top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි🌺🌺

💞මට හිමි ඔබයි.💞

>>>>>>>>>>>>>

(දෙවන කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2712918175650203/

"නෝනා කොහාටද යන්නේ? වයසක කොන්දොස්තර තැන ඇගෙන් ඇසුවේය.


“අනේ මාමේ මට ලොකු කරදරයක් වෙලා.... මට උදව්වක් කරන්න.... ඇය ඇඬුම් බරව කීය.


“ඇයි ළමයෝ මොකද මේ සුදු සාරියකුත් ඇඳගෙන කොහේ යන ගමන්ද....ඔය ළමයා හොදටම බය වෙලා නේද....?


“මං මඟුල් ගෙදරක ගියා....මගේ පර්ස් එක නැති වුණා.... මට බස් ටිකට් එක ගන්න විදිහක් නෑ......අනේ මට ලොකු උදවුවක් මාමේ.... මාව කොළඹ යන බස් එකක් තියෙන තැනකින් බස්සවන්න......."


“මේ ආණ්ඩුවේ බස්නේ දරුවෝ..... කොහොමද නිකං යන්න දෙන්නේ....?"


“අනේ මාමේ මට ලොකු උදවුවක් .......මම හොදටම අසරණ වෙලා ඉන්නේ.....ඇය අඬන්න පටන් ගත්තාය.


“හරි හරි අපිත් ඉතින් ඔය වයසේ දරුවෝ ඉන්න අයනේ...... අපිත් මිනිස්සුනේ....අඩන්නෙ නැතුව ඉන්න....කරදරයක් උනා කිව්වහම උදව් නොකර කොහොමද .....ඔය ළමයා දිහා බැලුවම, පේනවා කරදරයක් වෙච්ච බව නම්.....ඉතිං දැන් කොහෙන්ද බහින්න ඕනේ....?


“මාව කොළඹ යන බස් හෝල්ට් එකකින් බස්සන්න.... මාමට...පිං සිද්ද වෙනවා...."


“එහෙනම් .....කොළඹ යන බස් නවත්වන තැනට, තව බස් හෝල්ට් පහක් විතර යන්න තියෙනවා......"


"අනේ මාමේ...ලොකු පිනක්....මාව එහෙනම් රත්නපුරේන් බස්සන්න..".


ඇයත් වයසක කොන්දොස්තරත් කතා කරමින් සිටින තැන ඉස්සරහ ආසනේ සිටි, තරුණ රස්තියාදු පෙනුමැති මිනිසුන් දෙදෙනෙක් ඇය දෙස බලමින් හිනාවෙමින් මොනවද කියවන්නට විය. කොන්දොස්තර තැන බසයේ ඉස්සරහට ගිය පසු බසයේ තව හත්අට දෙනෙකුට වඩා සෙනඟ නොසිටියහ.


“ආ නංගි කොහේ යන ගමන්ද මේ.....මොකද මේ ලස්සන සුදු සාරියක් ඇදලා....?


ඉස්සරහ ආසනේ සිටි රස්තියාදුකාර පිරිමින් දෙදෙනා ඔවුන් සිට් ආසනයේ සිටම ඇය සිටි දෙසට හැරී.... පිටුපස බලාගෙන ... කතා කරන්නට පටන් ගත්තේය.


“නංගිට කරදරයක් වගේ.... කියන්න මොනවා හරි උදව්වක් උවමනාවක් ඕන නම්...., අපි ඕනදෙයක් කරන්නම්....සල්ලි එහෙම ඕනද නංගි...?


“නෑ... නෑ... ඕන නෑ..... එසේ කියා ඇය අහක බලා ගත්තේ කේන්තියෙනි..


“ඇයි නංගි කොන්දොස්තර මාමට කිව්වේ කිව්වේ කරදරයක් වුණා කියලා..... ඇයි මොකද...උනේ...?අපට කියන්න....අපි ඕන උදව්වක් කරන්නම් ...."


