top of page
  • Writer's picturePrisila Godahewa

*මගේ වගාව*

Updated: May 4, 2021

*මගේ ගෙවතු වගාව*

මීට හරියටම අවුරුද්දකට උඩදි... කොවිඩ් සමයේ, ගෙදරට කොටු වි ඉන්න උන අවස්තාවේ, අපේ ගෙදර අය එකතු වෙලා පටන් ගත් ගෙවතු වගාවට දැන් අවුරුද්දක් පිරි ඇත...

මේ ගෙවුනු පහුගිය අවුරුද්ද දිහා බැලුවම, කොවිඩ් කාලය මුළු ලෝකෙටම කරදර කාලයක් උනාට, සමහරුන්ගේ ජීවිත වලට අලුත් දේ ඉගෙන ගන්නත්, කරන්නත් ලැබුන කාලයකුත් උනා කියලයි මට හිතෙන්නේ....විශේශයෙන් මගේ ජීව්තේ, ගොඩක් අතපසුවි තිබුන දේවල්, වටින කියන දේ නිදහසේ ගෙදරට වෙලා කරගන්න ලැබුනු කාලයක් තමයි කොවිඩ් නිසා ගෙදර හිටිය කාලේ.....

එයින් එකක් තමයි අපේ ගෙවතු වගාව.....ගෙවතු වගාව නිසා, ගෙවුනු මුළු අවුරුද්දෙම අපි කඩෙන් මුදලට එළවළු ,කොළ ජාති, සලාද ආදිය ගත්තේ හරි අඩුවෙන්....ගෙවතු වගාව නිසා අපගේ ගෙදර එළවළු වියදම අඩු උනා විතරක් නෙමේ....ගෙවතු වගාව නිසා හිතට දැනුනු සතුට, සැහැල්ලුව මානසික සහනය කියන්න බැරි තරම් වෙනසක් කලා අපේ මුළු පවුළටම....

ගිය අවුරුද්දේ මාර්තු මාසයේ කොවිඩ් නිසා ගෙදරට කොටු වෙලා සිටි කාලේ, මගේ සැමියා , මගෙ අදහසක් අනුව මට, ගෙදර වත්තේ තණකොළ පිට්ටනියේ කොටසක් එළි කරලා පාත්ති හදලා දුන්නා... ගෙවතු වගාව පටන් ගන්න ගෙදර හැමෝම උදව් කලා ඒකට....හස්බන්ඩ් දුවලා දෙන්නා හා ඥාති දියනියත්....

බිම කොටා ලෑලි වලින් වටකරගත් පාත්ති වලට, අපි මුළින්ම ,කොම්පෝස්ට් පොහොර, පස් ගෙනත් තමයි පාත්ති කොටලා පිරෙව්වේ....ඒ හොද පසක් ගෙදර වත්තේ නොතිබුන නිසා.... මුළින් අපි එළවළු පැල, ඇට කඩෙන් ගෙනත් පැල කලා....

මාසයක් දෙකක් යනවිට මිරිස්, සළාද, මැල්ලුමට කොළ වර්ග, රාබු කැරට් ආදි පළදාවක් අපට ගෙවත්තෙන් නෙලා ගන්න පුලුවන් උනා....

ඉන් පසු මම ගෙදර කෑමට ගේන එළවළු වල ඇට, දඬු, මුල්, පැල හැම දෙයක්ම ටික ටික ඉඩ තියෙන ලෙස පැල කරන්න පටන් ගත්තා.... ගෙදර තියෙන කොත්තමල්ලි , අබ, කවුපි, සුදුලුනු වගේ දේවල් වගේම, වට්ටක්කා ඇට, තක්කාලි ,ලීක්ස් , ලූණු කොළ , බතල, කංකුං , ගොටුකොළ ,මුකුනුවැන්නා ,මිරිස් ,

ඉගුරු , ගස්ලබු, පැශන්ෆ්‍ර්ට්, අලිගැටපේර , අර්තාපල් වැනි....හැමදෙයක්ම තියෙන විදිහට පාත්ති වල හා පෝච්චි වල පැල දෙක තුනක් හරි හදා ගත්තා. අපේ පවුලේ අයට ඒ එළවළු , පැල දෙක තුනක පළදාව, හොදටම කෑමට ඇති උනා.....වැඩිපුර පංගුව මම මම මගේ යාළුවන්ට තවමත් බෙදනවා....ලොකු ඉඩ ප්‍රමානයක අවශ්‍ය තාවයක් නැතුව , ලොකු වියදමක් නැතුව ගෙවතු වගාව හරි සුළුවෙන් කරන්න පුලුවන් දෙයක් කියලා මට තේරුනේ මේ කාලයේ තමයි....

