top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි🌺🌺

💞මට හිමි ඔබයි💞

>>>>>>>>>>>>>> *අදින් පටන් ගන්නා අලුත්ම නවකතාව *

(පළවන කොටස )

බැසයන මළහිරු, දවසේ අන්තිම වරට සිය මළානික හිරු රැස් වලින්, කදුහිස් සිඹ්මින් බටහිර අහසින් මළ හිරු ....පෙනි නොපෙනි යන්නට අර අදියි.


කදු හෙල්වැටි, වනාන්තර වලින් වටවුන කදුකරයේ...., ගලාහැලෙනා දියඇලි ,දොළවල් වලින් හැඩවුන පරිසරයේ චමත්කාර දසුන්....දවස පුරා විද අහවර වුන හිරු දෙවියන් .....බටහිර අහසෙන් හෙමිහිට බැස යන්නට අර අදින මොහොතේ.........හවස් වරුවම වැහි කඩතුරාවෙන් වැසි තිබුන, බෙළිහුල්ඔය අවට අහස් තලය..... ටිකෙන් ටික තද අලුපැහැයකින් දිස්වෙන්නට පටන් ගෙන ඇත.... ඒ සමග හෙමිහිට හමා ආ සුළං රැලි....දැන් දැන් තද සුළගක් බවට පත්වෙමින් ඇත. දැඩි සුළං සමග පොරබදිමින් ගස්කොළන්, එහෙ මෙහෙ වැනෙන්න ඇඹරෙන්න පටන් ගෙන ඇත. තද සුළගේ වේගයට ,අහසේ කළබලේ පාවී එන ඝන කළු වළාකුළු රැසක්ද දිස්වෙයි .....අහස අදුරු කරමින් වැස්සක පෙර නිමිති ලං ලං වෙමින් තිබුනි.


එක පැත්තකින් බෙළිහුල්ඔයේ මායිමකත් තව පැත්තකින් ඝන වනයකින් වටවුන, බොහෝ පැරණි ,බෙළිහුල්ඔය තානායම අවට මුළු වනයම....මේ මොහොතේ අන්දකාර වී ඇත... මුළු පළාතෙම ඇති මහ ගස්...සුළගට එකිනෙක හැපි, හැපි ඇතීල්ලෙන හඩ, ඇග හිරිවැටෙනා භායාන්කාර හඩක් නංවයි......අවට ඇති දැඩි අදුරට හා වැහි කුමරියට බයේ.... කැදළි සොයා යන කුරුල්ලන්ගෙ නාදයෙන්, නොනවත්වා හඩ දෙන රැහැයන්ගේ හඩින්, මුළු පළාතම ඇවිස්සි ඇති බවක් දිස්වේ.....ඒ හඩේ ඇත්තේ මහා භයානක කමකි.....වේලුනු මහා ගස්වල කොළ, අතු සුළගට වේගයෙන් හමා ගොස් තැන තැන වැටි පෙරලි යයි......


බෙළිහුල්ඔය තානායම අවට අහසේ...අතුබෙදී විහිදි යන නිල් විදුලි එළි පසුපසින් කන්බිහිරි කරන අකුනක් පිපිරි යයි.....නොනවත්වා හමා ගිය සුළගත් සමග, හෙමිහිට ඈතට හමාගිය අලුපාට වැහි වළාකුළු නිසා....බෙළිහුල්ඔය අවට තිබු වැහි අදුර හෙමිහිට පාවී යන බවක් පෙන්වයි .......


මහ විශාල ගස් කොළන්, කදුවැට්වලින් වටවී ඇති බෙළිහුල්ඔය තානායම අවට දැන් මුළු පර්සරයේම ඇත්තේ දැඩි මූසළ අදුරු පෙනුමකි....මීට ටික වේලාවකට පෙර හමා ගිය තද සුළග නිසා....අවට තානායම් බිම ,වියළුනු ගස්වල කොළ වලින් හා කොටුබෝටු වලින් හැඩි වි ඇත....


