💥බැද්දේ කුමරිය දෙවන ඇරඹුම 💥
- Prisila Godahewa
- Apr 7, 2022
- 4 min read
💥බැද්දේ කුමරිය දෙවන ඇරඹුම 💥
( නමවන කොටස 9)
🌹අවුරුදු පහකට පසුව🌹
කාලය වේගයෙන් ගලා ගොස් ඇත. මගෙත් සුනිලාගෙත් විවාහය සිදුවි දැන් අවුරුදු හයක් ගෙවි ගොස් ඇත. අපේ වැඩිමහල් පුතාට දැන් අවුරුදු පහක්ද වි ඇත. ඒ තර සුනිලාට දෙවන වරටද පුතෙක් බිහි වි ඔහුටත් දැන් අවුරුදු තුනක් සම්පූර්ණ වි ඇත. තවමත් අප දෙදෙනාට එක වහලක් යටට එන්නට වාසනාව උදාවි නැත. මම තවමත් සුපුරුදු විදිහට මඩකලපුවේ සිට රුවන් ගම බලා හැම මාසයකට සැරයක් දෙකක්ම එහි ගොස් සුනිලා හා දරුවන් බලා එන්නෙමි.
" ලොකු පුතා දැන් හැමදාම උදේට අපේ අක්කගේ මහත්තයා උගන්නන ගමේ ඉස්කෝලෙට යනවා, අහල පහල ගෙවල් වල, ළමයි එක්ක..... ඉස්කෝලේ මහත්තයා කිව්වා, වයස සම්පුර්න උනේ නැතුවට කමක් නෑ පුතාව ඉස්කෝලේ එවන්න කියලා. දෙවන පුතාගෙ වැඩපල කරගන්නත් තියෙන නිසා, මම උදේට මේ ලඟ ගෙදර නෝනා අක්කාගෙ ළමයි එක්ක පුතාව ඉස්කෝලේ අරිනවා.....ඒ ළමයි එක්කම එයා ඉස්කෝලේ ඇරිලා ගෙදරත් එනවා. එයා හරිම ආසාවෙන් උදේට වටපිටාවේ ගෙවල් වල ළමයි එක්ක ඉස්කෝලේ යන්නේ...."
"ඒක හොදයි...මොනවා හරි දෙයක් පුතා ඉස්කෝලේ ගිහින් ඉගෙන ගනියිනේ.... මමත් නිතර ගෙදර නැති එකේ එහෙම හරි පුතා ඉස්කෝලේ ගිහින් දරුවෝ එක්ක සෙල්ලම් කරලා වත් එන එක හොදයි ....."
"ගමේ ඉස්කෝලේ ලොකු මහත්තයා, අපේ අක්කගෙ මහත්තයා උන නිසා තමයි දරුවට වයස සම්පූර්ණ වෙන්න ඉස්සර ඉස්කෝලේ යැව්වට මුකුත් කියන්නේ නැත්තේ.....තාම එයාව ඉස්කෝලෙට ඇතුලත් කරගෙනත් නෑ, ඔය අනෙක් ළමයි එක්ක ඉස්කෝලේ ගියාට...."
"ඔව් දවසක් මටත් ඉස්කෝලේ අය්යා කිව්වා දරුවා කම්මැලි කම යන්න ඉස්කෝලේ එන එක හොදයි කියලා ...."
"ඔයා එයාට කොළඹින් ගෙනත් දීපු පුංචි සූට් කේස් එකත් ,ගල් ලෑල්ලත් ඇරන් තමයි එයා ඉස්කෝලේ යන්නේ.... උදේ හවස ගමේ ළමයි එයාගේ පොත් බෑග් එක උස්සගෙන ඉස්කෝලේ යන්න පොර කනවා. ඔයා කොළඹින් පුතාට ගෙනත් දීලා තියෙන කොළඹ බඩු නිසා, පුතාට ගමේ ළමයි අතර ලොකු පිලිගැනිමක් තියෙන්නේ....ඊටත් ගමේ මිනිස්සු ඔයාට කොළඹ මහත්තයා, සුනිලා නංගිගේ මහත්තයා කියලා හොදට සලකන නිසා, ගමේ හැමෝම මායි දරුවන් වයි හොදට බලා ගන්නවා. "
"සුනිලා මට එන අවුරුද්ද දිහාවට ආයෙත් කොළඹට මාරුවක් ගන්න පුළුවන් වෙයි....මම දැන් අවුරුදු පහක්ම මඩකලපුවේ රැකියාව කල නිසා. මම මගේ කන්තෝරුවට දැනුම් දුන්නා මට කොළඹින් නිල නිවාසයක් මේ පාර නම් ඕනේ කියලා ...."
