top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි🌺🌺

💞මට හිමි ඔබයි💞

(24 වන කොටස)

https://www.facebook.com/groups/2653780434897311/permalink/2737643269844360/

යාපනයෙන් ආරංභ උන සිංහල දෙමළ කෝළහාලය, ලංකාව පුරා උනු ගිනිදැල් විසිරුවමින් පැතිරෙන්න පටන් ගෙන ඇත.....ඊට එහා ගිය ගිනි මැළයකින් මා දැන් දැවි පිච්චි යන සෙයක් මට දැනේ.......රමේෂ් ඇතුළු ඔහුගෙ දෙමව්පියන් හා නෑදෑයින් මේ ආරංභ උන කළබලය නිසා අපහසුතාවයන්ට හා ,මරණා තර්ජන වලටද මුහුන දී ඇති බව මට රමේශ්ගෙන් දැනගන්නට ලැබිනි..... බෝඩිමේ සිට කාර්‍යාලයට එන රමේෂ්, වෙනදා මෙන් මා සමග එහෙ මෙහෙ නොයා බෝඩිමටම ගොස් හැංගි ලෙස සිටින්න පුරුදු වි ඇත. සැමදා හවසට දකින රමේශ්ගෙ සුන්දර සිනාව,දැන් මැකි ගොස්, බෑරෑරුම්, කල්පනාකාරී, විමසිලිමත් බවක් පෙන්නුම් කරයි. ඔහුගෙන් දැන් නිතර දකින්න ඇත්තේ.... ,බය සංත්‍රාසය පිරිනු මුහුනකි. ඔහු ගැන මගේ හිතේ ඇතිවි ඇත්තේ කියා නිමකල නොහැකි බයක් මිශ්‍ර අනුකම්පාවකි. ඔහුගේ ජීවිතයට වගේම, ඔහුගේ දෙමව්පියන් නෑදෑයින් කරදරයෙන් ජීවත් වීම මගේ හිතටද ඇති කර තිබුනේ අපහසුවකි.


"අනේ රමේෂ්, ඔයා දැන් ඉස්සර වගේ එහෙ මෙහෙ නිතර යන එන ගමන් අඩුකරලා, පරිස්සමෙන් බෝඩිමට වෙලා ඉන්න....මට බයයි ඔයා ගැන. "


"මට මම ගැන නෙමේ බය රුවිනි ....මගේ අම්මලා නෑදෑයෝ ගැන....මේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රශ්න නිසා , අහිංසක දෙමළ අසරණ මිනිස්සුන්ටයි ඒක බලපාලා තියෙන්නේ.... එක තමයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නය.... ත්‍රස්තවාදීන් අපේ අහිංසක මිනිස්සුන්ටත් කරදර කරනවා.... ඒ උනාට කොළඹ සිංහල මිනිස්සු, දෙමළ අපි දිහා බලන්නෙත් අපිත් ත්‍රස්තවාදීන් කියලා වගේ....මට ඒකයි දුක...."


"අපේ මෝඩ සිංහල මිනිස්සු... ත්‍රස්තවාදීන්ගේ ප්‍රශ්නය, සාමාන්‍ය දෙමළ මිනිස්සුනුත් සම්බන්ධයි කියලා හිතන එකනේ ප්‍රශ්නය...."


"අනේ මන්දා අපේ රටට මොනවා වේගෙන එනවද කියලා මට හිතා ගන්න බෑ..... ඊටත් වඩා මට ඔයා ගැන බයයි. ..."


වෙනදා මෙන් රමේෂ් හා මම දැන් , නිතර පොදු ජනයා ගැවසෙන තැන් වල හමුව්ම නවතා දමා තිබුනි. එයට මට උපදෙස් දුන්නේ ශර්මිලයි.

නමුත් මමත් රමේශුත්, ශර්මිලාටත් හොරා, පුලුවන් විදිහට සැමට හොරෙන් ඉදහිට හමුවීමට උත්සහ ගත්තෙමු.