ඇගේ හිත බයෙන් ගැහෙයි..... ගහෙන් වැටුණු මිනිහට ගොනා අනින්නා සේ.... මේ මිනිසුන් දෙදෙනා ඇගේ ඇඟේ එල්ලීමට තැත් කරති..... තරුණ ගෑනු කෙනෙකුට තනියම, රෑක බස්සෙකකවත් යන්න නැති හැටි.... ඇගෙ හිත කේන්තියෙන් ගැහෙයි.... ඇයට මොනවා කළ යුතු දැයි කියා සිතා ගැනීමට බැරිය. ඇය අහක බලාගෙන ඔවුන් දෙදෙනා ගණන් නොගෙන හිදියි.....


“ආ ඔය ළමයා බහින්න.... මේ රත්නපුර ටවුන් එක.... ඔතනින් බැහැලා කාගෙන් හරි අහන්න කොළඹට යන බස් එක කොහෙන්ද ගන්න පුලුවන් කියලා ...."


"බොහොම ස්තුතියි මාමේ... මට කරපු උදව්වට..."


රත්නපුර ටවුන් එකෙන් ඇය බහින විට.... රෑ අටට විතර වෙන්නට ඇවිත් ඇත. තවමත් ටවුමේ කඩවල් ඇර ඇත. සෙනඟද, වාහනද එහෙ මෙහෙ යනවා පෙනෙයි.


ඇයට දැන් මොනවද කරන්නේ කියා සිතා ගැනීමට නොහැකිය. ඇය අතේ මුදල්ද නැත....ඇය රත්නපුරයේ සිට..... මහරගමට යන තෙක් යා යුතුයි..... . ඇය කළ යුත්තේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකිව කල්පනා කරයි....


රත්නපුර ටවුමේ ,එක් බස් නැවතුමක, මැදි වයසේ ගෑනු කෙනෙකු බසයක් එනතුරු සිටින අයුරු ඇගේ නෙත ගැටින..... ඇය, ඇය වෙත ගොස් උදවුවක් ඉල්ලා ගැනිමට සිතයි...


“අක්කේ කොළඹ යන බස් හෝල්ට් එක කොයි පැත්තෙද තියෙන්නේ.....?


ඇය, ඇය දෙස විමසිල්ලෙන් බැලීය. ඇය ඇගේ ඔලුවේ සිට දෙපතුල් වලට යනකම් බැලුවේ....පුදුමයෙනි.


"මම මේ මගුල් ගෙදරක ගිහින් එන ගමන්.....කොළබ යන බස් එක නවත්වන තැන හරියට දන්නෑ.......ඇයට කීය.


“ආ....මහරගම හරහා කොළබ යන බස් නවත්තන්නේ.... අර පැත්තේ අර බෝගහ ගාව...."


“අක්කේ මං ලොකු කරදරයක් වෙලා ඉන්නේ..... මට කොළඹට යන්න බස් ටිකට් එකක් ගන්න විදියක් නැතුව ඉන්නේ..... අනේ පුළුවන් නම් මට ලොකු උදවුවක් කරන්න ..... මට කොළඹට යන්න බස් ටිකට් එකක් ගන්න සල්ලි කීයක් හරි දෙන්න පුළුවන්ද.....?


“ඇයි..... ඔයාට මොකද වෙලා තියෙන්නේ.... ඇය විමසීයේ අකමැත්තෙනි.


“මං මේ මඟුල් ගෙදරක ගිහින් එන ගමන්.... මගේ පර්ස් එක නැති වුණා. යන්න විදිහක් නැතුව ඉන්නේ......


“මං ගාවත් කොළඹට ටිකට් ගන්න තරම් සල්ලි නෑ..... වෙන කෙනෙක්ගෙන් ඉල්ලලා බලන්න. "


ඇය මාදෙස අමුතු ලෙස බලමින් මා මගහරිමින් , බස් නැවතුමේ අනිත් පැත්තට ගියාය.


අනේ ඇයට වුණු දෙයක්.... ඇයට හිඟන්නියක වගේ එක එක්කෙනාගෙන් සල්ලි ඉල්ලගන්න වුණු හැටි....දැන් කොහොමද ඇය ගෙදර යන්නේ.....ඇගේ අතේ එක සතයක් නැත.....


