top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි🌺🌺

💞මට හිමි ඔබයි💞

(30 වෙනි කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2744881995787154/

මගේ ඉරනම් ගමන විසදෙන......., විවාහ දිනයට හිරු උදාවි ඇත.....


පසුදින රෑ වෙනකම් මගේ විවාහ උත්සවය වෙනුවෙන් ගෙදර, සැරසිලි වැඩ වලට උදව් කලවුන් රෑ කීයට, නිදාගන්නට ගියාදැයි නොදනී....මද්‍යම රාත්‍රීය පහුවෙනකම් ගේ ඇතුලෙන් ඇසුනු සද්ද බද්ද හමුවේ මගේ ඇස්දෙක පියවුනේ කීයටදැයිද නොදනී.


අම්මා මා උදේ ඇහැරවන අවස්තාවේදීද ගෙදර ඇතුලේ සද්ද බද්ද....කෑම පිසින සුවද දඩිබිඩි කළබල ගති, තවමත් ඇසේ..දෑනේ......


විවාහ දිනයට මුහුන නොදී ,ඊට ප්‍රතම ගෙදරින් පිටවී යන්නට උත්සහ ගත්තත්.....මට එයට අවස්තාව නොලැබුනි.

ගෙදරින් එළියට අඩියක් තියන්න නිදහසක් නොළද ම දැන් අසරණ අඩියකට වැටී ඇත....මා දැන් කළයුත්තේ කුමක්ද කියා අසන්නටවත්, කියන්නටවත් කිසි කෙනෙක් නැති අසරණ මම සියලු බලාපොරොත්තු සිදී මළානිකව බලා උන්නෙමි ....


උදේ පාන්දර මාව මනමාලියක සේ හැඩගන්වන්නට ගැහැනු කෙනෙකු පැමිනි සිටියාය.


"දුව මේ තේ එක බීලා...ඇගපත සෝදාගෙන එන්න ,දැන් වෙලාව හරි ඔයාට ඇදුම් ඇදගෙන ලෑස්ති වෙන්න ..."


"ඇයි නංගි මෙච්චර ලස්සන දවසක, ඔයා මණමාලියක් වෙන්න ලෑස්ති වෙන වෙලාවෙත්, ඔයා දුකෙන් ඉන්නේ...." මා මණමාලියක්සේ අන්දන්න ආ අක්කා ඇසීය.


"හිනා වෙලා සතුටින් ඉන්න නංගි....අම්මලා තාත්තලා දාලා හැම ගැහැනු ළමයෙක්ටම කසාද බදින මහත්තයාගෙ ගෙදර යන්න වෙනවනේ....නංගි ගාල්ලට කසාද බන්දලා දෙන්නෙ කියලා ඔය නංගිගේ අම්මා කිව්වා...එතකොට ඉතිං නිතර අම්මා තාත්තා බලන්න එන්න බැරිවෙයි තමයි ...."


"ඒක තමයි අක්කේ...මට මීට පස්සෙ රස්සාවට යන්න බැරිවෙනවා...කොළඹ අතහැරලා, ගාල්ලට යන්න වෙනවා....නොදන්න මිනිස්සු එක්ක තමයි මට ජීවත් වෙන්න වෙන්නේ...."


"එහෙම තමයි නංගි...හැම ගැහැනු කෙනෙක්ටම.....ඔයා හස්බන්ඩ්ට ,එයාගේ දෙමව්පියන්ට හොදින් සලකගෙන හිටියොත් ගෙදර හිටියට වඩා සතුටින් ඔයාට ඉස්සරහ කාලේ ජීවත් වෙන්න පුලුවන් වෙයි....ඇදුම් අන්දන අක්කා මට නොයෙක් උපදෙස් දෙමින් මට සාරිය ලස්සන හැඩ කරමින් අන්දවයි.


මම මළමිනියක සේ, ඔහේ ඇය අන්දවන තෙක් ගල්ගැසි බලා උන්නෙමි.


