top of page

💥බැද්දේ කුමරිය දෙවන ඇරඹුම 💥

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Apr 7, 2022
  • 4 min read

💥බැද්දේ කුමරිය දෙවන ඇරඹුම 💥

(දසවන කොටස 10)


කාලය වේගයෙන් ගලා ගොස් , තුන්වෙනි වරට සුනිලා දියණියක ප්‍රසූත කර තිබුනේ රුවන්වැල්ල මහ ඉස්පිරිතාලේය. ඒ වෙනදා මෙන්ම ඇගේ අක්කා හා සහෝදරයන්ගේ උදව්වෙනි


පසුගිය වාරේ දෙකේම මෙන්ම මෙවරද, ගුණදාස මට කන්තෝරුවට එවා තිබුන ටෙලිගෑමය දැක, නිවාඩුවක් ගෙන රුවන්ගමට කළබලේම ගියෙමි.


මම ගම යන කල, සුනිලාව හා අපේ තුන් වෙනි දරුවා වන එකම දියණියව, ඔවුන් රුවන්ගම අපේ ගෙදරටද ගෙන ගොස් තිබින.


මම කලබලේ දියණිය බලන්න ගියත්, සුනිලාගේ මුහුන නම් හරි නැත. මගේ අතින් සිදුවිය යුතු සියලු යුතුකම් ඇයගේ පවුලේ අය විසින් කිරිම ඇයට දැන් ලැජ්ජාවට කාරනයක් නිසා වන්නට ඇත.


"ඔයාට හොදයි , මගේ අක්කලා සහෝදරයන් ඉන්න නිසා, ....ඒ මිනිස්සු නැත්නම් මටයි මේ දරුවො තුන් දෙනාටයි මොනව වෙයිද මන්දා....ඒ මිනිස්සු මටයි දරුවන්ටයි ඉන්න තැනත් හදලා දීලා ,කන්න බොන්න අදින්න පලදින්න ඒවා පවා ගෙනත් දෙනවා මදිවට දරුවො හම්ව වෙන්න ගියත් ඒ ඔක්කොම කරන්නේ ඒ අහිංසක මිනිස්සු , කවදාවත් ඒ මිනිස්සු ඔයාට කටක් ඇරලා දොසක් දෙයක් කියන්නේ නෑ ......මට දුකයි මම ගැනම....ඔයා මට දැන් බොරු කරනවා කියලමයි මට හිතෙන්නේ ....ඔයාට මාව කොළඹ ,ඔයා ඉන්න තැනකට ගෙනියන්න ඕන කමක් ඇත්තෙම නැති ගානයි. අපි දැන් කසාඳ බැදලා අවුරුදු හතත් පහු වෙලා, අපි තාමත් හිටිය තැනමයි.....ඔයාට කිසි ඕන කමක් නෑ මායි දරුවොයි එක්ක පිළිවෙලක් වෙන්න....."


ඇය මා සමඟ එසේ කේන්තියෙන් සිටියත් මගේ දුරබැහැර රැකියාවත් සමඟ ඇය ලඟ ඉදගෙන ඇයගැන බැලිමට මට නොහැකි බව ඇය තේරුම් නොගන්නා බව ගැන මට ඇත්තේ කළකිරිමකි. ඇයව හා දරුවන් මගේ බෝඩිමට ගිහින් නවත්වා ගතද නොහැක . මගේ දෙමව්පියන්ගෙන් ලැබිය යුතු සියලු දේපළ අහිමිවීම වගේම ඔවුන් මට ආශ්‍රය කරන්න නොලැබීම, ඔවුන් දකින්න නොඇබීම නිසා මගේ හිත දැන් කඩා වැටි ඇත. එක පැත්තකින් සුනිලා, දරුවන් හා ඇගේ නෑදෑයින් ....අනෙක් පැත්තෙන් මගේ නෑදෑයෝ.....මම දැන් සැවොම ගැන සිතිය යුතුය.