ඊට ටිකක් එහායින් බස් නැවතුමක, තරුණ ගැහැනු ළමයින් දෙදෙනෙකු දැක, ඇය ඒ දෙදෙනා ගාවට ගියාය. ඔවුන්ද පුදුමයෙන් වගේ බැලුවේ ඇගේ සුදු සාරිය දෙසය. මණමාළියන් අදින සුදු සාරියක් ඇද, දිලිසෙන උස සෙරෙප්පු දෙකක් දා, රත්‍රං බඩුද පැළද මේ මහ රෑ ඇය මොනවා කරනවාදැයි ඔවුන්ට සිතෙන්නට ඇත.


“අනේ නංගීලා..... මට ලොකු කරදරයක් වෙලා ඉන්නේ. මට කොළඹට යන්න බස් ටිකට් එකක් ගන්න සල්ලි කීයක් හරි දෙන්න පුළුවන්ද?


ඔවුන් දෙදෙනා මා දෙස ටික වේලාවක් බලාඉද....


"අක්කට කීයක් ඕනද...." ඇසීය.


“මං දන්නේ නෑ නංගී ටිකට් එක කීයද කියලවත්,.....මට පැත්ත පුරුදු නෑ..... කාගෙන් හරි අහලා හරි කමක් නෑ.....මහරගමට යන්න ටිකට් එකේ ගාණ විතරක් දුන්නම හොඳටම ඇති..... ලොකු උදවුවක්.... පිංසිද්ධ වෙනවා නංගි...."

ඇය ඔවුන් දෙදෙනාට පිංසෙඩු විය.


ඔවුන් දෙදෙනා හෙමිහිට එකිනෙකා සමග කතාබහ කර ,ඔවුන්ගේ අත් බෑග් ඇර ,හවුලේ අවශ්‍ය මුදල් මා අතට දුන්නාය.


“ගොඩක් ස්තුතියි නංගිලා දෙන්නටම..... මේ වෙලාවේ ඔය දෙන්නා කළේ ලොකු උදවුවක්. මට ඔයාලා කවදාවත් අමතක වෙන එකක් නෑ. පිංසිද්ධ වෙනවා.....මට එච්චරයි දැන් කියන්න පුලුවන් ...බොහෝම ස්තුතියි නංගිලා දෙන්නටම.


“ අක්කේ....අර ...අර යන්නේ....කොළඹ යන බස් එක. ඒකට ගිහින් නගින්න....ඔවුන් ඇයට කොළඹ යන බස් එක පෙන්විය.


“මං එහෙනම් ගිහින් එන්නම් නංගීලා....බොහෝම ස්තුතියි කරපු මේ ලොකු උදව්වට....."


ඔවුන් දෙදෙනාගෙන් සමුගෙන ඇය කොළඹ බලා දිවෙන බස් රථය වෙත ගියාය. තවමත් ඔවුන් දෙදෙනා ඇය දෙස බලා හිදියි ....දිලිසෙන සුදු සාරියක් ඇද...ආභරණ පැලද....අතේ සතයක් නැතුව....මහ පාරේ....මේ රෑ යන මේ යුවතිය කවුද කියා ඔවුන් සිතනවා ඇත..... ඇය මේ රෑ කොහේ යනවාද කියා ඔවුන්ට සිතාගත නොහැකි ප්‍රශ්න දාහක් ඔවුන්ගේ සිත් තුළ පැන නගින්නට ඇත.....එය ඔවුන්ගේ මුහුනෙන් දිස් විය..... කෙසේ වුවත් ඔවුන් දෙදෙනා කල මේ උපකාරය... මේ මොහොත් ඇයට අන් සියල්ලටම වඩා වටී.


ඇය කොළඹ යන බසයට නැග බසයේ මැද හරියේ ආසනයකින් වාඩි ගත්තාය..... බසය පිරෙන්න මිනිසුන් සිටින නිසා ඇගේ හිතට දැන් බයක් නැත..... ඇය මහරගමට යන බස් ටිකට් පතක් කොන්දොස්තරගෙන් මිලදි ගත්තාය.


