top of page
  • Writer's picturePrisila Godahewa

මගෙ ලිවිම කියවිමෙ ආරම්භය

Updated: Apr 30, 2020

මම පත්තර පොත් පත් කියවන්න පටන් ගත්තෙ බොහොම පුංචි කාලයෙදිය. එනම් අවරුදු හතක් වගේ පුංචි කාලයෙදි බව මට තවමත් හොදින් මතකයි. මුලින්ම කියවන්න පටන්ගත්තේ චිත්‍ර කතා පත්තරය. පවුලේ හැමෝම වගේ මමත් සුමානයකට සැරයක් පිටවන චිත්‍ර කතා, කාන්තා පුවත්පත් ,ලමාකතා, ආදිය කියවන්න බලාගෙන හිටියේ පුදුම උනන්දුවකිනි.. අපෙ ගෙදරටත් වට පිටාවේ ගෙවල්වලටත් සුමානයකට සැරයක් මිලදි ගන්නා පත්තර හුවමාරු කරගෙන තමයි අපි පුංච් කාලේ පුවත්පත් කියෙව්වේ . පත්තරේ ගෙදරට ගෙනාවහම පවුලේ හැමෝම පිටු ගලවලා බෙදාගෙන තමයි පත්තර කියවන්නේ. වර්ශ1975 කාලයේ වගෙ මතකයි මම පත්තර කියවන්න පටන්ගත්ත කාලය , අම්මා තාත්තා ,අක්කලා දෙන්නා අපි හැමොම එකට එකතු වෙලා ගෙදරට ගේන පත්තර කියවන්නේ පුදුම ඔනෑකමකිනි. තාත්තා ගෙදර ඉන්න වෙලාවට පොතක් හෝ පත්තරයක් අතෙ නැතුව ඉන්න වෙලාවක් දකින්නට නොලැබෙන තරම්ය. මම කියවන්න පටන් ගත්තෙ එහෙමයි. තාත්තා නිසා මගේ පත්තර පොත් පත් කියවීමේ වගේම ලිවිමේ හැකියාවද වැඩිවෙන්න ඇතැයි අද මම සිතමි. ඒ වගේම තාත්තාට ඉතා ලස්සනට ලිපි ලිව්මේ හැකියාවකුත් තිබුනි. මම දැකලා තිබෙන ලස්සනම අත් අකුරු තිබුනු කෙනෙක් තමයි මගේ තාත්තා. ඒ කාලයෙදි අපි රූපවාහිනී යන්ත්‍ර , මොබයිල් ටෙලිපෝන් , ටැබ් කම්පුයටර් ගැන අහලවත් තිබුනෙ නෑත . එහෙමත් ගේක තිබුන ටෙලිපෝන් යන්ත්‍රය පුංචි අපට අරුම පුදුම භාන්ඩයක් විය. ගුවන් විදුලි යන්ත්‍රය , පුවත්පත් තමයි අපට රටේ තොටේ ආරංචි දැනගන්න තිබුණ සංනිවේදන ක්‍රම. සියලු රට වැසියො සාමයෙන් සමාදානයෙන් තිබුණ දෙයින් සෑහීමට පත්ව් බොහොම සතුටින් කාලය ගතකල කාලයක් තමයි අපෙ ලමාකාලය. ---- දෙවන කොටස---- මගේ පාසැල් කාලයේ මම හදාරපු විශයන් අතරින් මම ආසම විශයන් තමයි සමාජාඅද්‍යයනය සිංහල, හා ගෘහවිදාව යන ව්ශයන්. අ.පො.ස උසස් පෙල විශයන් වලින් මම භූගෝල විදායාව හා වානිජ විශයට ගොඩක් ආස කලෙමි. සිංහල විශය සම්බන්දව රචනා ලිවීම මම ආසම කල දෙයකි. භූගෝල විදායාවට අනුව රටේ ලෝකේ පාරිසරික දේ ඉගෙන ගැනීමටද ගොඩක් ආස කලෙමි. මම උසස් පෙල කරනා සමයේ නිතරම නිසදැස්, කවි ලිව්වෙමි. (1988)උසස් පෙල නිමවා ප්‍රතිඵල එනකම් ගෙදර ඉන්නා කාලේ මගේ පලවන නවකතාව වන" වසන්තය නිමාවිය" පොත ලියන ලදී. පසු කාලෙක එය මා අතින්ම නැති වුනි. 