බත් මිශ්‍ර කුරක්කන් පිට්ටු
- Prisila Godahewa
- Apr 26, 2020
- 1 min read
Updated: Apr 30, 2020
අද උදේ මම කුරක්කන් පිට්ටු හදන්න ඕනේ කියලා හිතුවට කුරක්කන් පිට් ටිකයි ඉතිරි වෙලා තිබුනේ...ඒ නිසා මම ඊයේ උයලා ඉතිරි වෙලා තිබුන රතු හාල් බතුත් මිශ්‍ර කර පිට්ටු හදනවා කියලා හිතුවා. මේ ක්‍රමය මට අපේ අම්මා කියලා දුන්නේ.
මෙහෙමයි මම පිට්ටු හැදුවේ
රතු කැකුලු බත් කෝප්ප දෙකක් ගෙන බ්‍රෙන්ඩරයට වතුර සමග දමා, ටිකක් කෑලි හිටින සේ අබරා ගත්තා .පසුව එය වතුර බේරෙන්න කිරි ගොට්ටට දමා පසෙක තැබුවා.
පසුව එයට කුරක්කන් පිටි, පාන්පිටි ටිකක් , පොල් ,(අපට අලුත් පොල් හොයාගන්න නැති නිසා ගාලා වේලපු පොල් තමයි පාවිච්චි කරන්න උනේ) ලුණු එකතු කර අනාගත්තා. බත් කෑලී ලෙස තියෙන නිසා හරිම ලේසියෙන් පිට්ටු කැට හදාගන්න පුලුවන් උනා. මම රෝල් ඕට්ස් ටිකකුත් එකතු කලා ගුනවත් නිසා. මම කරපිංචා කොළ ටිකක් හීන් වෙන්න කපලා එයට දැම්මා . එතකොට තැම්බෙන කොට සුවදයි. කැමති කෙනෙක්ට කැරට්, ලීක්ස් ,මුකුනුවැන්නා වගේ එළවළුත් එකතු කරලා මේ පිට්ටුව හදාගන්න පුලුවන්.
ඊට පස්සෙ පිට්ටු බම්බුවේ හෝ වන්ඩුවේ පිට්ටු තම්බගන්න .
මම පිට්ටු කන්න බිත්තර සුදු හොදි, මිරිස් මාළු , ලුණු මිරිස් හැදුවා . ගෙදර හැමෝම ආසාවෙන් උදේ කෑම කෑවා
Comments