💞මට හිමි ඔබයි💞
(18 වෙනි කොටස)
https://www.facebook.com/groups/2653780434897311/permalink/2729608993981121/
එදින සවස වැඩ ඇරෙන කිට්ටුව වෙනවිට, මගේ හිත අමුතු සතුටකින් පිරි.... නොවිසිලි ගතියෙන් පසු විනි. හවස හතහමාරේ සිට සැරෙන් සැරේ මම මගේ ඔරලෝසුවේ, වෙලාව බලමින් උන්නේ හවස පහවෙන තුරුය. වේලාසන කොන්ඩය පිරා තොල්වල ලිප්ස්ටික් ගා හැඩ වැඩ වෙමින් බලා උන්නෙමි.
කන්තෝරුවේ මා සිටි හතරවෙනි තට්ටුවේ සිට එළිය බළන කල, මට අපේ කන්තෝරුව ඉස්සරහ ඇති, අර කළු කොල්ලා ඉන්න බිල්ඩිම පෙනේ....නමුත් ඔහු එයින් එළියට එන දොරටුව නම් මම සිටින තැනට නොපෙනේ....නමුත් මගේ ඇස් නිතර නිතර ඒ බිල්ඩිම දෙසට යොමුවේ. අද මට මොනවද මේ වෙලා ඇත්තේ කියා මටම හිතාගැනිමට නොහැක.😀
කෙසේ හෝ මම හවස පහ වෙනවත් සමග ශර්මිලා අඩ ගසාගෙන කාර්‍යාලයෙන් එළියට ආවෙමු. ශර්මිලාට මට ඇති හදිස්සිය නැත...
ඇය හෙමිහිට කාර්‍යාල මේසය අස්කරමින් ඉද, මට බැන බැන මා පසුපස ආවාය.
"මේ මොන හදිස්සියක්ද අද මෙයාට තියෙන්නේ .....අපරාදේ උදේ කිව්වේ, කොල්ලෙක් අදුන්නලා දෙන්න යන කතාව...
කාර්‍යාලය තුල සිට ඇවිදගෙන බස් නැවතුමට යන තෙක් අප දෙදෙනා කතා බහක් නැතුවම ගියෙමු.
ශර්මිලාගෙ සැමියා මේ වෙලාවට ඇය එනතෙක් බස් නැවතුමේ, හැමදාම රැදී හිදී. ලගදි කසාද බැදපු ඔවුන් දෙදෙනා වැඩ ඇරි ආපසු ගෙදර යන්නේ, වටපිටාවේ, ඇවිද ගෙදරට අවශ්‍ය කෑම බීම ආදියද රැගෙනය. ඔවුන් දෙදෙනා ඔවුන්ගේ අලුත් විවාහ දිවිය, සතුටින් ගතකලත්, ශර්මිලාගෙ නැන්දම්මා නිසා, ශර්මිලා එතරම් හිතේ සතුටකින් ජිවත් නොවන බව මම දනිමි. ඒ ඇය ඇගේ සමහර ගෙදර ප්‍රශ්න මා සමග කියනා නිසාය.
ශර්මිලාගෙ සැමියා, පවුලේ එකම පිරිමි දරුවා නිසා, ඔවුනට විවාහයෙන් පසු වෙනම පදිංචියට යෑමට නොහැකි වී ඇත. ඒ ඇගේ නැන්දම්මාගෙ කැමැත්ත ඇගේ එකම පුතා ඇය සමග මහගෙදර පදිංචි වී හිදුනු දැකීම නිසයි . පුතා ගෙනා, අලුත් ලේලිට ,ඇගේ ඇති අකැමැත්ත නිසා ඇය, ලේලිට නිතර වෙනස් කම් කරයි., සමහර දවසට ශර්මිලා ඒ ගැන කළකිරිමෙන් මා සමග කියන අවස්තාද ඇත. ඒ කතා අහනකොට නම් විවාහ ජිවිතයට ඇතුල්වීමටත් බය හිතේ....ඒ ගැන නම් ශර්මිලා කියන්නේ මෙසේය...
"රුවිනි...කවදා හරි කසාද බදින්න ඉස්සෙල්ලම මනමාලයාට කියන්න, කඩ කාමරයක හරි, නොකා නොබී අපි ජීවත් වෙමු, දෙමව්පියන් එක්ක ජීවත් වෙන්න යන්නෙ නැතුව කියලා ...."
