top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි🌺🌺

💞මට හිමි ඔබයි💞

(26 වන කොටස)

https://www.facebook.com/groups/2653780434897311/permalink/2739376056337748/

සුමාන දෙක තුනක කාලය ගෙවි ගියේ කිසි කළබලයක්, අලුත් දෙයක් සිදු නොවීය. මාත් රමේශුත් වෙනදා මෙන් හවසට වැඩ ඇරි ,පුරුදු ලෙස හමුවී කතා බස් කලෙමු. ගෙදරට හොරෙන් කසාද බැද එක වහලක් යටට අප දෙදෙනා එකතු වෙන හැටි ගැන සැලසුම් හැදුවෙමි.


"රමේශ් මෙහෙම දෙයක් තියෙනවා ....අපි හොරෙන් කසාද බැන්දොත් නම් අපට මේ විදිහට මේ ඔෆිස් වල රස්සාවල් කරන්න බැරි වෙයි...ගෙදරින් ඇවිත් අපට කරදර කරයි..."


"ඔව් මමත් ඒක හිතුවා....අනෙක දැන් මම කොළඹ ඉන්නත් කැමති නෑ...මට හිතෙනවා මට පුරුදු පැත්තකට ඔෆිස් එකෙන් මාරුවක් හදාගන්න ..."


"ඒ කිව්වේ කොයි පැත්තටද...? ඔයගොල්ලන්ගෙ අම්මලා ඉන්න පැත්තටද...?"


"නෑ...ඒහෙ ගිහින් බෑ....අපි කසාද බැන්දත්,ඔයාගෙ අම්මලා, අපේ අම්මලා නැති පැත්තකට තමයි අපි පදිංචියට යන්න ඕනේ..."


"අනේ ඔව්...කවුරුත් නැති පලාතකට ගිහින් අපි පදිංචි වෙමු. ...එහෙනම් ඔයා මාරුවක් හදාගන්න වෙන පලාතකට....ඊට පස්සෙ අපි කසාද බදිමු. මටත් ඊට පස්සෙ බැරියෑ ඒ පැත්තකින් ජොබ් එකක් හොයා ගන්න. .."


"කසාද බැන්දට පස්සේ ඔයා ජොබ් එකක් කරනවට මම කැමති නෑ...ඔයා ගෙදර ඉදගෙන ගෙදර වැඩ බලාගන්නවා නම් තමයි මම කැමති.. ..ඔයා මහන්සි වෙනවට මම කැමති නෑ....."


"ඔයාගෙ කැමැත්තක්...එහෙනම් ඔයා පුලුවන් ඉක්මනට වෙන පලාතකට මාරුවීමක් හදාගන්න...එතකොට අපට ඉක්මනට කසාද බදින්න පුලුවන් ..."


අපි කතාවුන ලෙසම ඒ සුමානෙම, රමේෂ් ,ඔහුගේ කාර්‍යාලයෙන් වෙන පලාතකට මාරුවීමක් ඉල්ලා ඉල්ලුම් පත් යැවීම කර ඇත. ඉන්පසු අප දෙදෙනා ඔහුගේ මාරුවීම ලැබෙනකම් නොවිසිල්ලෙන් බලාඋන්නේ....අපේ කසාදය කාටත් හොරෙන් කරගෙන කොළබින් ඈත ප්‍රදේශයකට යන්නයි....ඒ සදහා අප දෙදෙනා සැලසුම් සාදාගෙන උන්නෙමු .


වැඩි දවසක් නොයා මට ආරංචි උන විදිහට, ගාල්ලේ සිට මා බලන්න ආ මණමාලයාගෙ දෙමව්පියන්, මට කැමති නිසා, අපේ මගුළ පුලුවන් ඉක්මනට කර දෙන්නට ලක ලෑස්ති වෙන බවයි.....වැඩි දවසක් නොයා අපි දෙන්නව කසාද බන්දා දෙන්න හදන ආරංචිය නම්.... මගේ හිත බයෙන් තැතිගැන්විය..


මමත් රමේශුත් කතා කරගත් ලෙස, හොරෙන් කසාද බැද වෙන පලාතකට යන්නට සිතා සිටින ගමනට, අපට භාදකය වී ඇත්තේ ....තවමත් රමේෂ්ට ඔහුගේ කාර්‍යාලයෙන් ඉල්ලුම් කල මාරුවීමට උත්තරයක් නොලැබීමය. රස්සාව හරියට හදානොගෙන කසාද කරගෙන අමාරුවේ වැටෙන්නට අප දෙදෙනාටම උවමනා නොවිය. අප දෙදෙනා නොවිසිල්ලෙන් මාරුවීම ලැබෙනකම් බලා සිටියෙමු.


"නංගි...සුපුන් මේ සෙනසුරාදා ඔයා එක්ක, ඔයගොල්ලන්ගෙ මගුළ ගැන කතා කර ගන්න ඕනේ කියලා මෙහෙ එනවා කියලා තියෙනවා...සෙනසුරාදා වෙන මොන වැඩක් වත් දාගන්න එහෙම එපා..."අක්කා කීය.


