුණා නම්, අද මම මොහු සමග කොයිතරම් නම් කැමැත්තෙන්ද මේ ගමන යන්නේ...... මා හට සුපුන් සමග කිසිම ප්‍රශ්නයක් නැත....

ඔහු කවදාහෝ, මා ඔහු සමග සිටියහොත්.....පවුල් කෑවොත්, මට හොද සැමියෙක් ලෙස සලකන බව නම් මට, විශ්වාසය....ඒත් ඔහු එක ලෝකෙක, මං තව ලෝකෙක....ඔහුගේ ලෝකෙට මාව කුළුදුලේ කැන්දාගෙන යන, ඔහු ගැන මට ඇත්තේ කණගාටුවකි....


ඒත් මම වෙන කෙනෙකුට ආදරය කර ඔහුගේ පහස විද....මුළු හදවතින්ම ඔහුට ආලය කර....ඔහුට දුක්දී.....අද දින දෙමව්පියන්ගේ ආශාවන් ඉශ්ට කිරීමට, මොහු සමග විවාහවී ජීවිතේ ඉතිරි ගමන යන්නට පටන්ගෙන ඇත.


"ඔයාට මහන්සිද රුවිනි ...අපි ටිකක් මේ හරියෙන් බැහැලා විවේක ඇරන් ආපහු යමුද..."


"ටිකක් බහින්න තියෙනවා නම් හොදයි ...ඒත් මේ මංගල ඇදුම්, වේල් එක පිටින් බැහැලා පාරේ නැවතිලා ඉන්න බෑනේ..."


"එහෙනම් අපි තේ කඩයක් ලගින් වාහනය නවත්වලා, වාහනයෙන් බහින්නෙ නැතුවම තේ එකක් බොමුද.....?.මට නම් හරි තේ තිබහයි...ඊටත් වඩා බඩගිනියි ...කොහේද දවල් කොච්චර කෑම තිබුනත් හරියට කන්න බැරිවුනානෙ... මගුල් ගෙදර මිනිස්සුන් බලාගෙන ඉන්දෙද්දි ..." සුපුන් කිවේ‍ය.


"ඩ්‍රයිවර් උන්නෙහැ....ඔය ඉස්සරහ නිදහස් තැනක තේ කඩයක් ලගින් වාහනය නැවත්වුවානම්..." සුපුන් මංගල රතයේ රියදුරාට කිවේය. අප දැන් පැය තුනකට කිට්ටු දුරක් බෙළිහුල්ඔය තානායම පැත්තට කොළඹ සිට පැමින ඇත.


"මහත්තයා මේ හරිය හොදයි නේද....ඉස්සරහ ලස්සන නිදහස් පැත්ත. අපි නැවතිලා තේ ටිකක් බිලා යමු එහෙනම් ..."


බෙළිහුල්ඔය යන අතරමග කදුවැටිවලින් ,කොළපාට ගස් වැල් වලින් වටවී ඇති පාර දිගේ යමින් තිබූ අප වාහනය, නිදහස් තැනක නතර විය....


"මහත්තයාලා එහෙනම් ටිකක් බැහැලා විවේක ගන්න....මම අර තේ කඩයෙන් මොනව හරි බොන්න ගේන්නම්..."


"ආ ..මේ සල්ලි...කන්න කෙසෙල් ගෙඩි ටිකක් ගේන්න...හරි බඩගිනියි..." සුපුන් ඔහුගේ පර්ස් එක ඇර සල්ලි වගයක් ගෙන රියදුරු අත තිබ්බේය.


"රුවිනි ටිකක් බහින්න...තව පැය එකහමාරක් විතර අපට තානායමට යන්න තියෙනවා...."


"නෑ සුපුන් ඔයා බහින්න ...මම දොර ටිකක් ඇරගෙන ඉන්නම්...මේ වේල් එකත් එක්ක බහින්න අමාරුයි ..."