දිනක් මා වැඩ ඇරී ගෙදර යන විට.... අම්මයි, බාප්පයි, ලොකු මාමා සමග අක්කලාගේ ගෙදර පැමින සිටියාහ. වෙනදා මා දුටුවිට මා ආදරයෙන් පිලිගත් අම්මාගෙ මුහුන අද වෙනස් වි ඇත. බාප්පාගෙත්, ලොකු මාමාගෙත් මුහුණුද එතරම් හොඳ නැත. මං වැඩ ඇරී ගෙදර එන විට කවදාවත් නැතුව විජිත් අයියාත් වැඩ ඇරි ගෙදර ඇවිත් සිටියේය. අම්මායි, බාප්පායි , මාමයි, විජිත් අයියා සමග, කතා කරමින් සිටි අතර, මා දුටුවත් ඔවුන් කවුරුත් මාව වැඩිය ගණන් නොගත්හ. එබැවින් මම අක්කාව හොයාගෙන කුස්සියට ගියෙමි. අක්කා අම්මලාට තේ හදමින් සිටියාය.


“ආ උබ ආවද? හම්බවෙයි අද උඹට...."

මාව දැකපු ගමන් අක්කා නොක්කාඩු ලෙස කීවාය.


“ඇයි....මොකද ?

මා එසේ ඇසුවද මට එකපාරටම මතක් වුණේ රමේෂ් ගැනය.


අනිවාර්යයෙන්ම මොවුන් රමේෂ් ගැන දැනගෙන මෙහෙ එන්නට ඇතැයි මට සිතුනි. මොනවා කරන්නද,.... හැමදාම මේ දේවල් හංගා ගෙන ඉන්නට බැරි බව මා දනිමි. එන දේකට මුහුණ දෙනවා යැයි මම සිතා, හිත හදා ගත්තෙමි.


“ආ උඹ ආවද රවුමේ ගිහින්...."


අම්මාද මා පසුපස කුස්සියට විත්, තරහෙන් මෙන් මගෙන් ඇසුවාය.


“උඹට අල්ලගන්න කොල්ලෙක් හිටියෙම නැද්ද ....පර දෙමළෙක් අල්ලගෙන තියෙන්නේ....."


“ඒක නේන්නම්, මං මේ මොනවත් දන්නේ නෑනේ....."


අක්කාද උල්පන්දම් දෙන්නට විය.


“උඹ ඉතිං ළිඳට වැටිච්ච ගෙම්බි වගේ ගෙට වෙලා ඉන්නවා මිසක් මොනම දෙයක් ගැනවත් හොයන එකක්ද...? නිකමට මේ ගෙදර ඉන්න එකී නේද....එකම සහෝදරී නේද කියලා ...පොඩ්ඩක් හොයලා බලන්න එපෑ...

"

“අම්මා මට බණින්න එපා. මං මේ ගෙදර මේ ළමයත් එක්ක නහින නැහිල්ල දන්නේ මං විතරයි...".


අක්කා නිදහසට කරුණු කියන්නට විය.


“ඒ වුණාට එකම නංගී නේද? ටිකක් ඒකි ගැනත් හොයන්න එපායැ....අපේ හත්මුතු පරම්පරාවක එකෙක් දෙමලෙක් කසාද බැදලා තියෙනවද....."

අම්මා අක්කාටද දොස් කියන ගමන් මා දෙස බළමින් බනියි.


“අක්කට මොනවත් කියන්න එපා..".

මම ඊට එරෙහි වීමි.


“මොනවත් කියන්නේ නෑ මං.... උඹ ඔය මඟුල පුළුවන් ඉක්මනට නවත්තපන්. නැත්නම් අපි නරක මිනිස්සු කියන්න එපා...."


“මං ඒක නවත්තන්න නෙවෙයි පටන් ගත්තේ....."

මමද මුරණ්ඩු ලෙස කීවෙමි.


“එහෙනම් ලෑස්තිවෙයන් ගෙදර යන්න... ඔය රස්සාව ඕන නෑ.... මට පුළුවන් උඹට කන්න දෙන්න...."


“එහෙම එකපාරටම රස්සාවෙන් අස්වෙන්න බෑ...."


“එහෙනම් පුළුවන් ඉක්මනට ඔය මඟුල නවත්තපන්. අපට ඔය දෙම‍ළොත් එක්ක නෑදෑකම් ඕන නෑ.... මං උඹට මනාලයෙක් හොයන්න කියලා කපුරාලට කිව්වා....

අම්මා කියවාගෙන ගියේය.


“මට වෙන එවුන් ඕන නැහැ.... මම කසාද බඳිනවානම් බඳින්නේ රමේෂ්ව විතරයි....."


මමද මුරණ්ඩු වීමි.


