top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි🌺🌺

💞මට හිමි ඔබයි💞

(22 වෙනි කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2734545296820824/

අද සෙනසුරාදා දිනක් නිසා, රමේශ්ලා නාන්න ආ කළුතර කිට්ටුව මුහුදු වෙරළ, ජනයාගෙන් පිරී ඇත....බලන බලන අත දරුවන් රැගෙන ආ වැඩිහිටියන් හා පිටරැටියන් සතුටින් මුහුදු වෙරළ පාගමින්, සෙල්ලම් කරමින්, මුහුදේ නාමින්, සතුටින් හැසිරෙනු පෙනේ...

රමේශ් ඇතුළු පිරිමි කට්ටිය මුහුදු වෙරළ දිගේ දුව ගොස් ගිනි අව්වේ රැල්ල පාගමින් ඉද ...පසුව කරදියට බැස සෙල්ලම් කරමින් නාන්න විය. ඇස් දෙකට උහුලන්න බැරි තරම් ගිනිගහන අව්වේ, ඔවුන් කෙසේ නම් කරදිය වතුර නාන්නේද කියා වෙරලේ සිටින ගැහැනුන්ට තේරුම් ගත නොහැක.


ශර්මිලා ,සරෝජා ඇතුළු ගැහැනු කට්ටිය වෙරළ කොනක ඇති පොල්ගසක් යට සුදුවැල්ලේ හිද ගනිමින් කතාවට වැටුනි. ඔවුන් සියල්ලෝ සතුටින්, මුහුදු හුලං විදිමින්, සරෝජා ගෙනා කඩල මුරුක්කු කමින් ඉදී....


සුදුවැල්ලේ, මුහුදු සුළං වැදෙමින් පොල්ගසක් යට අනෙක් අය සමග රමේෂ්ලා නාන දෙස මා බලා උන්නත්....මගේ හිත මෙතරම් කාලෙකට නොතිබුනු කොහේදෝ නැති ප්‍රශ්නයක, පැටලි ඇත. මෙතරම් ලස්සන දිනක් සතුටින් ගත කරන්න ආවත්....රමේෂ්ගෙ ජාතිය නිසා, මම උගතෝකෝටික ප්‍රශ්නයක් වටා පැටලි ඇති හැටි...මේ ප්‍රශ්නය නම් එසේ මෙසේ ලෙස ලිහාගැනිමට හැක්කක් නොවන බව මට වැටහේ....


ක්ශිතිජය තෙක් පැතිර ගත් අනන්ත අප්‍රමාන මහා සාගරයේ, කරදිය ජළකද...අසවල් තැනකින් මතු වී එන්නෙද කියා සිත ගත නොහැක. වෙරළට ලතාවකට යන එන රළ ගෙඩි වෙරලේ හැපීබිදී යන සැටි මම තනිවි බලා උන්නෙමි.

ක්ශිතිජ ඉම තෙක් දිවෙනා සාගරය, ගිනිඅව්වේ මරු කතරක්සේ නිල්වන්ව දිලිසේ...ගිනිගහන අව්වේ වෙරළ තීරේ පොදිකමෙන් නාන, සෙල්ලම් කරන ලොකු පොඩි භේදයකින් තොරව ජනයා සතුටුවේ....වෙරලේ පොල් ගස් සෙවනේ වාඩිවි සිටින මා කොහේදො නොදන්න, උත්තරයක් නැති ප්‍රශ්න වැලක පැටලී කල්පනාවකට වැටි ඇත.


අප සමග ආ පිරිමි යාළුවන් මුහුදේ නා අහවරවී, අසල තිබු වතුර කරාමයකින් නා පිරිසිදු වී පැමින ඇත. රමේෂ්ගෙ මුහුණ සතුටින් පොපියයි. කතාබහක් නැතුව ඔහු දෙස බලාන සිටින,

මගේ සිතේ ඔහුගෙ ජාතිය ආගම කවරක්ද කියා දැන් ඇති වැදගත්කමක් නැත. මේ වන විට ජිවයෙන් පිරුනු, කඩවසම් ඔහුගැන, පපුතුරේ ආදරයක් ඇතිවී උතුරන්න පටන් ගෙන ඇත.....ඒ ආදරය මගේ ඇස් වලින්ද බේරෙමින් තිබුනු බව ඔහුගේ බැල්මෙන් මට සිතා ගත හැකි විය. ඔහුට මගේ බැල්මද තේරුම් ගන්නට හැකිවී ඇති හැටි..... කතාවක් බහක් නැතුව ඔහු ඉවත බලාගෙන සිටියදි... ඔහුට හොරෙන් ඒ මුහුනේ හැඩ කොතෙක් නම් මා බලා හිටියත් මට නම් ඇති වන්නක් නොවේ....ඔහුගේ හැඩ බැලිමෙන් මගේ දෙනෙතද සෑහීමකට පත් නොවී, තව ඔහු වෙතටම නැබුරු වන බව පමනක් වැටහේ....


