top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි🌺🌺

💞මට හිමි ඔබයි💞

(28 වෙනි කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2741324472809573/


ශර්මිලාලා අපේ ගෙදර ඇවිත් ගියායින් පසු, මම රමේෂ් දුන් ලියුම කියවා බලා එය ගෙදර කාටත් අහු නොවෙන්නට ඉරා දැම්මෙමි. මම දැන් නිතර කල්පනා කරමින් ඉන්නේ...මම දැන් කෙසේද මේ ගෙදරින් පැන රමේශ් කිව් සරෝජලාගෙ ගෙදර සොයා යන්නේ කියායි.... කාමරයේ දොර වසා දමා මා සිර කරගෙන සිටියදී...කෙසේද මම මෙතනින් පැනයන්නේ කියා දහ අතේ කල්පනා කලෙමි.

එයට විසදුමක් පේනතෙක් මානෙක නොවීය.


මගේ මංගල ඇදුම් මසන කෙනා දෙතුන් පාරක්ම මගේ කාමරයටම විත් මගේ මිනුම් රැගෙන ගොස්, නැවත මැසූ ඇදුම් රැගෙන විත් මට අන්දා බලා අඩුපාඩු හදා ගියාය.

මම කාමරයට වී සිරකාරියක් ලෙස ඉදියදී....ගේ ඇතුලේ නොයෙක් දෙනාගේ කට හඩවල් ඇසේ.....ඔවුන් සද්ද බද්ද කරමින් මගේ මගුලට ලෑස්ති වෙන්නේ කළබලේය..... අම්මා, සෝමා, නැන්දා මගේ කාමරයට විටින් විට පැමින මගේ දුකසැප බලයි. ...ඒ අතර, මාමාගෙ ළමයින් හා මගේ මල්ලි...මගේ කාමරයට වී සෙල්ලම් කරති. ඒ අම්මාගේ නියෝගයක් නිසා බව, මට තේරී ඇත. ඔවුන් මට තනිරකින්නේ එලෙසය.


නම වෙනිදාටද (9)දිනය උදාවිය..... හෙට මගේ විවාහය ලියාපදිංචි කරන උත්සවයට ගෙදර අය කඩිමුඩියේ සැරසේ....මේ වනවිට නම් මගේ හිත හොදටම නොසන්සුන් වි ඇත.. රමේෂ් මට, ශර්මිලා අතේ, ලියමන එවා දින ගනනක් ගියත්....මට ඔහු කිව් ලෙස සරෝජාගේ ගෙදරට යන්න තවමත් අවස්තාවක් නොලැබින....ඔහුට පණිවිඩයක් යවා ගන්නටද අවස්තාවක් නැත. මෙපමන දවසක් ගෙදරින් පැන යන්නට, උත්සහ කලත් මට , එයට අවස්තාවක් සලසා ගන්නට නොලැබීම මට ඇති කර තිබුනේ විශාල නොසන්සුන් කමක් සමග දුකකි....මේ ලෙස ගියොත්....හෙට උදේ මගේ විවාහය ලියාපදිංචි කිරීමට, මට සහභාගි වන්නට සිදුවන බව, මම දැනන් උන්නෙමි .


නමවෙනිදා හවස....අක්කා අය්යා පුතා සමග අපේ ගෙදර ආවේ පසුදිනට, මගේ විවාහය ලියාපදිංචි කරන උත්සවයට සහභාගි වන්නටය. එදින රෑ අක්කත් පුතත් අපේ ගෙදර නැවතීමට නියමිතය. අක්කාගෙ පුතා මට ගොඩක් ආදරය කරන කෙනෙකු බැවින් මම ඔහුව මගේ කාමරයේ තියාන ඔහු සමග කතාවට වැටී ඔහුට කතා කියාදෙමින් ඔහුගෙන් ගත හැකි උදව්වක් ගැන කල්පනා කලෙමි.


"පුතේ ආච්චි‍යි, අම්මයි කොහේද...? මම ඔහුව යාප්පුවෙන් කතාවට අල්ලා ගත්තෙමි.