“බලමුකෝ උඹ කියන ඒවා හරියයිද කියලා...කවදාවත් ඔය මගුල වෙන්නෙ නෑ කියලා හිතා ගනින්....අපේ පරම්පරාවේ කවුරුත් පර දෙමළු බැදලා නෑ...ඔය මගුල කවදාවත් සිද්දවෙන දෙයක් නෙමේ රුවිනි ...අපි හොදින් කියන්නේ, ඕක නවත්තලා දාපන් අපි නරක මිනිස්සු නොකර...තව ටික කාලයක් ගිහින් ගමේ මිනිස්සු දැනගත්තොත් එහෙම අපි දෙමළ්ලු එක්ක නෑදෑකම් පවත්වන්න යන බව, අපේ ගෙවලුත් ගිනි තියයි....පහුගිය කාලේ දැක්කනේ මුළු ලංකාවෙම දෙමල්ලු නිසා ගිනි ඇවිලුනු හැටි....උබට ලැජ්ජ නැද්ද ...දෙමලෙක් එක්ක සම්බන්ධ කමක් පටන් ගත්තේ...."

"

අම්මා තරහෙන් පිපුරුවේය.

අම්මායි, බාප්පායි, මාමයි එදින ගෙදර ගියේ මට හොඳටම අවවාද හා තරවටු කරමින් ඉදය.... බාප්පා හා ලොකු මාමා, කවදාවත් නැතුව මා හට සැරෙන් කතා කළේය.


කවුරු මොනවා කිව්වත් මං කොහොමද දැන් රමේෂ්ව අමතක කරන්නේ. අපි දෙදෙනා දැන් මුණ ගැසි අවුරුද්දකටද වැඩිය....ඒ කාලය තුල අපේ ආදරය දලුලා වැඩී ගිය දුරක් දන්නේ අප දෙදෙනා පමනි. කවුරු කෙසේ කීවත් මම ඔහු අමතක කරන්න හිතාගෙන පටන් ගත් සම්බන්ධයක් නොවේ මෙය....කෙසේ හෝ ඔහුව කසාද බැදගන්නට දෙමව්පියන්ගෙ කැමැත්ත ලබා ගන්නට උත්සහ ගත යුතුයි . ඔවුන්ව කැමති කරවා ගන්නට බැරි උනොත් වෙන තීරණයක් ගන්නට මම සිතා ගත්තෙමි. ඒය මගේ අවසාන තීරණය වෙනු ඇතැයි සිතා මම හිත හදාගත්තෙමි.


පසුදින කන්තෝරුවට යන තෙක් මා බලාඋන්නේ මේ නපුරු ආරංචිය, ශර්මිලාට හා රමේෂ්ට කියන්නයි. අපේ සම්බන්ධය අම්මලා දැන ගැනීම මගේ හිතට ඇති කල තිබුනේ විශාල බියකි. මා කලයුත්තේ කුමක්ද කියා වත් තේරුම් ගැනිමට නොහැකි වි ඇත.


පසුදින කන්තෝරුවට ගොස් දහවල් තේ වේලාවේදි මම ශර්මිලා මුණ ගැසි මේ ගැන ඇයට කීහ.


"හරි වැඩේ ශර්මිලා ...අම්මලා මාමාලා රමේෂ් ගැන දැනගෙන, අපි දෙන්නා එහෙ මෙහෙ හැම තැනම ඇවිදපු ඒවා ඒගොල්ලන්ට ආරංචිවෙලා..."


"නෑ....දැන් මොකද කරන්නේ...මම නම් හිතන්නෙ නෑ...උබලගෙ අම්මලා ඔය මගුලට කවදාවත් කැමති වෙයි කියලා ... උබලට වෙන අතක් තමයි බලාගන්න වෙන්නේ.. ...."


"මටත් එහෙම හිතෙනවා....මේ ත්‍රස්තවාදී කෝළහාලත් මේ අස්සේ ඇවිස්සුනානේ, අපේ කරුමෙට...."


"උබට කිව්වෙ නැති උනාට, මම නම් දැනගෙන හිටියා, උබනම් ලොකු අමාරුවක වැටෙන බව....රමේශයත්, කෝවිල් එහෙම එක්ක ගෙන ගිහිල්ලා, උබව දැලට දාගෙන ඉවරවෙලානේ කිව්වේ ඌ දෙමලෙක් කියලා ....කොහේද උබත් උඩදාගෙන උගේ ඇගේ එල්ලුනා....ඌ උබ සිංහල කියලා දැන දැනත්, උබව අල්ලගත්තෙ ඕන කමෙන්මද දන්නෙත් නෑනේ... ඌ කොටියෙක්ද කවුද දන්නෙ...කොළඹ සැරිසරන ....."


