top of page

මගේ පුංච් වගාවේ "නිවිති" මුල් පලදාව

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Apr 26, 2020
  • 1 min read

Updated: Apr 30, 2020


අලුත් නිවිති පාත්තියේ බොහොම ටිකයි කඩා ගන්න "නිවිති "තිබුනේ. ගෙදර කවුරුත් නිවිති පරිප්පු දාලා උයලා කන්න අකමැති නිසා මම වෙනදා නිවිති හදන විදිහට වඩා වෙනස් විදිහට නිවිති හදන්න ඕනේ කියලා හිතුවා





*නිව්ති හෝදලා අරගෙන කොල ටික වෙනම කඩලා ඇරන් තිබ්බා. *නිවිති දඩුටික හීනි වෙන්න කපලා ඇරගත්තා.

*බී ලූනු ගෙඩියක් හීනියට කැපුවා

* කරපිංචා , අමුමිරිස් හීනියට කැපුවා

තෙල් ටිකක් භාජනයකට දාලා හොදට රත් උනාම බී ලූනු. කරපිංචා බැදෙන්න ඇරියා. පසුව හීනියට කපාගත් නිවිති දඩු ටික දාලා ලුනු, කෑලි මිරිස් ,කහ හා කරපිංචා දමා බැදෙන්න හැරියා. ඊට පස්සෙ නිවිති කොල ටිකත් සාමාන්‍ය ප්‍රමානයට කපලා ඇරගෙන ලිපේ බැදෙන දඩු බදුනටම දාලා කවලම් කර ඉක්මනට ලිපෙන් බාගත්තා.

හැමදාම කන පරිප්පු නිවිති ව්‍යාංජනයට වඩා වෙනස්ව නිවිති බැදුම රසවත්ව තිබුනා .



ප්‍රිසිලා ගොඩහේවා

Comments


bottom of page