top of page
  • Writer's picturePrisila Godahewa

**මුහුනු පොත නොහොත් Facebook **

Updated: May 21, 2020






ලෝකයේ මෑත ඉතිහාසය තුල සයිබර් අවකාශය මගින් ලෝකය පුරා වඩාත්ම බලපෑමක් ඇතිකල සංකල්පය facebook සංකල්පය ලෙස හදුන්වා දිය හැක.                    වර්ශ 2004/02/04 දින සයිබර් අවකාශයට මුල් වරට මුදා හරින ලද The facebook  නොහොත් මුහුණු පොත නිර්මාණය කරන ලද්දේ හාවර්ඩ් විශ්ව විද්‍ය්ලයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි මාර්ක් සකර්බර්ග් (Mark

Zuckerberg) නම් තරුණයා සහ ඔහුගේ මිත්‍රයකු වු එඩ්වාඩො සැවෙරින්ය.  (Eduardo Saverin) එඩ්වාඩො සැවෙරින්   The facebook හී නිර්මානයට දායක වී ඇත්තේ නම්  මූල්‍යමය අතිනි.                The facebook සංකල්පය හදුන්වාදිමට මාර්ක් සකර්බර්ග්ට අවශ්‍ය වී ඇත්තේ ඔහු ඉගෙන ගනිමින් සිටි හාවර්ඩ් විශ්ව විද්‍ය්ලයේ සිසුන් සියල්ලෝ  එකිනෙකා  හා සම්බන්ධ කරන, හුදෙක් විනෝදය පිනිස විශේෂ අඩවියක් නිර්මානය කිරිම සදහාය.              මුල්ම කාලයේ මෙය The facebook නමින් ආරංභ කෙරුනු අතර, The facebook  සමාජ් ජාලා වෙබ් අඩවියේ සාමාජිකත්වය හිමිවුයේ හාවර්ඩ් විශ්ව විද්‍ය්ලයේ සිසුන් හටම පමනි.  මෙම  වෙබ් අඩවිය  සයිබර් අවකාශයට නිකුත් කර පැය 24 ක් තුල 1200/1500 අතර පිරිසක් facebook  හී ලියාපදිංචි වී ඇත.