බෙළිහුල්ඔය තානායමේ එක් මායිමක අයිනෙන්... , කදුකරේ සිට ගලන ....බෙළිහුල්ඔයේ මහා දිය කද, නොනවත්වා ගලා යන හඩ පලාතෙම..... නිශ්ශබ්ද තාවය බිදෙයි....


මළහිරු බැස ගිය පසු, බණ්ඩරවෙළ

හපුතලේ පාර පුරා ඇත්තේ මුසළ පාළුවකි.....අදික සීතලක් හා ඝන මීදුමක් මුළු පරිසරය පුරා විහිදි යන්නට පටන් ගෙන ඇත.


1980 ගනන් වල, "බෙළිහුල්ඔය තානායම" ඉදිරිපිට ඝන කළුවර හෙමිහිට බෝදුවී එන... මූසළ ගොම්මන් කළුවරේ.... දැඩි සීතල සමග සුදු මීදුම වැටි දසත පැතිර යන මොහොතේ .....


තානායම් බිමේ විශාල ගස් දෙක යට, වාහන දෙකක් නවත්වා ඇත....එයින් එකක ඉස්සරහ ගසා ඇති සුදු මල් පොකුරත්, ලා රෝස රිබන් පටි නිසත්....ඒ වාහනයේ...අලුත විවාපත් යුවලක් මදුසමය ගෙවන්නට, පැරණි තානායමට ආබව කියා පායි......


තානායම අවට මිදුලේ.... ඒ අවට කිසිවෙකුත් දකින්න නැත.... බෙළිහුල්ඔය අවට, හවස් වරුවට පැතිර යන අදික සීතල නිසා....තානායමෙන් පිට කවුරුත් දකින්න නැතුවා වන්නට ඇත.....


තානායමේ ඇතුලත දල්වා ඇති විදුලි බුබුළු වල මළානික එළි ඈතට දිස්වේ...ඒ එළියෙන් විහිදෙන මළානික එළිය හා තානායමේ පෝටිකෝවේ, දල්වා ඇති එකම විදුලි බුබුලෙන්....තානායම් මිදුලේ අදුර ,මදක් පහව යයි.....


බෙළිහුල්ඔයේ නොනවත්වා ගලා යන දියකදේ හඩ, අවට ඇති සීතල සුළං සමග.......මූසළ ගොම්මන් කලුවරේ....තානායම තුල සිට.....හෙමිහිට වටපිට බලමින් බයෙන් සැකෙන් එළියට එන්නේ...සුදු ලේස් සාරියකින් සැරසී මණාලියකගේ පෙනුම ගත් තරුණියකි.......මණමාලියගෙ ඔළුවේ තිබු, සුදු වේලය දැන් පෙනෙන්න නැත.....එය මේ දැන් ගලවා දැමු ආකාරයක් පෙන්නුම් කරයි....ඇගේ හිසකෙස් අවුල්වී ඇත. ....ඇය කුමකට හෝ හොදටම බය වි ඇති බවක් පෙන්නුම්වේ......ඇය බයෙන් සැකෙන් මෙන් පිටුපස බලමින්.....තානායම තුළ සිට හෙමිහිට එළියට එයි.... ඇය... ....තානායමේ ඉදිරිපස මිදුලට ඇවිද එන්නෙ හෙමින්‍ ය.... ඇය අවට පරිසරය දෙස, ඔලුව හරවා හෙමිහිට බලන්නේ.....ලොකු සැකයකිනි....ඇයගෙ මුහුනේ ඇත්තේ ...පුදුමාකාර දුක්මුසු පෙනුමක් හා ඒ යටින් ඇති විශාල තැති ගැන්මකී....


තානායමේ ඉදිරිපස මිදුලට හෙමිහිට ඇවිද ආ ඇය ....එහි ඇතුල්වීමේ ගේට්ටුව ලගට යනකම්, සැකෙන් භයෙන් වටපිට බළමින් හෙමින් ඇවිද එයි...


