top of page
  • Writer's picturePrisila Godahewa

මුං ඇට පැල බැදුම

මුං ඇට කියන්නේ යකඩ, ප්‍රෝටීන, විටමින් වලින් අනූන ධාන්‍ය වර්ගයක් නිසා ශක්තිජනක ආහාරයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි ආහාර ජීර්ණයටත් හරිම වැදගත් වේ. කිරි මව් වරුන්ගේ කිරි එරීමටත්, ශරීරයේ ඇති විස ඉවත් කිරීමටත්, උශ්න අදික කාලයට ඇග සිසිල් කිරීමටත්, රුධිර පීඩනය ක්‍රමවත් කිරිමට , වගේම වකුගඩු රෝග සුව කිරීමට , හදවත් රෝග, සමේ රෝග, හා පිලිකා රෝග ආදියෙන් මිදිමට ඉතා ගුනවත් ආහාරයක් ලෙස මුංඇට හදුන්වා දිය හැක.

මුංඇට අහුරක් දියේ දා දින තුනක් විතර යනකොට එහි මුල් අදින හැටි ඔබ මීට කලින් දැක ඇතැයි සිතමි. මතක ඇති කාලේ පටන් මමත් එය දකින්න ආසම දෙයක් වෙයි.

මුංඇට, රැය දෙකක් දියේ දා තිබෙන විට අපට එහි මුල් ඇද තිබෙන හැටි දැක ගත හැක. එම මුල් ඇදගත් මුංඇට, ලොකු බාජනයක යටට තෙත රෙදි කෑල්ලක් දමා ඒ උඩට මුල් ඇදපු මුංඇට දමන්න. එය ඉර අව්ව ලාවට වැටෙන තැනක තබා දිනපතා වතුර ඉසින්න. දවසින් දවස මුං පැල ඉහලට ඉස්සි හැදෙන හැටි ඔබට දැක ගත හැක. සුමානයක් යන විට මුංඇට අහුරක් දියේ දමා මහා ගොඩක් මුංඇට පැල හදාගන්න පුලුවනි. .

මේ විදිහට හදාගත් මුං පැල වලින් මම හදා ගත්ත කෑම වර්ග ඔයගොල්ලන්ටත් කියන්න කැමතියි .

මුංඇට අහුරක් දියේ දා හදාගත් පැල මම කොටස් හතරකට බෙදලා පොඩි පෙට්ටි වල අසුරා ශීතකරනයේ තබා ගන්නවා , අවශ්‍ය වේලාවට ප්‍රයෝජනයට ගන්නට. ඒවා සුමානයක් පමන කාලයක් තබා ගත හැක. අදිශීතකරනයේ ඊට වැඩි කාලයක්ද තබා ගත හැක. මම මේ මුංඇට පැල කෑමට ගන්නා ක්‍රම කිහිපයක් ඇත. ඒවානම් ==

** එයින් එක කොටසක් තෙල් ටිකක් ලිපේ තබා තලාගත් ඉගුරු සුදුලූනු බැදෙන්න හැර එයට මුංඇට පැල දමා , සෝයා සෝස් දමා බැද කැමට ගතහැක..

** එලවලු මස් මිශ්‍ර ලක්සා සුප් සෑදීමේදි මුංඇට පැලත් එකතු කර සාදා ගත හැක.

**මුංඇට කොළ ඇදෙන ගානට පැල වුන විට කංකුං තෙල් දාන ලෙසට සාදාගත හැක.

**පරිප්පු උයන විට හීනියට කපාගත් මුංඇට පැල දමා කිරට උයා ගත් විට හරිම රසයි .

**මුංඇට පැල හීනියට කපා පොල්දමා මැල්ලුම් ද සාදාගත හැක.

**මුංඇට පැල හීනියට කපා අමුමිරිස් , බීලූනු , දෙහි ලුනු, දමා සම්බෝල ලෙසද කෑමට ගත හැක.

මුංඇට පැල වලින් අපට මහ ගොඩක් ගුනවත් කෑම වර්ග හදාගන්න පුලුවන් . ඊට අමතරව මුංඇට කෑමට ගත හැකි ක්‍රම බලමු.

**මුංඇට තම්බලා, පොල් සහ ලුණු මිරිස් සමග උදේට කෑමට ගන්නට වැඩි දෙනෙක් පුරුදු වී ඇත. .

** තම්බපු මුංඇට කිරි දා උයා තෙම්පරාදු කර ගත් විට බත් කෑමට ගත හැකි රසවත් කරියකි.

**මුංඇට සිංහල අවුරුදු කාලෙට නැතුවම බැරි දෙයකි. ඒ මුංඇට කැවුම් හැදීමටය

**මුංඇට තම්බා පොල්, අමුමිරිස් ,බීලුනු , සුදුලූනු ඉගුරු , කරපිංචා අබරා දමා සාදන මැල්ලුම ඉතා රසවත්‍ය.

මුංඇට ඉතා ගුනවත් කැමක් ලෙස ශ්‍රි ලාංකිකයන් අතර ප්‍රචලිත කැමකි.


97 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

コメント


bottom of page