top of page
  • Writer's picturePrisila Godahewa

**මුරුංගා **


  උතුරු ඉන්දියාවේ උපත ලෙස සැලකෙන මුරුංගා ගස ඝර්ම කලාපීය රටවල හොදින් වැවෙන ගසකි.  කිසිම රසායනික පොහොරක් අවශ්‍ය නැති මෙම ගසට කෘමි සතුන්ගෙන්ද කිසිම හානියක් සිදු නොවේ. දැන් නම් බටහිර රටවල පවා වැවෙන මුරුංගා  ඕනම දේශගුණයකට ඔරොත්තු දෙන ශාකයකි.  මුරුංගා, විටමින් වර්ග , ප්‍රොටීන් හා ඇමයිනෝ අම්ල ආදියෙන් ඉතා බහුල  පෝශන ගුනයකින් සමන්විත එලවලුකි.                          මුරුංගා කරල්, කොළ, මුල් පොතු ආදි මුරුංගා ගසේ හැම කොටසක්ම කෑමට හා බෙහෙතට ගනී. ඉතා වටිනා ශාකයක් ලෙස මුරුංගා ගස හදුන්වා දිය හැක.                     සාමාන්‍යයෙන් මුරුංගා කරල් කෑමට ගැනීමේදී දිග කෑලි කපා අමුතුනපහ , කහ ,රම්පෙ කරපිංචා ,උළුහාල්, බීලූනු  අමුමිරිස් සමග පොල්කිරි එකතුකර සුදට උයා ගනී. එය ඉතා රසවත් කරියකි.                     මුරුංගා මල් ලූණු , කරපිංචා ,උම්බලකඩ කැලි මිරිස් සමග  තෙල් දමා කෑමට ගත හැක.                      මුරුංගා කොල මැල්ලුම් ලෙසත්, මුරුංගා කොල, කරවල , කූනිස්සො , බ් ලුණු කරපිංචා ගැබුරු තෙලේ බැදගෙන, කෑලි මිරිස් රට කජු, දමා සාදාගෙන කල් තියා ගෙන කෑමට ගත හැක.                   මම අද ඔබට කියන්නේ මුරුංගා කරල් වෙනස් විදිහට උයන ක්‍රමයකි.            **මුරුංගා කරල් කෑලි තුනකට විතර කපා ඒවා පිහියකින් හෙමිහිට කොළපාට පොත්ත කපා අයින් කල යුතුයි . මෝරච්ච කරල් පවා මෙලෙස ඉවත් කර ගත හැක.             ** පොතු ඉවත් කරගත් මුරුංගා මද කහ, ලුනු වතුර ටිකක් දමා තම්බා ගන්න . හරි ඉක්මනට තැම්බෙයි. වතුර ටිකක් දමා හින්දා ගන්න . (තම්බා ගැනීම අවශ්‍යම නැත. කෙලින්ම තෙම්පරාදු කිරීමට හැක)              ** තාච්ච්යක් ලිපේ තබා එයට තෙල් ටිකක්  දමා හොදට රත් වීගෙන එනවිට එයට කපපු බීලූනු , කරපිංචා රම්පෙ , අමුමිරිස් ,මිරිස් , අමුතුනපහ , කහ උම්බලකඩ  දමා බැදෙන්න හැර එයට තම්බාගත් මුරුංගා මද එකතු කර මිටිකිරි ටිකක් දමා කවලම් කර හොදින් හින්දා ගන්න . එහි උඩට බැදපු තුනපහ ටිකක් ඉස ටික වේලාවක් වසා තබා කෑමට ගන්න . එලෙස් හදා ගත් විට මුරුංගා බැදුම හරිම රසයි .

               උතුරු ඉන්දියාවේ උපත ලෙස සැලකෙන මුරුංගා ගස ඝර්ම කලාපීය රටවල හොදින් වැවෙන ගසකි.  කිසිම රසායනික පොහොරක් අවශ්‍ය නැති මෙම ගසට කෘමි සතුන්ගෙන්ද කිසිම හානියක් සිදු නොවේ. දැන් නම් බටහිර රටවල පවා වැවෙන මුරුංගා  ඕනම දේශගුණයකට ඔරොත්තු දෙන ශාකයකි.  මුරුංගා, විටමින් වර්ග , ප්‍රොටීන් හා ඇමයිනෝ අම්ල ආදියෙන් ඉතා බහුල  පෝශන ගුනයකින් සමන්විත එලවලුකි.                          මුරුංගා ගහේ, කොළ, මුල් පොතු ආදි සියල්ල කෑමට හා බෙහෙතට ගනී. ඉතා වටිනා ශාකයක් ලෙස මුරුංගා ගස හදුන්වා දිය හැක.                     සාමාන්‍යයෙන් මුරුංගා කරල් කෑමට ගැනීමේදී දිග කෑලි කපා අමුතුනපහ , කහ ,රම්පෙ කරපිංචා ,උළුහාල්, බීලූනු  අමුමිරිස් සමග පොල්කිරි එකතුකර සුදට උයා ගනී. එය ඉතා රසවත් කරියකි.                     මුරුංගා මල් ලූණු , කරපිංචා ,උම්බලකඩ කැලි මිරිස් සමග  තෙල් දමා කෑමට ගත හැක. නැති නම් බිත්තර දමා ඔම්ලට් ද සෑදිය හැක.                      මුරුංගා කොල මැල්ලුම් ලෙසත්, කරවල , කූනිස්සො , උම්බලකඩ , බ් ලුණු , කරපිංචා , කෑලි මිරිස් දමා ගැබුරු තෙලේ බැද කල්තියා ගෙන කෑමට ගත හැක.                   මම අද ඔබට කියන්නේ මුරුංගා කරල් වෙනස් විදිහට උයන ක්‍රමයකි.            **මුරුංගා කරල් තුනකට විතර කපා ඒවා පිහියකින් හෙමිහිට කොළපාට පොත්ත කපා අයින් කල යුතුයි . මෝරච්ච කරල් පවා මෙලෙස ඉවත් කර ගත හැක.             ** පොතු ඉවත් කරගත් මුරුංගා මද කහ, ලුනු වතුර ටිකක් දමා තම්බා ගන්න . හරි ඉක්මනට තැම්බෙයි. වතුර ටිකක් දමා හින්දා ගන්න .(තැම්බීමට අවශ්‍යම නැත)              ** තාච්ච්යක් ලිපේ තබා එයට තෙල් ටිකක්  දමා හොදට රත් වීගෙන එනවිට එයට කපපු බීලූනු , කරපිංචා රම්පෙ , අමුමිරිස් ,මිරිස් , අමුතුනපහ , කහ උම්බලකඩ  දමා බැදෙන්න හැර එයට තම්බාගත් මුරුංගා මද එකතු කර මිටිකිරි ටිකක් දමා කවලම් කර හොදින් හින්දා ගන්න . එහි උඩට බැදපු තුනපහ ටිකක් ඉස ටික වේලාවක් වසා තබා කෑමට ගන්න . එලෙස් හදා ගත් විට හරිම රසයි .


** ප්‍රිසිලා ගොඩහේවා **


19 views0 comments

Comments


bottom of page