වෙබ් අඩවිය නිකුත් කර මාසයක් ඇතුලත හාවර්ඩ් විශ්ව විද්‍ය්ලයේ උපාදි අපේක්ශකයන්ගෙන් අඩකට වඩා The facebook හී ලියාපදිංචි වී තිබු බව පවසයි.. 2004 මාර්තු වනවිට ස්ටැන්ෆ්‍ර්ඩ්, කොලොම්බියා සහ යේල් විශ්ව විද්‍ය්ල දක්වා The facebook  ව්‍යාප්ත කරන ලදි . එය ක්‍රමයෙන් ඇමරිකාව ,කැනඩාව ඇතුලු බොහෝ විශ්ව විද්‍ය්ලය වලටද ව්‍යාප්ත විය. 2004 ජුනි මස 04 වන දින The facebook  සිය ප්‍රධාන කාර්‍යාලය කැලිෆෝනියාවේ පාලො ඇල්ටො වෙත ගෙනයන ලදි. 2005 වර්ශයේදි  The facebook නාමය ඉන්පසු  facebook ලෙස වෙනස් කරන ලදි.  2005 ඔක්තෝම්බර් 01වනදා වන විට facebook ජාලය  මහා බ්‍රිතාන්‍ය ඇතුලු රටවල් 21 දක්වා එය ව්‍යාප්ත වී ඇත. 2005 දෙසැම්බර් 11 වන දින ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයේ විශ්ව විද්‍ය්ලය වලද facebook  ජාලය ආරංභ කරන ලදි . 2006 සැප්තැම්බර් 26 වන දින අවුරුදු 13 වැඩි වලංගු email පාවිච්චි කරන ඕනෑම කෙනෙකුට facebook සාමාජිකත්වය ලබා ගැනීමට හැකි විය. (අන්තර්ජාලයෙන් ලබා ගත් තොරතුරු ආදාරයෙන්)                     Facebook ජාලය නිසා සමාජයට යහපත් වගේම අයහපතද දායක වී ඇති බව  දැන් දැන් කවුරුත් කතා කරනා මාතෘකාවක් බවට පත් වී ඇත.                   සන්නිවේදනයේ  දියුණුවත් සමඟම මිනිසාගේ සමාජ සම්බන්ධතාද බොහෝ වේගයෙන්  ලෝකය පුරාම පැතිර ගොස් ඇත. එම සම්බන්ධතා ගොඩ නැගීමේ ක‍්‍රම වේදයන් අතර facebook සමාජ ජාලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.                           Facebook ගිනුමක් ආරංභ කර ගැනීමේ මූලික පරමාර්ථය නම්  මිතුරු සමාජයක් ගොඩ නගා ගැනීම  හා  ලග පාත නැති කාලෙකින් හමු වී නැති පරණ  නෑ හිත මිතුරන් නැවත අදුනාගෙන මිතු දම් අලුත් කර ගැනීම සදහායි. මුලින්   facebook ගිනුමක් ආරංභ කීරිම තුල මූලික අරමුණ එය උනත් අද වන විට වෙනත්  බොහෝ  හොද නරක පරමාර්ථ රැසක් වෙනුවෙන් ලෝකය පුරා  facebook ගිනුම් ආරංභ වී ඇත.                             ඉතා අඩු පිරිවැයකින් හා කෙටි කාලයක් තුල  ඉතා වේගයෙන් කර ගත හැකි ලෝකය වටා සිදුවන සමාජ හා වෙළද ප්‍රචාරණ කටයුතු , අලුත් තොරතුරු හුවමාරුව,  ඇතුලු බොහෝ නොදන්නා කරුනු දැන ගැනීම හා දැනුම වැඩිකර ගැනීමේ හැකියාව මෙම ගිනුම් ඇතිකර ගැනීම  තුලින් කරගත හැකි ප්‍රයෝජනවත් දේය.                   ලෝකය පුරා විසිරි සිටින නා නා ක්ශේත්‍ර වල  බුද්ධිමතුන් විවිධ සමාජ   හා වෙළද සංවිධාන.සමාජ විශ්ලේෂකයන්  දේශපාලනඥයින්,කලාකරුවන්, ක්‍රීඩකයින්,ග්‍රන්ථ කර්තෘවරුන්,  ඇතුලු බොහෝ දෙනකු මේ වන විට ෆේස්බුක් ඇතුලු සමාජ ජාල වෙබ් අඩවි ඉතා විශාල වශයෙන් භාවිතා කරයි. ඒ තුලින් ඔවුන් ගන්නා ප්‍රයොජන විස්තර කිරීමට නොහැකි තරම් අතිමහත්ය.                 ඔවුන් එසේ ප්‍රයොජනවන් දේ කරන අතර නවයොවුන් තරුණ තරුනියන්,  ලාබාල දරුවන් , ගෙදර දොරේ සිටින වැඩිහිටියන් ගෘහනියන්  පවා facebook ගිනුම් තුල  දිනපතා හා දවස පුරාත් සැරි සරයි. ඉතා කල්පනා කාරි ලෙස ගිනුම් තුල සැරිසරන්නන්ට  ලෝකයේ ඇති බොහෝ ප්‍රයෝජන දේ  දැනගැනීමට  ඉගෙන ගැනීමට , ජීවිතය අලුත් කර ගැනීමට ඉඩ පහසුව මේ තුලින් ලැබී ඇත.ලෝකය පුරා ලොකු පොඩි දුප්පත් පෝසත් උගත් නූගත් සියල්ලෝ  භේදයකින් තොරව  facebook ජාලය දැන් දැන්   ප්‍රයෝජනයට ගනිමින් සිටිනු ඇත.                  බොහෝ වැදගත් කටයුතු මේ හරහා කරගෙන යන්නට හැකියාව ලැබිම නිසා ලෝකය පුරා විසිරි සිටින උගත් බුදිධිමතුන්, විද්‍ය්තුන්   ඇතුලු බොහෝ අය වැදගත් කටයුතු මේ හරහා කරගෙන යන අතර  ජීවිතේ වැදගත් දේයකට යොමු කර ගැනීමට අවශ්‍ය නැති  නිකරුනේ කාලය කා දමන්නන්, අනුන්ගේ ඕපාදූප බැලීමට ගිජු කමක් දක්වන්නන්   ,සේම රැවටිලි කාරයින්, වංචාකාරයින්,  සල්ලාලයින් කප්පම් කරුවන් ,  පහත් මානසිකත්වය ඇති වුන්,  ලැජ්ජාවට පත් කිරීම් , මඩ ගැසීම්, අපහාස කිරීම්, , පවුල් ජීවිත අවුල්  කරන්නන් ,විවිදාකාර මානසික රෝගීන් පවා මේ  facebook ගිනුම් අතර  දිනපතා සැරි සරනු ඇත.                          එබැවින් facebook ගිනුම් පාවිච්චි කරන්නන් ඒ ගැන ඉතා සැලකිලිමත් විය යුතුයි . ලා බාල දරුවන් සේම , උගත් වියතුන් පවා මේ ගිනුම තුල සිටින පහත් මානසිකත්ව ඇති  මුලාකිරීම් කරන්නන්, රැවටීම් කරුවන් ,  කප්පම්  කරුවන් , පවුල් ජීවිත අවුල් කරන්නන් නිසා බොහෝ කරදර වලට මුහුන දී  ජීවිත විනාශ කරගත්තවුන් ද බොහෝ ඇත.                          එම නිසා facebook ගිනුම් ඇතිකර ගැනීමේදී තමන් නොදන්නා අය සිය යහලුවන් ලෙස facebook ගිනුමට  එකතු කර ගැනීම ගැන දෙවතාවක් සිතා බැලිය යුතුයි.