බසයේ ජනෙලයක් ඇති කොනක, ආසනයේ , වාඩි වී ඈ....හිතේ ගතේ.... ගිමන් අරින්නට පටන් ගත්තත්..... තවමත් ඇගේ හිතේ ඇත්තේ සැකයක් සමග බියකි.. බෙළිහුල්ඔය තානායමේ, කාමරයක සිට හොරෙන් පැනවිත්....... කොළඹට යන බසයකට නැග ගන්නා තෙක්....සිදුවු සියල්ල ඇගේ හිතේ චකිතයක් සමගම කල්පනාවට එයි......ඇය මොනවද මේ කලේ....ඇය දැන් මොනවද ඉස්සරහට කරන්නේ කියා සිතේ......


හරියට ඇය සිහිනෙක පාවෙනවා මෙන් දැනිණි..... අද දවස පුරා සිදු වුණු සිදුවීම්..... දෙමාපියන්ගේ ආශීර්වාද මැද පෝරුවට නැග , මනාලියක වූ හැටි.....ඔහු සමග ඇය විවාහ වූ හැටි....නෑදෑයන්ගේ සුබපැතුම්, ආශීර්වාද මැද ඇගෙත් ඔහුගෙත් විවාහ උත්සවය...... ඇයට සිහි වූයේ සිනමාපටයක් සේය....


රත්නපුර කොළඹ බසය ඝන අන්දකාර රාත්‍රීයේ....එළි විහිදුවමින්, හැල්මේ කොළඹ දුවයි...බසය තුල සිටිනා මගින් සියලු දෙනාගේ බලාපොරොත්තුව පුලුවන් ඉක්මනට ගෙවල් දොරවල් බලා යෑමටය. බසය තුල සිටින සියල්ලෝ ඇය මෙන්ම තෙහෙට්ටුවෙන් සිටින උන් බව පෙනේ...සමහරුන් බාගෙට නිදිය....උදේ පාන්දර නැගිට ඇගේ මංගල්ලය වෙනුවෙන් ඈ ලක ලැහැස්ති කල ආකාරය ....දවස පුරා ඇද සිටි මගුල් ඇදුම, නෑදෑයින් යාලුවන්ගේ උනුසුම් සුභ පැතුම් කෑම බීම, ලයිට් එළි, සංගීතරාවයන්, උත්සව ශාලාව,ලස්සන දිලිසෙන ඇදුම් පැලදුම් ....සියල්ල මැද ගෙවුනු අද දවස......සියල්ල නිමවී....මනමාලයාට අකාරුණික වූ ඇය මේ වන විට හොදටම තෙහෙට්ටුවෙන් සිටියත්...ඇගේ ඇස්මායිමක නිදිමත ගතියක් නැත. ඇගේ මුලු හිත පුරාම පැතිරි ඇත්තේ බය පිරි චකිතයකි...


ඇය......කවුද ?.....ඇය නොහොත් මම මොනවද දැන් කල යුත්තේ....මම කොහේද මේ යන්නේ....ඇයි මම මෙලෙස මංගල රාත්‍රීයේ කාටත් නොකියා පැන යන්නේ....? උත්තරයක් නැති ප්‍රශ්න ගොඩක මම හිරවි ඇත....


මම කවුද ...? මම දැන් කොහේද ඉන්නේ....? ඇයි මේ තනියම පැන යන්නේ....? මගේ දෙමව්පියන් ...සහෝදර සහොදරියන් කවුද ...? කෝ ඒ අය...."

මම බසයේ ජනේලය කොනක ඔලුව තියාන ඇස් පියාගත්තෙමි.....මගෙ ඇස් මානයකට නිදිමත එන්නේ නැත....මම මගේ ජීවිත කළාය තුල....ගෙව්ව වසර 22 ක කාලය මගේ සිහියට එන්නේ චිත්‍ර පටයක් සේය......


මගේ නම "රුවිනි චංචලා හේවාගම" වේ......මගේ ගම බෙන්තර ගගෙන් එගොඩ.....සුන්දර මිටියාවතකට, මායිම්ව පිහිටා තිබූ වෑබඩ නම් ගම්මානය වේ....මගේ එකම සොහොයුරිය කසුනි අංජුලා හේවාගම වේ...මගේ මව ගෙදර දොරේ වැඩකටයුතු කරමින් සිටිනා ගෘහණියකි. මගේ පියා යුද හමුදාවේ සේවයේ නියුතු කෙනෙක්‍ ය.

-හෙට හමුවෙමු -


* ප්‍රිසිලා ගොඩහේවා *

4 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page