මම ගෙදර තේ හදලා ඉවර වෙලා, ඉතුරු වන තේකොළ මන්ඩි, බිත්තර කටු, එළවළු පළතුරු ලෙලි, අහක දාන සළාද කොළ, මැල්ලුම් කොළ වර්ග , හා පොල් කුඩු ආදිය ගෙදර කුස්සියේ බාල්දියකට එකතු කරගෙන ගිහින් දවස් දෙක තුනකට වරක් පාත්ති වල පසට යට කරනවා. එහෙම නැත්නම්, වත්තේ කොනක වලක් හාරලා ඒකට දමනවා ...මාසෙකට දෙකකට සැරයක් ඒවා පෝර පස් හැදුනම, එළවළු පාත්ති වලට දානවා. ඒ නිසා පෝර වර්ග වලට මුදල් වියදම් කරන්න අවශ්‍ය උනේ නෑ.... එළවළු ගස් වර්ග වලට එන කෘමීන්ට මම ගෙදරම බෙහෙතක් හදාගත්තා.... ඒ සුදුලුනු , ලුනු පොතු, ඉගුරු කෑල්ලක් හොදට වතුර සමග බ්‍රෙරෙන්ඩ් කරලා පෙරලා බෝතලයකට දාගෙන ගස් වලට ඉහිනවා... . ඒ ක්‍රමය නිසා කෘමී නාශක එළවළු වගාවට ගහන්න මට අවශ්‍ය නෑ....තවත් සමහරු සබන් වතුර, ලිපේ අලු දානවා කියලත් මම අහල තියෙනවා..... ඉතිං වස විස නැතුව ගෙදර වත්තෙන් අපේ කෑමට, එළවළු ,සළාද ,මිරිස්, මැල්ලුමට කොළ වර්ග ගැනිමට හැකි වි ඇත.

අපි ජීවත් වන රටේ ශීත ,වියළි කාළගුන වලට ගැලපෙන එළවළු පළතුරු ඒ ඒ කාල වලට වගා කරන නිසා, මමත් ඒ විදිහට දැන් කරන්න පුරුදු වි ඇත .....මගේ පාත්ති වල හැදුන එළවළු ඇට, හා කරල්, මම වේලලා තියාගන්නවා අලුතින් ආයෙත් පැල හදාගන්න....ඒ නිසා දැන් අලුතින් මුදල් වියදම් කර එළවළු ඇට, පැල ගන්න අවශ්‍ය නෑ...

ගෙවතු වගාවට ලොකු ඉඩ ප්‍රමානයක් අවශම නැති බවත් පෝච්චි වල, ඉටි බෑග් වල ගෙවත්තේ කොන්, මායිම් වල, බැල්කනියේ , ස්ලැබ් එකක් උඩ උනත්, තමන්ගෙ ගෙදර කෑමට ගන්නට යමක් හිටව ගන්න අපි හැමෝටම කරන්න පුලුවන් දෙයක් ....ගෙදර ලස්සන කරන්න විවිධ මල් වර්ග හිටවන්න මහන්සි වන අපට, ගෙදර වත්තේ ඉඩ තියෙන විදිහට එළවළු වර්ගයක් දෙකක් , මැල්ලුමකට ගන්න කොළ ජාති, මිරිස් ,රම්පෙ, සේර, කරපිංචා ,ඉගුරු , ගස්ලබු ගහක්, පැශන්ෆ්‍ර්ට් වැලක්, ගොටුකොළ ,මුකුනුවැන්නා ආදිය පෝච්චි වල, ප්ලාස්ටික් හාල් බෑග් වල උනත් වගා කිරිමට හැකියාව ඇත. මල් වර්ග හිටවන්න පෝර වර්ග, බෙහෙත් වර්ග වලට මුදල් වියදම් කරන අපට ,තමන්ගෙ ගෙවත්තේ එළවළු වර්ග , මිරිස් පැලයක් දෙකක් වගා කර ගන්නට බැරි කමක් නෑනේ....ඒවා කොයිතරම් නම් ප්‍රයොජනවත්ද ...?

මෙය කියවන ඔබත් ඔබේ ගෙවත්තේ , බැල්කනියේ, ස්ලැබ් එකක හෝ පෝච්චියක ,ගෙදර කෑමට ගන්න මිරිස් පැළයක්, වම්බටු , බන්ඩක්කා ,මෑ වැලක්, වැනි කෘමී නාශක ,රසායනික පොහොර වලින් තොර එළවළු වක් සිටවා ගෙදර කෑමට ගන්න බලන්න.


*ප්‍රිසිලා ගොඩහේවා *

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට.





27 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page