තමන්ගේ වයසට නොගැලපෙන්නන් තමාගේ ගිනුමට එකතු කර ගැනීමේදිද සැලකිලිමත් විය යුතුයි.                     විවිධ කායික හා මානසික රෝගවලින් පෙලෙන්නන්  facebook ගිනුම්  තුල  සැරිසරන නිසා තරුණ තරුණියන් මේ පිළිබදව වැඩි අවධානයෙන් facebook ගිනුම් පවත්වාගෙන යා යුතුයි.                      එසේම තම රටට හෝ සංස්කෘතියට නොගැලපෙන විදෙස්  මිතුරු මිතුරියන්  හා සමාජ සංවිධාන හදුනා ගැනීමේදි බොහෝ කල්පනා කාරි විය යුතුය.                මාගේ  Facebook ගිනුම ආරංභ කර  ගෙවුනු අවුරුදු නමය පුරාවට මාහට මුන ගැසිනු  ලෝකය පුරා විසිරි සිටි පාසැල් කාලයේ යාලුමිත්‍රදීන් බොහොය. ඒ ගැන මම බොහෝ සතුටු වන්නෙමි. හේතුව සමහර විට facebook නොතිබුනා නම් මට මැරෙන තෙක් මගේ  ලෝකය පුරා විසිරි සිටින පරන යාලුමිත්‍රදීන් දැක ගන්නට, කතා කරන්නට නොහැකි වීමට ඉඩ තිබුනි. .                        මම  facebook ගිනුම ආරංභ කරාට පසු මේ තුලින් ලබා ගත් දැනුම් සම්භාරය නම් කිව නොහැකි තරම් විශාලය . ජීවිතයට බොහෝ වැදගත් දේ වගේම මේ මුලු ලෝකය පුරාම විසිරි සිටින විවිධ ගතිගුන තිබෙන පුද්ගලයින්ගේ හොද ගති ගුන වගේම නරක ගතිගුනත් දැන ගන්නට ලැබුනි. මේ තුලින් ජිවිතයට ලැබුනු දැනුම, අත්දැකීම් හොද ආකාරයට යොමු කරවා ගන්නට මම සැලකිලිමත් වෙමි.                මුලු ලෝකය පුරාම විසිරි සිටින මිනිසුන්ගෙන් හරි අඩකටත් වඩා facebook ගිනුම් ඇති අතර ශ්‍රි ලාංකිකයන් ද බොහෝ දෙනෙකුට facebook ගිනුම් ඇත. ශ්‍රි ලාංකිකයන් බොහෝ දෙනෙකු facebook ජාලය තුල සිටියත් ඔවුන් එය වෙන කෙනෙකුට  කියන්න නම්  ලැජ්ජා වෙයි. facebook ගිනුමක් තිබුනට ඒකට යන්න වේලාවක් නැතැයි කියනා අයත් සිටි. නමුත් පුදුමයට  කාරනය නම් එසේ කියන්නන් තරම් facebook ගිනුමේ ඉන්න අනිත් යාහලුමිත්‍රා දීන්ගේ ඕපාදූප ඔවුන් තරම්  දන්නා අය වෙන නැති   තරම්ය .                        ගෙදර කම්මැලි කමෙන් කරන්නට දෙයක් නැතුව හිටි ගෘහනියන් බොහෝ දෙනෙක් facebook ජාලය තුලට විත් දැනුම වැඩිකර ගැනීම හා පරන යාලුමිත්‍රදීන් අදුනගෙන ජීවිතය අලුත් කරගෙනද ඇත.             මේය හරියාකාරව පාවිච්චි නොකර ජීවිතය විනාශ කරගත් ගෘහනියන් හා ලාබාලයින් සෙම වැඩිහිටි බුද්ධිමතුන් ද ඇත.                           Facebook ජාලයේ සියලු හොද නරක අතර කීමට ඇති විශේෂම දෙය නම් facebook නිර්මාතෘ  "මාර්ක් සකර්බර්ග්ට "facebook ගිනුමක් නැති අතර ඔහු දිනපතා පොත පත කියවමින් ඔහුගේ ජීවිතයට අලුත් තොරතුරු එක්කරගනිමින් සතුටින් සිටිනා බවයි


Link to article: http://www.auselanka.com/මහණ-පත-නහත-facebook


**ප්‍රිසිලා ගොඩහේවා **


263 views0 comments

Recent Posts

See All

Comments


bottom of page