"අනේ ඇත්තද ඒක නම් හොද ආරංචියක්.....ඒ උනාට ඔයාට කියන්න මට තව ආරංචියක් තියෙනවා....මට ආයෙත් දරුවෙක් ලැබෙන්න ඇවිත්...."
"නෑ....එහෙමද ?.... මට කොළඹට මාරු වීම ලැබෙන්න ඉස්සෙල්ලා දරුවා හම්බ උනොත් ඔයා දරුවො දෙන්නත් එක්ක මේ ඉන්න විදිහටම ඉදලා , දරුවා ටිකක් ලොකු කරගෙනම අපි කොළඹ පදිංචියට යමු සුනිලා . මටත් දැන් තනියම එහෙ මෙහෙ ජීවත් වෙලා එපා වෙලා තියෙන්නේ...."
"ඒක නෙමේ මහත්තයා ඔයාට සිරිදාස එහෙම හම්බුනේ නැද්ද...?
"සිරිදාස මට කන්තෝරුවට දුරකතනයෙන් කතා කලා, ජයන්තිටත් දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවලු....මගේ පුතාව ඒගොල්ලෝ කළුතර ගෙවන ඉස්කෝලෙක නවත්වලා. පුතා ඒ ඉස්කෝලේ නේවාසිකාගාරයේලු දැන් නැවතිලා ඉන්නේ.....මට දවසක් යන්න එන්න කිව්වා, ඉස්කෝලෙට පුතාව බලලා එන්න..... "
"එහෙමද....ඔයා ගිහින් පුතාව බලලා එන්න මහත්තයා ....දැන් ඒ පුතාත් අවුරුදු අටක විතර ලොකු දරුවෙක්නේ එයා ....අනේ මටත් ආසයි එයාව බලන්න නම්..... අපේ පුතාලට කවද හරි අපි එයාව අදුනලා දෙන්න ඕනේ එයාගෙ ලොකු අය්යා කියලා...."
"අනේ මන්දා සුනිලා....ඒ මිනිස්සු මට තාම සමාව දුන්නෙත් නෑනේ....කාලෙකින් තාත්තව අක්කව දැක්කෙත් නෑ....අක්කගෙ දුවයි පුතයි උනත් දැන් ගොඩක් ලොකු ඇති....ශාන්ත අය්යා නම් මට ඉද හිටලා කන්තොරුවට කතා කරලා මගේ දුක සැප අහනවා. "
"මම නිසා ඔයාට ඔයාගේ නෑදෑයෝ, යාළුවෝ, දේපළ හැම දෙයක්ම නැති උනා නේද.... මට ඒ ගැන හරිම දුකයි...."
"මේ අපි ලබා උපන් හැටිතමයි....අපේ අක්කා තමයි මේ ඔක්කොම කරන්නේ....එයා තමයි කේලම් කියලා තාත්තට මාව බලන්නවත් එන්න නොදෙන්නේ.... මම මාළිගෙ දේපළ වලට පයින් ගහලා ඔයාව කසාඳ බැන්ද නිසානේ මේ ඔක්කොම ....."
"ඒගොල්ලෝ අපේ පුතාලා ගැන දන්නවා ඇති නේද...?
"ඔව්...සිරිදාස මගේ විස්තර දන්නවානේ.....සිරිදාසට දැන් හරි සරුයි....යන්න එන්න කාර් එකකුත් තියෙනවා....ජයන්ති නම් තාමත් ඉස්සර වගේම විස්කුරුත්තන් ඇදුම් ඇදගෙන, යාළුවො එක්ක ක්ලබ් වලට , පාර්ටි වලට යනවලු....සල්ලි තියෙන අය එහෙමනේ......දරුවො ගැන වැඩිපුර බලන්නේ සිරිදාසලු..... ඒ උනාට සිරිදාස ගෙදර වතුපිටි වැඩත් බලාගෙන, ආන්ඩුවේ රස්සාවත් කරගෙන දියුනු වෙලා ඉන්නවා....මට සතුටුයි සිරිදාස ගැන...."
