top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි🌺🌺

💞මට හිමි ඔබයි💞

(19 වන කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2731840850424602/

"මම ඊයේ ශර්මිලා එක්ක නම් කතා කරානේ...අද රුවනිත් ඉන්න නිසා..... අපි යමුද මොනව හරි බොන්න...? ....,


"තව ටිකකින් බස් එක එයි..."මම විගහට කීය.


"ඔයගොල්ලෝ යන බස් එක දැන්ම එන එකක් නෑ....එහෙම නැත්නම් අනෙක් බස් එකේ යන්න බැරියෑ..."


ඔහු ඉංග්‍රීසියෙන් කතා කිරිමට වැඩි කැමැත්තක් දක්වන බව පෙනේ...


"දැන් නිහාල් එනවා ඇති රමේශ්....අපට අද නිහාල්ගෙ අම්මව ඩොක්ටර් ගාවට එක්ක යන්න තියෙනවා ....ඒ හින්දා ඔය දෙන්නා ගිහින් මොනව හරි බොන්න..."


"අනේ ඔයා නැතුව මට යන්න බෑ ශර්මිලා ..." මම ශර්මිලාගෙ අත කොනිත්තමින්, ඉක්මනින්ම කීවෙමි.


“අන්න නිහාල් එනවා..

අපි දෙන්නා අද ඉක්මනට යන්න ඕනේ......ඒ හින්දා මට දැන් යන්න වෙනවා... රුවිනි...,රමේශ් ....දැන් ඔය දෙන්නට දෙන්නා අඳුනනවනේ. එහෙනම් කතා කරකර ගිහින් මොනව හරි දෙන්නත් එක්ක බොන්න... . මම යනවා..All the best....දෙන්නටම..."

ෂර්මිලා සිනාසී එසේ කියමින් නිහාල් ළඟට දිව ගියාය.


ශර්මිලා , ඇයගෙ සැමියා එන දෙසට පය ඉක්මන් කරමින් යන්නේ....පිටුපස මාදෙස බලමින් සවුත්තුවට මෙන් හිනාවෙමින් ය. ඔවුන් දෙදෙනා හිනාවෙමින් , අත් අල්ලාගෙන ටවුම පැත්තට ඇවිදගෙන යනවා මම බලා උන්නෙ, රමේශ් මා ලග සිටියදිය. රමේශ් ලග තනිවුන මගේ හිත දැන් තදින් ගැහේ....මම රමේශ් දෙස නොබලා, ශර්මිලාලා යන දෙස බලාසිටියේ අරමුනක් නැතුව, තැති ගැන්වය.


දැන් මෙතන ඇත්තේ අපි දෙදෙනා පමනි. රමේශ් කතා බහක් නැතුව මා ලග හිටගෙන හිදි...

ශර්මිලා හා නිහාල් නියම ආදරබර අඹුසැමි යුවළක් බව බැලු බැල්මට පෙනේ....

ළඟදී කසාද බඳපු ෂර්මිලාත්, නිහාලුත්, ගෙදර මොන ප්‍රශ්න තිබුනත් දෙදෙනාට දෙදෙනා සතුටෙන්, සැහැල්ලුවෙන් ඉන්න උත්සහ ගැනීම මටත් සතුටකි..... මටත් කවදාහරි නිහාල් වගේ සැමියෙක් ලැබුණොත් මටත් ෂර්මිලා වගේම සතුටින් ඉන්න පුළුවන් වේවි....


“මොනවද කල්පනා කරන්නෙ රුවිනි ...

යාළුවා ගිය නිසා පාළුද?"

කණ අසලින් ඇසුනු රමේෂ්ගෙ හඩින්, තිගැස්සි ගියත්....කෙළින් ඔහුදෙස නොබලා, වටපිට බළමින් මම ඔහු දෙසට හැරින.


“නැහැ. මං බැලුවේ තාම බස් එක නැත්තේ මොකද කියලා....වහින්නත් වගේ අහසත් කළු කරලා..." මම කිසිත් ගනන් නොගන්නා ලෙස කීය.