ඇය තානායමේ ව්ශාල ගේට්ටු කනු දෙක පසුවනවාත් සමග හෙමින් ඇවිදවිත්.....එය පසුවනවාත් සමග..... ,ඇදගෙන සිටි සුදු මංගල සාරිය, එක අතකින් ඔසවාගෙන, පසු පස නොබලා දුවන්න පටන් ගත්තාය.......බන්ඩාරවෙළ හපුතලේ පාළු මහ පාර දිගේ ඇය නොනවත්වා දුවයි..... එම පාලු පාර පුරා ඝන මීදුම වැටෙන්න පටන් ගෙන ඇත. අවට ඇති දැඩි සීතල ....නොනවත්වා පාර දිගේ දුවන ඇයට නොදැනේ....

මුළු පරිසරයම අන්දකාරයෙන් වැසි ඇත ....බෙළිහුල්ඔයේ දිය කද ගලාබසිනා හඩ නොනවත්වා ඇසේ....වටපිට බලමින් පාර දිගේ ඉදිරියට දුවන....මණමාළි .....මොහොතක් නැවති....දෙකට නැමි පය පැළද සිටි උස දිලිසෙන සෙරෙප්පු ජෝඩුව ගලවා අතට ගෙන, නැවත පාර දිගේ දුවන්න පටන් ගෙන ඇත. පිටුපස බලමින්‍ දුවන ඇගේ මුහුනේ ඇත්තේ දැඩි තැති ගැන්මකි....ඒ යටින්, බලෙන් හිතට ගත් ශක්තියක්ද පෙනෙන්නට ඇත...


1980 ගනන් වල එම පාරේ.... ගොම්මන් කරුවලේ රතවාහන නොයන තරම්‍ ය. මුළු පරිසරයම වනාන්තරයෙන් හා මීදුමෙන් වැසි ඇත. රැහැයන්ගේ සද්දෙන් පරිසරයේ මූසළ බව තවත් පෙන්වයි....බෙළිහුල්ඔය කදුකරයෙ සිට මහ සද්ද නගිමින් පහලට ගලා බසී....මුළු පරිසරයම අන්දකාරයෙන් වැසි යමින් පවති..


බෙළිහුල්ඔය පාරේ ඉද හිට ගිය වාහනයක සද්දය හා වාහන එළි දකින කල.....ඇය දුවමින් සිටි වේගය අඩුකර, පැත්තකින් උස්සා සිටින සාරිය පහතට දා එම වාහනය නවත්වා ගන්නට අත ඉදිරියට දික් කරයි.....ඇය දකින රියදුරෝ.....හොල්මනක් දුටු ලෙස බයවී ,තව වේගයෙන් රිය පදවයි.....ඇය දුවන වේගය අඩු කර හෙමිහිට ඇවිදියි.....ඇය නොනවත්වා හති අරිමින්‍ ඇවිදියි..... ඉද හිට ගිය වාහනයක සිටි අය පුදුමයෙන් මෙන් ඇය දෙස බලමින් වාහනයේ වේගය වැඩි කර ගෙන තදින් පාගයි.....ඇය ඔවුන් නොදැක්කා සේ දැන් ගමන් කරයි. ඇයට හොදටම හති වැටි දාඩිය දමා ඇත්තේ බයටය.....අවට ඇත්තේ දැඩි සීතලකී.....ඇයට ඒ සීතල නොදැනේ....ඇය තවමත් නොනවත්වා පාර දිගටම දුවයි.....

