top of page

මුංඇට වඩේ

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Apr 26, 2020
  • 1 min read

Updated: Apr 30, 2020

අවුරුද්දට මුංඇට කැවුම් හදන්න ගත්ත මුංඇට වලින් ටිකක් ඉතුරු වෙලා තිබුනා. මම රෑ වතුර දාලා මුංඇට පෙගෙන්න දැම්මා. එවෙලේ මොනවද හදන්නේ කියලා අදහසක් තිබුනේ නෑ. පසුදා හවස මොනවාද මුංඇට වලට කරන්නේ කියලා කල්පනා කරලා,හවස තේ බොන්න මේකෙන් වඩේ හදල ගන්න ඕනේ කියලා හිතුවා .


මෙහෙමයි මම මුංඇට වඩේ හැදුවේ




මුංඇට ටික එලවලු කපන food processor එකට දාලා ඒකටම ලූනු ගෙඩියක්, කරපිංචා , සුදුලූනු බිකක්, ලීක්ස් කෑල්ලක් කපලා දැම්මා. තව ලුණු , කෑලි මිරිස් ටිකකුත් දාලා අඹරා ගත්තා .




හොදින් ඇබරුනාට පස්සෙ ඒවා ඇරගෙන පුංච් බෝල හදලා ටිකක් පැතලි කරලා අවන් එකේ දාන තැටියක අඩුක් කලා. පසුව ඒවා අවන් එකේ විනාඩි 15 විතර තැම්බෙන්න තිබ්බා. හැබැයි මම තව කොටසක් ඒ විදිහට පැතලි කරලා මයික්‍රෝවේව් එකෙත් දැම්මා අත් හදා බැලීමක් ලෙස. මට හිතුනා ලේසියෙන්ම මයික්‍රෝවේව් එකේ තම්බාගන්න පුලුවන් කියලා.



තම්බා ගත් වඩේ වලින් කොටසක් මම පෙට්ටියක දාලා ශීතකරනයේ තිබ්බා වෙන දවසකට ගන්න . ඉතිරි කොටස තෙලේ බැදගත්තා හවසට තේ බොන වෙලාවට ගන්න .

මයික්‍රෝවේව් එකේ දාලා තම්බා ගත් නිසා වඩේ බදින කොට බොහොම ටිකයි තෙල් ගියේ. හේතුව වේලාසන වඩේ ටික තැම්බිලා තිබුන නිසා. ඊටත් වඩා අපි කාටත් වැඩිය තෙල් කෑම කන්න හොද නැතිනිසා මෙම ක්‍රමය වඩේ හදන්න හොදයි කියලා මම හිතනවා.




ඔයගොල්ලොත් පරිප්පු වලින් විතරක් නෙමේ, මුංඇට කවුපි, රෙඩ් බීන්ස්, වගේ ඕන ඇට වර්ගයකින් වඩේ හදලා තම්බලා, බැදලා, හදලා කාල බලන්න. ඕන ඇට වර්ගයක් ගුනවත් කියලා මම හිතනවා. තෙල් අඩුවෙන් බැදගන්න පුලුවන් නිස තවත් හොදයි මම හිතන්නේ .


**ප්‍රිසිලා ගොඩහේවා**

Comentarios


bottom of page