“ දැන්ම බස් එක එන එකකුත් නෑ...කළුකලාට වහින එකකුත් නෑ රුවිනි..... මට ඔයත් එක්ක ටිකක් කතා කරන්නත් ඕනේ.... අපි යමුද මොනවා හරි බොන්න."


“ ම්ම්...තනියම අපි දෙන්නා....ගෙදර කවුරුහරි දැක්කොත් මං ඔෆිස් ඇවිල්ලත් ඉවරයි...."


“ මොන තනියක්ද....ඔය ඕනතරම් මිනිස්සු හැම තැනම ඉන්නේ....එහෙම වෙන්නේ නෑ.... අපි ඉක්මනට මොනව හරි බීලා එමු.... එන්නකෝ යන්න..වැඩි ඈතක් නෑ...අර මේ පාර කෙලවර කූල්ස්පොට් එක තියෙන්නේ අපි යමු ....".

ඔහු පෙරැත්ත කළේ ඉංග්‍රීසියෙනි.


එයට මාගේද අකැමැත්තක් නොතිබිණි. මටද ඔහු සමඟ තනිවි කතා කිරීමට උවමනාව හා ආසාව තිබිණ. මගේ හිත අමුතු හැගීමකින් පිරි ඇත. නමුත් ජීවිතේ පළවන පාරට මම තරුණයකු සමග තනියම තනිවි මොනවා කතා කරන්නද....? ඔහු මොනවා හෝ බොන්නට කතා කරත්.... තනිවී මා සමග මොනවා කතා කරයිද කියා හිතා ගැනිමට නොහැක ....


“එහෙනම් යමු...

මට ඉක්මනට ගෙදර යන්නත් ඕනේ...."


"වැඩි වෙලාවක් යන්නේ නෑ...මේ පාරේ කෙළවර කූල් ස්පොට් එක...අර පේන්නේ ..... එතන් වැඩිය සෙනග නෑ.... අපි ඒතනට ගිහින් මොනව හරි බොමු..."


"හා...එහෙනම් යමු"


ඔහු නැවත මට කතා කළ විට මම හෙමිහිට ඔහු පසුපස ඇදුණෙමි. බස් නැවතුමේ සිට, දෙපැත්තේ මාරගස් වැවුනු, පටු කෙටි පාර කොනේ, හුරුබුහුටි බීම හළ පේන දුරක ඇත.


අප දෙදෙනා ඒ පැත්තට යන්නට හැරුනි....බස් නැවතුමේ සිට ටික දුරක් ඈතින් ඇවිදගිය අප දෙදෙනා, පසුව පාරේ සමාන්තරව ලගින්ම ඇවිද ගියෙමු.....

ඉදහිට පාරේ අප ලගින් මාරුවෙමින් යන මිනිසුන්ට අප දෙදෙනා ගැන මොනවා හිතෙයිද්ද කියා මට සිතුනත්....ඔවුන්ට අප ගැන වගක් නැත.... හවස පහ පහු වී ඇතිනිසාත්...ලග ලග එන වැහි වළාකුළු පහලට කඩා හැලෙන්න ප්‍රථම ..., වැඩ ඇරි ගෙදර බලා දුවන මිනිසුන් පාරේ එහෙ මෙහෙ කළබලේ යති...අප දෙදෙනා කතා බහක් නැතුව පාර දිගේ ඇවිද ගියත්...

දෙදෙනාම, මොනවා කතා කරන්නේද යන්න සිතමින් යන බව වැටහේ......


"මොනවද කල්පනා කරන්නේ රුවනි..."


මගේ ලගින්ම හෙමිහිට ඇවිදයන රමේශ් මා දෙස බලා අසයි.

තද නිල් පාට කලිසමක් ඇද, සුදු අත්දිග කමිසයක් ඇද සිටින රමේශ් ඉතා පිලිවෙලට කොන්ඩය කපා පීරා ඇත. උතුරා යන ජීවයකින් පිරිපුන් ඔහු දෙස, කෙලින් නොබලමින් මම පාරේ කෙලින් බළමින් ගියත්, ඉදහිට ඔහුට නොපෙනෙන්න, ඇස් කොනෙන් ඔහු දෙසද බැලුවෙමි.


