top of page
  • Writer's picturePrisila Godahewa

💥බැද්දේ කුමරිය දෙවන ඇරඹුම 💥

💥බැද්දේ කුමරිය දෙවන ඇරඹුම 💥

(හයවන කොටස 6)


සුනිලාගෙ හා මගේ කුළුදුල් දරුවා ලැබෙන්න ඇවිත් දැන් මාස ගානක් ගෙවි ගොස් ඇත. ඒ කාලය තුල මම නිතර විවේකයක් ලැබෙන ලෙස ඇය කන්න කැමති කෑමද රැගෙන ඇය බලන්න ගමේ ගියෙමි.


එන්න එන්නම සුනිලා පුශ්ටිමත්‍ වි තව තවත් ලස්සන හැඩ වැඩ ඉන්නා හැටි දකින කල මට ඇය ගමේ තනිකර දමා කොළඹ යන්නට ලෝභ සිතේ..... දරුවකු ලැබෙන්න සිටියා කියා කිසි වෙනසක් නැතුව ඇය සුපුරුදු ගෙදර දොරේ වැඩ රාජකාරි කටයුතු වෙනදා ලෙසම කරමින් හිදී. කිසිම කම්මැලි කමක් මහන්සියක් නොපෙන්වා, ඇය වෙනදා වගේම මම කන්නට ආස කෑම බීම හදා දෙන්නීය. ඇගේ සුන්දර වත තව තවත් හැඩ වැඩ,වි ඇති හැටි දකින කලට මට ඇති වන්නේ ලෝභ කමක් මිශ්‍ර දුකකි. ඇය මගේ ලඟින් තියා ගැනිමට නොහැකි විම ගැන මට ඇත්තේ කණගාටුවකි.


ඇය බලන්න ගමේ යන එන හැම දවසකම මම , ඇයට වගේම ගමේ ඇයට උදව් කරන අහල පහල ගෙවල් වල අයටත් කොළඹ රස කැවිලි, පළතුරු ආදිය ගෙනයන්නට මම අමතක නොකරන්නෙමි. මම එන තෙක් අහල පහල ගෙවල් වල දරුවන් ද බලා සිටිනා බව මම දනිමි. එලෙස අතින් කටින් බඩුමළු උස්සා ගෙන, ගමේ ගිය එක් දිනක මට සිදුවුන අමතක නොවෙන අකරතැබ්බය ගැන , සුනිලා හා ඇගේ සහෝදරයන් තවමත් මතක් කරමින් කියන වාර බොහෝය. එය සිදු වුයේ ගිය මාසයේ මම පඩි රැගෙන ඇය බලන්න ගම ගිය දවසකය.....


එදින කන්තෝරුවේ ලැබුන මාසික වේතනයද රැගෙන , දවස් භාගයක නිවාඩුවක් දමා මම රුවන්ගම ගිය ගමන, ජීවිතයට අමතක නොවන ගමනක්ද වේ.


එදින වැහිබීරමක් සහිත පිනිපොද වැස්සක්ද තිබුන රාතියක් විය. හවස කන්තෝරුව ඇරුන පසු, ටවුමෙන් සුනිලාට හා අහල පහල දරුවන්ටත් කේක් බනිස්, පැණි රසකෑමද ගත් මම රුවන්ගම බලා ලංගම බසයෙන් යන කල රෑ අටට පමණ ළං වි තිබුනි.


රුවන්ගම කඩමණ්ඩියේ සිට් ගැමියෙක් අඬගසා ගත් මම, සුනිලාට ගත් කෑම බීමද එක අතකින් උස්සාගෙන ගැමියා පසුපස සුනිලාගෙ ගමේ ගෙවල් මංඩිය බලා ගමන් කලෙමු .


" සුමල් මහත්තයාට මේ පාරවල් එතරම් පුරුදු නැති නිසා දවල් එලිය තියෙන වෙලාවට මේ කන්දේ, ගමේ යන්න එනව නම් තමයි හොද...."