අවට පරිසරයේ ඇත්තේ හවස පහට පමණ ඉර බැහැගෙන යන වේලේ ඇති එළියත් සමග හෙමිහිට කදුකරයෙන් හමාගෙන එන ශීතලකි. එය ඇගට දැනුනෙ ප්‍රබෝධමත් බවකී...එම ඉර එලිය බටහිර අහසින් හෙමිහිට බැසගෙන යන්නේ කදුවළලු අතරින් පෙනි නොපෙනීය....දිගු සෙවනැලි සේ හිරු රැස් ගස් අතරින් විහිදීම නිසා...අවට කදුයාය නේකපැහැ ගැන්වී ඇත. පරිසරයේ ඇත්තේ දැඩි නිහඩ තාවයකී. ඉදහිට නවත්වා තිබෙන අප වාහනය, පසුකර යන පාරේ වාහන වල ශබ්දයන් පමනක් ඇසේ....ඈතින් පෙනෙන කදුවැටි වලට, හෙමිහිට වැටිගෙන යන මීදුම..... අප සිටින දෙසටද ටික වේලාවකින් පාවි එනු ඇතැයි මට සිතෙ....


සුපුන් ,ඔහු ඇදසිටි කෝට් එක ගලවා වාහනය තුල තබා.....පාර අද්දරට ගොස්....ඈතින් පෙනෙන කදුවැට් දෙස ටික වේලාවක් බලා හිටියේ.... අත්දෙක දෙපසට විහිදුවමින් ...හිරි අරිනා සේය.


"නෝනා...මේ කෙසෙල් ගෙඩි වගයක් ගෙනාවා බඩගිනි නම් කන්න..."

වාහනයේ රියදුරා මට දිග ආනමාලු ගෙඩි වගයක් අතට දුන්නේය . මම එය අතට ගත්තේ සුපුන් දෙස බලමින් ය. මාගේ ආසනයේ කොනකින් වාඩිවී ඔහුත් කෙසෙල් ගෙඩියක් කන්නට උනේ දැඩි බඩගින්නකින් සිටියකු ලෙසය...


"නෝනා මේ ඉගුරු ප්ලෙන්ටි...."


ලොකු කෙසෙල් ගෙඩියක් කෑවාට පසු මගේ බඩ හොදින්ම පිරුනි. අවට පරිසරයේ ඇති ශීතලයෙන් මිදෙන්නට ඉගුරු ප්ලෙන්ටි හොදින්ම ගැලපුනි.


"මහත්තයා අපි දැන් ගියොත් හොදයි ...රෑවෙන්න ඉස්සර අපට බෙලිහුල්ඔයට යන්න පුලුවන් වෙයි....."


"යමු එහෙනම් ...දැන් නම් බඩ හොදට පිරුනා....ඉගුරු ප්ලෙන්ටියට ඇගට හොද පණක් ආවා...ඊයේ ඉදන් වෙච්ච මහන්සියත් ගියා ඒකට..."


සුපුන් කිව් ටික මටත් කියන්නට සිත් වි තිබුන දේමය.

මගේ හිතයි බඩයි පිරී ප්‍රබෝධමත් ගතියක් දැනුනේ බිව් ඉගුරු ප්ලෙන්ටිය නිසාය.


වාහනය නැවත කදුවැටිය අතරින් වංගු සහිත පාරේ ඉදිරියට ගමන් ආරංභ කර ඇත... පේන තෙක් මානෙට ඇති අහස කළුවර කර ඇතිබව පෙනේ.. ....කොයි මොහොතේ හෝ වැහි වළාකුළු පහතට කඩා වැටෙන්නට දගලන බව පෙනේ.....

වාහනය වේගයෙන් ගමන් කරයි. පරිසරයෙ ඇති හිරු එළිය විගහින් බැස යන්නට අර අදින්නේ....අවට පරිසරය අදුරු කරමින්‍ය.


"කොයි වෙලේ හරි ලොකු වැස්සක් එන ලකුණු තියෙන්නේ..." සුපුන් කීය.


"ඔව් මහත්තයා ...කොයි වෙලේ හරි දැන් වහියි...අපි දැන් මේ තානායම කිට්ටුව ඉන්නේ...මහත්තයලාට ඉක්මනට ඇතුලට යා ගන්න පුලුවන් වෙයි..."


රියදුරු කිව් ලෙසම අප දෙදෙනා රැගත් මංගල රතය, කදුකරයෙන් හා ගස්කොළන් වලින් වටවුන බෙළිහුල්ඔය තානායම් බිමට ලගාවුනි....අවට පරිසරයේ ඇත්තේ දැඩි පාළුගතියකි. වැහි බීරමේ ලකුනු තවමත් පේන්න ඇත.

සුපුන් වාහනයේ දොර ඇර එළියට බැස ගන්නට හැදු විගස...අවට පරිසරයෙන් ඇසුනේ බෙළිහුල්ඔයේ ගලා යන මහ ජළකදේ හෝ හෝ හඩය. එම හඩේ ඇත්තේ අවට පරිසරයේ ඇති මූසළ පාළු ගතියටම ගැලපෙන..., හඩාවැටෙනා ගැහැනියකගේ දෝංකාර දෙන.... මූසළ හඩකී.