දෙමව්පියන් ගෙන් ලැබිය යුතු සියලු දේපළ දේ නැති කර ගත් මම දැන් මගේ තනි පඩියෙන් සියලු දේ කර ගත යුතුද, ඇත . මාසෙකට සැරයක් සුනිලා හා දරුවන් බැලිමට රුවන්ගම යන විට, මම ඔවුන්ගේ අවශ්‍ය තාවයන් ඉශ්ට කර දීමට ඇදුම් පැලදුම් කෑම බීම ද,රැගෙන යා යුතුය . එබැවින් මට දැන් මගේ රැකියාවෙන් ලැබෙන වැටුපේ වටිනාකම හොදින්ම දැනෙන්න පටන්ගෙන ඇත. ඒ ලෙසම මගේ වැටුම දැන් මට පෙර පරිදි නම් නිහසේ වියදම් කිරිමට නොලැබෙනවා මෙන්ම එහි මදිපාඩුකම්ද දැනෙමින් පවති. කෙසේ හෝ මම මාසයක් රැකියාව කොට ලබා ගන්නා පඩිය බොහෝම අරපිරිමැස්මෙන් පිරිමහගෙන පාවිච්චි කිරිමට පෙලඹි ඇත. මගෙ අතින් සුනිලාට හා දරුවන්ට කොයිතරම් අතපසුවීම් වෙනස්කම් , සිදු උනත් , සුනිලා මා සමඟ කොච්චර කේන්තියෙන් තරහින් හිටියත්, මම සුනිලා හා දරුවන් බලන්න ගමේ ගිය කල, සුනිලා ,පුලුවන් උපරිමයෙන්ම මට හොදින්ම සලකයි. ඇගෙ පියාවන ජුවානිස් අප්පුහාමි ,අක්කා, ඉස්කෝලේ අය්යා, සුනිලාගෙ සහෝදරයන් ද මට හොදින් ඉහළින්ම හැමදාම කිසි වෙනස්කමක් නොපෙන්වාම සළකති.


" ඔයාගෙ අක්කව තාත්තව බලන්න ඔයා ගමේ ගියේ නැද්ද..?


"තව නෑ....මගේ හිතට හරි නෑ මම ඒගොල්ලන්ට හොරෙන් , ඒගොල්ලෝ අකමැති දෙයක් කර ගත්ත නිසා, ඒගොල්ලන්ට මුහුන දෙන්න....අක්කා නිකන් වත් මට ලියුම් කඩදහියක්වත් එවන්නේ නැති කොට මට ගම යන්න හිතෙන්නෙම නෑ....."


"එත් ඔයා ඔයාගෙ තාත්තාව බලන්න යන්න ඕනේ නේද...? හොඳ නෑනේ තාත්තා නොබලා ඉන්න එක...."


"තාත්තා වැඩකරන අය එක්ක බෙහෙත් සාප්පුව කරගෙන හොදින් ඉන්නවා කියලා මම දන්නවා.... ඒ නිසා මම තාත්තා බලන්න වත් ගමේ යන්න හිතුවෙ නෑ...


කාලය එසේ ගෙවි ගියේ සුනිලා හා අපේ දරුවන් රුවන්ගමෙත් මම මඩකලපුවේ රැකියාව කරමින් දෙතනක ගෙවන ජීවිතයෙනි. මගේ රැකියාවෙන් ලැබෙන වේතනය, නැතුවට ,ස්වයංපෝෂිත ලෙස ගමේ ජීවත් වු සුනිලාට දරුවන්ට කෑම බීමෙන් කිසි අඩුපාඩුවක් නොවන බව මම දැනන් උන්නෙමි .