අද දිනේ අප මෙලෙස හමු උනත්, මීට මාස දෙකතුනකට පෙර සිට, මම ශර්මිලාට හොරෙන් , බස් නැවතුමේ සිටි ඔහු දෙස බැලූ ආකාරය සිහිවේ......ඉතා කඩවසම්, දෙපාරක් බලන්න හිතෙන පෙනුමැති ඔහු....මා දෙසද සැමදා සවස බස් නැවතුමේදී බැලූබව මට මතකය. ශර්මිලා අද උදේ ඔහුට මා හමුවිය යුතුබව කිව් මොහොතේ පටන්.....නොවිසිල්ලෙන් මා

අද දවසම, පෙරුම් පුරමින් උන්නේ හවස වැඩ ඇරෙන මොහොත දක්වාය....දැන් අප දෙදෙනා එක මග ඇවිද යයි..... මෙවෙනි කඩවසම් පෙනුමැති කෙනෙකු සමග, මා බීම හලකට ගොස් දැන් තනියම කතා කරන්න සැරසේ....මම මොනවා මොහු සමග කතා කරම්දෝ කියමින් සිතමින් උන්නෙමි .


"නෑ...නිකම්...වහීද දන්නෑ...හොදටම කළු කරලා හරි හුළං.... "


"මම නම් හරි ආසයි වැස්සට...ඔහු සිනාසෙමින් කීය. නිතරම සිනාමුසු මුහුනෙන් කතා කරනා ඔහුගේ, පෙනුමට මා දැනටමත් වශීවී ඇති බවක් දැනේ....


අප දෙදෙනා ඇවිද ගියේ ටිකක් පොඩියට උනත්, පිලිවෙලට සාදා , හැඩකල තිබූ පේස්ට්‍රි ෂොප් එකකටය. එහි මේසපුටු ලස්සනට අසුරා තිබිණි. තැන තැන ප්ලාස්ටික් මල් පෝච්චි එල්ලා ඇත. අවට හමනා සුළගින් ඒවාවල ඇති ,මල්පොකුරු සෙලවේ....අවට ගස්වැල් තදින් හුළගට සෙලවෙන්නේ...වැස්සක් ලග ලග එන බව කියන්නටය.

අප එහි ඇතුලට යනවිට අප මෙන්ම තවත් තරුණ ජෝඩු දෙක තුනක්ම මේසවල වාඩි වී සිසිල්බීම බොමින් ඉදිනු දක්නට ලැබින.


“මොනවද බොන්නේ රුවිනි ..., මොනවහරි කනවද?

පේස්ට්‍රි ශොප් එකේ කොනේ මේසයක් පෙන්නා මට, එහි වාඩි වෙන්න අතින් පෙන්නන ගමන් රමේශ් සිංහලෙන් ඇසීය.

සුදු රෙද්දක් දමා ඊට උඩින් රතු තුන්මුලස් හැඩයට රෙද්දක් දමා ඇති මේසයේ මැද , දම්පාට කානේශන් මලක් දැමු වතුර වීදුරුවක් ඇත. රමේශ් එම මේසය ඉදිරිපිට වාඩි වී මා දෙස බලා හිදීන්නේ ඇස් දෙක පොඩි කරගෙනය. කෙලින්ම මා දෙසට ඇදී ඇති තියුනු බැල්ම මා අපහසුතාවයට පත්කර ඇත.


“මොනව හරි බොමු... කන්න ඕන නැහැ....මමත් සිංහලෙන් උත්තර දුන්නෙමි .


"මම ගොඩක් දවසක ඉදන් ඔයා දිහා බලන් ඉන්නේ.......අදනෙ කතා කරන්න ලැබුනේ..." ඔහු නැවත ඉංග්‍රීසියෙන් කතා කරයි.

ඔහු ඉංග්‍රීසියෙන් කතා කරන්න බොහෝ කැමති බව පෙනේ...ඔහු කවලමේ සිංහල ,ඉංග්‍රීසි භාශා දෙකෙන්ම කතා කරයි.