අප පිලිගැනිමට බෙළිහුල්ඔය තානායමේ වයසක පිරිමි පිලිගැනීමේ නිළදාරියකු පැමිනියේය.

මංගල රතයෙ රියදුරු හා ඔහු අපේ ඇදුම් පැළඳුම් ඇති බෑග් ඇතුලට ගෙන යාමෙදී...සුපුන් මට වාහනයෙන් බැස ගන්නට උදව් කලේ හොද ස්වාමිපුරුෂයකු ලෙසමය. ඔහු මගේ දිග වේලය උස්සාගෙන මා ලගින්ම බෙළිහුල්ඔය තානායම තුලට පියමැන්නේ ආඩම්බරයකිනි යැයි මට සිතේ....අනේ මෙවන් අහිංසක සැමියෙක් හා එක හිතින් වෙසෙන්නට මට හිත් නොදෙන හැටියක්....මොහු කොයිතරම් නම් හොද පුද්ගලයකු උනත්....තාමත් මම රමේෂ් සිහිපත් කරමින්....ජීවත් වෙන හැටී.....


අප දෙදෙනාව වේටර් වරයකු ...අපෙ කාමරය වෙත කැන්දාගෙන යන ලදී....


“හරි මහන්සියි නේද රුවිනි ....?


“ඔව් හරි මහන්සියි ....උදේ පාන්දර ඉදන් ඇදගත්ත ඇදුම්නේ...."


මමත් විගසින් කිව්වෙමි.


හෝටලයේ සේවකයා අපට වෙන්කර තිබූ කාමරයට අප එක්කර ගෙන ගොස් අපේ ඇදුම් බෑග් එහි තිබ්බේය. එය ඉතා ලස්සන පිරිසුදු විශාල කාමරයකී.. මා ජීවිතයටම අදමයි මේවැනි කාමරයකට ඇවිත් තියෙන්නෙ.... ඒ තරමටම ලස්සන නිසා, මේ කාමරය අපේ හනිමූන් එක සදහා සුපුන් තෝරා ගන්නට ඇතැයි මට සිතේ..."


මම කාමරයේ දිගු ජනේලය වෙත ගොස් ඒ තුලින් අවට බැලුවෙමි. අදහාගන්නට බැරි තරම් ලස්සන ඝන කදුවළල්ලකින් වටවු කැලයක්, අපේ කාමරය ඉදිරිපසින් ඈත....ඊට පහලින් කාමරයට අයිනෙන්ම බෙළිහුල්ඔය, කළුගල් අතරින් සුදුපෙන විහිදුවමින් බැසයන සුන්දරත්වය මොනවට කියා පාන්නද.."


"හරි ලස්සන තැන නේද රුවිනි ...ඔයා කැමතිම වෙයි කියලා, හිතලයි මම මෙතන තොර ගත්තේ..."

සුපුන් මම සිටි ජනේලය ලගටම විත් මගේ කරවටා අත දමාගෙන...මා ඔහුගේ ඇගට තුරුල් කර අනිත් අතින් මගේ අත අල්ලා ගත්තේය.... ඔහුද මා මෙන්ම ජනේලයෙන් එළියේ බෙළිහුල්ඔය ගලාබසිනා දෙස බලාඉද.....හෙමිහිට මගේ මුහුන සිබින්නට මා දෙසට පාත් වුනි...


" ඉන්න.....මට හරි දහඩියයි සුපුන් මම වොශ් එකක් දාගෙන එන්නම්..."


මම ඒ සැනින් ඔහු මගෙන් ඉවත් කරමින් කීය.


ඔහු අකමැත්තෙන් උනත් මගේ කීමට එකගවී මගෙන් ඈත්විය.


"සුපුන්...මගේ මේ වේල් එක මට ගලවගන්න උදව් කරනවද..?..."

මම කන්නාඩි මේසය ලග තිබුන පොඩි ස්ටූලයෙන් වහා ඉදගත්තේ ඔහුගෙ සිප වැලද ගැනීමෙන් වලකින්නටය.


"මගෙ අම්මෝ...මෙච්චර කටු ගොඩක් ඔලුවේ ගහගෙන ඔයා කොහොමද උදේ ඉදන් හිටියේ...."


