top of page
  • Writer's picturePrisila Godahewa

*මගේ පුංචි එලවළු කොටුව**

Updated: May 23, 2020

මිට හරියටම මාසෙකට උඩදි පටන් ගත් මගේ පුංච් එලවලු කොටුව දැන් ලස්සනයිද බලන්න 😀😀


ලෝකයේ හැමෝටම ලැබුනු විවේක කාලය, ගෙදර නිදහසේ අනිවාර්යයෙන්ම ඉන්න වුන කාලය, මම නම් ගොඩක් ප්‍රයෝජනවත් වැඩ ගොඩක් කරගත්තා . කොරොනා කිය කියා රූපවාහිනීය ලගට වෙලා දුක් වෙවි හිටියා කියලා වැඩක් වෙන් නෑනේ. දවසේ රූපවාහිනීයේ ප්‍රවෘත්ති බලනවා. ලෝකේ විස්තර දැන ගන්නවා ඊට පස්සෙ මගේ වැඩ ටික කරගන්නවා. සමහර යාලුවො නොනවත්වා එවන එකම විදිහේ ලෝකයේ කොරෝනා විස්තර බලන එක නවත්වලා දැම්මා. ඔලුව පිස්සු හැදෙනවා ඒවා බල බල හිටියොත්. හැම දේම අමතක වෙන්නත් එක්ක පටන් ගත්ත වැඩ වලින් එකක් තමයි මේ එලවළු කොටුව. මම විතරක් නෙමේ ගෙදර හැමෝම මම මේකට සහභාගි කරවාගත්තා .💞💞

එලවළු පැල හිටවලා සුමාන දෙකහමාරක් යන කොට පුංචියට එළවලු කොළ පලදාව නෙලා ගන්නත් අපට හැකි වුනා. සලාදකොළ, පාස්ලි, රොකට්, රාබු කොළ, කතුරුමුරුංගා , නිවිති මිරිස්, අල කොල ආදිය සලාද වලටත්. බටු කොළ කරපිංචා, වැල්පෙනල වලින් මම කැද හදන්නත් පටන් ගත්තා . කාලය අපතේ නොයවා ලැබුනු විවේක කාලය ප්‍රයොජනවන් දෙයකට යෙදෙව්වා. හිතට හරි සතුටක් දැනෙනවා පුංච් එලවලු පැල ඉස්සි ඉස්සි පොලවෙන් එලියට එනකොට. හිතට ගතට දෙකටම සතුටක් දනෙනවා. එළවලු වගාව මානසික සැහැල්ලුවක් ලබන්න පුලුවන් හොද දෙයක් . ලොකු ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය නෑ . ගෙදර තියෙන පුංචි ඉඩ ප්‍රමානයෙන් ඔබත් මේ විදිහට ප්‍රයොජනයක් ගන්න බලන්න.😎😎😀😀👍👍

මගේ පුංච් එලවලු කොටුවට තවම වයස මාසයයි . මම ඒක පොඩ්ඩක් ලස්සන කලා. විවේකය ලැබුනු වෙලාවට එතනට ගිහින් වාඩිවෙලා ඒ දිහා බලාගෙන ඉන්න තැනකුත් ලෑස්ති කරගත්තා. එලවලු කොටුවේ ප්‍රයෝජනයට ගන්න බඩු පෝර ආදිය දාන්න කබඩ් එකකුත් පැත්තකින් තියා ගත්තා . අපි එලවලු කොටුවට දාන්නේ වැහි වතුර. අපට ඒකට වැහි වතුර ටැංකි තියෙනවා . ඒකෙන් වතුර බිලත් අඩුවෙනවා.

තව සුමාන තුන හතරකින් අපට එලවලු කොටුවේ පලදාව නෙලා ගන්නත් පුලුවන් වෙයි. මහ ගොඩක් නෙමේ ගෙදර කෑමට ගන්න පුලුවන් ප්‍රමානයට. ඒ මදෑ අපේ මහන්සියෙන් ලැබෙන ඒ දේ උනත් කොච්චර වටිනවද? . 🌟🌟🌹🌹හැමෝම එකතු වෙලා ආරංභ කරපු එළවලු වගාව හැමෝම සැරෙන් සැරේ ගිහින් බලලා සතුටු වනවා. මගේ සැමියා අර්ජුන මට මේ පුංච් එලවලු කොටුව හදාගන්න ලස්සන කරලා දෙන්න ගොඩක් මහන්සි උනා. මම එයාට ගොඩක් ස්තූති වන්ත වනවා. දුවලත් ඒකට උදව්කලා. හැමෝටම ස්තූතියි මාව සතුටින් තියනවාට. .😍😍



312 views0 comments

Comments


bottom of page