"අම්මලා කුස්සියේ කෑම හදනවා පුංච්..."


"පුතේ...ඔයා දන්නවා නේද අච්චිගෙයි සීයගෙයි කාමරය...?


"ඔව් පුංච් මම ඒක දන්නවා...ඉස්සරහ කාමරය නේ..."


"ඔව් පුතේ....ඔයා ඒ කාමරයට ගිහින් බාප්පගෙ ඇද ලග තිබෙන, පොඩි කබඩ් එකේ උඩ තියෙන බෙහෙත් කුප්පිය ඇරගෙන එන්න පුලුවන්ද පුතේ....."


"ඒ මොකටද පුංච් ඒ...?


"මම ඔයාට මැජික් එකක් පෙන්නන්න....

හැබැයි කාටවත් පේන්නෙ නැතිවෙන්න ගේන්න ඕනේ....කාටවත් කියන්නත් එපා පුතේ...."


"ආ....පුංච් මට මැජික් එකක් පෙන්නනවා නම්, මම කාටවත් පේන්නෙ නැතිවෙන්න ඒක ගේන්නම්...."


අක්කාගෙ පුතා කුරුල්ලෙක් වගේ ඉගිලී ගියේ ...මැජික් එක බලන්න ආසාවෙනි.


වැඩි වේලාවක් නොයා ඔහු ,සුදුපාට බාප්පාගේ නිදි පෙති බෝතලය රැගෙන ආවේ කුරුල්ලෙක් ලෙසමය....


"ආ...පුංච්...මේකද මේ, බෙහෙත් බෝතලයද...?


ඔහු බාප්පාගෙ රෑට නින්ද නොයනවාට බොන නිදි පෙති බෝතලය මගේ අතේ තිබ්බේය.


"පුතා දැන් අනිත් පැත්ත හැරෙන්න...මම මැජික් එක පෙන්නන්න...."


ඔහු මට පිටුපා අනෙක් පැත්ත හැරුනු විට මම , විගහට එම නිදි පෙති බෝතලය හැර පෙති හත අටක් මගේ අල්ලට හලාගත්තෙමි.


"හරි මේක...පුතා දැන් තිබුන තැනම, ගිහින් තියලා එන්නකෝ... ...හැබැයි ඉස්සෙල්ලා වගේම හොරෙන්....හැබැයි කාටවත් කියන්න බෑ...තියලා එන්නකෝ මම මැජික් එක පෙන්නන්න.."


අක්කගෙ පුතා...කුරුල්ලෙක් ලෙස අත් දෙක දෙපැත්තට කරගෙන කාමරයෙන් එලියට ඉගිලි ගොස් නැවත ආවේ...මම පෙන්නනවා කිව් මැජ්ක් එක බලන්නය.


"කෝ පුංච් මැජික් එක....දැන් පෙන්නන්නකෝ...." ඔහු මගෙ අසල ගැවසේ.


"එහෙනම් ...පිටිපස්ස හැරිලා....ඇස් දෙක වහගන්න...මම ඔහුට කීවෙමි. ඔහු මට පිටුපා ඇස් දෙක වසා අත් දෙක පිටුපසට කරගෙන හිදියි....

මම ශර්මිලා, මා බලන්න ආදා රැගෙන ආ..... චොකලට් පැකට්ටුව මම ඔහු අතේ හෙමිහිට තැබුවෙමි.


"ආනේ ...ලොකු චොකලට් පැකැට් එකක්....මේක මටද පුංචි....?


"ඔව් චූටි මාමටත් දීලා කන්න. හැබැයි මැජික් කතාව කාටවත් කියන්න එපා හොදේ..."මම ඔහු පොරොන්දු කර ගත්තෙමි.


ගේ ඇතුලේ සද්ද බද්ද ගොඩකී...කෑම හදන සුවද, කතා බහ කරන සද්ද....බඩුමුට්ටු එහෙ මෙහෙ කරන හඩ....වැඩ ගොඩකී.....


