top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි🌺🌺

💞මට හිමි ඔබයි💞

(25 වෙනි කොටස)

https://www.facebook.com/groups/2653780434897311/permalink/2738634576411896/

හෙට මා බලන්න මණමාලයෙක්, ගාල්ලෙ සිට එන කතාව, සුමනාගෙන් දැනගත් පසු ,මම අක්කා සොයා සාලයට ගියෙමි


"අක්කේ මොනවද අර සුමනා කියන්නේ....මාව බලන්න හෙට මිනිහෙක් එනවා කියන්නේ ..."


"ඔව්, අම්මලා ලෑස්ති කරලා ....ඒකයි අපි අද මෙහේ ආවෙත්..."


"ඇයි එන්න ඉස්සෙල්ලා මට කිව්වෙ නැත්තේ...."මම කේන්තියෙන් ඇසිමි.


" එන්න ඉස්සර කිව්වනම් ඔයාව එක්ක එන්න බැරිවෙන නිසා..."


"මොකා මාව බලන්න ආවත්, මම බදින්නෙ මම කැමති කෙනා..."


"ඒවා පස්සෙ බලාගන්න බැරියෑ...හෙට එන මණමාලයා බලලා ඉන්නකෝ...අක්කා කවදත් අහිංසක ලෙස කතා කරන කෙනෙක් වගේම ඇයද මගෙත් රමේශ්ගෙත් ප්‍රශ්නය නිසා, කරදරයෙන් ඉන්නා බව පෙනේ... "


මගේ අකමැත්ත කෙසේ වෙතත් ,අම්මට ඕන ලෙස මේ ගෙදර හැම දෙයක්ම සිද්දවෙන බව පමනක් මම දැනන් උන්නෙමි. එන දේකට එන විදිහට මුහුන දෙන්නට මම හිත හදා ගත්තෙමි .


ඉදින රෑ අක්කා හා පුතාද අපේ ගෙදර නැවතුන අතර විජිත් අය්යා කාර්‍යාල වාහනයෙන් අප බස්වා, නැවත ගෙදර ගියේ රෑ කෑමද කෑවට පසුයි.


පසුදින උදේ පාන්දර ගෙදර කුස්සියේ පැත්තෙන් කළබලේ , දුම් දාගෙන උයන සද්දෙට මට ඇහෑ ඇරුනි. සුමනා සහ තව ගෑනු කෙනකු කුස්සියේ කළබලේ උයනු පෙනේ....අක්කා සාලය අස්කර හැඩවැඩ කරයි. අම්මා එහෙට මෙහෙට දුවමින් සැමට උපදෙස් දෙයි. මම කාමරයට වී බොරුවට නිදිමෙන් උන්නෙමි .


"නංගි දැන් නැගිටලා ලෑස්ති වෙන්න...තව පැයකින් විතර අර මිනිස්සු එයි...."

අක්කා කාමරයට පැමින කරුනාවෙන් කීය. දැන් මම මොන කළබල කතා කිව්වත්, අද දවසේ එන මානමාලයා ඉදිරියට මා යායුතුවන බව මම දැනන්, උන්නෙමි.


පාන්දර ලොකු මාමා සහ නැන්දාද අපේ ගෙදර ආවේ කැවිලි වගයක්ද රැගෙනය. ඔවුන් සියල්ලෝ එකතු වී මේ කළබලේ මට මණමාලයකු සොයා ඇත්තේ ....මගෙත් රමේශ්ගේත් සම්බන්ධය දැන ගත්තාට පසුයි. මොවුන් සියල්ලෝ එකතු වී මාත් රමේශුත් වෙන් කරලීමට කටයුතු කරගෙන යන බව පමනක් මට පෙනේ..."


සුමනා කියූ ලෙසම දහවල් කෑමට හයදෙනෙක් පැමිනෙන බව අක්කාද කීය. අක්කාත්, අම්මාත් එදින උදේ ,වද කර මට සාරියක් අඳින්න යැයි කියූ නිසා මම මුහුණ කට සෝදාගෙන ආවෙමි. අක්කා ,ගෙදරින් ලෑස්ති කරගෙන විත් තිබු ,ඇගේ වටිනා සාරියකින්, මම අකැමැත්තනේ වුවද ඇඳ ගත්තෙමි. අක්කා සාරියේ අඩුපාඩු හැදීය. අම්මා සැරෙන් සැරේට කාමරයට කරපොවා බලයි. අම්මා හා අක්කාද අද සාරි වලින් සැරසී හිදියි.