"ඒ ඇයි...එතකොට දෙමව්පියන්ට සලකන්න කවුරුත් නැති වෙනවනේ..."
"ඒ උනාට රුවිනි ...නැන්දම්මලා තේරුම් ගන්නෙ නෑනේ...පුතා කසාද බැන්දට පස්සෙ , ගෑනි එක්ක නිදහසේ ඉන්න දෙන්න ඕනේ කියලා ...කොහේද හැම දේකටම ඇගිලි ගහන්න එනවා...ඒ මදිවට අපට වෙනම පදිංචියට යන්න දෙන්නෙත් නෑ....අපරාදේ කුලී ගෙවල් වලට සල්ලි දෙන්නෙ කියලා ....අපි වෙනම පදිංචියට ගියොත්, ඒගොල්ලන්ට නොසලකා හරියි කියලා බයයි ඒකයි..."
"වෙනම ජීවත් උනා කියලා දෙමව්පියන්ට සලකන්න බැරි කමක් නෑනේ....ගොඩක් අය, කසාද බැන්දට පස්සෙ දෙමව්පියන්ට සලකන්න කියලා මහගෙදර නවතිනවා....ඊට පස්සෙ ළමයි හැදුනහම, ළමයි ටික දෙමව්පියන්ට බලාගන්න දෙනවා...වයසට ගිහින් විවේකයෙන් ඉන්න ඕන දෙමව්පියන් ළමයි බලාගන්නවා මැරෙනකම්. ඒ මිනිස්සුන්ටත් විවේකයෙන් ඉන්න දීලා, වෙනම පදිංචි වෙලා, නිතර ඒ අයගෙ දුක සැප බලන එක තමයි හොද කියලා මට හිතෙන්නේ ....දෙගොල්ලන්ටම හොද හිත තියාගෙන සතුටින් ඉන්න පුලුවන් විදිහ එහෙමයි....පිටටරටවල් වල එහෙමනේ...ඒ මිනිස්සු වයසට ගිහාම සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙනවා....ලංකාවේ එහෙම නෙමේනේ වයසට ගිය අම්ම තාත්තලාට විවේකයක් ඇත්තෙම නෑනේ....තමන්ගෙ ළමයි හදලා, ලමයින්ගෙ ළමයිනුත් බලාගන්න එපෑ මැරෙනකම්ම...."
"එහෙම තමයි රුවිනි , ජීවිත චක්ක්‍රය හැදිලා තියෙන්නේ....අපේ ලංකාවේ අය පරම්පරා ගානක් එහෙම තමයි කරලා තියෙන්නේ ...ඒවා දැන් වෙනස් කරන්න බෑ...ඒකනෙ අපිත් නිහාල්ගෙ මහගෙදර වැටිලා ඉන්නේ....මම නම් කැමති ඒවා වෙනස් වෙනවනම්...මම කැමති කසාද බැදලා වෙනම ඉන්න තිබුන නම්...නිහාල් පවුලේ එකම පිරිමි දරුවා නිසානේ, අපට ඒගොල්ලන්ගෙ මහගෙදර පදිංචි වෙන්න උනේ....මට කියලා ඒ ගේ ඇතුලේ, නිදහසේ කිසි දෙයක් කරන්න අයිතියක් නෑ....ඔහේ ඉන්නවට ඉන්නවා....උබවත් ඕවා ආදර්ශයට ඇරගෙන කසාද බැදලා වෙනම හිටපං....."
"කසාදය කොහොම වෙතත්, කොල්ලෙක් හොයා ගන්න එපෑ මම...."
"යං...යං ඉක්මනට අර කොල්ලා උබ බලන්න බලාගෙන ඉන්නවා...ඔන්න මගුල කෙරුනොත් මට කපු ගාස්තු ඕනේ....හොදද..?
"තාම වචනයක් කතා කරන්න බැරි උනා...උබ මගුලක් කතා කරනවා...මට බයත් වගේ ශර්මිලා ...."
"මොකට බයවෙනවද...ඌ උබව අදුන්නලා දෙන්න කිව්වට, වෙන මොනවත් කිව්වේ නෑනේ...ගිහින් බලමු."
කාර්‍යාලය හැරුණු විගස මාත්, ෂර්මිලාත් බස් නැවතුමට යන විට මගේ හිත අමුතු හැගීමකින් පිරි ගැහෙන්න පටන් ගෙන තිබුනි.