හෙට උදේ 9.30ට මගේත්, සුපුන්ගෙත් මඟුල ලියාපදිංචි කරන්න සියල්ල සූදානම් කර අහවරය. මගුල් දිනේට පෙර අපේ විවාහය ලියාපදිංචිය දා ගැනීමට හේතුව මට තේරුම් ගත නොහැක . කිසි කෙනෙකුගෙන් මම ඒ ගැන නොඅසා මගේ මගුලට අකමැත්ත නොපෙන්වා හුන්නෙමි.


හෙට දහවෙනිදා මගේ විවාහය ලියාපදිංචි නොකර සිටිමට මට ලොකු අවශ්‍ය තාවයක් ඇත.... ඒ 14 වැනිදාට මගේ මඟුල් ගෙදරට තව දින හතරක් ඇති බැවින්,ඒ දින හතර ඇතුලත රමේශ් සොයා යෑමට මගක් පාදාගැනීමටය. කොහොම හරි හෙට මඟුල ලියාපදිංචි කරන එක නවත්ත ගන්නට මම හිතා ගත්තෙ....මට තවමත් රමේෂ් සොයා යෑමට අවස්තාවක් සොයා ගැනිමට නොහැකි වූ නිසයි.


එදින රාත්‍රිය ගෙදර, ගොඩක් අයගෙන් පිරි තිබුනි....මම තවමත් කාමරේය.... ඒ හරියට මම වැඩිවියට පැමිනුන දින වල සිටි ආකාරයටමය. එක එක්කෙනා කාමරයට විත් මට තනි රකියි. මගේ මුරන්ඩු කම නිසා, මම ගෙදරින් පැනයයි කියන සැකය අම්මාට කෙසේ හො ඇතිවී මා මෙලෙස සිරකරගෙන සිටින බවක් මාහට දැනී ඇත.


රෑ වනවිට ගෙදර හැමෝම රෑ කෑම ගන්නා හඩ මට එලියෙන් ඇසේ.... මට නම් පොඩ්ඩක්වත් බඩගිනි නැත.... හිතේ ඇත්තේ නොසන්සුන් බවකී. මම හෙට එළිවෙන්න පෙර මොනවා හෝ කර මෙතනින් පැනයාමට මගක් සොයා ගත යුතුය.


“පොඩි දුව කෑම කාලා ඉන්න....."


අම්මා කාමරයට ආවේ බත් පිගානක්ද අතේ ඇතුවය.

ඇය කරුණාවෙන් මට කතා කරයි.


මම පොතක් බලන ලෙස මේසය මත වාඩි වී රමේෂ් ෂර්මිලා අත එවා තිබූ ලියුමේ, සරෝජාගෙ ගෙදර ලිපිනය මතක තියා ගන්නට උත්සහ ගනිමින් උන්නෙමි.


"මෙන්න දුවේ මේ බත් එක කාලා අද ඉක්මනට නිදාගන්න..."

අම්මා බත් එක මේසය උඩින් තියා කාමරයෙන් එළියට ගියාය.


අම්මා කාමරයෙන් ගියාට පසු, අම්මාට කෙටි ලියුමක් මම ලියා මේසය උඩින් තිබ්බෙමි....


"මම සුපුන් බඳින්න කැමැති නැහැ.... මම මැරෙන්න නිදිපෙති බිව්වා... "

කියා ලියුමක් ලියා තැබුවෙමි.


ගෙදර හැමෝම පසුදින් මගේ විවාහය ලියාපදිංචි කිරිමේ උත්සවයට ලෑස්ති වීමට අවශ්‍ය නිසා වේලාසන නිදාගන්නට යන හඩ ඇසේ....ගේ ඇතුලේ ලයිට් එලි නිවී ගිය පසු, ගෙදර

හැමෝම රාත්‍රියේ නිදා ගත් බව වැටහුනි. මම හවස අක්කාගෙ පුතා ලවා බාප්පාගෙ බෙහෙත් බෝතලයෙන් ගෙන්නා ගත් නිදිපෙති ටික එක හුස්මට බී ඇදට ගොස් රෙද්දක් පොරවා ගත්තෙමි.


-නැවත හමුවෙමු --


*ප්‍රිසිලා ගොඩහේවා *

14 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Commenti


bottom of page