top of page
  • Writer's picturePrisila Godahewa

මාළු ඩෙවල්

Updated: Apr 30, 2020

අපේ ගෙදර ළමයි මාළු මොන විදිහට ඉව්වත් කන්න කැමති නෑ. ඒ උනාට ගුනදායක මාළුත් කන්න දෙන්න ඕන නිසා මම මාළු හදන දවසට ෆ්‍රියිඩ් රයිස් එකක් හදලා මාළු ඩෙවල් එකක් විදිහට හදලා දෙනවා. ඒහෙම හැදුවම නම් ඒගොල්ලො එදාට මාළු කනවා.


මෙහෙමයි මම මාළු ඩෙවල් හදන්නේ



කුට්ටි මාළු තියෙන දවසට ලේසියෙන් ඩෙවල් හැදුවත්, ටිකක් කටු තියෙන මාළුත් ළමයින්ට කන්න දෙන්න ඕන නිසා මම ඒ මාළුත් ගෙනත් හදනවා. මම මෙහෙමයි මාළු ඩෙවල් හදන්නේ .

.මුලින්ම මාළු කෑලිවල, කටු තියෙන කොටස් අයින් කරලා, පොඩියට කුට්ටි ලෙස කපා ගන්නවා. ඒ කපා ගත් මාළු කෑලි වලට ලුනු , මිරිස් කුඩු , කහ කුඩු , දෙහි ඉස්ම දමා හොදින් අතගා ගැබුරු තෙලේ රන්වන් පාට වෙන තුරු හොදින් බැදගෙන පසෙක තබනවා.

ඉන්පසු ඉගුරු කැබැල්ලක් , සුදුලූනු බික් හතරක් පමන හොදින් තලා ගන්නවා.

**තක්කාලි ගෙඩියක් , බි ලුණු ගෙඩියක් , ලොකු මාලු මිරිස් කරලක් ටිකක් ලොකූවට කපා ගන්නවා.

**ඉන්පසු පැතැලි භාජනයක් ලිප තබා තෙල් ටිකක් දමා හොදින් රත් වූ පසු එයට ඉගුරු සුදුලූනු මිශ්‍රණය දමා එයබැදී ගෙන එනකොට එයට මිරිස් කුඩු එකතු කරන්න . පසුව බැදගත් මාලු කෑලි එයට එකතු කර හොදින් හැදී ගා එයට සෝයා සෝස්, තක්කාලි සෝස් එකතුකරන්න. **පසුව එයට කපාගත් තක්කාලි , බීලූනු , මාලු මිරිස් එකතු කර හොදින් හැදි ගා හින්දා ගන්න. අවශ්‍ය පමන ලුණු එකතු කරන්න. වැඩිපුර හොදි ගතිය අවශ්‍ය නම් සෝයා සෝස් වැඩිපුර එකතු කරන්න. තව වතුර ටිකක් උනත් එකතු කර ගත හැක. එවිට ලුනුවෙනම එකතු කරන ප්‍රමාණයක අඩුකරන්න. හේතුව සෝයාසෝස් වල අදික ලුණු රසක් ඇති නිසා

*අවශ්‍ය නම් හොදි ගතිය වැඩිවු විට කෝන්ෆ්ලා තේ හැදි දෙකක් දියකර එයට එකතු කර ඝනකම වැඩිකර ගත හැක.


**ප්‍රිසිලා ගොඩහේවා**

60 views0 comments

Comments


bottom of page