පාරේ ඉදහිට යන එන රතවල විදුලි පහන් එළි ඝන අන්දකාරය දෙපසට තල්ලු කර මාර්ගය එළි පෙහෙළි කර දීමට සමත් වුවද දක්නට පාර පුරා දක්නට ඇත්තේ මූසල පාලුවකි.... එම පාළු පාරේ අතර තුර, නිවෙස් දක්නට නොලැබුන නිසා පාර පුරාවට ඇත්තේ මූසළ පාළුවකි. කදුකරයෙන්

හමා එන සීතල සුළග.... කලාතුරකින් එන එළවළු ලොරියක් හැර වෙනත් වාහන පාරේ දක්නට නොලැබේ.... කදුකරය අවට බෙහෙවින් නිශ්චල ස්වාභාවයක් දැන් පෙන්නුම් කරයි. අතිශයින්ම පාළු පෙදෙසක

සැදෑ අදුර ගලා යමින් තිබෙන මොහොතක..... මෝරණ සුදු ඝනකම් මීදුම් පටලයක් අවට පරිසරය පුරා පැතිර යමින් පවති...


පාළු මූසළ අදුරු පාරේ.... තනිව ගමන් කිරිමේදී.... බය සැක සංකාවෙන් ඇගේ හිත පිරි ඉතිරි යයි......ඇගේ පපුව ගැහෙනා හැඩ ලග සිටින්නකුට ඇසෙනා තරම්ය...... මග දෙපස තුරුවදුළු ලියගොමු පාරට හිසපොවාගත් ඝූතයින් මෙන් ඇයට දිස් වෙයි.....ඇගේ පාලුව කාංසිය, භය දෙගුණ තෙගුණ වී ඇතත්....ඇය හිතට ශක්තිමත් ජවයක් ගෙන ඉදිරියටම ගමන් කරයි....ඉදහිට දුවයි...නොනවත්වා හති අරියි....ඈ පසු පස බෙළිහුල්ඔයේ දියරැලි ගලන ශබ්දය ....නොනවත්වා ඇසේ....දියරැලි පහලට බැස යන හඩ තුල ඇත්තේ ...මූසළ පාලුවකී..... අසීමිත ගුප්ත බවකින් වැසි ගිය පාර පුරාවට

මීදුම වැසි ඇත....ඇයට තව දුරටත් දිවීමට ශක්තියක් නැත....ඇය හති අරිමින් පාළු පාරේ .... ඝන අදුරේ හෙමිහිට ඇවිදියි.... නැවත දෙවියන් යදිමින් දුවයි....


බෙළිහුල්ඔයේ ගලා බසිනා ජලකදේ හඩ මැදින්.... කදුහෙල් මැදින් වැට් ඇති පාළු පාරේ....ඈතින් ලංගම බස්‍ රතයක් එන් හඩ ඇසේ....ඇය වහා නැවති ඒ එන හඩට කන් දේ......ඇය පාර අයිනට වී බසය එන්දෙස බලා හිදී...ලග ලගම බසය ඇය සිටින දෙසට ඇදී එයි.....ඇය අත දික්කර වාහනය නවත්වා ගන්නට හදයි.....ගොම්මන් කළුවරේ මහ සද්දෙට, එලි විහිදුවමින් ආ ලංගම බස් රතය ඇය ඉදිරිපිට නතර කෙරෙයි. ඇයගෙ හිත සතුටින් පිරිනි....


එකදිගට කරුවලේ දුවගෙන ආ ඇයට තවමත් , හොදටම හතිවැටේ....ඇය කඩිනමින් බසයට නැග බස් එකේ පිටුපස ආසනයකට ගොස් වාඩි විය. බස් රතය තුල මිනිසුන් හය හත්දෙනෙකුට වඩා නැත.

ඇය බසයට නැගුණු පසු බසයේ මහළු කොන්දොස්තර හිටි තැනින් නැගිට, බසයේ පොලු අල්ලාගෙන ,විසි වි.. වි ඇය දෙසට එයි....ඇයගෙ හිත ගැස්සෙයි....ඇය අත බස් ටිකට් එකක් ගැනිමට මුදල් නැත.....මහළු

කොන්දොස්තර තැන ඇය ලගටම විත් ඇය දෙස පුදුමයෙන් බලා හිදියි..... ඔහුගෙ දෙනෙත තුල ඇත්තේ විමත්තියකි..


-හෙට හමුවෙමු -


* ප්‍රිසිලා ගොඩහේවා *

15 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page