“මනමාලි හිනාවෙලා ඉන්නකෝ..... මරන්න ගෙනියන්න වගේනෙ රුවිනි අක්කා ඉන්නේ..... මගේ දෙවන මණමාලිය ලෙස සැරසී සිටින, ලොකු මාමාගෙ දියණිය මට කීවාය.


මට දෙවන මනමාලියක්, දෙවන මණමාලයෙක් හා මල් කුමර කුමරියන්ද ලෑස්ති කර තිබුනි. මල් කුමාරයන් දෙදෙනාට ,මගෙ මල්ලිත්, අක්කාගෙ පුතාත් තෝරාගෙන තිබිමත් මට විශේෂ විය.


සුදු ලේස් සාරියකින් මා මණ්මාලියක් ලෙස සරසා, මගේ හිසේ සිට දිග සුදු වේලයකින්ද, මල් ගසා සරසා, අභරණ දා ඇය මා සැරසුවාය....මුහුන ආලේපන වලින්ද හැඩකර, ඇදුම් අන්දා දැන් අහවරය. ඉන් පසු මම කාමරයේ, අල්මාරි දොරේ ඇති, කන්නාඩියෙන් මගේ රූපය දෙස බැලුවෙමි. මගේ රූපය ඒ තුලින් දුටු කල මට ඇතිවුනේ කියාගත නොහැකි දුකකී. ඇත්තටම සුදු සාරියකින් සැරසී ,වේලයක් දමා, මුහුනේ ආලේපන ගල්වා ඇති මම වෙන කවරදාවකටවත් වඩා ලස්සනව පෙනෙන්න සිටියාය. මගේ මෙ ලස්සන බලන්න පෙරුම් පීරූ...මා අයිතිකරගන්න පෙරුම් පිරූ ... රමේෂ් අද කොතනද....ඔහු අද මගේ ලස්සන බලන්නට නැත...අද මම නොදන්නම, අකමැති කෙනකුගේ මනමාලිය වෙන්නට ලෑස්ති වී හිදිනා අයුරු....මගේ පිළිබිඹුව දැක මට වාවන්නට බැරි විය. මගේ ඇස් කදුලින් තෙත් විය....


"අපෝ නංගී...කදුලු පෙරාගෙන අදනම් අඩන්න එපා...ඔයාගෙ මේකප් දියවෙයි..." අර අක්කා කීය.


මා මණමාළියක් ලෙස අන්දා ඉවර වූ පසු අම්මා, මගේ කාමරයට විත් මාව සිපගෙන මා දෙස බල උන්නේ....දෑසේ උතුරායන සතුටකිනී.


“පොඩි දුව අද හරි ලස්සනයි.....අනේ ඔයාගෙ තාත්තා හිටියානම් අද කොච්චර සතුටු වෙයිද....අම්මා කීවේ දෑස් පිසදමමින්‍ය.


වැඩී වේලාවක් නොගොසින් ගේ ඇතුලට ,මගේ මගුලට ආවුන්ගෙන් පිරී යන හඩ ඇසෙන්නට විය...කැසට් යන්ත්‍රයකින් නොනවත්වා මංගල සිංදු ප්‍රචාරනය වෙයි...උදයේ කැම මේසය සකසන හැදි ගෑරැප්පු සද්දද ඇසේ....


මම මනාලියක සේ හැද පැලදගෙන කාමරයේම හිදින්නේ නැකතට මනමාළයා ඇතුළු නෑදෑයින්ගෙ පැමිනීම බලාපොරොත්තුවෙනි.


"ආනේ නංගිගෙ ලස්සන..."ලස්සන මිළ අදික සාරියකින් සැරසී ...කොන්ඩ මෝස්තරයක් දා ලස්සනට සැරසී මගේ, කාමරයට ආ අක්කා, මගේ මුහුන සිප ගනිමින් කීය.