"අනේ වාසනාවන්...වාසනාවන්ත මිනිස්සු....ඒකට අපි....ඔයා මඩකලපුවේ, මම තාමත් ගමේ... දෙන්නා දෙපැත්තේ.....ඒ මදිවට මට ආයෙත් දරුවෙකුත් හම්බ වෙන්න....දරුවන්ට තාත්තා දකින්න ලැබෙන්නේ මාසෙකට දෙකකට සැරයක්....ඔහොම ගිහින් ඔයා ගමේ එන්නෙම නැති වෙයිද දන්නෙත් නෑ.... අපේ තාත්තා, ගුණදාස අය්යා, අක්කා, ගමේ මිනිස්සුත් හැමදාම අහනවා මම කවද්ද මහත්තයා ඉන්න තැනක පදිංචියට යන්නේ කියලා...."
"තව ටිකක් ඉවසගෙන ඉන්න සුනිලා, ඔයාට මේ පාර දරුවා හම්බුන ගමන් අපි කොහොම හරි කොළඹ යමු....මම ඒකට අවශ්‍ය විදිහට වැඩ දැන්ම කරගෙන යන්නම්...."
"ඔයා දැන් අවුරුදු කීයක ඉදන්ද මේ මාව කොළඹ එක්ක යනවා කියන්නේ....මට නම් දැන් ඔයාගෙ ඔය කතා අහලා එපා වෙලා ඉන්නේ...."
සුනිලා පහුගිය අවුරුදු හය තුල වගේම අදත් කේන්තියෙන් මෙන් කතා කලාය. අපි විවාහ වි දැන් අවුරුදු හයක කාලයක් ගෙවි ගොස් ඇත. අපි දෙදෙනා තවමත් දෙතනකය. සුනිලා දරුවන් දෙදෙනා හදාගෙන ගමේ මිනිස්සු සමග ජීවත් වේ....මම තවමත් මේ ගමට, එයාගේ නෑදෑයන්ට ආගන්තුකයෙක් ගානය.....මට සුනිලා ගැන ඇත්තේ දැන් ලොකු දුකකි. ඇගේ තරුන කාලය හෙමිහිට ගෙවෙමින් යයි....බිරිදක් මවක් ලෙස ඇය දිනෙන් දින වැඩිහිටි බවට පත්වෙන බව, මට ගම යන හැම දවසකම දැක ගන්නට ලැබේ....ඉස්සර හිටිය සුනිලස්ට වඩා දැන් සුනිලා බොහෝ වෙනස් වි ඇත . ඇයට දැන් පොඩ්ඩ බැරි වෙනකොට කේන්ති යයි. මා සමඟ බහින්බස් වෙයි. ....මා සමඟ කතා නොකර ඉඳියි.......මොනවා කලත් මට කන්න බොන්න ටික ලෑස්ති කර ඇය ඒවා මේසය උඩින් තියා, දරුවන් ලවා මට කෑම කන්න කියයි.....
.මාව කසාඳ බැද කොළඹ යන්න පෙරුම් පිරු ඇය, තවමත් ගමේ සුපුරුදු විදිහට සුපුරුදු ගමේ මිනිසුන් සමඟ ජීවත් වෙයි......ඒ මදිවට දරුවන් දෙදෙනෙකුගෙ මවක් වු ඇය දැන් තුන්වෙනි දරු උපතකට ලෑස්ති වෙමින් ඉදී. මට ඇයගේ හිතේ ඇති කේන්තිය ගැන හොදින්ම වැටහේ.....ඇය ගැන දුකක්ද ඇතිවේ.....ඒත් මට තවමත් සුනිලා හා දරුවන් මගේ ලඟට ගන්නට පුලුවන් තත්ත්වයක් ඇති වි නැත.
තුන් වෙනි දරු උපතට සැරසෙන ඇයව, ඇගේ පවුලේ අය වන පියා සහෝදර සහෝදරියන් හොදින් බලා ගන්නා බව දන්නා නිසා මට තවමත් පිට පලාත්වල සේවය කරමින් තනියම ජීවත් වෙන්නට හැකියාව ලැබි ඇත. ඇගේ නෑදෑයින්ගෙ හොඳකම නිසා එසේ ඇයට අපේ දරුවන් සමඟ ගමේ ජීවත් වෙන්නට ලැබි ඇත.....ඇයව කොළඹ ගෙන යන්නට පොරොන්දු වි ඇයව කසාඳ බැන්ද මම තවමත් සිටිය තැනමය. සුනිලාට මා සමඟ කේන්ති යාම සාදාරනය....ඇය මට මොනවා කීවත් ඒ සියලු දේ ඉවසාගෙන මම නැවත රැකියාව සඳහා මඩකලපු යන්නේ ආයෙත් මාසෙකින් ඇයත් පුතාලත් දකින්න බලාපොරොත්තුවෙනි.
Comments