ඉතා දහිරිය වන්ත ගැනැනියක් වු සුනිලා, ගෙදර වත්තේ පිටියේ ඇයට හා දරුවන්ට කෑමට අවශ්‍ය එළවළු පළතුරු වගා කර ගැනිමත්, ගමෙන් ලැබෙන කොස් දෙල් අල බතල, තුනපහ හකුරු ආදිය නිසත් ඔවුන්ට කිසි දේක අඩුපාඩුවක් නොවිය. ඒ සියලු දේට අමතරව ගමේ ගැහැනුන්ගේ දරුවන්ගේ ඇදුම් මසා ඇය හම්බ කරගන්නා මුදල ඇය ඉතා පරිස්සමින් ඉතිරි කර ගැනිමටද පුරුදු වි ඇත. එබැවින් මට ඔවුන් වෙනුවෙන් වැඩි මහන්සියක්, වියදමක් කිරිමට අවශ්‍ය නැත. එය මට පහසුවකි



සුනිලාව කර කාරයේ කසාද බැද ගත්තත් අවුරුදු හතකට කිට්ටුකාලයක් අප දෙදෙනා දැන් දෙතනක වාසය කර ඇත. කොළඹ ජීවිතයට ආස කල සුනිලා තවමත් ගමේම පදිංචිව හිදින්නේ වෙන කලයුතු යමක් නැති කමටය. දරුවන් තුන් දෙනාද සුනිලා සමග ගමේම ජීවත් වේ. ලොකු පුතා දැන් ගමේ පාසැලට යන්නට පටන් ගෙන ඇත. ඔහුට දැන් අවුරුදු හයක්වේ.


කාලය ගෙවි ගොස්, අපේ එකම දියණිය ,සුනිලාට ලැබි මාස අටකට පසු මට රැකියාවෙන් ලැබුන උසස්විමත් සමඟ මඩකලපුවේන් නැවත කොළඹට මාරුවක් ලැබින. එය මටත් වඩා සුනිලාගෙ සතුටට හේතුවක් වි ඇත. ඒ සමගම මට කොළබින් නිල නිවාසයක්ද ලැබීම මගෙ වගේම සුනිලාගේද මහත් සතුටට හේතුවක් විය.


"ඉතිං මහත්තයා කවද්ද අපි දැන් කොළඹ පදිංචියට යන්නේ.....? මට ආසාවේ බෑ මේ ලැබුන ආරංචියට නම් ......දැන් අපට අපේ දරුවො කොළඹ ඉස්කෝල වලට දාගන්නත් පුලුවන් වෙය නේද....? මගේ ලොකුම ආසාව දරුවන්ට හොදට උගන්නන එක තමය..... අනේ අපේ බාල කෙලිගේ වාසනාව වෙන්න ඇති, ඔයාට මෙච්චර කාලෙකට පස්සේ, කොළඹට පත්වීමක් ලැබිලා, නවතින්න නිල නිවාසයකුත් ලැබුනෙ...."


"ඔව් මටත් හිතෙනවා බාල දුවගෙ වාසනාව වෙන්න ඇති අපි කසාඳ බැදලා අවුරුදු හතකට පස්සෙ කොළඹ පදිංචියට යන්න පුලුවන් උනේ ..."


"දැන් අපි කොළඹ පදිංචියට යන්න මොනවද ලෑස්ති කර ගන්න ඕනේ මහත්තයා ....?


මට නැවත කොළඹට,මාරුවක් ලැබීමත්, නැවත නිල නිවාසයක් කොළඹින් ලැබිමත් සුනිලා පුදුම විදිහට සතුටින් උදම්ව ඇත. අපේ විවාහයෙන් අවුරුදු හතකට වැඩි කාලයක් දැන් ගතවි ඇත.


දරුවන් තුන්දෙනෙක් ලද සුනිලා තවමත් එදා මෙන්ම ඉතා සුන්දර තරුණියක් ලෙස මට පෙනේ....දණහිස ලඟට දිග කිතුල් රෑණක් සේ කඩා වැටෙන කාළ වර්ණ ඇගේ කෙස් කළඹ, උසේ තරමට මහත , බොහෝ පැහැපත් සුනිලා තවමත් පොඩි කෙල්ලෙක් ලෙස මට පෙනෙයි. විවාහයෙන් අවුරුදු ගානකට පසු අප දෙදෙනාට දරුවන් සමග එක ගෙදරක වසන්නට කාලය පැමිණ ඇත . සුනිලාගෙ මෙන්ම මගේ හිතේද ඒ ගැන ඇත්තේ කියා ගන්නට බැරි සතුටකි.

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page