උදේ දහයාමාර විතර වන විට වාහනයකින් ගාල්ලේ සිට පිරිසක් අප ගෙදරට ආහ. ඔවුන්ට උදේ තේ මේසය ලෑස්ති කර අම්මා, අක්කා ඇතුළු ගෑනු අය, පිළිගන්වන කටයුතු, සාලය පැත්තෙන් ඇසේ.....


බාප්පා, මාමා හා නැන්දාද ඔවුන් සමග කතාබස් කරන හඩද ඇසේ.....


පසුව අම්මා පැමින මගේ අතට බුලත් හෙප්පුවක් දී මා සාලය වෙත කැදවාගෙන ගියාය. අම්මා කියන කියන දේ මම බිම බලාගෙන කලෙමි.


මා බලන්න ආ මණමාලයා කවුද කියාවත් මම උවමනාවෙන් නොබැලුවෙමි. අම්මා කිව් ලෙස බුලත් හෙප්පුව, එහි සිටි පිරිමි කෙනෙකුට අල්ලා මා නැවත කාමරයට පැමිණ කාමරයටම වී උන්නෙමි.


දැන් තත්වය එන්න එන්නම නරක් වේගෙන යන බව පමනක් මට හැගේ....මෙපමණ දවසක් මගේ කසාදය ගැන, කවදාවත් කතා නොකරපු අම්මයි, බාප්පායි, හදිස්සියේ මට මනාලයෙක් හොයන්න ඇත්තේ රමේෂ් ගැන දැනගත් නිසා වන්නට ඇත. අම්මා , බාප්පා හා මාමලා මොන තීරණයක් ගත්තත්, ඒ කිසි දෙයක් ගණන් නොගෙන ඉඳ අන්තිම මොහොතේ මං තනි තීරනයක් ගන්නා බවට මම සිත හදා ගත්තෙමි. මගේ තීරණය මම රමේෂ් හා කියා, ඔහු ඒ සදහා කැමති කරවා ගන්නට සිතා ගත්තෙමි. එබැවින් අම්මලා කියනා දෙයකට කැමති බව පෙන්වා මම කපටියකු සේ උන්නෙමි .


“දැන් රස්සාවට ගියා ඇති. රස්සාවෙන් අස්වෙලා ගෙදර වරෙන්...."

මණමාලයා ඇතුලු ඔහුගේ නෑදෑයින් ගිය පසු, මම අක්ක සමග නැවත ඇයගේ ගෙවල් බලා යන්නට ලෑස්ති වෙන අවස්තාවේ අම්මා කීවාය.


“මට බැහැ රස්සාවෙන් අයින් වෙන්න....මම මේ රස්සාව ආසාවෙන් කරන්නේ..."


මම මුරණ්ඩු ලෙස අම්මට කීවෙමි.


කෙසේ නමුත් අක්කලාගේ ගෙදර ගිය පසු මා කල්පනා කළේ.... අම්මා ඉස්සරහ කාලේ මොන වගේ තීරනයක් ගෙන මා අපහසුවකට පත් කරයිද යන්නයි.

පසු දින මා වැඩට ගියේ ඉතා කනස්සල්ලෙනි. අද හවසට රමේෂ් මුණ ගැසුනු විට ,මා බලන්න මණමාලයෙක් ආබව ඔහුට කෙසේ කියම්දෝ කියා මම ලත උනෙමි. ඔහුට පෙර ඒ ආරංච්ය, ශර්මිලාට කියා එයට විසදුමක් සොයා ගත යුතුයැයි මට සිතුනි. නැතහොත් රමේෂ් මේ කාරනාවේදි මා ගැන වැරදියට සිතුවොත්, එහෙම නැතහොත් ඔහු සිතේ කළබලයෙන්,කරදරයෙන්, මේ ඉන්නා කාලේ.... ඔහුව තවත් අසරණ කරනට මට නොසිතුනාය.