ගෙදර අය මගේ මගුලට කළබලයේ ලෑස්ති වන බව පෙනේ....ඔවුන්ට මාත් රමේශුත් ලගදීම හොරෙන් කසාද බැද යන්නට ඉන්නා බව, නොදැනෙන්න මා හැසිරිය යුතු බව මට වැටහි තිබුනි. එබැවින් මම , මා කසාද බදින්න කැමැත්තෙන් ආ මණමාලයා අකමැත්තෙන් උවද පිලිගෙන කතා කිරීමට සිතා ගත්තෙමි. එය අපේ හොර රහසේ පැන යාමට ඇති බාදකය නැති කරගැනීම වෙනුවෙන්ම පමනි.


ගාල්ලේ සිට මා බැලීමට ආ මණමාලයා , සෙනසුරාදා මා බලන්නට අක්කලාගෙ ගෙදර ආවේ, ඔහුගෙම කාර් රතයෙනි. ඔහු ගාල්ලේ ඉතා පෝසත් පවුලක හොද උගත් කෙනෙකු විය. ඒ වගේම සුපුන් ඕනෑවටත් වඩා අහිංසක ඈලීමෑලී කෙනෙකු බවද මට වැටහින. ඔහුගෙ දෙමව්පියන්ගේ උවමනාවට ඔහු මා බලන්න ආ බවක් මට වැටහින.


අක්කා හා අය්යා ඔහුව ඉතා ආදරයෙන් පිලිගෙන,හොදින් කෑම බීම දී සංග්‍රහ කලේය.


මා සමග එදින කතා කරමින් ඉද ඔහු නැවත ගාල්ල බලා ඔහුගේ කාර් රතයෙන් ගියේ සතුටින් බව මට වැටහින. මම ඔහුට කිසිම වෙනස් කමක් නොකොට හොදින් කතා බහ කිරීම කලේ....මාත් රමේශ් ගේත් අනාගත සැලසුම් කාහටවත් නොදැනෙන්නටය.


කෙසේ වෙතත් අපේ මගුල මේ මාසේ අන්න්තිමට අපේ ගෙදරදී ගන්නටත්, අපේ දෙවන ගමන සුපුන්ලගේ ගාල්ලේ මහ ගෙදරදීද ඉතා අතිඋත්කර්ශවත් ලස ගන්නටත් යොදා ඇතිබව සුපුන් ගෙන් දැනගැනීමෙන් පසු, මට ඇතිවුනේ කළකීරිමක් මිශ්‍ර අදික බයකි. මා මේ මිනිසුන්ට බලාපොරොත්තු ඇති කරවමින් මගේ අභිප්‍රාය වෙත යන්නට සැරසෙන ආකාරය සිහිවෙද්දි විශාල දුකක්ද දැනේ... නමුත් මට වෙන කලහැක්කක් නොමැත. ඒ රමේශ් ගේ කාර්‍යාලයේ මාරුවීම ලැබෙන කම් අප අපේ විවාහය කල්දා බලා සිටිනා බැවිනි.


රමේශ් හා මම මේ වනවිට පොදු ජනයා ගැවසෙන මංමාවත් දීගේ ඇවිද යමින්, සාප්පු සවාරි යමින් නිදහසේ කතා බහ කරමින් යෑම නවතා දමා තිබුනි...ඒ නිසා අපේ අදහස් හුවමාරු කරගන්නට අවස්තා ලැබුනේ සීමිතවය.


එබැවින් දිනක අප දෙදෙනා ....කාර්‍යාලයෙන් පැය තුනක නිවාඩුවක් ගෙන කිට්ටුව තිබුනු සිනමා ශාලාවට ගොස්, හවස 2.30 රේ සිනමා පටය නැරබුවේ එකිනෙකාට තුරුල් වෙමින් හිදය. තිරයේ යන සිනමා පටයට ඇහැ නොයවා අපි අපේ අනාගත සැලසුම් කතා කෙරුවෙමු. ආදරනීය බස් තෙපුලවමින් එකිනෙකා නිදහසේ සිප වැළද ගැනීමටද කළුවර සිනමා ශාලාව අපට බාදකයක් නොවිය. අපේ ආදරනීය කතාබහ සමග එකිනෙකාට තුරුල් වෙමින් හිද අප කාලය ගත කලේ සතුටිනි. ඒ කාලය අපේ සම්බන්ධය තව තවත් ඉදිරියට, ආදරනීයව ගෙන යෑමට මහත් රුකුලක් වෙනු ඇත.


සැමට හොරෙන් කළුවර සිනමාශාලව තුලට ගොස් නිදහසේ කතාබහ කරන්නට ලැබීම..... ලෝකයාගෙන් සැගවී නිදහසේ ටික වේලාවක් සතුටින් ඉන්නට ලැබීම ගැන මට ඇති වී තිබුනේ සතුටකි. ඒ අපේ ගෙදර අයට හොරෙන් මෙලෙස අප දෙදෙනාට ඉදිරිකාලයේදි මුණ ගැසෙන්නට ලැබීමත් අපහසු කාර්යක් වී ගෙන යන හැටියක් පෙනෙන්න තිබෙන නිසාය....