"ඒක තමයි හරිම මහන්සියි...මෙවා ගලවලා වොශ් එකක් දාගත්තහම මහන්සිය යයි..." සුපුන් මගේ වේලය ගලවා ගන්නට උදව් කලේ ඉතා කීකරු ,වගකීම් දරන හොද ගුණගරුක ස්වාමි පුරුශයකු ලෙසමය.


"තැන්ක්ස් සුපුන් මම මේ සාරියේ කටු ගලවගෙන පහසු ඇදුමක් ඇදගන්නකම්, ඔයා වොශ් එකක් දාගන්න...මම ඊට පස්සේ නාගන්න ඔනේ, මේ ඔලුවෙ ගාලා තියෙන ඔක්කොම ජාති යන්නත් එක්ක...."


"එහෙනම් මම නාගෙන එන්නම්...ඊට පස්සෙ අපි කාමරයට ගෙන්න ගෙනම හොද තේ එකක් උනුවට බොමු...."සුපුන් ඉතා කරුනාවෙන් මට කතා කරයි. කතාබහ වගේම ඔහු හොද ස්වාමිපුරුෂයකුද වේයැයි මට විශ්වාසය.


"ඔව් සුපුන් ඔයා හොදගෙන එන්න...."


සුපුන් ඉතා හොද පුද්ගලයෙක් බව මට අද දවසටම තේරුන ගිය දෙයකි....ඔහු ගැන මගේ හිතේ ඇතිවී ඇත්තේ ප්‍රසන්න හැගීමකී. ඔහු ඉතා හොඳ කෙනෙක් උනත්..

මගේ බලාපොරොත්තුව , මගේ කැමැත්ත ,මගේ ආදරය හිමි රමේෂ්ටය. අම්මා, බාප්පා, ලොකු මාමාලා ගැන මට තියෙන්නේ තරහකි. මං කොච්චර අකැමැතියි කිව්වත් මං ගැන නොහිතා, මගේ ප්‍රථම ආදරය ගැන නොහිතා ඔවුන් මේ මඟුලම මට කරලා දෙන්නට උන මහන්සිය... ඇයි ඔවුන්ට මම ගැන සිතා, මගේ කැමැත්තට ඉඩ දී රමේෂ්ට මා බන්දා දීමට නොහැකි උනේ....අපේ ආදරයට කැමැති වෙන්න බැරි වුණේ.... ජාතිභේදය ගැන හිතා ඔවුන් අප දෙදෙනා වෙන්කල අපූරුව.... මට අම්මා, බාප්පා ,ලොකු මාමා ගැන තවමත් ඇත්තේ කේන්තියකි.....ඔව්....

මං තවමත් පරක්කු වැඩි නැත....අද දිනේ මම කසාද සහතික පොතේ අත්සන් කර සුපුන්ගේ බිරිද උනාට.... මං තවමත් සුපුන් සමග කායික සම්බන්දයක් පවත්වා නැත..... මං තවමත් පිරිසිදු කන්‍යාවියක් ලෙසම ජීවත් වෙමි. එබැවින් ..

මගේ ප්‍රථම ආදරය දිනාගත් රමේෂ් සොයා මේ මොහොතේ හෝ ම පැන ගොස් රමේෂ් සමග ජීවත් වීමට දිරිය ගත යුතුය....සුමාන තුනක විතර කාලයක් ...මම රමේෂ් සොයා පැනයන්නට උත්සහ ගත්තත්....ගෙදර පරිසරයේ මා බැදදමා තිබු මුරකාවල් ,රැකවල් මද්‍යයේ මට රමේෂ් සොයා යෑමට නිදහස නොලැබුනි ....දැන් මේ කාමරයේ ඇත්තේ මා පමනී....ඔව්, මට කල්පනා කරමින් ගත කරනට කාලයක් නැත...සුපුන් ඇගපත සෝදා පැමිනීමට ප්‍රථම, මම මෙතනින් පැන යා යුතුය....එක දිනක් හෝ මට සුපුන් එක්ක, යහන්ගත වෙන්නට සිදුවුවහොත්, මා රමේෂ් සමග ගොසින් වැඩක් නැත.....එබැවින් මම සුපුන්ට හොරෙන් මෙතනින් පැන, රමේෂ් සොයා යෑමට, දැඩි අසාධාරණ තීරණයක් පසුගිය දිනවල, සිතා සිටි ලෙසම, ගත්තෙමි......ඔව් මම රමේෂ් සොයා යන්නෙමි....

-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

.

6 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page