top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි 🌺🌺

💞මට හිමි ඔබයි💞

(12 කොටස) https://www.facebook.com/groups/2653780434897311/permalink/2723328787942475/

වැඩි දවසක් නොගිහින්ම අක්කාගේ විභාග ප්‍රතිඵලද නිකුත් විය. එතරම් හොඳට විභාගය සමත් නොවූ අක්කා විභාග ප්‍රතිඵල නිකුත් වූ වහාම පාසලෙන් අස් වූවාය......


ඔය අතරේ අම්මා නිතරම ලෙඩ වන්නට පටන් ගත්තේ මගේ හිතට බයක් ඇතිකරමින්‍ ය.

අම්මා හරියට කන්නේ, බොන්නේ නැතුව, වමනය දමමින් කම්මැලිකමෙන් නිතර කාමරයට වී නිදා සිටියාය.


“සුදු හාමිනේට කොහොමද දැන්..... මොනවද කන්න ආස කියන්නකෝ..... මං ඕන දෙයක් ගෙනත් දෙන්නම්......"


බාප්පා නිතරම ඇයට ආදරයෙන් කතා කොට ඇප උපස්ථාන කළේය.


“කසුනි දුවේ...., අම්මාට දැන් වැඩිය මහන්සි වෙන්න දෙන්න එපා..... නංගී එක්ක එකතු වෙලා ගෙදර උයන පිහින වැඩ, ගෙවල් අස්කරන වැඩ ටික කරලා දෙන්න...."


බාප්පා අක්කාට උපදෙස් දෙයි...


දවසක් හැන්දා වරුවේ ලොකු නැන්දාත්, මාමාත් අපේ ගෙදර ආවේ කළබලේය....... නැන්දා ,අම්මා හා කුස්සියට වී කසු කුසු ගා දොඩමින් සිටි නිසා අක්කත්, මමත් කුස්සිය පැත්තට නොගියෙමු. නමුත් කතා කරන සද්දය අතරින් පතර අපට ද ඇසුනි. ඒ ඇසුනු විදිහට නම්, අම්මා දරු උපතකට ලෑස්ති වෙන බවයි අපට තේරුම් ගියේ....


“හෙට අනිද්දාම කසුනිව කසාද බන්දලා දෙන්න...... නැත්නම් ඔය බඩ පේන්න ගත්තාම මඟුල් ගෙදර දවසට ඒකිට තමයි ලැජ්ජාව....."


“ඒක තමයි නංගියේ, මං මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ....."

අම්මා දුකින් කීවාය.


“විජිත් මහත්තයා කසුනි දුව ඉක්මනට කසාද බඳින්න කැමැතියි කිව්ව එකේ...අපි මේ මාසෙම ඒක කරලා දාමු..... කසුනිගේ ඇඳුම් පැලඳුම් විතරයිනේ අපට ලෑස්ති කරන්න තියෙන්නෙත්.... ඒ හින්දා සල්ලි භාගෙ හොයන්න කියලත් මහන්සි වෙන්න ඕනත් නැහැනේ....මොකද ඉතිං දෑවැද්දක්වත් බලාපොරොත්තු වෙන්නෙත් නෑ කිව්වනේ....."


අම්මා තවදුරටත් කීවාය.


“ඒක තමයි මම කියන්නේ, අද හෙටම කතා කරලා නැකැත් දිනයක් දාගමු...... නැත්නම් තව පරක්කු වුණොත් හැමෝම දැනගනියි උඹට ළමයෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා..... ඒකෙන් හොඳ නැත්තෙත්, ලැජ්ජාවත් කෙල්ලටයි....."


නැන්දාගෙයි, අම්මාගෙයි කතාවෙන් මට තේරුණේ අම්මාට බබෙක් හම්බ වෙන්න ඉන්නා බවය. මට නම් එය දැනගත්තාම සතුටු සිතිණි. නැත්නම් අක්කාත් කසාද බැඳලා ගියාම, මං විතරයි මේ ගෙදර ඉතුරු වෙන්නේ. මට තව නංගි කෙනෙක් හරි, මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම්, මට ගෙදර ඉන්න පාළු නැති වෙයි කියා මට සිතේ....