"ඒක ඇත්ත....ඒත් මම කන්තෝරුවෙන් වරුවක නිවාඩුවක් දාගෙන ආවත් ,හැමදාම මේ බස්වල එනකොට රෑ වෙනවානේ....."


ගම්මුලාදෑනීයාගේ බාල දියණිය සුනිලා කසාද බැද සිටින මාව, මුළු ගමේම ගැමියන් හොදින්ම අදුනති. ඔවුන් සියල්ලෝ කටපුරා මහත්තයා කියමින් මාව අමතමින් , මාව ආදරෙන් පිලි ගමින් ලොකු භක්තියකින් ගරුසරුව සලකති. මම ගම යන්න එන හැම දවසකම ඔවුන් මගේ බෑග්මලු උස්සාගෙන ගොස් දීමට අමතක නොකරති. සුනිලාගෙ ගෙදරට මාව එක්ක ගොස් බස්සන්නටද අමතක නොකරති.


"කොළඹ කන්තෝරුවේ වැඩ ඉවර උන හැටියෙනේ මම මේ එන්නේ, ඒකයි හැමදාම මේ රෑ වෙන්නේ....."


"මම ගමට යන්න කන්ද නගිනවා දැක්කොත් ගමේ කවුරු උනත් මගේ තනියට මගට යන්න එන බව මම දන්නවා ....ඒකයි වෙලාව නොබලම මම මේ ගම එන්නේ.... ඒත් අද මේ වැස්සක් පටන් ඇරන් ඉක්මණටම පළාතම කළු කරලානේ..... කඩේ මුදළාලි මේ ඉටිපන්දම ,පොල්කට්ටේ ගහගෙන පත්තු කරගෙන යන්න කිව්වා ,කළුවර නිසා. ...."


" ඒක හොදයි තමා......අද වැස්සත් එක්ක ,කළුවරයි සීතලයි.......මහත්තයාට ඔය බෑග් එක උස්සාගෙන යන්න පුලුවන්ද ...? මගේ මේ කරේ තියෙන බඩු මලු දෙක නැත්නම් මම මහත්තයාට උදව් කරනවා....ඔය අතේ තියෙන ඉටිපන්දම වැහි වතුර වැටිලා නිවිලා යයි මහත්තයා බලාගෙන ..... , පාර බලාගෙන එන්න......අද පාර හරිම කලුවරයි....අද මේ වැහි පොදක් පටන් ගත්තනේ හවස් කොරේ පටන්ම......මම මේ ලොකු හබරල කොළය ඉහලගෙන යන නිසා තෙමෙන්නේ නෑ....මහත්තයා ඔය ඉටිකොළයෙන් හොදට ඔළුව ඇඟ වහ ගන්න...."


"ඒක තමයි ලාවට වහින්නත් පටන් ගත්තනේ, කොයිවෙලේ මේ ඉටිපන්දම නිවෙයිද දන්නේ නෑ...."


"මහත්තයා ඉස්සරහ පාරේ කෙලවර තියෙන ඒදන්ඩෙන් එගොඩ වෙලා තමයි අර ඕවිට කෑල්ල ලඟ පාරට යන්න ,තියෙන්නේ ...මහත්තයාට ඔය බෑග් මලුත් උස්සාගෙන ඒදන්ඩේ යන්න පුලුවන්ද...?


කෑලෑ පාරවල් වල පවා මම අමාරුවෙන් යන බව මේ ගමේ සැවොම දනී. වැස්ස වෙලේ මම කෙසේ ඒදන්ඩේ යයි දැයි ඔහුට ඇත්තේ සැකයකි.


"මට පුලුවන් විල්බට්..... ඔහොම යමු ඉස්සරහට, පරක්කු උනොත් තව හයියෙන් වහින්න පටන් ගනී... "


"ඔන්න එහෙනම් මහත්තයා මම ඒදන්ඩෙන් එගොඩ වෙනවා මහත්තයා පරිස්සමට මගේ පස්සෙන් එන්න...ඔය පොල්කට්ටේ තියෙන ඉටිපන්දම නිව්නොත් පාර පේන්නෙ නැති වෙයි....."