මම උදේ කාර්‍යාලයට ගිය විගස ශර්මිලා සොයා ඇගේ මේසය වෙත ගියෙමි.


“මොකද අද මූණ මළගෙයක් වගේ..."

මා දුටු විගස ශර්මිලා ඇසීය.


“අම්මලා මට මඟුලක් කතා කරලා. ඉක්මනට බන්දලා දෙන්නයි හදන්නේ...."


“ නෑ.....රමේෂ් දන්නවද?


“තාම නැහැ....කොහොම කියන්නද කියලා මම හිතාගෙන ඉන්නේ...."


“හරි අප්සෙට් එක නේද...? බැරි වෙයිද අම්මලාව රමේෂ්ට කැමැති කර ගන්න?


“බෑ බං.. ඔය ගිය ඉරිදා මාව බලන්න මනාලයෙක් ආවේ....උන් ආපහු යනකොටම මට කැමති වෙලයි ආපහු ගිහින් තියෙන්නේ ...."


“ නෑ.....මෙච්චර ඉක්මනට ....මොකද බං දැන් අපි කරන්නේ.... මාත් මේවාට වගකියන්න එපැයි. මං නේ උඹට රමේෂ්ව සෙට් කළේ.....


“උඹ මොනවා කරන්නද...? මේ අපි කැමැත්තෙන් කර ගත්ත දේවල් නේ...මම මේ කතාව රමේශ්ට කොහොමද කියන්නෙ කියලා හිතාගෙන ඉන්නේ...රමේෂ් දන්නෙ නෑ ගිය සෙනසුරාදා මාව බලන්න මණමාලයෙක් ආව බව.... ."


"හිතේ තියාගෙන ඉදලා වැඩක් නෑනේ....විස්තරේ රමේෂ්ට කියලා විසදුමක් එයාගෙන්ම අහපං..." ශර්මිලා කීය.


"ඔව් ඉතිං හංගගෙන ඉදලත් වැඩක් නෑනේ...අපිම මේකට විසදුමක් හොයාගන්න එපෑ..."


එදින සවස රමේෂ් මුණගැසුනු වහාම මම මේ ගැන රමේෂ්ට කීවෙමි. රමේෂ් මා කියූ දේවල් අසා ඉතා කනස්සල්ලට පත් විය.


“අපි දැන් මොනවාද කරන්නේ රුවිනි ...?


“ඔයාම කියන්න අම්මලා මට අර මඟුල ලෑස්ති කළොත් මං මොකද කරන්නේ කියලා ...?


මම දුකෙන් ඇසුවෙමි.


“මං නම් අපේ අම්මාට අපි ගැන ටික ටික කිව්වා..... අපේ අම්ම ඔයා ගැන විස්තර ඇහුව්වා...අපේ අම්මාගේ නම් එච්චර අකැමැත්තක් නැහැ ඔයාට..... ඒත් ඉතිං ඒ අයත් ආස මං දෙමළ කෙනෙක් බඳිනවා නම් තමයි....මොනව උනත් ඒගොල්ලෝ කැමති ඒගොල්ලන්ගෙ ජාතියේ කෙනෙක්ටම තමයි ..."


“ඒ කියන්නේ ඔයගොල්ලන්ගෙ අම්මලා....මට අකමැති වෙලා, ඔයාට දෙමළ කෙනෙක් බඳින්න කිව්වොත් ඔයා එහෙම කරනවද රමේශ්...? මම දුකෙන් වගේම කේන්තියෙන් ඇසුවෙමි. ඔහු එය එසේ කිව් විට මට ඇතිවුනේ දුකක් වගේම පුදුමයකි.


“පිස්සුද රුවිනි ඔයාට..... මං කිව්වේ අම්මලා කැමැති විදිහ....ඒ උණාට මං කවදා හරි කසාද බඳිනවා නම් බදින්නේ ඔයාව විතරයි....."


“ඉතිං රමේෂ් දැන් අපි මොකද කරන්නේ....මේ යන විදිහට නම් ...වැඩි දවසක් නොයා අම්මලා මාව ඉක්මනට බන්දලා දෙන්න හදන විදිහක් තමයි මට පේන්නේ...."