"තව ටිකකින් මණමාලයාගේ කට්ටිය ගෙදරට එයි.... මුළින් ඒ අයට තේ මේසයට ආරාධනා කරමු. තේ මේසයට වාඩිවෙලා, කිරිබත් කැවුම් කොකිස් කාලා අහවර උනාට පස්සෙ තමයි පෝරුවේ කටයුතු තියෙන්නේ...." නැන්දා කාමරයට විත් කීය. ඇයද උඩරට ඔසරියකින් සැරසී ආභරණ පැළද උන්නාය.


රතිඤ්ඤා ශබ්දයත් සමග ගේ ඇතුලේ කළබලය වැඩි විය. ගෙදර හැමෝම කලබලයෙන් එහෙ මෙහේ දුව දුව "සුපුන්" ඇතුළු ඔහුගේ නෑ පරපුර පිලිගන්නට සැරසේ....


“මනාලයාගේ කට්ටිය ඇවිල්ලා....ඉස්සෙල්ලා අපි කිරිබත් කැවිලි තේ මේසයට කතා කරමු.


“පොඩි දුව ඔයා එහෙනම් ලෑස්ති වෙලා ඉන්න...තව ටිකකින් කාමරයෙන් එළියට යන්න..."


සුපුන්ගේ නෑපරපුර කිරිබත් මේසයට වාඩි වී ඒවා රසබලන හඩට සවන් දෙමින්, ඇතුල් කාමරයේ මනාලියක සේ හැඩවී මම බලා උන්නේ දරාගත නොහැකි දුකෙනි.


"හරි දුවේ දැන් අපි එළියට යමු...තව ටිකකින් පෝරුවේ වැඩ පටන් ගන්නවා..."


බාප්පා අම්මා සමග මගේ කාමරයට පැමිණ ඇත....අම්මා හා බාප්පා මාව කාමරයේ සිට පෝරුව ළඟට යනකම් එක්ක ගියේය . මම බිම බලාගෙන මල් පොකුරක්ද දෑතේ දරාගෙන බිම බලාගෙනම පෝරුව වෙත ගියෙමි . මගුල් බෙර සද්දයක් ඒ සමගම කන් හරාගෙන ඇසෙන්නට විය.


ගෙදර සාලයේ කොනක සාදා තිබුන පෝරුව ගොක්කොළ වලින් ඉතා අපූරුවට හංසපූටු මෝස්තරයකට සරසා, හදා තිබුනි. සාලය පුරා, ලස්සනට ඇදගත් නෑහිතමිතුරන් ගෙන් පිරි තිබුනි.


මගේ ලගම, මගේ වේල් පොට අල්ලා ගත් දෙවැනි මනමාළියද මල් කුමාරියන් දෙදෙනාද හිටගෙන හිදී.


අෂ්ඨක කීමට පැමින සිටි කපු මහතා, පෝරුවේ වැඩපටන් ගන්නට පෙර,බුදුන් වදින්නට, නමස්කාරය පටන් ගත්තේ දොහොත් මුදුන් දීය.


මගේ දකුනු පසින් පෝරුව අනිත් කෙළවරේ සුපුන් ඔහුගේ නෑදෑයින් සමග හිටගෙන සිටින්නේ පෝරුවට නගින්න බලාගෙනය. අනෙකුත් නෑහිතමිතුරන් හැමෝම පෝරුව දෙස බලාන, ඒ ළඟට වී අප දෙස බලමින් හිදින්නේ නොවිසිල්ලෙනි ....


“දැන් නැකත් වේලාව හරි...මනාල යුවළ පෝරුවට නග්ගන්න...."


අප දෙදෙනා මාමලා දෙදෙනකු විසින් පෝරුවට නග්ගන ලද්දේ.... නැකත් වෙලාවට අශ්ටක ,බෙර හඩ මද්‍යයේය.