අපි සියල්ලෝම ගෙදරින් ගෙනා බත්මුල් ලිහාගෙන මුහුදු වෙරළේ තැන් තැන්වල වාඩි වී කන්නට පටන් ගත්තෙමු. රමේෂ්ටත් එක්ක මම ගෙනා බත් මුළ ඔහු කන්න පටන් ගත්තේ මගේ ළගින්ම වාඩිවය.


“මං ඉතින් බෝඩිං වෙලානේ ඉන්නේ. අද දවල්ට මං එළියෙන් කනවා කියලා බෝඩිං ඇන්ටිට කිව්වා....."


“මගේ බත් එක රසද?


“හරි රසයි. වෙනස් රහයි. අපි උයනවට වඩා වෙනස්...මේ මොනවද රුවනි මේ...කරිය...? බෝඩිමේ ඇන්ටි නම් මට, පොඩි හොදි බෝතලයක් වෙනම එවනවා....මට හොදට හොදි දාගෙන තමයි කාලා පුරුදු ..."


“මේ සිංහල කෑමනෙ....අපි හොදට හින්දලා තමයි කෑම කන්න කැමති ...විශේශයෙන් විනෝද ගමන් යන විට."


“මං දවසක ඔයාට අපේ දෙමළ කෑමක් ගේන්නම්කෝ....."


දවල් වරුවම මුහුදු වෙරළේ සෙල්ලම් කරමින් රැල්ල පාගමින් සිටි රමේෂ්ගේ යහළුවෝ සවස දෙක, තුන වෙනකොට කොළඹ යන්න ලෑස්ති විය.


“යන ගමන් අපි බාලාගේ ගෙදරත් ගිහිල්ලම යන්න ඕනෙ...අපි වේලාසන එනවා කිව්වනේ...ඒගොල්ලෝ බලාගෙන ඇති...."


“ අපි කොළඹ යන පාරෙමනේ ඒගොල්ලන්ගෙ ගෙදර තියෙන්නේ......ඒහෙනම් අපි එහේ ගිහිල්ලා හවසට තේ බීලාම කොළඹ යමු.... අපි එනවා කියපු නිසා මිනිහා නෝනත් එක්ක අපි එනකම් බලගෙන ඇති..."


කොළඹ බලා යන ගමන් අතරමග, රමේෂ්ලාගේ තව යහළුවෙකුගේ ගෙදර ගිය අපි එහිදී රස කැවිලි කා තේ බිව්වෙමු. ඔවුන්ද දමිළ ජාතිකයන් විය.


“දැන් නම් හොදටම හවස් වුනා කොළඹ යන්න පරක්කු වෙයි..අපි දැන් යමු නේද....?."

"ඔව්...හොඳටම හවස් වුනා..."


“අනේ ඔව් අක්කයි, අයියයි මං පරක්කු වුණොත් බය වෙයි....."


“ රමේෂ් ඇතුළු හැමෝටම ස්තුතියි , ශර්මිලාලා හා මාව මේ ගමන එක්ක ආවාට.... අද මං ගොඩක් සතුටු වුණා, ගොඩක් හොඳ දවසක් අද...."


“ඔව් ඉතින් උඹට හොඳ නැතෑ රමේෂ් ළඟම වාඩි වෙලා එන්නත් ලැබුණානේ...."ෂර්මිලා විහිළු කරයි.


" අපි යමු එහෙනම් ...නගින්න වෑන් එකට.."


බටහිර අහසෙන් ගිනිබෝලයක් සෙ හෙමිහිට බැසයන මළහිරු ගේ රැස් කද ,ගාලු පාරේ මුහුදු බඩ ,පොල්ගස් අතරින් දිගු රැස් විහිදුවමින් බැස යන අපූරුව....කෙතරම් බලා හිටියත් එය නම් ඇති වන්නක් නොව.....


විනෝද ගමන ගිය සියල්ලෝ වාහනයට නැග... තැන තැන වාඩිවි ගිමන් හරින්න පටන් ගෙන ඇත.... බටහිර අහසෙන් ඉර බැස ගිය පසු....වාහනය තුලද ඇත්තේ අදුරකි...රමේෂ්ගෙ යාළුවෝ අප දෙදෙනාට නිදහසේ කතා බහ කරගන්න ඇර ඔවුන් ඔවුන්ගෙ කතාබස් වලය.