“ඉතින් මොනවා හරි කියන්න... ගොඩක් කල්ද ඔයා මේ ඔෆ්ස් එකට වැඩට ඇවිල්ලා....? රමේශ් කෙලින්ම එකඑල්ලේ මගෙ මුහුන දෙස බලන් සිනාමුසු මුහුනෙන් කතා කරයි. ඔහුගෙ මුහුන දෙස එක එල්ලේ බැලීමට තරම් ශක්තියක් මට නැත. මගේ හිත දහ අතේ දුවයි....ලොකු කැළබිල්ලකින් මම පසුවෙමි.


“ මේ ඔෆ්ස් එකට ඇවිල්ලා, අවුරුදු තුනකට ලගයි.....මම අහන දෙයට උත්තර දෙන්නෙමි.


"ඔයා කොහේද ඉන්නේ...., කවුද තව ගෙදර ඉන්නෙ...?

රමේෂ් සිනාසෙමින් දිගටම ප්‍රශ්න වැලක් අසන්නේ නඩු කාරෙක් ලෙසය. මම අහන දෙයට උත්තර දෙමින් වටපිට බලමින් ඉන්නේ මෙතනින් කොයි වෙලේ නිදහස් වෙම්දෝ සිතමින්‍ය. නමුත් හිත සතුටකින් පිරි ඇත.


"මම ඉන්නෙ වත්තල, අක්කලාගේ ගෙදර. අපේ ගෙදර කොටහේනේ..... තව මල්ලි කෙනෙක් ඉන්නව මට..." මමද ඉංග්‍රීසියෙන් උත්තර දුන්නෙමි.


වේටර් වරයකු දොඩම් යුශ වීදුරු දෙකක් ගෙනත් අප ඉදිරියෙන් තැබුවේ සීරුවටය.


"රුවිනි ඕක බොන්න...."


රමේශ් දොඩම් වීදුරුව මට ලං කරමින් ඔහුගෙ වීදුරුවේ ඇති බටයෙන් දොඩම් යුශ හෙමිහිට ඉහලට අදිමින් එක එල්ලේම මා දෙස බලා හිදී....ඔහුගෙ බැල්ම මා හොදටම අපහසුවට පත් කර ඇත.


"මමත් අපි අදුනන ඇන්ටි කෙනෙක්ගෙ ගෙදර බෝඩ් වෙලා ඉන්නේ... මාස තුන හතරකට සැරයක් තමයි මමත් ගෙදර යන්නේ...එතකොට ඔයා ගෙදර යන්නෙ කවදටද...?


"මං හැම මාසේම අන්තිමට තමයි ගෙදර යන්නේ...අක්කගෙ පුතා කැමති නෑ මම අපේ ගෙදර යනවට..."


“අක්කයි, අයියයි හොඳද?


“ඔව්, අක්කාගේ පුතාත් මං අපේ ගෙදර යනවට කැමැති නෑ.... හවස මම ගෙදර ගියාම ඒයා ඉතින් උදේ ඉඳන් වෙන දේවල් මාත් එක්ක කියනවා..... ගිරව වගේ, මගෙන් තමයි පුතා අකුරු ඉගෙන ගන්නේ , කතා අහගන්නේ එහෙම ....." මමත් කතා කලයුතු නිසා, අක්කාගෙ පුතා ගැන කීවෙමි


"මම නම් තාම මාස හයයි මේ ඔෆ්ස් එකට ඇවිත්...එතකම් හෙඩ් ඔෆ්ස් එකේ මම වැඩ කරේ....මම මේ ඔෆ්ස් එකට ආපු මුල් දවස්වල ඉදන් ඔයාව මට නෝට් උනා.... "


"ඇයි ඒ...මම සිනාසෙමින් ඇසිමි.


"ම්ම්....ඔයා සාරි ඇදලා ඔෆ්ස් එන නිසා වෙන්න ඇති ...අපේ අම්මත් ගෙදරටත් සාරි ඇදලා ඉන්නේ....ඒ නිසා වෙන්න ඇති මට ඔයාව නෝට් උනේ...ඔයා සාරි ඇදලා ඉන්න කොට හරියට අපේ නංගි වගේ...."