"හොදයි හොදයි විල්බට් මම පස්සෙන් එන්නම්...විල්බට් යන්න...."


රාත්‍රී කළුවරත්, හීන් වැහිපොද බිමට වැටීමත් සමග අවටින් හමා එන සීතල සුළඟ....., නොපුරුදු පාර, වටපිටාවේ ඇති කැලෑවේන් ඇහෙන නොයෙකුත් නොදන්න සතුන්ගේ කෑගැසීම්, ශබ්ද , කෘමීන්ගේ නොනවතින ශබ්දයන් මැද, විල්බට් ගිය ඒදන්ඩේ පසුපස මමත් බොහොම අමාරුවෙන් එක අතකින් බඩු මළුත් අනෙක් අතින් දැල්වෙන ඉටිපන්දම සහිත පොල්කට්ටත් රැගෙන බොහෝම පරිස්සමට, ඒදන්ඩෙන් එගොඩ විමට පරිස්සමට අඩි තියමින් ගියෙමි .


කඳුකරය හරහා හමාගෙන ආ ශීත සුළගත් සමගම එකපාරටම මගේ අතේ තිබුන ඉටිපන්දම නිවි ගියේය. ඒ මොහොතේ , වැහි බීරමත් සමඟම හතර අතම මහා කළු අන්දකාරේ ගිලි ගියේය. අනේ දෙවියනේ ....නොපුරුදු පාරේ, නොදන්න ඒදන්ඩේ, කට්ට කළුවරේ පරිස්සමට අඩිය තියමින් යන මට, ඒදන්ඩෙන් පහල, මහ සද්දෙට ගොජ ගොජ ගා ගලන වතුර සද්දය ඇසෙන්න විය.....අවට ඇති මහ කැලේ නිහඬ තාවය බිඳිමින් ඒදන්ඩෙන් පහල ඔයේ මහා වතුර සද්දෙ ලඟ ලඟ ඇසේ....


"මහත්තයා පරිස්සමට අඩිය තියලා එන්න.... ඉටිපන්දම නිවුනා නේද...?


විල්බට් ඒදන්ඩෙන් එගොඩවි, එහා ඉවුරේ සිට මම එනතෙක් බලා හිදී... වැහි පොද වැටි පෙඟුන ඒදන්ඩේ මම තියන තියන කකුල ලිස්සා ගෙන යන්න බලයි....කට්ට කරුවලේ බෑග් මළු උස්සාගෙන අමාරුවෙන් ඇවිදන මගේ එක කකුලක් ඇසිල්ලකින් ලිස්සා ගියේය..... ඒ සමගම මගෙ අතේ තිබුන බෑග් මළු ඔයට වැටෙනවාද දැනින. ලිස්සා ගිය කකුලත් සමඟ අනෙක් කකුළට වාරු නැති විය.....


ජබොක්...ජබක්.... ජබොක්...මහා සද්දය .....මැද

මට මොනවා උනාදැයි මතක නැත. සුනිලාට ගෙනා රස කැවිලි , පාන් බනිස් බෑග් මට අතඇරි ඇතිබව මතක් වෙන කල ......මම හිටියේ ඔයට වැටි වතුරේ ගිලි බව වැටහුනේ මුළු ඇඟම සීතල වතුරෙන් තෙමී යද්දීය ...


"හත්වලාමේ...මහත්තයා ඒදන්ඩේ පල්ලේ වැටුනා නේද ...? මහත්තයා මහත්තයා ...ඔහොම ඉන්න මම ඔයට බහිනකම්....මහත්තයා කොහේද...? මට පේන්නේ නෑ මොනවත්....මේ ලඟ පාත ගෙවල් වල කවුරුත් නැද්දෝ....කොළඹ මහත්තයා ඔයට වැටිනෝ....හූ....හූ....හූ......වටේම ඉන්න මිනිස්සුන්ගෙන් උදව් බලාපොරොත්තුවෙන් විල්බට් ගමට ඇහෙන්න හූවක් දෙකක් තියනවාද මට ඇසේ.......