අප දෙදෙනා වෑන් රතයේ පිටුපස ආසන්නයේ වාඩි ගත්තෙමු. රමේෂ් මා ලගින්ම ඇති අනෙක් ආසනයෙ මගේ ඇගට තෙරපීගෙන වාඩි වි ඇත.... ඔහු මට ලංවුවා වැඩියැයි සිතුනත්....එයට මගේ අකමැත්තක් නැත. ආසනයේ

කොනේ වාඩිවී හිදින මම, එහි ජනේලයට ඔලුව තියාගෙන දෙනෙත් පියා ගත්තෙමි. ගතට වෙහෙසකට වඩා අප්‍රකානික ගතියක් දැනෙන්න පටන් ගෙන ඇත. ඊටත් වඩා හිත බයකින් හා සැකයකින් බර වි ඇත.


වාහනය කොළඹ බලා ධාවනය වෙයි... එක දිගට වෑන් රතයේ කවුලුවෙන් හමා එන සිසිල් සුළං රැලි, මගේ කෙහෙරැලි විසිරුවා හැරගෙන යයි. දහවල් දවස ගිනි මද්‍යාහනයේ සැරි සැරු අපට ....වෑන් රතයේ කවුළුවලින් හමා එන සුළං රැලිවල ඇති සිසිල් බව ඇගට දැනෙන්නේ ප්‍රබෝධමත් බවකිනි. .....

අද දිනය පුරා හිතට දැනුන රමේෂ්ගෙ ජාතිය පිලිබද ප්‍රශ්නය , මගේ හිත සසලව ඇත. ජනේලයට හිස තියා

දැස පියා ගෙන දවසේ වු සිදුවීම්, මතක් කරන්නට පටන්ගත්තෙමි. එය මනසට දැනෙන දෙයක් මිස හැබැහින් පෙනෙන දෙයක් නොවිය.


රමේශ් මට වඩ වඩාත් තෙරපී ගෙන වාඩිවී සිටිනා ගමන්, මගේ දන මත තිබුනු මගේ අත අල්වා ගත්තේය.

ඔහු මගේ අත අල්වා හෙමිහිට ඇගිලි පිරිමදින්නට විය. මගේ අත දිගේ ආ හිරි වැටිම, මුළු ගත පුරා දුවන්නට විය. මම එයට අකැමැත්තක් නොපෙන්වා මගේ අත එසේම තියෙන්න හැර ජනේලයෙන් එළිය බැලුවෙමි.


කොළඹ බලා එක දිගට ගාලු පාරේ වෑන් රතය ගමන් කරයි. අවට මුලු පරසරයේම ඇත්තේ ඉරබැස ගිය පසු ඇති වු අන්දකාරයයි. ගාලු පාර දිගට ඇති විදුලි කනුවල මළානික එළි, පසු කරගෙන වෑන් රතය ගමන් කරද්දි ...පාරේ ඇති එළි ඉදහිට වාහනය තුලටද වැටේ.....අදුර වැටුන පසු පාරේ වාහන තදබදය වැඩි වි ඇත. අප යන වාහනයද දැන් බොහෝ හෙමිහිට කොළඹ පැත්තට ඇදේ....


වාහනය ඇතුළත ඇති කළුවරේ.... රමේෂ් එක අතකින් මගේ අත අල්ලාගෙන අනිත් අත මගේ කර වටා දමා ගත්තේය.

ඔහුගේ අතේ, ගතේ පහස විද දරා ගන්නට, ඔහුට තව ලංවෙන්න මට ආශාවක් නැගුනත් මම සිත පාලනය කර ගත්තෙමි.

මද දුරක් ගියකල මම මගේ අත ඔහුගෙ අත උඩින් තියා ගත්තෙමි. පෙර කිසි කලෙක නොවුනු බැදීමක් අප අතර ඇති විගෙන යන බවක් මට දැනින. මගේ ලගින් රමේෂ් වාඩිවී යන කල, ඔහුගේ ඇගේ උනුසුම මගේ ගතට දැනෙන්දී.....මොන ප්‍රශ්න හිතේ තිබුනත්, හිතට ගතට දැනෙන්නේ කියා නොමකල හැකි තරම් සතුටකි.


“ රුවිනි තාමත් හරියට, කිව්වේ නෑනේ මට කැමැතිද කියලා..


“කියන්න ඕනද? දැනුණාම මදිද..අකමැති නම් මේ වගේ ගමනක් එන්නෙ නෑනේ ....?