"අප්පේ මෙයාගෙ හැඩ මම දැන්නෙ දැක්කේ...මොකද මේ කවදාවත් නැතුව, තොල් රතු කරලා ...කොන්ඩෙ පීරලා....හා ..හා..නංගි...කමක් නෑ කමක් නෑ....හැබැයි මගුල හරි ගියොත් මට මගුල් කපුකමේ ගාස්තුව අනිවාර්යයෙන්ම ඕනේ හොදද...?
තාම අදුනලා දුන්නෙත් නෑ..කපු ගාස්තු ඉල්ලනවා..." මම සිනාසි කීවෙමි.
කාර්‍යාලයෙන් එළියට ගිය විටදි...ඈතදීම මට ඒ කඩවසම් උස කළු පිරිමි ළමයා ,බස් නැවතුමේ හිදිනවා දැක ගත හැකි විය. මගේ හිත සතුටින් මෙන්ම බයකින්ද ගැහෙන්න පටන් ගෙන ඇත. අප දෙදෙනා ඈතදීම දැක, ඔහු සුන්දර ලෙස අපහා සිනාසුනේය. ඔහු අප දෙදෙනා එන පෙර මගට ඇවිදගෙන එයි.
"අන්න මිනිහා අපි දෙන්නා එන පැත්තට එනවා..."ශර්මිලා මට ඇගිල්ලෙන් ඇන කීය .
"ඔව්...මට බයයි ෂර්මිලා..."
"මොකට බය වෙනවද....යකෙක් යෑ..."
ඔහු සිනාසීගෙන අප දෙදෙනා කිට්ටුවට පැමින ශර්මිලා සමග ඉංග්‍රීසියෙන් කතා කලේය.
“කොහොමද ඔයාගෙ හස්බන්ඩ් තවම ආවේ නැද්ද...?
“ඒක තමයි මමත් බැලුවේ....තාම ඇවිත් නෑ.... දැන් එනවා ඇති.." ශර්මිලාද ඉංග්‍රීසියෙන් උත්තර දුන්නාය.
පාසැල් කාලයේ බොහෝම උවමනාවෙන් ඉංග්‍රීසි ඉගෙන ගෙන කතා කරන්න ඉගෙන ගත් එකෙ ප්‍රතිඵල , මට රැකියාව ලැබිමේදි බොහෝ ප්‍රයොජනවත් උනා වගේම මේ මොහොතේදීද එය ප්‍රයෝජනවත්වීගෙන යයි.
ශර්මිලා මෙන්ම මටත් ඉංග්‍රීසියෙන් කතා බහ කිරිමට පුලුවන් වීම ගැන, මට ඇත්තෙ සතුටකි.
“ඒක නෙමේ ෂර්මිලා ඔයාගේ යාළුවා මට අඳුන්නලා දෙන්නේ නැද්ද...?
ඔහු මා දෙස බලා සිනාසී ෂර්මිලාගෙන් ඇසුවේය.ඔහුගේ දිලිසෙන ඇස් මා දෙස බලාසිටින්නේ මා අපහසුවකට පත් කරමින්‍ය. නමුත් ඒ බැල්මේ....මට ඇත්තේ බොහෝ හුරුපුරුදු ගතියකි. හුගකාලෙක ඉදන් දැක පුරුදු අදුනන කෙනෙකුගේ පෙනුමක් ඔහුට ඇත. මම භාගෙට ඔහු සමග හිනා උනත් ,මගෙ හිත ගැහෙන ගතියක් දැනේ...
"මම රමේශ් ...ඔයගොල්ලෝ කවුද ?
"මම ශර්මිලා ...මෙයා රුවිනි....."
"රුවිනි...නම වගේම ලස්සනයි ..." ඔහු කිව් විට මට සිනාගියාය.
“හෙලෝ...කොහොමද ?
ඔහු සිනාසී මගේ මුහුන දෙස එක එල්ලේ බලාගෙන ඇසුවේය. එම බැල්මට නම් මගේ ඇග හිරි වැටුන ගානයි....
"හෙලෝ ....හොදයි මමත් ලැජ්ජාවෙන් කීවෙමි.
-හෙට හමුවෙමු - *ප්‍රිසිලා ගොඩහේවා *
Comments