"ආ...අම්මෝ... ,මගේ කොන්ද.....විල්බට් මම මෙහේ....විල්බට් ...මම මෙහේ....."


"ආ...මහත්තයා එන්න එන්න..කෝ අත දෙන්න....මගේ අත අල්ලාගෙන ගොඩට එන්න...."


"වාසනාවට මට පීනන්න පුලුවන් උනේ....ඔයේ කරක් උසට වතුර ....මගේ අම්මෝ අත පය රිදෙනවා ....හොදටම සීරිලාද කොහේදෝ ....මුළු ඇඟම තෙමිලා සීතලේ බෑ...."


"අපොයි මහත්තයා ...මුළු ඇගම තෙමිලා දැන් කොහොමද ගමට යනකම් ඉන්නේ....හරි හරි මහත්තයා ඔහොම ඉස්සරහට යමු....අර අර මහත්තයා ඔයට වැටුන සද්දෙටයි, මගේ කට හඬෙ සද්දෙට අර රෙදි නැන්දලාගේ ගෙදර කට්ටියද කොහේද හුළු එළි පත්තු කරගෙන එනවා පේනවා...."


"කවුද...කවුද...කාටහරි කරදරයක්ද? අපට ගෙදරට ඇහුනා හූ සද්දේ...ඒකයි අපි දුවගෙන ආවේ, කාට හරි කරදරයක් කියලා බලන්න ...... ...අප්පොච්චියේ...මේ සුනිලා නංගි බැදලා ඉන්න මහත්තයා නෙව....වැස්සේ ඒදන්ඩ ලිස්සලා වැටුනද මහත්තයා ...... තුවාලද......යං යං.... මහත්තයා අපේ ගෙදර ....."


"රෙදි නැන්දලාගේ ගෙදර , ගිහින් ඇඳුමක් මාරු කර ගමු...මහත්තයා ට තුවාලද...?:මහත්තයාට දැන් මේ රෑ රුවන්ගමට යන්න බෑ නේද......අතපයත් තුවාල ඇති.......මහත්තයා අද රෑ ගමට යන්න බැරිවෙයි ඔය ඇදුම් පිටින්....යං මහත්තයා මේ ලඟ තියෙන රෙදි නැන්දලාගේ ගෙදරට , ඔය එහෙන් පිරුවට ඇඳුමක් ඇදගෙන, ඔය ඇදුම් වේලෙන්න දාලා, එළි වෙලා බැරියැ ගමට යන්න ....යමු මහත්තයා අපි. යමු.....


"අනේ අපරාදේ මට දුකේ බෑ.....මම සුනිලට ගෙනියන්න ගෙනා බනිස් කේක් බෑග් එක ඔයට වැටුනනේ ...."


"අර අර ඔයේ සුදුපාටට පාවෙන්නේ ඒ බනිස් පාන් කේක් වෙන්නැති නේද මහත්තයා ...අපරාදේ ...මහත්තයා හැමදාම ගම එන්නේ මේ කට්ට කරුවලේනේ.....ඒකනෙ මේ කරදර....මීට පස්සෙ වත් එළිය තියෙන වෙලාවක ගම එන්න මහත්තයා ...."


"සුනිලත් ඕකමයි මට කියන්නේ...."


අවසානයේ එදින රාත්‍රීය මට ගමේ රෙදි නැන්දගේ ගෙදර පරණ පිරුවට සරමක් හා කමිසයක් ඇඳගෙන ,ඒ ගෙදර බුරු ඇදක රාත්‍රීය ය ගතකිරිමට සිදු විය. ඔයට වැටි සීරි තිබුන අතපය ඇරෙන්න ලොකු අමාරුවක් මට වි නොතිබීම හොදට ගියේය.