"පව් කතා කියන්න එපා ශර්මිලා ....රමේෂ් එහෙම කෙනෙක් නෙමේ..."


"උබ කොහොමද දන්නේ...ඌ නිවාඩුවට ගමේ යනවා කියලා වවුනියාවේ යනවා...කොටි සංගම් වලට බැදිලද ඉන්නෙ කියලා කවුද දන්නේ ...කාටද ඕවා හරියට කියන්න පුලුවන් ..."


"රමේශ් කොටියෙක් උනත් මම දැන් එයාව අමතක කරන්නෙ නෑ...මම එයාව ඇරෙන්න වෙන කෙනෙක් බදින්නෙත් නෑ...."


"මට නම් උබළගෙ ප්‍රශ්න වලට උත්තර නෑ.. ..උබට කැමති දෙයක් උබ කර ගනින් අපිවත් අමාරුවේ නොදා..."


එදින වැඩ ඇරුන පසු.... රමේෂ් මුණගැසුනු විට, මම පසුවුනේ ශර්මිලා කිව් දේවල් ඔලුවේ තියාන සැකයකිනි. මට රමේෂ් ගැන දැන් ටික ටික බයකුත් දැනේ...ඒත් මම ශර්මිලා කිව් දේවල් කොහොමද රමේෂ් ගෙන් අහන්නෙ...ඒ දේවල් වලට කොහොමද ඔහු සැක කරන්නේ..."


"ඇයි රුවිනි ඔයා අද වෙනස් වෙලා....අම්මලා ඔයාට බැන්නද..."


"නෑ....මට බයයි අපේ ජිවිත ගැන..."


"ඒ කිව්වේ...

අපේ ගෙදරින් නම් අපේ සම්බන්ධයට කැමති වෙන එකක් නෑ......එතකොට ඔයගොල්ලන්ගෙ ගෙදරින් අපට කැමති වෙයිද....?


"අපේ අම්මලා මම ගැන හොද අවබෝධයකින් ඉන්නේ....ඒගොල්ලෝ අපට අකමැති වෙන එකක් නෑ....මම කැමති දේට අම්මලත් කැමති වෙයි..."


"මේ සුමානෙ සිකුරාදා මම අක්කලා එක්ක අම්මලාගෙ ගෙදර යනවා....ඒ නිසා මේ සිකුරාදා , සෙනසුරාදා අපට හම්බවෙන්න බැරි වෙයි......කාලෙකට පස්සෙ මම ගෙදර යන්නේ...අක්කා ගෙදර යන්න අඩගැහුව්වා...ඒ නිසා නොයා බෑ..."


"ආ....කමක් නෑ....මමත් සිකුරාදා රෑම වවුනියාවේ ගිහින්, ඉරිදා රෑට ආපහු එනවා...."


මට බයයි රමේශ් ඔයා ගැන...ඔයා එහේ ගිහාම පරිස්සම් වෙලා ඉන්න. .."


"මම මගේ ගමේ යන්න බය නෑ......දැන් මට බය කොළඹ ඉන්නයි...ගමේ නම් ඉන්න හැමෝම, නෑදෑයෝ අපි එක්ක හොදයි ....ඒ නිසා කොළඹ ඉන්න තමයි මම බය වෙන්න ඕනේ..."


වේලාසන වැඩ ඇරි ගෙදර විත්, සිකුරාදා හවස අම්මලාගෙ ගෙදර ,අක්කලා එක්ක යන්න ලෑස්ති විය....මම සිකුරාදා හවස කන්තෝරුව ඇරුනු ගමන් ගෙදර ගියේ, රමේෂ් හමුවන්න නොයාය. එදින අක්කාත්, අයියාත් පුතත් අම්මලාගේ ගෙදර යන්න ලෑස්ති වි උන්නේ අය්යාගෙ කන්තොරු වාහනයෙනි. අක්කා මටද ලෑස්ති වෙන්න කියා වේලාසන කියා තිබුන නිසා මමද එම ගමනට අකමැත්තෙන් උවද සහභාගි වුණෙමි. මට දැන් අම්මලාගෙ ගෙදර යන්නට ඒ තරම් කැමැත්තක් නැත. ඒ ගෙදර ගිය වෙලේ සිට අම්මා, රමේෂ් මතක් කර දෙමළා කියා බනින නිසාය.