සුපුන් හා මා පෝරුවේ එක ලගින් සිටගෙන හිදිද්දි....,නැකතට අශ්ටක හඩ මද්‍යයේ පෝරුවේ චාරිත්‍ර ඉහලම ආකාරයට කෙරිණි.


මම කාගේවත් මුහුණ නොබලා කරන්න කියන කියන් දෙය කළෙමි. සුපුන් ඉදහිට මගේ මුහුන ඕනෑකමින් බලන බව මට පෙනේ....ඔහුගෙ මුහුන කෙලින් බැලීමට තරම් ශක්තියක් මට නැත. මගෙ හිත සොවින් බරවී ඇත....දෙවියනේ මා කාලයක් සිහින මැව්වේ, මේ ලෙස රමේෂ් එක්ක පෝරුවට නගින්නට නොවේද? ඒත් මට මොනවද මේ අවසානයේ සිද්ද වුණේ....?මට මොනවද මේ සිද්ද උනේ කියා සිතා ගැනිමට වත් නොහැකි ලෙස...මගේ මගුලේ වැඩ එක දිගට හොදින් සිද්දවෙමින් පවතී..


“මනමාලි හිනාවෙලා ඉන්නකෝ...ෆොටෝස් වලට ඔහොම හිටියම කැතයි ..." ජායාරූප ශිල්පියා මාහට කියයි...


මම සිහිනයක් දකින්නා සේ පාවෙමින් ඔහේ සිටියෙමි.


“ දැන් පෝරුවේ වැඩ රාජකාරි අහවරයි....දැන් අලුත් යුවලට පෝරුවෙන් බහින්න වේලාව හරි...."


"හරි එහෙනම් මාමා කෙනෙක් අලුත් ජෝඩුව පෝරුවෙන් බැස්සුවානම්..."


" ජෝඩුව නැකතට පෝරුවෙන් බහිනකොට පොල්ගෙඩිය බිදින්න ඕනේ.. ..."


අශ්ටක මද්‍යයේ අප දෙදෙනා පෝරුවේන් බැස්සුවේ....රමේෂ් බස්නැවතුමේදී බිම දාගෙන පහර දුන් මගේ මාමාය. ඔහු දුටු වහා, මට බස් නැවතුම සිහිවිය. මම මගේ කේන්තිය පාලනය කරගෙන පෝරුවෙන් බිමට දකුන කකුල තියා බැස්සේ සුපුන් සමගය.


වේලාවට පෝරුවෙන් බස්සවා....අප ගෙනගියේ....විවාහ රෙජිස්ට්‍රාර් ගෙ මේසය වෙතය. විවාහ රෙජිස්ට්‍රාර් තැන දුටුවිට මගේ ඇග ගැහෙන්න ගත්තාය. මේ නම් මගෙත් රමේශ් ගෙත් සම්බන්ධය නතර කරන්නට මොහොත ඇවිත් ඇත..... අනේ දෙවියනේ ....මට රමේෂ් අත් හැර සුපුන් ගේ නිත්‍යානුකූල බිරිද ලෙස දිව්රුම් දීමට කාලය ඇවිත් ඇති හැටි.... අදින් පසු...තව මොහොතකින් මම සුපුන්ගේ බිරිඳ වෙනු ඇත....මගෙ පපුව පිච්චි පැලෙන්න තරම් වේදනාවකින්.... එය දැවෙන්න විය.


කෙසේ නමුත්...විවාහ රෙජිස්ට්‍රාර් ඉදිරිපිට, සියලු නෑදෑයින් යාහලුවන් ඉදිරිපිට අපේ විවාහය ලියාපදිංචි විය. ....දැන් මම නිත්‍යානුකූලව සුපුන්ගේ බිරිඳ වී ඇත. මගේ හිත යළි නැගිටින්න බැරි ලෙස කඩාවැටි මහා දුක්මුසු හඩක් නගමින් අඩාවැටෙන හඩ....මේ මා වටා සිටින පිරිසට ඇසේනවානම්.....මට මා පමණය....කතා කරන්නට ,දුක බෙදාගන්න මා හට කිසිවෙක් නැති හැටී....