"ඔයට නංගි කෙනෙකුත් ඉන්නවද..?එයා මොනවද කරන්නේ..."


"එයා ටීච් කරනවා...අපේ ගමේ...එයත් ඔයා වගෙ සාරි තමයි අදින්නෙ...මම හිතන්නේ ඔයාව දකින හැම දවසකම මට අම්මයි නංගියි මතක් වෙනවා..."


දෙදෙනා ආගිය තොරතුරු කතා කරමින් පැය භාගයක් පමන දොඩම් යුශ බොමින් කතා කෙරුවෙමු .


"රමේශ් මට ගෙදර යන්න පරක්කු වෙනවා...අපි යමුද ? මම දොඩම් යුශ විදුරුව බී නිම කර රමේශ් ගෙන් ඇසුවේ කලුවර වැටිගෙන එන්නට පෙර ගෙදර යායුතු බැවිනි.


" යමු එහෙනම්.... අපි හෙටත් හවසට හම්බවෙමු හොදද..?"


"ඒ මොකටද..? මම සිනාවෙමින් ඇසිමි.


"පස්සෙ කියන්නම්කෝ...එහෙනම් අපි යමු..."

ඔහු සිනාසෙන තියුනු දෑසින් ම දෙස බලා කීය.


දෙදෙනා නැවත බස්නැවතුම වෙත, ඇවිද ආවෙ...ඉර බැසයන්නට අර අදින මොහොතේය. මීට පැයකට අඩු කාලයක් තුල වැහි ලකුණු පෙන්නුම් කල, වැහි වළාකුළු දැන් හුළගත් සමග ඈතට ගසාගෙන ගොස් ඇත. අවට පරිසරය දැන් කළුකර ඇත්තේ ඉර අවරට යන්නය.


"මම යන බස් එක දැන් ගිහිල්ලා ඇති...දැන් තව විනාඩි දහයක් විතර මට ඉන්න වෙනවා...."


"මම ඉන්නම් ඔයාගෙ බස් එක එනකම් ..."

රමේශ් මගේ ඇගේ ගෑවෙන නොගෑවෙන දුරින් හිටගෙන ඉදී...


"ඔයා යන්න ....මම මගේ බස් එක ආවහම යන්නම්.."


"ඇයි මම ඉන්නවට කැමති නැද්ද ..?


"එහෙම නෑ....ඔයාට පරක්කු වෙනවනේ..."


" මට පරක්කු වෙන්නෑ....බෝඩිමට ගියත් මට කරන්න දෙයක් නෑ....."

රමේශ්ගෙ හැගුම්බර කටහඩ, හිනහෙන දෑස....උසට ගැලපෙන මහත මගේ හිත ඔහු වෙත ඇදීයන එක අහන්න දෙයක්ද.....


"අන්න මම යන බස් එක එනවා...මම එහෙනම් යන්නද රමේශ්..."


"හොදයි...අපි හෙට හම්බවෙමු..."


මම ඔහුට අත වනා බසයට නැග ගත්තේ හිතේ සතුට දෝරේ ගලද්දීය....


බසයට නැග, එයින් බහින කම්ම මම ,ඔහු සමග කල කතාබහ ආවර්ජනය කරමින් ආවෙමි. මගේ හිතේ ඇතිවි ඇත්තේ කාටවත් කියාගත නොහැකි තරමේ දරාගන්න බැරි සතුටකි. ඒ රමේෂ් නිසාය.


මම ගෙදර යනවිට, අක්කා පුතා සමග ගෙදර ගේට්ටුව ලගට පැමින පාර බලා හිදිනවා දැක ගත හැකි විය.


"ඇයි නංගි පරක්කු ...? මම මේ බය වෙලා බලන් හිටියා..."


"ඔෆිස් වැඩක් තිබිලා, මම වෙනදට එන බස් එක මග ඇරුනා..." මම පළවෙනි වතාවට අක්කාට බොරුවක් කීවෙමි . එය රමේශ් හමුවුන මුල්ම දිනම කරන්නට සිදුවිය.