ඒත් අම්මා නැවත දරුවෙක් ලැබෙන්න සිටින බව දැනගත්තාට පසු අක්කාගේ මුහුණ නරක් වී ඇත. අක්කා අම්මා එක්ක කතා කළෙත් තරහෙන් මෙනි..... ඒ ඇයි කියා මට තේරෙන්නේ නැත. ඇය ගෙදර වැඩ, උයන පිහන වැඩ කලේද ඕනෑවට එපාවට මෙන්‍ ය.


"කසුනි දුවේ...ඔයා දැම්ම කසාද බදින්න කැමතිද..? විජිත මහත්තයා කැමතියි කිව්වනේ ඉක්මනට කසාදය කරන්න....ඊට පසු දින අම්මා අක්කාගෙන් ආදරෙන් යාප්පුවෙන් ඇසීය.


"ඔව්...මම කැමතියි ...තව ගෙදර හිටියයි කියලා ඇති වැඩකුත් නෑනේ...තව හිටියොත් මට විජිතගෙ ගෙදර මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරුව, විජිතත් නැති වෙනවා.....විජිතට ඉන්න හිටින්න හොද ගෙයක්, වාහනයක්, සල්ලි තියෙන එකේ...මම ඉක්මනට කසාද බදින්න කැමතියි...."


"එහෙනම් ඒ ළමයගෙ වැඩිහිටි අයට එන්න කියලා ..... මේ මගුළ අපි තීරණය කරලා ඉක්මනට කරලා දාමුද ලොකු දුවේ..?.... විජිත් ළමයට අද හෙට මේ ගැන කියන්න ලොකු දුවේ..."


"විජිත්ගෙ අම්මා තාත්තා නැති නිසා, අය්යයි අක්කයි එක්ක එන්නම් කියලා තියෙන්නේ ...."


වැඩි දවසක් නොයා අක්කගෙ මගුල් ගෙදරට, දිනයක් දාගෙන හැමෝම කඩිමුඩියේ එයට ලෑස්ති විය. කොහොමහරි ඒ මාසේම අන්තිමට අක්කාගේ මඟුල් ගෙදර ගන්නට නැකත් සාදාගෙන ආවේ...නැන්දයි අම්මයි ගොස්‍ ය.


"මේ මාසේ අන්තිමට මගුළ ගන්න විජිත් ළමයා කැමති උන එක හොදට ගියා.. ...ඒ ළමයා මගුළ ගන්න උත්සව ශාලාවක් ලෑස්ති කරගන්නව කිව්වේ....කෑම බීම එතන හදනවලු....ඒවට වියදම් ඔක්කොම විජිත් ළමයා ගානේ කිව්වේ...."


"කොච්චර දෙයක්ද ඒ වගේ කෙනෙක් කසුනි දුවට හම්බවුන එක....දැන් අපට තියෙන්නේ කසුනිගෙ මගුළ් ඇදුම් ලෑස්ති කරගන්නයි...අපි කට්ටියට, මගුළට යන්න ඇදුම් ලෑස්ති කරගන්නයි විතරයි..."


"අපිත් හොදට ඇදුම් ඇදගෙන යන්න වෙයි....විජිත් ළමයගෙ නෑදෑයෝ , කන්තෝරුවේ යාළුවෝ එහෙම ගොඩක් එදාට එනවලු මගුළ් ගෙදර ...."


"එහෙමද...ඔව් විජිත් ළමයා හොද පවුලක කෙනෙක්...අපි ඒ මිනිස්සුන්ට ගැලපෙන්න ඉන්න එපෑ....දැක්කනේ එදා විජිත් ළමයගෙ අක්කයි, අය්යයි අපේ ගෙදර ආව දවසේ...."


" අපට තියෙන්නේ හොදට ඇඳගෙන, කසුනි එක්ක මඟුල් උත්සවය පැවැත්වෙන තැනට යන එක විතරයි ...."


මාසයක් ඇතුලත අක්කාගෙ මගුළ ගන්න සියලු දේ කළබලේ ලෑස්ති කර ගත්තෙමු. විජිත් අය්ය,කොළඹ නගරයේ තිබුණු හොඳ උත්සව ශාලාවලින් එකක් ලෑස්ති කර සියලු වියදම් ඒ වෙනුවෙන් දරා තිබිණි.


