top of page
  • Writer's picturePrisila Godahewa

**මුංඇට මස් කරිය**

Updated: May 25, 2020


මුං ඇට රැයක් පෙගෙන්න දමා තම්බා ගන්න . හොදින් තැම්බුනි මුංඇට වතුර පෙරා ලුනු ගම්මිරිස් , තලා ගත් කරදමුංගු කරල් දෙකක් දමා හැන්දකින් හොදින් පොඩිකර ගන්න. එයට පාන් කුඩු මේස හැදිදෙකක් ද දමාගන්න, පසුව බිත්තරයක්ද කඩා දමා හොදින් ගසා ගන්න . එය පැතලි භාජනයක දමා වංඩුවේ හෝ මයික්‍රෝවේව් එකේ තම්බා ගන්න. පසුව එය කෑලී කපා අවන් එකේ විනාඩි 15 පමන තියා එලියට ගන්න . කෑලි හොදින් හයිවී තිබෙනවා ඔබට දැක ගත හැකි වෙයි.. ඉන්පසු භාජනයක් ලිපේ තබා එයට තෙල් දමා රත් වු පසු සුදුලූනු ,ඉගුරු , බීලූනු දම බැදෙන්න හැර එයට රම්පෙ කරපිංචා මිරිස් කුඩු , බැදපු තුනපහ කුඩු දමා හොදින් කවලම් කර පොල්කිරි ටිකක් ද දමා හොදින් නටවා ගන්න. මස් හොදි හදන්න අවශ්‍ය දේ දමා හොද්දක් හදන්න . පසුව එයට මුලින් සාදාගත් මුංඇට මස් කෑලි දමා හෙමිහිට හින්දා ගන්න. මෙය ඉතා ගුන රසවත් කෑමකි.



51 views0 comments

Comments


bottom of page