"ඒක මිසක් ...වහින්නත් ආවා විතරයි ,වැස්සේ නෑ...."


ගෙදර ගොස් මූණකට සෝදා ඇදුමක් දා,අක්කාගෙ පුතා ළගට ගෙන ඔහු සමග කතා කලත්, මගෙ හිත රමේශ් ලග නතර වී ඇත. හිත සතුටින් පිරි ඉතිරි යයි....රෑට කෑම කන්න තරම් වත් මට බඩගින්නක් නැත. පසුදින නැවත රැකියාවට යනතෙක්, මම නොවිසිල්ලෙන් පසුවුනෙමි.


පසු දින වැඩට ගොස් කන්තෝරුවට ඇතුල්වුන ගමන් මම, ශර්මිලා හමුවීමට ගියේ පසුගිය දින විස්තර කතා කිරීමටය.


"ආ...ඔය ඇවිත් ඉන්නේ ගෑනු ළමයා ...අප්පේ මූනේ තියෙන මල් හිනා....මොනවද කොල්ලා ඊයේ කිව්වේ...?


"මොනවත් විශේෂ දෙයක් නෑ...ඔරෙන්ජ් ජූස් එකක් බීලා, ගෙදර විස්තර කතා කලා විතරයි ....."


"හා...හා...හොදයි හොදයි ..නංගි...ඔහොම යං...ඔහොම යං...." ශර්මිලා විහිලු කරයි.


උදේ වැඩට ආවේලේ පටන් මා බලා උන්නේ...හවස පහ වෙනකම්‍ ය. ඒ ඔහුගේ හිනහෙන දෑස හා කඩවසම් බව දැක ගන්නටය.


අද මම ගෙදරින් එනවිට, මගේ ඇදුම, මූනට දාපු මේකප් එක....

මගේ පෙනුම ගැන ඕනෑවටත් වඩා සැලකිලිමත් වු බව මටම දැනින. එතරම් කඩවසම් ඔහු හමුවිමට යන මමද දැන් ලස්සනට සිටිය යුතුයැයි මට සිතේ...


පසුදිනත් අප හවස වැඩ ඇරුන පසු, ශර්මිලා අප මග ඇර ගිය පසු, අප දෙදෙනා කූල්ස්පොට් එකට ගියෙමු. එදිනද පසුගියදා මෙන්ම ගෙවි ගියේය.


ඔයා මේ සෙනසුරාදට මොනවද කරන්නේ...?


“සෙනසුරාදා ඉතින් ගෙදර ඉඳන් ඇඳුම් හෝද ගන්නවා. අක්කාට උයන්න උදව් කරනවා... අක්කගෙ පුතත් එක්ක ටිකක් සෙල්ලම් කරනවා. ...ඇයි ඇහුවේ..?


“ ඊලග සෙනසුරාදා අපේ යාළුවෝ කට්ටියක් කළුතර ට්‍රිප් එකක් යනවා.... ඒ පැත්තේ ගිහින් මුහුදෙන් නාල ජොලියක් දාලා එන්න යන්නෙ... ඔයත් එන්න ෂර්මිලාටත් අඬගහගෙන එන්න.. මං එන්න කිව්වා කියන්න ...."


“මං ෂර්මිලාට කියලා බලන්නම්... දැන් හොඳටම හවස් වුණා. මං යන්න ඕනේ..."


“එහෙනම් මතක ඇතිව ෂර්මිලාට මං කියපු එක කියන්න...."


එදිනද රමේශ් සමග කතාබහ කර ගෙදර යන විට මම සිටියේ ලොකු සතුටකිනි . ඉතා කඩවසම් , ප්‍රසන්න, හොද රැකියාවක් කරන, ඔහු වැනි කෙනෙකු මා අදුනගෙන මා සමග කතා කිරීමට ආ එක ගැනත් මට ඇත්තේ සතුටුකි.


හෙට හමුවෙමු


*ප්‍රිසිලා ගොඩහේවා *

16 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentarios


bottom of page