පසු දින පාන්දර මගේ තෙත් වි තිබුන ඇදුම් නැවත වේලි තිබුනි. රෙදි නැන්දාගේ මනුස්සයා , පොල්කටු අඟුරු දා රත් වි තිබුන පොල්කටු ස්තිරික්කයෙන් මගේ ඇදුම් මැද දුන්නේය. ඒවා නැවත ඇද ගත් මම උදේ පාන්දරම රුවන්ගම සුනිලාගේ ගෙදර බලා පියමං කලේ රෙදි නැද්ද උදේ පාන්දර සාදාදුන් එළකිරි කෝප්පයද බීමෙන් පසුය. ඒදන්ඩෙන් බිමට වැටි මගේ අතපය එහෙන් මෙහෙන් සීරි තිබිම ඇර මට ලොකු අමාරුවක් නොතිබිම වාසනාවක් විය. මගේ හිතේ තිබුන ලොකුම අමාරුව උනේ සුනිලා වෙනුවෙන් තකහනියක් කොළඹින් ගෙනා, බනිස් ස්පොන්ච් කේක් පාන් ඇල පාරට වැට් මට ගෙදර ගෙනියන්න දෙයක් නොමැති වීමය.


මගෙත් සුනිලාගෙත් දරුවා ලැබෙන්න රුවන්ගම ඇවිත් නතරවි සිටින සුනිලා බලන්න සුමානයකට දෙකකට සැරයක් රුවන්ගමට එන මට, පාරේ අතරමගදි නොයෙකුත් කරදර වලට මුහුණ පැමට සිදුවීම වගේම, කකුලේ ඇඟේ එල්ලි කරදර කරන කූඩැල්ලන්ගෙන්ද සිදුවු කරදර වලින් නම් අඩුවක් නොවිය......කෙසේ නමුත් සියලු කරදර විදිමින් ගමට ගියකල, සුනිලාගේ සුදු මුහුන දුටු කල මගේ සිතේ ඇතිවන සතුට, ඒ වෙනුවෙන් ඇතිවු ඒ සියලු කරදර මට අමතකව යන්නේය.


"මහත්තයාට හරි කරදරේ නේද මාව බලන්න නිතර ගම යන එන එක..."


"එහෙම කියලා නොයා ඉන්නත් බෑනේ....කොළඹින් මට නිල නිවාසයක් හම්බවුන විගහින් මම සුනිලා කොළඹ එක්ක යන්න තමයි ඉන්නේ...."


"ඒ උනත් මහත්තයා , මට මේ කුළුදුලේ දරුවා හම්බවුන ගමන් කොළඹ ගිහින් තනියම නැවතිලා ඉන්නත් බෑනේ....මට තනියම දරුවගෙ වැඩ කරගන්නත් බෑනේ ...දරුවා ලැබිලා මාස හත අටක් ගිහාම මම කොළඹ පවිංචියට එන්නම්. මේ හිටියා වගේම ඉඳලා ....."


එන්න එන්නම සුනිලාට දරුවා ලැබෙන්න තියෙන කාලය ලං වෙමින් ඇත......

සුනිලාගෙ තාත්තා ,අක්කා, අය්යා මල්ලිලා වගේම, මංගෝ නැන්දාගෙන් ඇයට බොහො උපකාර ලැබෙන බව මම දනිමි. එය මගේ හිතට ලොකු අස්වැසිල්ලක් වි ඇත. ගමේ වැඩිහිටි කාන්තාවක් වන මංගෝ නැන්දා සුනිලාගෙ පියාගේ නංගි කෙනෙක් වන අතර ඇය සුනිලාව ඇගේ දරුවෙක් මෙන් බලාගැනිම, දරුවෙක් ලැබෙන්න සිටින සුනිලා ගැන මගේ හිතේ තිබුන බය සැක ටිකක් අඩුවෙන්නට හේතු විය.


-නැවත හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

1 view0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page