“ ඕන දෙයක් වෙන්න කියලා මං ඇවිත් ඔයගොල්ලන්ගේ අම්මලාගෙන් අහන්නද, ඔයාව කසාද බදින්න...?


“පිස්සුද ඔයාට, ඒගොල්ලෝ ඔයාට ගහලා එළවා ගනියි....ඒගොල්ලෝ කොහොමත් ඔයාට කැමති වෙන්නෙ නෑ..."


“එහෙනම් අන්තිම මොහොතේ කරන්න දෙයක් නැති වුණොත් අපි දෙන්නා පැනලා යමු....."


“ඔයා කැමැතිද රමේෂ් , මාව ඒ විදියට බාර ගන්න...ඒ කියන්නේ කාත් කවුරුත් නැතුව, වෙඩින් එකක් නැතුව ....?


“ඔව්.... මං අපේ අම්මලාටත් දැන්ම ඔයා ගැන කෙළින්ම කියනවා.... හදිස්සියක් වුණොත් අපි බදින බවත් කියනවා...... අම්මලාට ඒක කියලා තිබ්බොත්....මට ඔයාව අපේ ගමේ ගෙදර එක්ක යන්න බැරිවුනත්...අම්මලා තේරුම් ගනියිනේ හේතුව....."


“මට ඕන එච්චරයි. ඔයා මාව බාර ගන්නවා නම් කවදාවත් මං වෙන කෙනෙක් එක්ක යන්නෑ රමේෂ් ..... මම ඔයාවම හොයාගෙන එනවා ...හැබැයි මට දුකයි, කාත් කවුරුත් නැති කෙනෙක් වගේ ඔයත් එක්ක යන්න නම්....."


"මෙහෙමයි රුවිනි ....දැන් රටේ තියෙන තත්ත්වය අනුව මට ඔයාව අපේ ගෙදර කෙලින්ම එක්ක යන්නත් බෑ....ඔයා දන්නවානේ, දැන් කොළඹ මිනිස්සු දෙමළ මිනිස්සුන්ට කැමති නෑ වගේම තමයි ...අපේ යාපනේ මිනිස්සු, සිංහල අයට කැමතිත් නෑ....මම සිංහල කෙනෙක් බැන්දා කියලා අපේ නෑදෑයෝ දැනගත්තොත් අපේ ගෙදර අයටත් ප්‍රශ්න එන්න පුලුවන් ...."


"එතකොට අපි මොනවද කරන්නේ ..."


"අපි හොරෙන් කසාද බැදලා....ඔයගොල්ලන්ගෙ ගෙදර අයට වගේම අපේ ගෙදර අයටත් නෑදෑයන්ටත් හොරෙන් තමයි අපට ජිවත් වෙන්න වෙන්නේ...."

"කමක් නෑ රමේෂ් ....අපි දෙන්නට දෙන්නා ඉන්නවනේ....අපි දෙන්නටම හොද රස්සාවල් තියෙනවනේ අපි අපේ තනි කැමැත්තට බැදලා කොහේ හරි ඈතකට ගිහිල්ලා ජීවත් වෙමු...."


"ඔයාට දුක නැද්ද...අම්මලා අක්කලා දාලා එන්න...?


"දුකයි....ඒ උනාට මට ඊට වඩා ඔයාව වටිනවා...මට ඔයාව ඕනේ...මට ඔයා නැතුව ජීවත් වෙලා වැඩක් නෑ...රමේෂ්...."


රමේෂ් මාව ,එයාගෙ අම්මලාගෙ අකමැත්තෙන් හරි මාව භාර ගන්න කැමති උන එක මට ලොකු සතුටක් විය. ඒ නිසා, රමේෂ් ගැන මට තවත් ලොකු ආදරයක් විශ්වාසයක් ඇතිවිය. ඔහු මාව ආශ්‍රය කරන්න ඇත්තේ මාව අතහරින්න නොවන බව ,ඔහුගෙ කාතාවෙන් මට වැටහින.


-හෙට හමුවෙමු --

*ප්‍රිසිලා ගොඩහේවා *

2 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Kommentarer


bottom of page