top of page
  • Writer's picturePrisila Godahewa

💥 බැද්දේ කුමරිය දෙවන ඇරඹුම 💥

💥 බැද්දේ කුමරිය දෙවන ඇරඹුම💥

(පස්වන කොටස 5)


සුනිලා ගමේ ගෙදර නවත්වා ආ මම, මගේ කොළඹ ආන්ඩුවේ රස්සාව සුපුරුදු විදිහට කරගෙන ගියෙමි. හැම මාසෙම අන්තිමට හා රජයේ විශේෂ නිවාඩු දිනයන්ට මම සුනිලා බලන්න ගමේ ගියේ, ඇය කන්නට කැමති කෑම බීමද රැගෙනය. මම ගමේ යනතෙක් ඇය නොවිසිල්ලෙන් බලා සිටින්නේ, මම කන්න කැමති කෑම බීමද හදාගෙනය. කාලය එසේ ගෙවි ගොස් අපි කසාඳ බැඳ මාස තුනක්ද පසු විය.


" මහත්තයාට,කියන්න සුභ ආරංචියක් තියෙනවා ......"


"ඒ මොකක්ද සුනිලා ....?


"අපට දරුවෙක් ලැබෙන්නයි යන්නේ මහත්තයා ....."


"නෑ.....එහෙමද....? මට හරිම සතුටුයි සුනිලා......"


මම සුනිලාව බදාගෙන තුරුල් කරගත්තේ ආදරය උතුරා යද්දීය. ඇගේ නළලත සිප ගත් මම ඇයව මගේ උකුල උඩින් වාඩිකරවාගෙන ඇයගේ ඔළුව ආදරයෙන් අතගාමින් තව තවත් ඇයව තුරුළු කර ගත්තෙමි. මගේ ලෙයින් දරුවෙක් හදන්න ,ඇය ඇගේ කුස හොවා බලාපොරොත්තුවෙන් සිටින සතුටිනි. මම නැවතත් තාත්තා කෙනෙක් වෙන්න යන ආරංචිය මට ඉවසුම් නොදෙන සතුටක් විය.


"ඔයා කොහොමද ඒක දැන ගත්තේ....? මොනවද ඔයාට තියෙන අසනීප අමාරුකම් එහෙම ....? මොනවද ඔයා,කන්න ආස....?


"මගේ ඇගේ අසනිප වගයක් කිව්වහම මිඩ්වයිෆ් නෝනා ගෙදරටම ඇවිත් මාව බැලුවනේ....දැන් බඩට මාස දෙකකට කිට්ටුයි කිව්වා...."


"අනේ....ඒක කොයිතරම් නම් හොද සතුටුදායක ආරංචියක්ද මට...... මට හරිම සතුටුයි සුනිලා .....ඔයා හොදට,පරිස්සම් වෙන්න ඕනේ සුනිලා ....වැඩිය මහන්සි වෙන වැඩ එහෙම මුකුත් කරන්න එපා....."


"මේක අසනීපයක් නෙමේ කියලා මිඩ් වයිෆ් නෝනා කිව්වා. හොදට ගෙදර වැඩ පල කරගෙන හිටියමලු, දරුවා ලැබෙන්න පහසු වෙන්නේ....."


මම ආදරෙන් සුනිලා බදගෙන තුරුල් කරගෙන ඇයගේ මුහුණ පරිස්සමට සිප ගත්තෙමි. ඇයත් සතුටින් මට ආදරෙන් තුරුලු වි හිදින්නේ කීකරු දරුවෙක් ලෙසය. අප දෙදෙනාගේ කුළුදුල් දරුවා සුනිලාගේ කුසට පැමිණ ඇත . මම නැවතත් තාත්තා කෙනෙක් වීම ,මගේ හිතට කියාගන්නට බැරි සතුටක් වි ඇත්තේ ,මගේ ලෙයින් උපන් මගෙත් මාළිගෙත් දරුවා දැන් මට දකින්නවත් නොලැබි ගොස්, මම දැඩි කණගාටුවකින් පසු උන කාලයක් නිසා වන්නට ඇත.


"මට නම් දැන් ඔයාව දාලා කොළඹ යන්න හිතෙන්නෙත් නෑ සුනිලා ...අපි දෙන්නා කොළඹ ගෙයක් කුළියට ඇරගෙන ඉක්මනට එහෙ නවතින්න යමු සුනිලා....ඔයාට මම නැතුව දැන් මෙහෙ තනියම ඉන්න බෑනේ ...."


