බ්‍රසල්ස් ස්ප්‍රොවුට්ස්
- Prisila Godahewa
- Apr 26, 2020
- 1 min read
Updated: Apr 30, 2020
Brussel sprouts
බ්‍රසල්ස් ස්ප්‍රොවුට්ස්.
මෙම එලවලුව බටහිර රටවල හෝ ශීත දේශගුණය ඇති ප්‍රදේශ, රටවල බොහෝ දුරට වගාකල හැකිය.
බ්‍රසල්ස් ස්ප්‍රොවුට්ස් යනු ගෝවා කුලයට අයත් එලවලු වකි. ගෝවා කොලේම හා ගෝවා පැලයේ හැඩය ඇති මෙම පැලය ගෝවා පැලය මෙන් නොව අඩි තුනක් හතරක් පමන උසයයි. පැලය අඩියක් විතර උස ගියාට පසු එහි කදේ තිබෙන කොළ කපා දැමිය යුතුයි . ගස දිගටම උස යන අතර කපා දමු කොල අවට මෙම පොඩි බ්‍රසල්ස් ස්ප්‍රොවුට්ස් ගෙඩි හට ගනී. මෙහි පලදාව නෙලා ගැනීමේදී එක ගසක ගෙඩි 60/70 පමන නෙලා ගැනීමට උවද හැකියාව ලැබේ. මේවා ගෝවා රසම ඇති එලවලු වක් වන අතර මේවා ඉතා ගුනවත් කෑමක්ද වේ.
බොහෝ දුරට මේවා දෙකට කපා ඔලිව් ඔයිල් ගම්මිරිස් ලුනු දමා අවන් එකේ පුච්චා හෝ තාච්චියේ බැද කෑමට ගත හැක. තම්බා ලුනු ගම්මිරිස් සමග වුවත් කෑමට ගත හැක.
බ්‍රසල්ස් ස්ප්‍රොවුට්ස් (පොඩි ගෝවා ගෙඩි සමාන) සාදාගන්නා අන්දම
බ්‍රසල්ස් ස්ප්‍රොවුට්ස් සෝදා දෙකට කපා ගන්න. සුදුලූනු බික් 10/12 පමන සුද්දකර දෙකට පලා ගන්න .
තෙල් ටිකක් ලිපේ තියා එයට බීලුනු , අමුමිරිස් , කරපිංචා , මිරිස් කුඩු, කහ, අමුතුනපහ, රම්පේ, කුරුදු කෑල්ලක් බැදෙන්න හැර එයට කපාගත් බ්‍රසල්ස් ස්ප්‍රොවුට්ස් හා සුදුලූනු එකතු කර කවලම් කරන්න . පසුව මිට් කිරි හා දිය කිරි එකතු කර හින්දා ගන්න. ලිපෙන් බාන්න කිට්ටුව බැදපු තුනපහ කුඩු ටිකක් එකතු කරන්න .
බ්‍රසල්ස් ස්ප්‍රොවුට්ස් (පොඩි ගෝවා ගෙඩි සමාන) සාදාගන්නා තව ක්‍රමයක්
බ්‍රසල්ස් ස්ප්‍රොවුට්ස් සෝදා දෙකට පලාගෙන බෝංචි සමග බැද ගත හැක. ඔලිව් තෙල් ටිකකට තලාගත් සුදුලූනු දමා එයට බ්‍රසල්ස් ස්ප්‍රොවුට්ස් හා බෝංච් කරල් පිටින් බැදගත හැක. ගම්මිරිස් ලුනු පමනයි එකතු කලේ..
**ප්‍රිසිලා ගොඩහේවා**
Comments