සිනමා පටය නරබා සිනමා ශාලාවෙන් අප දෙදෙනා එළියට ආවෙ කන්තෝරුවේ වැඩ ඇරෙන වෙලාවටය..... පසුව වෙනදා මෙන්ම වැඩ ඇරී ගෙදර යන බසයට නගින්නට ,බස් නැවතුමට ආවෙමු. අවට බොහෝ සෙනග ගැවසෙන නිසා, ඒ මොහොතේ අප දෙදෙනා අත්වැල් පටලවා නොගෙන, පාරේ එක ලගින් කතා කරමින් පමනක්, බස් නැවතුමට එමින් සිටියෙමු.


බස් නැවතුමේ කිට්ටුවට ආවිට මා දුටු දෙයින් මා විශ්මයට පත් වි මා ගැහෙන්න ගත්තේ විශාල බයකිනි....අපේ කාර්‍යාලය ඉදිරිපිට බස් නැවතුමේ ,අපේ බාප්පා, ලොකු මාමා සහ ඔහුගේ යහළුවකු සිටිනවා දැකීම මගේ පුදුමයට හේතු විය. ඔවුන් තිදෙනාම අප දෙස බලා සිටියේ අප දෙදෙනා දැවී යන තරම් කෝපයෙනි. ඔවුන් තිදෙනා දුටු මම කිසි දෙයක් කරකියා ගත නොහැකිව, රමේෂ්ට ලංව ඔහුගේ අත තරයේ අල්ලා, ඔහු පිටුපසට වී සැගවෙන්නට උත්සහ ගත්තෙමි.


" අනේ ...රමේශ්... අර අතන අපේ බාප්පලා....අනේ මට බයයි..."

මම රමේශ්ගෙ ඇගට මුවා උනෙ බාගෙට අඩමින්‍ ය.


රමේෂ්ට කිසිදෙයක් හිතාගැනිමටවත් මා සමග කතා කිරීමටවත්, මොහොතක් නොතියා....

බාප්පාත්, ලොකු මාමාත් රකුසු වේසයෙන් අප සිටි දෙසට පැමිනියේ...බස් නැවතුමේ සිටිවුන් වත් ගානකට නොගෙනය.

එසේ පැමිනි ඔවුන් රමේශ්ගේ අතින් මා ඇදලා ඇරගෙන....මගේ මූනට පාරවල් දෙක තුනක්ම ගසා....මා පැත්තකට තල්ලු කර හැරියේය. ඔවුන් රමේෂ්ගේ ශර්ට් කොළරයෙන් අල්ලා ඇදලා ගත්තේ තුන්දෙනාම එකතුවය.


"මොනවද පර දෙමලෝ මේ කරන්නේ....උබට අපේ ජාතියේ කෙල්ලෙක් ගන්න හිතුවට.... ඒවා ලේසි වෙන්නේ නෑ....හොදින් කියන්නේ....උබේ හිතේ මොනවා හරි සම්බන්ධයක් මේ කෙල්ල එක්ක තියෙනවා නම් අදම ඒක අත් ඇරගනින්....අපි නරක මිනිස්සු කියන්න එපා...."

එසේ කියමින්, බාප්පාත්, ලොකු මාමාත්, ඔහුගේ යාහළුවාත් රමේශ්ට අතින් පයින් ගහන්න පටන් ගත්තේය...


"අනේ මාමේ රමේෂ්ට ගහන්න එපා...මම මේ සම්බන්ධය නවත්තන්නම් මාමේ...අනේ රමේෂ්ට ගහන්න එපා...."මම කෑ මොරසන් දුන්නේ බස් නැවතුමේ මේ සිද්දිය දෙස ඇස් ඇරගෙන, පුදුමව බලා ඉන්නා සෙනග ගැනවත් නොතකාය. බාප්පා, මාමා මා කිව් දේ ගානකට නොගෙන, රමේශ්ව බිම දාගෙන, ඔහුට අතින් පයින් ගහන්න විය. හැඩිදැඩි පිරිමි තුන්දෙනෙක් වට කරගෙන ගහද්දී, රමේශ් කිසිදෙයක් කරකියා ගත නොහැකිව , ඔළුව බදාගෙන බිම පෙරළි ඔවුන්ගේ පාරවල් වලකා ගන්නට උත්සහ ගත්තේය. ඔහුගේ සුදු කමිසය බාගෙට ඉරී මඩපැල්ලම් ගෑවි ඇත.

ඔහුට හොදටම අතින් පයින් ගැසූ මාමලා ...මාව ඇදගෙන ගොස්, එතන අයිනේ නවත්වා තිබුන කූලී රියකට නංවාගෙන මා ගෙදර කැන්දාගෙන ආවේ මා කදුළු පෙරමින් අඩද්දීය.


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

1 view0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

コメント


bottom of page