"එහෙම නෙමෙ මහත්තයා ....අපේ මේ කුළුදුල් දරුවා හම්බවෙන්න ඉන්න නිසා, මම අපේ ගමේ නෑදෑයින් එක්ක ඉන්න එක තමයි දැන් මට වැඩියම හොද....මට හදිස්සියක් උනොත් මෙහෙ කට්ටිය ඉන්නවානේ මාව බලාගන්න . කොළඹ ගියොත් මගේ අසනීපයකටවත් කවුරුත් නෑනේ...., කොටින්ම මට ආස කරන කෑමක්වත් හදලා දෙන්න කෙනෙක් නෑනේ ..... ඔයා වැඩට ගිහින් එනකම් හවස් වෙනකම්ම මට තනියම නේ ගෙදර ඉන්න වෙන්නේ...."


"ඒක නම් ඇත්ත....එහෙනම් ඔයාට දරුවා හම්බුනාට පස්සෙ අපි කොළඹ නවතින්න යමු ...."


"ඔව් අපි එහෙම කරමු.....ඔයාට පුලුවන් හැම වෙලේම, හැම නිවාඩුවකටම ගමේ එන්න මාව බලන්න ....මාව බලාගන්න ගමේ කට්ටිය හිටියට ඔයා ලඟ ඉන්නවා වගේ නෙමේනේ ...."


"මටත් දුකයි ඔයා මගේ ලඟ තියාගන්න බැරි එක....අපි දරුවා හම්බවුන ගමන් කොළඹ ගිහින් ගෙයක් ඇරන් පදිංචි වෙමු සුනිලා ...... දෙවියන්ගෙ පිහිටෙන් ඔයාට මුකුත් අසනීපයක් එහෙම නෑනේ සුනිලා ....?


"දෙවියන්ගෙ පිහිටෙන් එහෙම කියන්න තරම් අමාරුවක් නෑ සුමල්....ගමේ හැමෝම මට එක එක කෑම ජාති ගෙනත් දෙනවා කන්න කියලා, දොළදුකට මොනවද කන්න ආස අහනවා, ගෙදර කෑම පිරිලා, එක එක්කෙනා ගෙනත් දීලා.......ඒ විතරක් නෙමේ .....අනේ අපරාදේ කියන්න බෑ අපේ අක්කා, මංගො නැන්දා, නෝනේ අක්කා හැමෝම අපේ ගෙදර හැමදාම එනවා මගෙ දුකසැප අහන්න..

.. මට පාළුවක් නෑ...මගේ තනියට දෙන්න තුන්දෙනා සමහර දවසට රෑට නවතින්න මෙහෙ එනවා..."


"ඇත්තමයි සුනිලා, ඔයාගේ නෑදෑයො හැමෝම ඔයා ගැන බලන නිසා මට බයක් නැතුව කොළඹ ගිහින් ඉන්න පුලුවන් ඒ නිසයි ..."


" දැන් මහත්තයාගේ පුතා හැදෙන්නේ කළුතර මාළි අක්කලාගේ ගෙදරද...?


"එහෙම තමයි ශාන්ත අය්යා කිව්වේ...."


"මම නිසා ඔයාට ඔයාගෙ තාත්තා අක්කා, පුතාව දකින්න නැතුව ගියානේද ? මට හරි දුකයි ඒ ගැන....."


"කමක් නෑ සුනිලා, මට ඔයා ඉන්නවනේ....ඔයාගෙ ආදරේ ඇති මට...."


"එතතොට දැන් සිරිදස ජයන්තිව කසාද බැදලද ඉන්නේ......? සිරිදාස ඔයාව බලන්න කොළඹ අවේ නැද්ද...?


"දවසක් සිරිදාස මාව හම්බවෙන්න කොළඹ කන්තෝරුවට ආවා, මේ මාසේ එයයි ජයන්තියි කසාද බදිනවලු, මහ ලොකුවට මඟුල ගන්නෙත් නැතිලු, මාලිලාගෙ අම්මලා වගේ ජයන්තිගෙ අම්මලාට එහෙම ලොකුවට සල්ලි නෑනේ....කසාද බැඳලා ඒ දෙන්නා මලිගෙ මහ ගෙදර නවතින්න යනවලු...මාලිගෙ අම්මා දැන් ලෙඩින්ලු...මගෙ පුතාව බලාගන්නෙත් වැඩ කාරයෙක්ලු. ජයන්ති කසාද බැදලා ඒ ගෙදර නවතින්න ගිහාම අපේ පුතාව ජයන්‍තියි සිරිදාසයිලු බලාගන්න යන්නේ... සිරිදාස මාලිගෙ දෙමව්පියන්ගෙ හිත දිනගෙන ඒගොල්ලන්ගේ දේපළ ඉඩකඩම් එහෙමත් බලාගන්න වැඩ වලට දැම්ම තියා උදව් කරන්න පටන් ගෙන තියෙන්නේ...."