වේලාවට පෝරුවෙන් බස්සවා....පොල්තෙල් දැමු, කුකුලා පහන දල්වා පසුව අපව එක්ක ගියේ විශාල කේක් ගෙඩියක් කැපීමටය.විවාහය ලියාපදිංචියෙන් පසු, පහන් පත්තුකර කේක් කපා පැමිණ සිටි සියලු නෑදෑයන්ට කතාකර මඟුල් මේසය අරින ලදී.


"අලුත් ජෝඩුව මගුල් මේසය ඉදුල් කලානම්..."

නැන්දා මටත් සුපුන්ටත් ආරාධනා කලේය .


“අපි එහෙනම් කෑම කාලා ඉමු රුවිනි ...." සුපුන් මගේ අතින් අල්ලා මට පුටුවෙන් නැගිටින්නට උදව් කලේය. සුපුන් මගේ අතින් අල්ලන හැම මොහොතකම මගෙ ඇග හිරි වැටී යයි. මිට ප්‍රථම මගේ අතින් අල්ලා, මා සිප වැලද ගත් රමේෂ් අද මගේ ලග නැත. මම දැන් සුපුන්ගේ නිත්‍යානුකූල බිරිද වී ඇත. දැන් මා මගේ අකමැත්තෙන් ,දෙමව්පියන්ගේ උවමනාවට, සුපුන්ටම අයිතිවී ඇත.


කෑම කන්නට මගුල් මේසයට වාඩිවු කල, අපට බෙදා දුන් කෑම පිගන් වලින්....මුලින්ම සුපුන් මට බත් කටක් කෑව්වේය.... ජායාරූප ශිල්පියාට අවශ්‍ය ලෙස සුපුන්ට බත් කටක්, කවන්න මටත් සිද්දවිය. සුපුන් මට කැවු බත් කට....බත් නොවී... මට වහ ටිකක් කැව්වා නම් කොච්චර හොඳද කියා සිතේ....? මගේ කිසිම කැමැත්තක් නැතිව මාව අනිත් අයට ඕන විදියට කසාද බන්දා දුන් හැටි....


මම අද විවාහ වන බව.. රමේෂ් දැන ගන්නට ඇති....එය දැනගෙන ඔහු කෙසේ ඉවසාගෙන සිටිනවා ඇත්ද ....? ඊයේ වෙනකම් ඔහු.... මම ඔහු සොයා එනකම් මග බලා ඉන්නට ඇත.... ඒත් අද දවසේ මම සුපුන් ගේ බිරිද වී මගුල් කන අන්දම...මට මම ගැනම ඇති වුනේ කේන්තියක් මෙන්ම අප්පිරියාවකී. ඒත් අහිංසක මම වෙන මොනවා කරම්දෝ....ඒ ගැන දන්නේ මා පමණය.....


"රුවින් ඔයා අද හරි හැඩයි...ලස්සනයි ..එකම අඩුව මූනේ සතුටක් නැති එක පමනයි ...."ශර්මිලා හා මගේ තවත් යෙහෙයක් අපේ විවාහයට පැමින ඇත.


"ශර්මිලා මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ....මම හෙමිහිට ශර්මිලාට කිවේ මගේ ලග වාඩිවී සතුටින් සිටිනා, මගේ අලුත් සැමියා, සුපුන්ට නොඇසෙන ලෙසය.