1994 මගේ විවාහය සිදුවුනායින් පසු ලියන කියන දේ එහෙන් පිටින්ම නැතිවුනි. 2005/2006 වර්ශයේදි දුවලා දෙන්නාගේ පුංච් කාලයේ මම නැවත ලියන්න පටන් ගත්තෙමි. ඒ දුවලා දෙන්නට හැමදාම රෑට මමත් සැමියත් එකතු වී කිව් ලමා කතා දහයක් එකතු කර "නිදන්න යන විට කියවන්න කතා" කියා ලමා කතා පොතක් ලියන ලදී. 2009 එම පොත මුදානය කර බෙදා හරින ලදි . 2006 "මට හිමි ඔබයි" සහ "වාසනා" නමින් නවකතා පොත් දෙකක් ලියන ලදි. තව ලමා කතා එකතුවක්ද ලියන ලදී. ලංකාවේ කාන්තා පුවත් පත් වලට විවිධ මාතෘකා ඔස්සේ ලිපි ලියා ඇර ඒවා පලවෙන දැක සතුටු උනෙමි. මගෙත් සැමියාගෙත් ජීවිත කතාව කවදා හෝ ලිවීම සදහා අප දෙදෙනා හමුවු දින සිට වීශේශ අවස්ථා පොතක ලියා තැබුවේ වයසට ගිය කාලෙක පොතක් ලිවීමේ අදහසින්. 2006 " වාසනා" නවකතා පොත මුදානයට හිතා ගෙන එය භාර දුන් අවස්තාවේ එය මුද්‍රණ ආයතනය තුලදි නැති වුන බව ඔවුන් කිව් පසු මම සම්පුර්ණයෙන්ම ලිවීම නතර කෙලෙමි. 2014 අපි ඔස්ට්‍රේලියාවේ පදිංචියට ආපසු මම රැකියාවක් නොකරපු නිසත්,සැමියා හැම මාසයකට සැරයක්ම ලංකාවට ව්‍යාපාර කටයුතු වලට යන නිසාත් මට තිබුන පාලුව නැති කර ගැනීමට මම නැවත නවකතා පොත් ලියන්න පටන් ගත්තෙමි. ඒ 2015 දීය. (1)*** මම ලිව් පොත් අතර "මට හිමි ඔබයි "පොත නැවත අලුත් කර ජැෆ්නාදරය නමින් ලියන ලදී. (2) *** "ගිමන් හරිමි මම" (3)*** "අමුතු දීගෙ" (4)***" කෑලෑ මල (5)***එතෙරින් එතරට (6)**අපේ ජීවිත කතා පොත බොහෝ දුරට ලියා අවසන් කරමින් යමි. (7) කෙටි කතා 10 ලියා අවසන් කර ඇත . (8) ළමා කතා එකතුවක් ඇත . (9) නැති උන" වාසනා" පොත (10) නැති උන "වසන්තය නිමාවිය" යන පොත් ඇතුලුව පොත් දහයක් මම ලියා ඇත. එයින් පොත් හතරක් එලි දක්වා ඇත. ඒවා නම් **"නිදන්න යනවිට කියවන්න කතා" (ළමා කතා ) **ජැෆ්නාදරය **ගිමන් හරිමි මම **එතෙරින් එතරට යන පොත්‍ය. දැනට විවිද මාතෘකා ඔස්සේ කෙටි ලිපි ලියමින් , අලුත් අදහස් තුලින් ආහාර වට්ටෝරු , ඇදුම් පැලදුම් ,ගෙවතුවගාව ගැන ලියමි.

ඉදිරියේ තව නවකතා පොත් ලිවීමට බලාපොරොත්තුවෙන් සිටිමි.


55 views0 comments

Comentários


bottom of page