"එහෙමද...? ඔයාට ලැබෙන්න තිබුන ඔක්කොම දේවල් එහෙනම් සිරිදාසට අයිති වෙන්න යන්නේ...අපරාදේ මම නිසා ඔයාට හැමදෙයක්ම නැති උනා....මට ඒ ගැන දුකයි....."


"කමක් නෑ සුනිලා, මට ඒ ගැන දුක නෑ...මට දුක ඔයාව මෙහෙ දාලා තනියම කොළඹ ගිහින් එන්න...ඔයා දැන් මේ ඉන්න තත්ත්වය උඩ මට ඔයාව කොළඹ එක්ක ගිහින් හරියට බලාගන්නත් බෑ, ඒ නිසා,ඔයා ගමේ අක්කා අය්යලා එක්ක ඉන්න. ඒගොල්ලෝ ඔයාව හොදට බලාගන්න බව මම දන්නවා...."


"දැන් ඔයා හෙට උදේම කොළඹ යනවද...? ඔයාට බෝඩිමට යනකොට ගෙනියන්න මම වැලිතලප වගයක් හැදෙව්වා අක්කට කියලා. ඔයා ඒවා කන්තෝරුවේ යාලුවො එක්ක බෙදාගෙන කන්න. ඔන්න තව පළතුරු, ගම්මිරිස් , ගොරකා මිරිස් එහෙමත් දැම්මා, බෝඩිමේ අයිතිකාරිට දෙන්න...."


"අප්පේ එයා නම් මේවට බොහොම කැමතියි ....එතකොට මම අනෙක් පාර ඔයාව බලන්න එනකොට මොනවද ඔයාට ගේන්න ඕනේ....?


"ම්ම්...මම පැණිරස කන්න නම් ආසයි ....එහෙනම් බූන්දි, පුහුල් දෝසි ටිකක් ඇරගෙන එන්නකෝ.... ,ඔයා පරිස්සමට එහෙ ඉන්න....ගමන් බිමන් යනකොටත් පරිස්සමට යන්න...."


"හොදයි සුනිලා මම පරිස්සමට ඉන්නම්...."


"ඔයාට ගමේ ගිහින් තාත්තව බලලා එන්න යන්න බැරිද ?


"ශාන්ත අය්යා කිව්වා, තත්තගෙ කේන්තිය නිමෙනකම් ගම එන්න එපා කියලා ...සිරිදාස ,ජයන්තිව කසාඳ බැදලා ,පිලිවෙලක් උනාට පස්සෙ අපි දෙන්නා මාලිගෙ ගෙදර ගිහින් , මගේ පුතාව බලලා එමු...."


"අනේ ඔව්...මටත් ආසයි ඔයාගෙ පුතාව දකින්න...ඉපදුන වෙලේ මගෙ අතින් හෝදලා, කිරි පොවලා බලාගත්ත දරුවනේ....මට දුකේ බෑ දරුවා දකින්න නැතුව ....සිරිදාසට කියලා අපි පුලුවන් ඉක්මනට දරුවා බලලා එන්න යමු ...."


"ඔව් එහෙම කරමු සුනිලා ...."


මගෙත් සුනිලාගේත් විවාහයෙන් මාස තුනක් ගෙවෙන තැන සුනිලා මාස දෙකක ගැබනියක් වි සිටිම මගේ හිතට ලොකු සතුටක් වගේම, ඉදහිට හිතට බයක්ද දැනෙමින් තිබින. ඒ මගෙත් මාළිගෙත් කුළුදුල් දරුවා ලැබෙන්න ගොස්, මාළි ආන්ත්‍ර වීම නිසා මගේ හිතේ ඇතිවි තිබු බියයි....නමුත් මාළිට වඩා, හොද ශරීර සෞඛ්‍යයෙන්, කඩිසරව වැඩ කටයුතු කරන සුනිලාට, මාළිට මෙන් අතුරු ආන්ත්‍රවක් නොවෙන බව මගේ හිත නිතර කියයි. ඒ ලෙසම සියලු දෙවිදේවතාවුන්ට සුනිලා හොදින් බලාගන්න කියමින් මම නිතර ප්‍රර්තනා කලෙමි.


-නැවත හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

2 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentários


bottom of page