"රුවිනි....දැන් පරණ දේවල් මුකුත් කතා කරන්න ,හිතන්න එපා....හැම දෙයක්ම අමතක කරලා සුපුන් එක්ක හොද ජීවිතයක් ගත කරන්න ...ඔයා වෙඩින් එකෙන් පස්සේ ගාල්ලේ පදිංචියට යන එක හොදයි ....ඔයාට ලේසියෙන් පරන දේවල් අමතක කරන්න පුලුවන් වෙයි....මට සතුටුයි අන්තිමට ඔයා රමේෂ් අමතක කරලා සුපුන් බදින්න කැමති උන එක.....තරුණ කාලේ මොනතරම් ආදරෙන් බැදිලා හිටියත්....ඒවා මෝඩ වැඩ කියලා පස්සෙ තේරෙනවා....පහුවෙනකොට, ජාති ආගම් ප්‍රශ්න එන්න පුලුවන් ....ඒවා බලපාන්නේ අන්තිමට ළමයින්ටයි. ඔයාගේ අවසන් තීරනයට මමත් කැමතියි.... රුවිනි ඔයාට සුභ අනාගතයකට මගෙන් සුභ පැතුම්.. ...."


සුපුන්ට නොඇසෙන්න ශර්මිලා කිව් දෙයින් මගෙ හිරි වැටි ගියේය. මට කට අරින්න නොහැකිව ගල් විය.....අනේ දෙවියනේ ....මගේ හොදම යෙහෙලියත් මා ගැන සිතා සිටිනා අයුරු ....එසේනම් රමේෂ් මා ගැන කෙසේ සිතනවා ඇද්ද....? ශර්මිලා සිතා සිටින්නේ....මම රමේෂ් අමතක කර,සුපුන් කැමැත්තෙන් කසාද බැදපු වගක්‍ ය.

මේ මොහොතේ මම කොහොමද ඇයට තේරුම් කර දෙන්නේ...මට වෙන කරන්න දෙයක්ම නැති තැන මම මෙලෙස රගපාන බව.... අනේ මම තරම් අවාසනාවන්තියක්.... මම කරකියා ගන්නට දෙයක් නොමැතිව සුපුන් කසාද බැදපු වග..... ඇයත් මගේ දෙමව්පියන් සේම මා ගැන වැරදියට තේරුම් ඇරගෙන ඇති හැටි....මගේ මේ නොගැලපෙන විවාහයට ඇය, හොදම යෙහෙළිය සේ මට, සුභ පතනා අයුරු මට ඇතිවුනේ කියා ගත නොහැකි දුකකි...මොවුන් සමග මේ මොහොතේ මට එය පැහැදිලි කර දීමට, වාදකිරිමට අවස්ථාවක් නැති හැටි..

විවාහ උත්සවයේ....සියල්ලෝ කෑම බීම අරගෙන අහවර වූ පසු මංගල සභාවේ කතා පවත්වා මාව සුපුන්ගේ මවට පියාටද බාර දුන්නාහ. අම්මාත්, බාප්පාත් ඉතා සතුටින් මා සිපවැලද ගෙන සුභ පතා මගේ නැවුම් මංගල ගමනට අවසර දුන්නේ එලසය... .


“දැන් මනාල යුවලට යන්න නැකත් වේලාව හරි..... එහෙනම් අලුත් මනාල යුවළ, නෑදෑයන්ට කතාබහ කරලා, වැද අවසර ගෙන වාහනයට නැග්ගානම්..."


සුපුන් සහ මම අම්මා ඇතුළු සියලු නෑදෑයන්ට වැද අවසර ගත්තේ අපේ මංගල ගමන යන්නටය. සැමගේ ආශිර්වාද මැද අප දෙදෙනා , දකුණ කකුල පෙරට තබා ගෙයින් එළියට බැස්සෙමු. ඒ සැනින්

වත්තේ කොනක එල්ලා තිබු රතිඤ්ඤා වැල එක දිගට පිපිරි හඬ නැගුවේ බෝම්බ හඩක් ලෙසය. විනාඩි ගනනක් අපහසුවෙන්, බයෙන් ඒ හඩට සවන් දුන් අපි දෙදෙනා ,මංගල රතයට ගොඩ වුනෙමු.


-නැවත හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

17 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentarios


bottom of page