විජිත් අයියාගේ නෑදෑයන් හා කන්තෝරුවේ යහළුවන් ගොඩාක්ම එම උත්සවයට සහභාගි වූහ. ඔවුන් සැවොම ඉහළ පැළැන්තියේ පුද්ගලයන් බව බැලූ බැල්මට අපට පෙනිණි.

අපේ පැත්තෙන් විවාහ උත්සවයට සහභාගි වී තිබුණේ පුංච් අම්මලා, ලොකු මාමලා සහ යමක්කමක් තිබූ නෑදෑයන් පමණි. එයට හේතුව විජිත් අයියාගේ නෑදෑයන්ට ගැළපෙන සේ අපත් එයට සහභාගි විය යුතු බැවිනි.


අම්මා මට එදින උත්සවයට ඇඳගෙන යෑම සඳහා ලස්සන ගවුමක් මස්සවා තිබිණි. එම ගවුම ඇඳගෙන මම උත්සව ශාලාවේ, එහෙට මෙහෙට ඇවිද්දෙ සතුටිනි. නමුත් හිත යටින් අක්කා කසාද බැද ගෙදරින් යන එක ගැන නම් දුකක් දැනි තිබුනි.


අක්කා එදින ලස්සන සුදු ලේස් සාරියකින් සැරසී සුදු වේල් එකක්ද දමා මල් පොකුරක් අතින් ගෙන විජිත් අයියා ළඟට වී සිටියාය. අක්කා වෙනදාට වැඩිය ලස්සන වී සිටියේ.... රාජකුමාරිකාවක් මෙන්‍ ය.


ලයිට් බුබුළු වලින් ආලෝකමත් වුන උත්සව ශාලාව, රස කෑම බීම සංගීත රාවයන්....ලස්සන ඇදුම් පැලදුම් , නෑදෑයින් , යාළුවන් සියල්ල මට ඇති කලේ...සතුටකි.


විවාහ උත්සවයේ වැඩ අවසන් වූ පසු මනාළ යුවළ පිටත් වීමට සූදානම් වන මොහොතේ අක්කා හා අය්යා අම්මාට, බාප්පාට , නෑදෑයිනට වැද අවසර ගත්හ. අන්තිමට මම ගොස් අක්කාට හා විජිත් අයියාට වැන්ද විට අක්කා මාව තුරුල් කරගෙන ඉකි ගසා අඬන්නට වූවාය. මටත් නොදැනීම ඇඬිණි.


“හරි ,හරි දැන් මණාළ යුවලට පිටත් වෙන්න වේලාව හරි...."


“කසුනි, දැන් ඔය ඇඬුවා මදිද....? පොඩි එකීටත් දුක හිතෙනවා. මුහුණ පිහදගන්න..... දැන් නැකතට පිටත් වෙන වෙලාවත් ලගයි..."

නැන්දා කීවාය.


අක්කා සහ විජිත් අයියා නෑදෑයන්ගෙන් සමුගෙන ඔවුන්ට යන්න ලෑස්ති කර තිබූ මඟුල් රථයට නැග හැමෝටම අත වනා පිටත් වූහ. නෑදෑයන් අම්මාට සහ බාප්පාට ආචාර කර උත්සව ශාලාවෙන් පිටත්ව ගිය පසු අපි ලොකු මාමලා සහ පුංච් අම්මලා සමඟ වෑන් රථයක නැගී ගෙදර ආවෙමු.


ගමේ සිට අක්කාගෙ මගුල් ගෙදර ආ අපේ ලගම නෑදෑයන්ද දින දෙක තුනක් අපේ ගෙදර නැවති සිට, නැවත ගමේ ගියේ...අක්කාගෙ දෙවන ගමන උත්සවයටද සහභාගි වීය. ඒ දිනවල ඔවුන් ගෙදර සිටි බැවින් මට අක්කා නැති පාළුව නොදැනිණි. එදින මම නෑදෑ යහළුවන් සමඟ ඇතිතරම් කතා බහ කර සතුටු වුණෙමි.


ගමේ සිට අක්කාගේ විවාහ උත්සවයට පැමිණි නෑදෑයන් ගිය පසු ගෙදර ඉතිරි වූයේ, අම්මාත්, බාප්පාත්, මාත් පමණි.


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

42 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page