“ තේරෙනවා....මම ඔයාට මගේ ගැන හැම දෙයක්ම කිව්වනේ....මම කවුද කියලා ...අපට ඉස්සරහට ගොඩක් ප්‍රශ්න එයි...අපි දෙන්නට දෙන්නා කැමති නම්...කාටවත් බෑ අපි වෙන්කරන්න....හරි එහෙනම්, මං ඔයාගැන ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.....හොදද? කවුරු අකමැති උනත් ඔයා මාත් එක්ක ඉන්න ඕනේ..."


“හොදයි..

මං හිනාවෙමින් ඔහු දෙස බැලුවේ ඔහුගේ ඇඟට ගොඩක්ම ලංවී තුරුලු වෙමින්‍ය.


“ආදරයට ආගම් භේදයක් නෑ රුවිනි..."


“ඒ වුණාට ඉස්සරහ කාලේ අපට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි....

"

“එතකොට අපි ඒ ගැන බලමුකෝ...දැන්ම ඕවා ගැන වැඩිය හිතන්න එපා..."


රමේෂ් මගේ කර වටා දමා සිටි ඔහුගෙ බරැති අතෙන් ,මාව ඔහුගේ ඇගට තුරුලු කරගෙන අනෙක් අත මගේ උකුළ උඩින් තියාගෙන ඉදී. ඔහුගේ හුස්ම වැටෙන හඩ ,ඔහුගේ ශරීරයේ උනුසුම මට හොදින්ම දැනේ...මම තව තවත් ඔහුට තුරුලු වීගෙනම සිටියේ....තව ටික වේලාවකින් ඔහු ගේ මේ උනුසුමෙන් වෙන්වී ගෙදර යන්න සිදු වෙන බව සිහිවි දුකෙනි.

ඔහු මගේ කරවටා දමා තිබු අතේ ඇගිලි වලින්, මගේ ගෙල මුල ඇති කෙස් අතරිනි ඉහලට ගමන් කරවිය.

මම හෙමිහිට ඔහුගෙ උරතලය මතින් මගේ කම්මුල තබා ගත්තෙමි. මීට ප්‍රතම කිසි දවසක් මම මේ තරම් වෙන පිරිමියෙකුට ලංවි තුරුල් වී නොමැත. මට බයක් හෝ ලැජ්ජාවක්ද ඇති නොවිය. මම පූසකුමෙන් ඔහුගේ උනුසුමට තවත් තුරුලු විය.

වෑන් රතය එක දිගට කොළඹ බලා ධාවනය වෙයි...පාරේ ඇති විදුලි කනුවල එලි ඉදහිට වාහනය ඇතුලතද එළිය කෙරේ...නමුත් වාහනය ඇතුලත ඇත්තේ

අන්දකාරය හා නිහඩතාවයකී. රමේෂ්ට තුරුලුව ගතවී යන කාලය තවත් දිගුකර ගන්නට ඇත්නම් කියා සිතේ..... ඔහුගේ බරැති කළු බාහුවෙන් ඔහුගෙ ඇගට් මා තුරුලු කරගෙන ඉන්නා අතර

ඔහුගේ දෙතොලේ උනුසුමක් මගේ කන්පෙත්තකට දැනින.එම උනුසුම මගේ ගෙළ දක්වා හෙමිහිට පහලට ගියේ මගේ මුලු ගතම

හිරි වට්ටවමිනි.

###

"අක්කා මං පරක්කු ඇයි බලනවා ඇති...."


"අපි එන්නද ඔයගොල්ලන්ගෙ ගෙදරින් තේ එකක් බීලා යන්න. දැන් අපි ඔයාව බස්සන්න ගේ ගාවටම යන නිසා..."


"අනේ අද එපා රමේෂ් ....මම අක්කට කිව්වේ ශර්මිලාලා එක්ක ට්‍රිප් එකක් යන බව....ඔයගොල්ලෝ දැක්කොත් අක්කා අහයි කවුද කියලා ..."


"හරි හරි අපි වෙන දවසක එන්නම්කෝ...එහෙනම් සදුදා හවසට අපි හම්බවෙමු ..."

රමේශ් ඇතුළු ඔහුගෙ අනෙක් යාලුවො සැවොම,මාව ගෙදර ගාවටම බස්සවා යන්න ගියහ.


කළුතර සිට අප කොළඹ එනවිට හවස හතත් පසුවි තිබුනි. සරෝජා, සෙල්වම්, වසන්ති යන යාලුවො හැමෝටම මම ස්තුති කර ගෙදර ලගින් බැස ගියෙමි. රමේෂ් මගේ අත තදින් අල්ලා මිරිකා, මට සමුදුන්නේ දුකෙන් වගේය.


-නැවත ඉරිදා රෑට

හමු වෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

3 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page