එදින අප ගෙදර යන විට ගෙවල් හොදින් අස්කර, බිත්ති සුදුහුණු ගා ගෙය කාලෙකට පසු හොදින් අලුත් කර තිබිණි. අලුත් දොර ජනෙල් රෙදිද දමා තිබුනි.


“මේ මොකද ගෙවල් අලුත් කරලා.....මොනව උනත් ලස්සනයි පිරිසිදුයි දැන්....

මම පුදුමයෙන් උනත් කැමැත්තෙන් කීය.


ගෙවල් දොරවල් අලුත් වී තිබීම ගැන අක්කාද සතුටු විය. දැන් මල්ලි පාසැල් යන වයසේ පසු වෙයි. ඔහු අක්කාගෙ පුතාට වඩා අවුරුදු දෙකකට කිට්ටු වයස පරතරයකින් හිදි. ඔවුන් දෙදෙනා නෑදෑකමට මාමයි, පුතයි උනත් ...

ඔවුන් අය්යා මල්ලි කියා අමතමින් සෙල්ලම් කරයි. අක්කා මල්ලිට විශේෂ රස කැවිලි මල්ලක් වෙනදා මෙන්න අදත් ගෙන ගොස් තුබුනි. ඔහු එය අක්කාගෙ පුතා සමග, වෙනදා මෙන් බෙදාහදාගෙන කනවා දැකීම, අප කා හටත් සතුටට කාරනයක් විය.


ගෙවල් දොරවල් අලුත් කර ඇති බවට හේතුව මම ඇහුව්වත්, ගෙදර කවුරුත් එයට කිසිත් නොකිව්හ.


වෙනදාට වඩා අද ගෙදර ලොකු වෙනසක් ඇත.... සුමනා තව ගැහැනු කෙනෙකුත් සමග කුස්සියේ තුනපහ කොටමින් හා කැවිලි වගයක් සදමින් සිටියාහ. කුස්සියේ වෙන කවරදාටත් වඩා හාල් තුනපහ බඩු මලු වගයක් ගෙනත් දමා උයන්න ලෑස්ති කර ඇත.


මම කුස්සිය දෙසට ගොස්, ඔවුන් සමග හෙමිහිට කතාවට වැටුණෙමි.


“ඉතිං සුමනා කොහොමද? කාලෙකින් දැක්කේ....ළමයි එහෙම සනීපෙන්ද?


“ඔව් රුවිනි නෝනා,

හැමෝම සනීපෙන්...

නෝනා දැන් ලස්සන වෙලා මහත්වෙලා අදුනන්නත් බෑනේ...

"

"එහෙමද මම වෙනස් වෙලාද..?."


"ඔහොම තමයි චූටි නෝනා...ලගදි මනමාලි කෙනෙක් වෙන්න ඉන්න කොට ලස්සනට ඉන්න ඕනේ නේ....."


"මනමාලි කෙනෙක් කිව්වෙ මටද සුමනා....?


"නැතුව දැන්

හෙට රුවිනි නෝනා බලන්න ගාල්ලෙන් මනාලයෙක් එන නිසානේ අපි මේ කළබලේ උයන්නේ.....?


“මාව බලන්න...?. මං දන්නේ නෑනේ ඒ බවක්...?."


“ඇයි නෝනාට ලොකු නෝනා කිව්වේ නැද්ද...මනමාළයෙක් චූටි නෝනා බලන්න එන බව...?


“නෑනේ...."මම පුදුමයෙන් කීවෙමි.


“අනේ නෝනා, එහෙනම්....ලොකු නෝනාට එහෙම කියන්න එපා, මණමාලයෙක් චූටි නෝනා බලන්න එන කතාව මං කිව්වා කියලා...මම ඕපාදූප කියෙව්වා කියලා ලොකු නෝනා මට බණියි...."


“ඒකද මේ ගෙවල්, දොරවල් අලුත් කරලා, කැවිලි ,කෑම හදාගෙන ලෑස්ති වෙන්නේ...?

මං කේන්තියෙන් ඇසුවෙමි.


- හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

4 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentarios


bottom of page